නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

21 සෝමා.

මාගේ මෙම මතකය ඇදී යන්නේ 1992 වසරටයි... ඒ මා ඉපිද අවුරුදු 02 කි... මෙහි යම් මුල් කාලයේ වූ සිද්දීන් මා සමග පැවසුයේ මාගේ මවයි... මන්ද මාගේ මතකයට සෝමා පැමිණෙන්නේ මාගේ වයස අවුරුදු 4 පමණ වන විටයි...

සෝමාගේ ගම ඉමදුව බටේමුල්ල ප්‍රදේශයයි... ඈට සහෝදරයින් තිදෙනෙක් සහ එක් සහෝදරියක් සහ දෙමාපියන්ගෙන් ශක්තිමත් වූ පවුල් සංස්ථාවක් තිබුනි..

ඈ සමාජය ගැන මෙන්ම අධ්‍යාපනයෙන්ද දැනුමක් නොලද ඈ කඩයකට ගොස් යමක් මිලදී ගැනීමට පවා නොහැකි මට්ටමකට ඈ පත්වී තිබුණි..

ඈ මන්දමානසික යුවතියක් නොවේ.. නමුදු ඈ සමාජයට බිය විය...

එක් දිනක් ඈ ඉමදුව බටේමුල්ල ශීක්ෂණ රොහලට ඇගේ මව සමග පැමිණියාය..

ඈ එවිට පස් මස් ගැබිණියෙකි.. ඇගේ මව ඈට ආදරේ නමුදු ඇගේ සහෝදර සහෝදරියන් ඈ නයාට අඳුකොළ මෙනි..

ඈ කෙසේ කාගෙන් අතවරයට පත් වූවාද කියා කවුරුවත් නොදනී.. ඈ ද බයෙන් බිරන්තට්ටු වී සිටී..

ඈ එදින රැය රෝහලේ ගත කළාය.. මන්ද ඈට සහෝදරයින්ගෙන් මරණීය තර්ජන ඇතිවූ හෙයිනි...

එදින රැය මාගේ මවගේ වැඩ මුරයයි.. සෝමා සමග මාගේ මව කතා කළද ඇගෙන් යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඇයගේ මවගෙන් විස්තර අසා දැනගත්තාය..

ඈගේ මව වැලහින්නියක් සේ අඩමින් කියා ඇත්තේ සෝමාගේ සහෝදරයින් ඈ නිවසට ගෙන ගියහොත් මරණ බවයි..


ඒ හේතුව නිසා මාගේ මවගේ ඒකමතික තීරණය මත ඈ අප නිවසට රැගෙන ආවාය..

ඈ රැගෙන විත් මාස 05 කින් පමණ ඈ ඇගේ කුළුඳුල් පුතණුවන් මෙලොවට බිහිකලාය...
ඔහු "චමීර" නම් විය...

ඔහු මට වඩා අවුරුදු දෙක හමාරක් පමණ වයසින් බාල විය...


+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)