අපි ගියේ නුවරට ගිහිල්ල 180 වංගු වලින් හසලක ගියා.....
මෙන්න මෙතන් ඉදන් බැලුවම 18 වංගු පේනව කියල ඩ්රයිවර් උන්නැහේ කියපු නිසා ගියා බලන්න... මොන කෙහෙල් මලක්වත් පේන්නෙ නෑ.... උබලට පෙනුනද??
පොඩ්ඩක් අපේ සයිට් එක ගැන විස්තරයක් දෙන්නම්කො.... මෙන්න මෙහෙමයි...
මෙන්න අපේ පාරවල් 03
01. හසලක - හෙට්ටිපොල පාර
02. හෙට්ටිපොල - හදුන්ගමුව පාර
සහ
03. ලග්ගල - පල්ලෙගම පාර
ඔක්කොම දුර කිලෝ මීටර් 37.5 ක්.. උපරිම ලස්සන පැත්තක්... පින්තූර වලින් පේනවනේ.... මේක හදන්න පිරිවැය 7 බිලියන් යනව.... 1 බිලියන් අපේ ඇමති තුමාලට දෙන්න ඕන.... නැත්තම් අපිට කොයින්ද ප්රොජෙක්ට්.... මේකෙ පාර දෙපැත්තෙ ඇලක් තියෙනවා...මේ පාරෙන් තමා නකල්ස් වගේ ලස්සන කදු පංති රාශියකට යන්න තියෙන්නෙ.... ගැමි පරිසරයකට උරුමකම් කියන ප්රදේශයක්...
මෙ තමා සයිට් එක... පට්ටම ලස්සන පැත්තක්....