මම ගියා.... අප්පොචියේ කියන්නත් ලැජ්ජයි ලැජ්ජයි වගේ... අනේ... ඔන්න මම ගියා.. මගේ...... මගේ...... අරහේ..... ( තෝ අවලම් ගමනක් ගියා නේද?) නෑ....
මම ගියා... මගේ වෙන්ට වයිපරේ ඉන්නේ... අන්න එහේ ගියා....( ඇයි තොට මාන්දමද මෙච්චර වෙලා තැටමුවෙ ඕක කියන්න...) නෑ බන් පොඩ්ඩක් ලැජ්ජ හිතුනා....
ඔන්න මම ගියේ ඊයෙ උදේ... ගෙදරින් යනකොටනම් උදේ 9.00 විතර වෙලා... නමුත් මම ගෙදර එද්දි හවස( පිස්සුද හැටිද) හවස නෙමෙයි රෑ 10.00 විතර වෙලා.... ඔන්න අම්මගෙ පොඩි පුතාගෙ අවලමේ යාම නොහොත් වෙන්ට වයිපරේගෙ ගෙදර යාම....
ඔන්න මම එහෙට යද්දි 12.30 විතර උනා... (යකෝ උබ වන්නියටද ගියේ...) නෑ නෑ බං.... මීගමුවෙනුත් එහා... වයික්කාල... දන්නව ඇති නේ... අර මැරයො ඉන්නෙ.... වනාත මුල්ල වගේ ටිකක්...
(ප.කි. මම හෙට මේ පැත්තෙ ආවෙ නැති උනොත් පොඩ්ඩක් බලාපිය)
මොනව උනත් හරි හොද පවුලක්... ඇත්තටම නියම පවුලක්... නිකන් එයාල ඉන්නෙ යාලුවො වගේ... උපරිම සතුටකින් ඉන්නෙ.... මගේ පිනටද කොහෙද එහෙම පවුලකින් කෙනෙක් සහේට ගන්න පුලුවන් උනේ....
ඔන්න කොහොම හරි ලැජ්ජ බයට හැදිච්ච කොල්ල ගියා නිකන් පපුව ඉස්සරහට දාගෙන පොර වගේ... තා පොඩ්ඩෙන් බලු වෙනව....
ඔන්න ඉතින් තාත්ත එවෙලෙ ගෙදර නෑ.. අම්මයි, මල්ලියි, එයයි හිටියෙ... ඔන්න ඉතින් ටික වෙලාවක් යද්දි පියා ගෙදර ආව....
මේ තියෙන්නෙ අපි යාපනේ වැඩ කරද්දි එහෙන් ගෙනාපු මිදි පැලේ... ආ කියන්න බැරි උනානෙ... මම යාපනේ විස්තර පසුවට දාන්නම්...


කොහොමහරි දවල්ට කෑව... 3.00 විතර.. ආගිය විස්තර, ගෙදර විස්තර, අම්මගෙ තතු. ඔක්කොම කතා කරා...
ඔන්න කොහොමෙන් කොහොම හරි කට්ටිය සෙට් උනා සන්තනම් පල්ලි යන්න... ඔන්න ගෙදරින් 5.30 විතර එහේ ගියා... මාරම ලස්සන පොට් එකක්.. මූද මාරම ලස්සනයි....
මේ මගේ කමරා ඇස තමා....
මේ ඉන්නෙ එයාගෙ පවුලෙ කස්ටිය...
උබල කියන්නෙ මම ගෙදර එද්දි රෑ 10.00යි...
අපෙ අම්ම ඉන්නව එයාට කෑම මොනව හරි ගේනකන්...
අපෙ අම්ම දන්නව අනිව එහෙන් මොනව හරි හදල දෙනව කියල...
මෙදා සැරේ අම්මට වෙනමයි.. අපිට වෙනමයි හදල දීල තිබුන... මොකද අපෙ අම්ම බෙහෙත් බොන නිස මස් ජාති.. තෙල් දාපුව එහෙම කන්නෙ නෑ....
මගේ නැන්දම්මට බොහොම ස්තුතියි මගේ අම්මට වෙනම පාර්සලයක් එවපු එකට.....
නැන්දම්ම ෂේප් කරගන්න ගහපු ගැටයක් මේක නං.. මචෝ පිංතුරනම් නියමයි.
ReplyDeleteඑහෙම නෑ බන්... නැත්තෙත් නෑ බන්... හරිම හොද පවුලක්....
Deleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
Delete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK VP
pinthoora tika nam lassanai machan...
ReplyDeleteeth pudgalika pinthoora nam wadiya daanna epa..
dannawane eka eka dial innawane meke...
බොහොම ස්තූතියි සහෝදරයා... ඔයාගෙ කතාව හරි.. මම දැන්ම අයින් කරන්නම්...
Deleteසන්තෝසේ පේන්න තියනවා වචන වලම. එල එල..! :)
ReplyDeleteපින්තූර ටික සිරා බං.. යාපනේ ගමනත් දාමුකෝ එහෙනම්.
අනේද කියන්නෙ... යාපනේ ගමනත් දානව දානව... පොඩ්ඩක් හිටු... මේ දවස් වල පොඩ්ඩක් බීසී බන්...
Deleteඇත්තටම කියනවනම් පින්තූර ටික සුපිරියි...
ReplyDeleteබොහොම ස්තූතියි...බොහොම ස්තූතියි...
Deleteකොල්ලා හෙන ලකී ඈ
ReplyDeleteඅනේද කියන්නෙ බං....
Deleteතාමත් බැන්ඳෙ නැද්ද බං ? හයියූ............
ReplyDeleteකොහේ බදින්නද බන්... තියෙන ප්‍රශ්න ටික අහවරක් කොරගෙන ඉන්ට එපැයි...
Deleteහා හා ජය වේවා එහෙනං..)))))
ReplyDeleteබොහොම තුති ඈ....
Deleteමේ අවලං ගමනක් ද....? ඔබම එය කියන නිසා හොරයකුත් තියෙනවාද දන්නේ නෑ....?
ReplyDeleteඅවලම් ගමන කිවුවට අවලම්ම නෑ... පොඩ්ඩක් හොද ගමනක්....
Deleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK