නිතර දෙවේලේ යන එන තැන් ....

Thursday

37 අපි ගියානෙ හෙන ට්‍රිපක්.....

අම්මපාමේක ට්‍රිපක් කිවුවට හෙන පජාත ට්‍රිපක්... එහෙම්මම පජාතත් නෑ....

කට්ටිය තමයි මම (ඩ්‍රයිවර්), අම්ම, අක්ක, පොඩී.(අපෙ ලොකු අම්ම... අම්මගෙ අක්ක) ඔන්න සෙටාර් එක...

ගිය වාහනේ තමා රෙන්ට් එකට ගත්ත කාර් එකක්....මෙන්න මේකක්...

තෙලුත් අවුලක් නැතුව වැඩත් කරා... ලීටර් එකෙන් කිලෝ මීටර් 10 ක් වගේ වැඩ කලා,(With A/C)

ඇත්තම කියනවනම් ට්‍රිප් එක ගියේ, යන්නෙ කොහේදවත් නොදැන... ඒ කියන්නෙ කිසිම සංවිධානය කිරීමකින් තොරව.... කවුරුවත් විශ්වාස කරන එකක් නෑ... යමු කියල කිවුව ගියා....කොහේද යන්නෙ කින්ද මන්ද මුකුත් හිතුවෙ නෑ...

හැබැයි වාසනාව කියන්නෙ වාහනයක් හොයාගත්ත, ඉන්න තැනක් නොමිලේම හම්බ උන..ඔක්කොම හොද අතට උනා....



මෙන්න අපේ ගමන් මාර්ගය..ඔක්කොම ගිහිල්ල තිබුන කිලෝමීටර් 750 ක්...

A. අපේ ගෙදර(ආරම්භය)
B. අපෙ අම්මගෙ මහගෙදර.
C. සෙවනගල සීනි කර්මාන්ත් ශාලාව
D. නුවර එලිය අපගේ නිවස්නය.
E. නුවර දළදා මාලිගාව
F. අපේ ගෙදර (අවසානය)

ඔන්න ගියපු තැනුත් කිවුව... දැන් බලමු රූප රාමු ටිකක්...


 මේ ඉන්නෙ අපේ අම්මගෙ අම්ම (අපේ ආත්තම්ම) ගෙ නංගි සහ ඇගේ සැමියා.... ඈ තමා අපෙ අම්ම පොඩි කාලෙ හදා වඩා ගෙන තියෙන්නෙ.....


අපි ගියා සෙවණගල සීනි කර්මාන්ත ශාලාව බලන්න... කොහේ බලන්නද පට්ටෙටම වහිනව.... එතන නවත්තල තිබුණ ට්‍රැක්ටරේකින් උක් දඩු ටිකක් අරගෙන ආව... 






අපි ආවෙ ඇල්ල වැල්ලවාය පාරෙ... ඒ එන අතර තුර තිය කවුරුත්ම දන්න "රාවණා ඇල්ල" බලන්නනම් අමතක කලේ නෑ....
+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)