ඔයාල දන්නවනෙ අපේ සෙටාර් එක.... ඔන්න ඕකෙ ඉන්නව අපේ පට්ට ඩයල් එකක්... පට්ට ෆන් දෙන්නෙ...එසේ මෙසේ ෆන් නෙමෙයි... බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන් ෆන්.... අනික ඌ කොටයි... සමහර වෙලාවට කොටා කියලත් කතා කරනවා.... ඔන්න ඌ සහ මම සහ අනිත් උන් ගැන කතා කොරන්ට තමා යනවා...
පී.ටී වැඩ කරන්නෙ වැලුවේශන් කොම්පනි එකක... ඌට වාහනේ නම විතරයි කියන්න ඕන එන්ජින් එක, ස්පීඩ් එක, ජියර් ගාන, එන්ජින් කැපෑසිට්ය් එක ඔක්කොම ලියාවි.. එච්චරටම පුදුම දනීමක් තියෙන්නෙ...ඔන්න මූ එකදවසක් තකහන්යක්ම මට කතා කොරල කියපි මචන් පොඩි හදිසියක්... උබ කොහේද ඉන්නෙ... ඉක්මනට විරාජ්ලගෙ ගෙදරට වරෙන් කියල.... මමත් ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ උගේ ගෙදරට දිවුව... ඔන්න ගෙට ගියා...
මෙන්න මූ කියපි මම වන්ඩියක් ගත්තනෙ බොල කියල.... මම හැබැයි ඒක බලන්න ඉස්සෙල්ල අරූට ගැහුව.... ඔන්න ඉතින් කාටද ආස හිතෙන්නෙ නැත්තෙ ගත්ත බය්ක් එක ගියා රවුමක්.... ආ කියන්න බැරි උනානෙ.. ඒක 135CC එකක් පාවිච්චි කොරපු එකක්... හැබැයි නියමෙට තියෙනවා... ඌ ගන්න කොට 16000 Km ක් දුවල තියෙන්නෙ... නියමයි.... " ඔන්න මම ගියානෙ රවුමක් හැබැයි මට එච්චර ඇල්ලුවෙ නෑ.. මොකද නිකන් පුලුන් ගෙඩියක් වගේ.... අනික පිටිපස්සෙ ටයර් එක පොඩියි නෙ... බරත් නෑ... කමක් නෑ.. ඌ කොටා නිසා... ඌට ඒක හොදටම ගැලපෙනව....
ඔන්න උගේ වන්ඩිය...
ඔන්න දැන් හැමෝම ආව මේක බලන්න... දැන් හැමෝටම සතුටු වගේම හැමෝම ගන්න ට්‍රයිය.. දැන් අරූට ඉස්පාසුවක් නෑ... මොකද අපේ ඇවුන් අහන ප්‍රශ්න වලට උත්තර දීල... ඔය අතරින් පතර වෙන වෙන ලෝකෙ නැති ප්‍රශ්නත් අහනව....
ඔන්න ඉතින් කොල්ලත් අරහෙන් මෙහෙන් අරූගෙන් ප්‍රශ්න අහනව... ඔන්න හෙට ගන්න වගේ හැමෝම අහහන්නෙ.."මම ඇතුලුව".
ඔන්න සතියක් ගියා කාටවත්ම නොකියා ඒ කියන්නෙ මගේ අම්ම, මගේ දෝණි, අක්ක, අයියා, කොටින්ම කිවුවොත් දන්නෙ මමයි දෝණිගෙ තාත්තයි තමයි....
01. මගේ නැන්දම්මගෙ උපන් දිනේ....
02. අම්ම රට යන එකට වීස ඇප්ලයි කරන්න ගියා... වැඩේ ගොඩ යාවි....(ඔක්කොම දැන් හරි.. අම්ම මේ මාසෙ අන්තිම යනව..)
03. මගේ දෝනි ගත්ත ඉඩම දෝණිගෙ නමට පැවරුව....
04. මගේ හොදම යලුවගෙ වෙන්ට බිරිදගෙ උපන් දිනය....(සජිත් ගෙ...)
05. මම අලුතින්ම බයික් එකක් ගත්ත....
06. දෝණිලගෙ ගෙදරට සුරුවම ගෙනාව.....
මේ ඔක්කොම ගොඩාක් සතුටු හිතෙන දේවල්... ඇයි සතුටු හිතෙන 100 තිවිල එක ගොඩාක් දුක හිතෙන දෙයක් උනහම හිතට දැනෙන හැගීම මොන වගේද කියල උබල දන්නව ඇතිනෙ....
07. මගෙ අම්මට පොඩ්ඩක් අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා...
මම බයික් එක ගත්තෙ වයිකාලෙන් ඒක මගේ අතට ගනිද්දිම ආපු ආරන්චිය හොද නැති නිසා මම බයික් එක දෝණිලගෙ ගෙදර දාල යන්න තීරණය කලත් අම්මට බයික් එක පෙන්නන්න ඕන නිසා මම කොහොම හරි රෑ 10.00 වෙද්දි ලංකා හොස්පිටල් එකට ගියා....
ඒත් කවුරුවත් දන්නෙ නෑ මම බයික් එකක් ගත්ත කියල.... අම්මට තියෙන්නෙ උස්ම ගන්න බැරි අමාරුවක්... ඒ කියන්නෙ පෙනහලුවල වතුර පිරිල....
ඔන්න මම අම්මගෙ ලගට ගියා... ඩොක්ට එනකන් අම්මයි, අක්කයි, පොඩියි ඉන්නව වාඩි වෙලා... මම අක්ක ලගට ගිහිල්ල පොඩ්ඩක් එලියට යමු කියල එක්කගෙන ගිහිල්ල පෙන්නුව... මම දන්නෙ නෑ හිතට ආපු සතුට මොන වගේ එකක්ද කියල.... ඔන්න කොහොම හරි විස්තර අහල අම්ම ලගට ගිහිල්ල අක්ක එතන තියල අම්මයි පොඩියි එතනට එකගෙන ආව... එදා වෙසක් එක හින්ද මුලු හොස්පිටල් එකම සරසල.... ලස්සනේ බැ... මම කිවුවෙ ඒව බලන්න පහලට යමු කියල.. ගිහිල්ල බයික් එක ලගට ගිහිල්ල ඔන්න දැන් වට පිට බල බල ඉන්නව... මම ඒ අතරෙ අම්මගෙන් අහුව අම්මේ මේ වගේ බයික් එකක් ගන්න පුලුවන් නම් හොදයි නේද කියල.... අම්මත් ඉතින් බයික් එක අත පත ගාල ලස්සනයි කිවුව..
මම ඔය අතරෙ යතුර දැම්ම දාල ස්ටාර්ට් කලා... අම්ම දැන් බය වෙලා... අම්ම මට කියනව ඉක්මනට මෙතනින් යමු.. නැත්තම් පොලීසි යන්න වෙයි කියල....
ඔන්න මම එතකොට තමා කිවුවෙ මම ගත්තෙ කියල... අම්ම ටික වෙලාවක් බලාගෙන හිදල මාව බදාගෙන රවුමක් යමුද කියල ඇහුව.... ඉතින් අම්මට තිබුන අමාරුව කොහෙන් ගියාද දන්නෙ නෑ... ඔන්න අම්මව දාගෙන හොස්පිටල් එක වටේ ගියා...
එතකොට ඩොක්ටර් ඇවිල්ල.... ඔන්න ඩොකා හමු වෙල ඉවර වෙලා අම්ම කියපි බයික් එකේ යන්න ඕන කියල.... දැන් රෑ 12.00 විතර වෙලා... හෙල්මට්නුත් නෑ... බලෙන්ම වගේ අම්මව වෑන් එකට දාල යැවුව.... ඔන්න ඔහොමයි මම බයික් එකක් ගත්තෙ....
මෙන්න මගේ වන්ඩිය...
![]() |
තරැණයෙකුට බයික් එකක් අරැමයක් නෙමෙයි. ඒ වගේම අම්ම කෙනෙකුගේ ආදරෙත් අරැමයක් නෙමෙයි. ඒත් මේ කතාවේ ඉන් එහාට ගිය හදවතට දැනෙන දරැ සෙනෙහසක් ගැබ්ව තිබෙනවා. ඒ කතාව අපූරැවට ලියාතිබෙන නිසා.
ReplyDeleteබොහොම ස්තූතියි යාලුවා.... අම්ම කෙනෙක් අපි ඕනෑම හොද වැඩකදි හදවතින් හෝ ඇගවීමෙන් ඒයාගෙ සතුට එලියට දානව යාලුවා... ඒ අම්ම කෙනෙකුගෙ හැටියක්....
Deleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
Delete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK Un
ජය වේවා සහෝ
ReplyDeleteපරිස්සමෙන් පැදපං..
එලකිරි සෑමෝ... අනිව අනිව පරිස්සමින් යනව...
Deleteබට්.... පාරෙ යන කාලකන්නි ත්‍රීවීල් කාරයො සහ බවුසර් කාරයො නිසා අපි කොච්චරවත් කරදර වෙනවද??
""පසුවට ඉතිරි කතාව බලාපොරොත්තු වෙන්න...""
මේක ශෝ රූම් එකේ තියාගෙන ගහපු පොටෝවක්ද බොල ? :P
ReplyDeleteමොකක්ද මේක ? අඳුරන්න අමාරුයි.. මොකක් උනත් සුභපැතුම් !
ඔවු ඔවු... කිරි ටොයියා වගේ පේන්නෙ නැතෙයි.....
Deleteහොදට බලපන් බොලේ පල්සොර් 150 කොහොමද භාන්ඩේ....
උඹනං අදහන්න වටින පුතයෙක්නේ. අම්මව ඉස්පිරිතාලේ වටේ දාගන ගියා කිව්වම. ජය වේවා මලයෝ. කොල්ලෙකුට බයික් එකක් කියන්නේ රටක් රාජ්‍යයක් වගේ තමා. මුල්ම එක ගන්නකොට තමයි ඒ මිහිර වැඩිම.
ReplyDeleteඅනේද කියන්නෙ කියල වැඩක් නෑ නලීන් අයියේ... මටත් මාරම හැපී....
Deleteහොදයි , හොදයි . මුලින්ම අම්මව වටයක් එක්ක ගිය එක.
ReplyDeleteපරිස්සමින් පැදපන්...
ජය__!!!
අනිව මචන් පරිස්සම් තමා... බට්... පාරෙ යන වෙන කාලකන්නි ත්‍රීවීල් කාරයො එනවනෙ ඇගට... ඉතුරු හරිය පස්සට....
Deleteපිස්සා වාගේ යන්නේ හෙම නැ හරිද ආයේ , අනිත් උන්ගේ වැරදිත් උඹම හදාගන පැදහං
ReplyDeleteඅහක් ඉන්න උන් ඇවිත් ඇගේ හැප්පෙද්දි මම මක්ක කොරන්නෙයි අයියේ...
Deleteමටත් මතක් උනේ ඉස්සෙල්ලම බයික් එකක් ගත්ත දවස. එතන ඉඳල මාසයක් දෙකක් බයික් එකේ යනව කියන්නෙ මාර අත්දැකීමක් තමයි. කොච්චර ආසද කියනව නං හෝමාගම මම වැඩකල තැන ඉඳල හම්බන්තොට(ගෙදර) ආවෙ බයික්කෙ.
ReplyDeleteඋබට පිස්සුනෙ රාජ්....දැන් බයික් එක නෑ රාජ්...
Deleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK