නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

5 දුක......

අද තමයි මම ගොඩ කාලෙකින් මගේ බ්ලොග් එක පැත්තට ආවෙ.... එන්න බැරි උන හේතුව තමයි හිත එකලාසියක් කරගෙන මේ වචනයක් ලියන්න බැරි නිසා... 2014 අවුරුද්ද වගේම 2015 අවුරුද්දෙ ඉදල අද වෙනතුරු මගේ හිත එකලාසියක් කරගන්න බැරිව ඉන්න..... 


මට දැන් කියන්න දෙයක් නෑ... මගේ ජීවිතේ ඔහේ ගෙවෙනව..... මගේ දෝණි මගේ ලග ඉන්න නිසා පොඩ්ඩක් හරි සතුටින් කාලය ගෙවෙනව..... මොකද මට බෑ මගේ හිතේ දුක එයාට කියල එයාවත් අමාරුවෙ දාන්න.... මට හැමතිස්සෙම මගේ අම්මයි අක්කයි මතක් වෙනව.... එයාල දෙන්න අද අපි එක්ක හිටියනම් අද මමයි දෝණියි තමයි මේ ලෝකෙ වාසනාවන්තම දෙන්න වෙන්නෙ..... ඒත් ඒ වාසනාව අද අපි ලග නෑ..... කොච්චරා හිනා වෙලා ඉන්න හැදුවත් ඒ හිනාව බොරු එකක් කියල මම දන්නව..... 

අද 2016 නොවැම්බර් 14, අද අම්ම අපෙන් ඈතට ගිහිල්ල අවුරුදු දෙකක් වෙනව..... ඒ ගියපු අවුරුදු දෙක අද ඊයෙ වගේ..... අදටත් මතක් වෙන්නෙ ඊයෙ අම්ම අපි එක්ක හිටිය වගේ...... මේ අවුරුදු දෙකට උන දේවල් බොහෝයි..... අම්ම අපිව දාල ගිහිල්ල මාස 05කින් අක්ක මාව දාල ගියා... ඒ මගේ දෙවැනි අම්ම...... එතකොට තවත් හිත හදාගන්න බෑ...... මම එක දෙයක් දන්නව... මගේ අම්මයි අක්කයි දිවියලෝකෙ ඉන්නෙ... එයාල සතුටින් ඉන්නෙ....අනිත් දේ තමයි අම්මයි අක්කයි හැම වෙලාවෙම මගේ පස්සෙන්නම ඉන්නව, ඒක මම දන්නව.... 

අම්මේ අක්කේ..... අද ඔයාල දෙන්න සිහි කරල දානයක් දෙනව අපි දෙන්න ඉන්න මේ රටේ පංසලට, අපි දෙන්නට තනියම කරන්න බැරි නිසා තව කට්ටියකුත් එක්ක එකතු වෙලා දානෙ දෙනව අම්මේ....මම හැම දාම ප්‍රාර්තනා කරන්නෙ කවදාවත් මෙ ලෝකෙ නම් ඉපදෙන්න එපා... දිවියලෝකෙටම වෙලා ඉන්න..... කවදාවත් මගේ අම්මයි අක්කයි වෙලා නමි ඉපදෙන්න එපා... මට ආපහු දුක් විදීන්න බෑ අම්මේ...... මේ විදින දුක මට මැරනකම්ම ඇති අම්මේ...... 

අම්මටයි අක්කටයි බුදු සරණයි...... 

4 අම්මේ.....

සමාවෙන්න මගේ මේ බ්ලොග් එකේ ඉන්න යාලුවො හැමෝටම..... මම බ්ලොග් ලියන එක පොඩ්ඩකට නැවැත්තුව... ඒ වෙනුවට මම පොඩි මූණු පොතේ පේජ් එකක් කරනව "අම්මේ" කියල.... ඒක මම හැමතිස්සෙම අප්ඩෙට් කරනව.... ඒකෙ තියෙන්නෙ සම්පූර්ණයෙන් මගේ අම්මයි, අක්කයි ගැන..... 

පුළුවන්නම් ඒක බලන්න..... මම මේ බ්ලොග් එකේ පොස්ට් දාන එක පොඩ්ඩකට  නතර කරනව.... මට සමාවෙන්න යාලුවනේ..... මට දෙකක් මේන්ටේන් කරන්න බෑ......


Sunday

13 අහිමි වීම....

අක්කේ.....

ඔයාට මතකද අක්කේ අපේ පුංචි කාලෙ.... මම දන්නව අක්කේ ඔයාට කවදාවත් ඒක අමතක කරන්න බෑ අක්කේ..... දරුවො 03 දෙනෙක් ඉන්න පවුලක මැද හිටියෙ උබ අක්කේ.... අයිය, අක්ක සහ බාලය වෙච්ච මම..... කාටවත් අමුතුවෙන්න කියන්න දෙයක් නෑ අක්කේ අපි තුන් දෙනා හිටිය විදිය මට ගොඩාක් මතක් වෙනව අක්කේ.... ඒව එකින් එක කියන්න මට ශක්තියක් නෑ අක්කේ.... මොකද මට දැන් ඒව මතකයක් විතරක් වෙලා..... ඒ මතකයන් මම මැරෙන තුරා මතකයන් විදියටම තියා ගන්නව අක්කේ... කවදාවත් ඒව අමතක වෙන්නෙ නෑ අක්කේ.... 


මට ගොඩාක්ම මතක් වෙන්නෙ ඔයා මාව හැම වෙලාවෙම බේරගන්න නිසා.... තාත්ත මට ගහන හැම වෙලාවෙම ඔයා මැදට පැනල මාව බේර ගන්නෙ අම්ම කෙනෙක් දරුවෙක් ආරක්ශා කරනව වගේ මගෙ අක්කේ..... හැම වෙලාවෙම ඔයයි මමයි රංඩු වෙන්නෙත් ඒ වගේමයි අක්කේ... මට දැන් මම ගැනම ලැජ්ජ වෙනව අක්කේ... මට සමාවෙන්න... මම නොදැන ඔයත් එක්ක රංඩු උනාට... අපි දෙන්න කොච්චර රංඩු කරත් ඒක පැයයි තියෙන්නෙ අක්කේ.... අපි දෙන්න යාලු වෙනව.... ඒකට තමයි අක්කේ සහෝදර බැදීම කියන්නෙ කියල මට දැනුයි තේරෙන්නෙ මගෙ අක්කේ.... 


අක්කේ, ඔයාට මතකද අක්කේ, මම හැම මගුලම ඇවිල්ල ඔයාට කියන්නෙ අක්කේ... කෙල්ලෙක් මගේ දිහා බැලුවත්, මම කෙල්ලෙක් එක්ක යාලු උනත්, ඉස්කෝලෙ රංඩු උනත්, හොරෙන් මොනව කරත් මම ඔයාට ඇවිල්ල කියන්නෙ අක්කේ... ඔයාට මතකද අක්කේ.... මොකද ඔයා මාව බේරගන්න නිසා.... අනික සහෝදරකම නිසා අක්කේ.... නමුත් අක්කේ ඔයා මට ඔයාගෙ හිතේ තිබුන දේ කිවුවෙ නෑ අක්කේ.... ඔයා කිවූවත් මට තේරුනේ නෑ අක්කේ... මගේ මේ කාලකන්නි මෝඩ මොලේට තේරුනානම් අද මට මෙහෙම වෙන්නෙ නෑ අක්කේ.....


මම අද ගොඩාක් දුක් විදිනව අක්කේ හිතින්..... මට ඔයා වගේම බිරිදක් ඉන්නව අක්කේ....උබ එයා එක්ක ගොඩාක් යාලුයි අක්කේ... උබ එයාට ගොඩාක් ආදරෙයි අක්කේ.... උබ මාට වඩා මගේ බිරිදට ආස කරා, ආදරේ කරා, උබේගෙ සහෝදරියක් කරගත්ත.... ඒත් අක්කේ......


උබ ගොඩාක් ආස කරේ මගේ වෙඩින් එක දවස එනකන්... උබ මට වඩා ආසාවෙන් ඇගිලි ගැන්න මට මතකයි අක්කේ.... උබ මට වඩා මගේ වෙඩින් එක කරන්නෙ කොහොමද කියල හොයල බැලුව අක්කේ.... මට අම්ම නැති අඩුපාඩුව දැනෙන්නෙ නැති වෙන්න වග බල ගත්ත අක්කේ..... මම ගොඩාක් සතුටින් හිටිය අක්කේ... උබ තමයි මගේ දෝණි ගෙ ඇදුම් තේරුවෙත්, උබ තමයි ඩෙකරෙශන් ලස්සනද නැද්ද කියල තේරුවෙ.... මම උබට ඔක්කොම බාර දුන්නෙ අක්කේ ඔයා ලග ලස්සන දකින්න පුලුවන් ඇහැක් තිබුණු නිසා..... ඔයා ඔක්කොම කරා අක්කේ..... අපි දෙන්නගෙ වෙඩින් එකට වෙන්න ඔන වැදගත්ම දේවල් ටික ඔයා කරා අක්කේ.... ඒත් අක්කේ.......


ඔයාට මතකද ඔයාගෙ කුසට ළමයෙක් ආව දවසෙ ඔයා මට මුලින්ම කිවුවෙ "මල්ලි උබ දැන් මාම කෙනෙක් කියල"... ඒක කිවූවෙ 2015 දෙසැම්බර් මාසෙ අග හරියෙ.... මම ඒක අහල සතුටු උන විදිය දන්නෙ මම විතරයි අක්කේ..... ඔයා කිවුව හරි අක්කේ.. මතකද මම ඔයාට කිවූවහම මට ඕන විදියට තමයි ඔය එන ඕන එකෙක් හදන්නෙ කියල.... අක්කේ ඔයාට මතකද ඔයා දීපු උත්තරේ..... ඔයා කිවූව " උබගෙ මගේ දරුව අල්ලන්නවත් දෙන්නෙ නෑ කියල" උබ හරි අක්කේ.... උබේ දරුව මට අල්ලන්නවත් බැරි උනා අක්කේ.... මට "මාමේ" කියල කෑ ගහල කතා කරන්න හිටපු කොල්ල මට අල්ලන්නවත් බැරි උනා අක්කේ..... මම දන්නව අක්කේ උබ ඒක ඒ වෙලාවෙ කිවූවෙ බොරුවට කියල.... මම දන්නව ඇයි උබ මාට එහෙම කිවුවෙ කියල.... ඒ මගේ "කළු පාට" කොල්ලගෙ ඇගේ ගෑවිල ඌත් කලු වෙයි කියල....... 


අක්කේ උබට මතකද, උබට ඩොක්ටර්ස්ල කිවුව උබේ දරුව ලැබෙන්නෙ අගෝස්තු වල කියල..... මතකද අක්කේ ඔයාට..... අපි අගෝස්තු දාගෙන හිටපු මගේ වෙඩින් එක මමයි දෝනියි සැප්තැම්බර් වලට දැම්මෙ උබගෙ දරුවව මට වඩාගෙන වෙඩින් ෆොටෝ ගහන්න ඕන නිසා කියල උබට මතකද අක්කේ..... එතකොට මට කියන්න පුලුවන් ඌට උබ ඉපදිල දවස් ගානකින් තමයි මම බැන්දෙ කියල අක්කේ.....


අනික අක්කේ අපෙ අයියගෙ අපි දෙන්න ඇහැට නොදැකපු ලස්සන බෝල දෙකක් වගේ කොල්ලො දෙන්න බලාගන්න අපි කොච්චර සිහින මැවුවද අක්කේ..... ඒත් ඔයා මට ඔයාගෙ දරුව එක්ක ෆොටෝ එකක් ගහන්න අවස්තාව දුන්නෙ නෑ අක්කේ...... ඇයි උබ මට එහෙම කරේ..... 


අක්කේ...... මම ගොඩාක් සතුටු උනා මගෙ අම්ම නැති අඩුපාඩුව මට ඔයාගෙන පොඩ්ඩක් හරි මකාගන්න පුලුවන් වෙයි කියල...... ඒත් ඒක එහෙම උනේ නෑ අක්කේ......

මම වෙඩින් එක දවසෙ ගෙදරින් එලියට බහිද්දි මගේ පවුලෙ කියල කවුරුවත් මගේ ලග හිටියෙ නෑ අක්කේ...... මට ගෙදරින් එලියට බහිද්දි වතුර උගුරක් දෙන්න, කිරිබත් කෑල්ලක් කවන්න කවුරුවත් හිටියෙ නෑ අක්කේ.... මම හිතුවෙ එදා මම ඒ දකින්නෙ හීනයක් කියල අක්කේ..... පස්සෙයි තේරුනේ ඒ හීනයක් නෙමෙයි කියල අක්කේ... ඒ මගේ ලැබීම කියල.......


කමක් නෑ අක්කේ ඒක මගේ ලැබීම වෙන්න ඇති..... මම ගොඩාක් පවු කරල ඇති අක්කේ ගිය ආත්මෙක..... ඒක තමයි මේ ආත්මෙ මගේ පවුලෙ අය මගෙන් ගොඩාක් ඈත් කරල තියන්න තරම්...... 


ඔයා දන්නවද අක්කේ.... 


ඔයා මගෙන් ගොඩාක් ඈතට ගිහිල්ල අදට අවුරුද්දක් වෙනව අක්කේ...... 



ඔයා මට අම්ම නැති පාලුව නැති කරනව වෙනුවට ඔයා නැති පාලුවත්, දුකත් මට දීල ඉවරයි අක්කේ...... ඒක ඔයාගෙ වැරැද්ද නිසා නෙමෙයි... වෙන කාලකන්නි මිනිහෙක් නිසා..... 



අද මම ඔයා වෙනුවෙනුයි මගෙ අම්ම වෙනුවෙනුයි අපේ ඉස්සර මතකයන් ගොඩාක් පිරිච්ච ගෙදර දානයක් දෙනව ඔයාල දෙන්න ආපහු කවදාවත් මේ කාලකන්නි ලෝකෙ ඉපදෙන්නෙ නැතුව දුකක කරදරක් නැති දිවියලෝකෙ ඉපදෙන්න කියල.....


  මගේ රත්තරං අම්මේ, අක්කේ.....


මම දන්නව ආපහු කවදාවත් මට ඔය දෙන්නව දකින්න ලැබෙන්නෙ නෑ..... ලබන ආත්මෙකවත් මම පතන්නෙ නෑ අම්මයි අක්කයි මගේ වෙලා ඉපදෙන්න කියල..... මට බෑ ආපහු ඔයාල දෙන්න නැති කරගන්න..... අම්මේ මම දන්නව ඔයාල දෙන්න කොහේ හරි ඉදල මගෙයි අයියගෙයි දිහා බලන් ඇති.... මම මැරෙන තුරා අපේ දිහා බලාගෙන ඉන්න අම්මේ...... කවදාවත් මමයි දෝණිවයි තනි කරන්න එපා මගෙ රත්තරං අම්මේ....

Saturday

12 මේ ඇගේ ජීවිත කතාවයි....!!!



මේ දකුණු පළාතේ, බෙලිඅත්ත දිස්ත්‍රික්කයේ පිහිටි, බෙලිඅත්ත මිද්දෙනිය මාර්ගයේ කිලෝ මීටර් 15 ක් පමණ ගිය පසු හමුවන ගම්මානයකි ඉහල බෙලිගල්ල ග්‍රාමය.

මෙම ග්‍රාමය දැනට අවුරුදු 60 කට පමන එපිට කාලයේ ඉතාමත් සාරවත්, කොල පැහැයෙන් යුතු ඉතාමත් ලස්සන ගම්මානයක් විය, තවද ගොඩ මඩ ගොවියන්ගෙන්ද බහුල මෙම ගම්මානයේ සියලු දෙනා තම තමන්ට අවශ්‍ය ආහාර බෝග තම ගෙවත්තේම වගා කිරීම එකල සිරිතක් විය, තවද තමන්ට අවශ්‍ය කලමාණා හුවමාරු කර ගැනීමද එකල තිබූ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් විය, එමගින් ගම්මානයේ ඇති එකමුතුකම වැඩි වූවා මිස අඩු වූවේ නැත. 


ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන 10ක්. ඇය 07 වෙනි දරුවා ලෙස 1954 වර්ශයේ දෙසැම්බර් 05 වෙනිදා මෙලොව එලිය දුටුවා. ඇයගේ පවුලෙ සහෝදරයින් 04ක්, සහ සහෝදරයින් 06 දෙනෙකුගෙන් ශක්තිමත්.




                    රතු පාටින් ලකුණු කර ඇත්තේ ඇගේ නිවසයි....

ඈ කුඩා අවදියේ සිට අද වනතුරු ඇගේ සහෝදර සහෝදරියන් ඈට ආමන්ත්‍රණය කර ඇත්තේ "සීතා" යන නමින්,




මේ ඈගේ හැදුරුම්පතේ තිබූ චායාරූපයයි.

ඇය සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා මිටියි.. එම මිටි බව ඇයට තවත් ලස්සනක් ගෙන එනව.. ඒ නිසාම තමයි ඈ අවුරුදු කුමාරිය තේරීමේ තරග වලදී, ඈ අවුරුදු කුමාරිය බවට කිරුළු පළදින්නේ, එතරම් ඇය සුන්දර යුවතියක්.

ඇය මෙලොව එළිය දුටුවත්, ඇයට මව අසලට යාමට අවුරුදු 10ක් පමණ ඉවසා සිටින්නට උනා.මන්ද ඇයට සහ මවට ඇති අපල හේතුවෙන්.ඇය අවුරුදු 10ක් පමණ සැදී වැඩුනේ ඇයගේ මවගේ බාල සහෝදරිය වන.."බාල අම්මා" යන ඇගේ දෙවැනි මව සමගයි,



බාල අම්මා

Wednesday

25 මම දැන් ....... කෙනෙක්.......!

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව ලොකූ සතුටක් හිතේ තියාගෙන... ඒ මොකද්ද කියල පස්සෙ කියන්නම්... 

ඉස්සෙල්ලම කියන්න ඕන රාජකාරිය දේවකාරිය වගේ කොරන්න ඕන නිසා බ්ලොග් ලියන එක සහ කියවන එක පොඩ්ඩක් අඩු කරා... 

ඔන්න ඉතින් ඉඩ ලැබුන ගමන් සතුටු ආරන්චියකුත් අරගෙනම තමා ආවෙ...

මම බාප්ප කෙනෙක් උනානෙ බොලවු..එකෙක්ගෙ නම් කමක් නෑ.. දෙන්නෙක්ගෙ.. ඉතින් සතුට කියා ගන්න බෑ... ඔක්කොම හෙන සතුටින් ඉන්නෙ උන් දෙන්නව ඇස් දෙකෙන් බලනකම්.. මොකද උන් දෙන්න ඉන්නෙ පිට රට නොවැ... 

උන් දෙන්න එනකන් තමා මමනම් ඇගිලි ගැන ගැන ඉන්නෙ.. මොකද බාප්ප කෙනෙකුගෙ යුතුකම තමා උන් දෙන්නට කතා, සින්දු, කවි, උගන්නන එක (කුණුහරුප).. 

ඉතින් ඒකට නම් ටික කාලයක් යාවි.. උන් දෙන්න මෙහේ එද්දි මට හිතෙන විදියට බාප්පට උගන්වයි වගේ... 

බලමු බලමු... 

මේ ඉන්නෙ උන් දෙන්න තමා...


මේ ඉන්නෙ අපේ බන්චොයි, බන්චයි...

කුක්කු බීල, බන්ඩි ගෙඩි දෙක පුරවගෙන උනුසුමට දොයි...

ආරන්චියෙ හැටියටනම් කිසි කරදරයක් නෑලු... අඩන්නෙ නෑලු... කිරි දීපු ගමන් නිදා ගන්නවලු.. ආපහු හරියටම පැය 03 කින් ගැගිටල වට පිට බල බල ඉන්නවලු... 

ආ කියන්න බැරි උනානෙ උන් දෙන්නම කොල්ලො... 

ඔන්න ඔහොමයි  උනා කියන්නෙ.. බලමු තව පින්තූර එන හැටියට දාන්නම්කෝ... 

Monday

29 පුතේ උබට නිවන් සුව ...

සුන්ටු උබට මතකද මුලින්ම අපේ ගෙදරට ආපු විදිය, උබට එතකොට ඇස් ඇරිලවත් නෑ. උබ ඒ තරමටම පොඩියි. අතින් අල්ලනත් බෑ. ඒ මොකද උබගෙ මයිලක්වත් අතට අහුවෙන්නෙ නැති නිසා. 

උබ දන්නවද?, අපේ පවුලෙ කවුරුවත් පූසොන්ට කැමති නැහැ කියල. නමුත් උබ කාළකන්නි මනුස්සයෙක් අපේ ගේට්ටුව ලග දාල ගිහිල්ල තිබුන වෙලාවෙ, උබගෙ ඇඩිල්ල ඇහිල මහ රෑ 1.00 ට විතර අපෙ අම්ම ඇවිල්ල උබව අරගෙන පෙට්ටියක දාල තව කූඩෙකින් උඩිනුත් වහල තියල තිබ්බෙ උබේ අරක්ෂාවට, මොකද වෙන ලොකු පූසො උබව රෑ කෑමට ගන්න මාන බල බල හිටපු නිසා... අපි හිතුවෙ උබෙ අම්ම උබව අරගෙන යන්න ඒවි කියල. නමුත් එහෙම උනේ නෑ. උබව ගෙනියන්න කවුරුවත් ආවෙ නෑ. 

අපිට බැරි උනා උබේ අඩොවැඩියාව අහගෙන ඉන්න. මම අතුළු ඔක්කොම කිවුවෙ උබව ලගම තියෙන පංසලට ගෙනිහින් දාන්න, මොකද උබව හදාගන්න බැරුව නෙමෙයි, උබලට අපේ කිසිම කැමැත්තක් නොතිබුණු නිසා, 

නමුත් අපෙ අම්ම උබව ගෙනිහින් දාන්න බෑ කියල කිවුවෙ උබේ පිනකට සහ අපේ පිනකට. 
 අතට අහුවෙන්නෙ නැති උබ එදා ඉදල අපේ ගෙදර හැදෙන්න වැඩෙන්න පටන් ගත්ත උබට මතකද??

Thursday

32 මැදවච්චිය බලා....

හැමෝම දාල යන්න යන්න වෙනව ඈතකට, තනියම ඉන්න. අනේ මන්ද මතක් වෙද්දිත් යන්න බෑ වගේ හිතෙනව, නමුත් ඉදිරි අනාගතේ වෙනුවෙන් යන්න ඕන... 

මගේ අලුත් නවාතැන් පොල "මැදවච්චිය"

අලුත් ප්‍රොජෙක්ට් එකක්.. මෙන්න ඒක විස්තර,



Project                    :- Horowpathana - Madawachchiya Road 

Total Length           :- 00+000 to 10+000 Km

Contractor              :-  Anura Wijenayake Company (Pvt.) Ltd.

Contract Amount   :- Rs. 902,903,424.94

Engineer                 :- CECB

Employer               :-  RDA.

Job Description      :-  Planning & Monitoring Officer

Commencement Date :- 2014.04.21

Completion Date    :- 2014.10.12

Project Duration     :-  1 1/2 Year (540 Day)

  ඔන්න ඔහොමයි විස්තර මගේ අලුත් ප්‍රොජෙක්ට් එකේ... ඉතින් ගෙදර එන්න වෙන්නෙත් මාසෙකට සැරයක් තමා... මොනා කරන්නද?? දුක තමා රන්ජනී..

එහේට ගිහිල්ලම රූප රාමු ටිකක් දාන්නම්... 

වැඩ බාර ගන්න තියෙන්නෙ මැයි 05 දා... තාම වැඩිය විස්තරයක් දන්නෙ නෑ... ඔක්කොම දැනගෙන, ගිහිල්ල, විස්තරයක් දාන්නම්...

කාර්යභහුලත්වත් එක්ක බ්ලොග් එක පාලුවට යාවි... පුළුවන් වෙලාවක් මොනවහරි දන්නම්... එහෙනම් පුලුවන් වෙලාවක සෙට් වෙමු... එහෙනම් සුභ....






31 අලුත් අවුරුද්දෙ අලුත් තැනකට..

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආව බ්ලොග් එක පැත්තෙ... ඔන්න එහෙනම් උබල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

ඔන්න ඉතින් මෙදා පාර අවුරුදු, අපිව කාපු නිසා මේ දවස් වල මම දුවන්නෙ රිම් එකෙන්...

මෙදා පාර අවුරුදු නම් ජයයි, හැබැයි අජූතයි,

මෙදා පාර අවුරුදු කෑවෙ "ගාල්ලෙ අපේ මහ ගෙදර "ඉදල. හැබැයි පට්ට ගති...

ඒ ගෙදර රෙපෙයාර් කරේ වසර 14 කට පස්සෙ.. ඒ කියන්නෙ හරියටම 2000 වසරෙ අපි ඒ ගෙදරින් පිට වෙලා ආවට පස්සෙ.. ඉතින් හිතපන්කො කොහොම වැඩ කන්දරාවක් තියෙන්න ඇතිද කියල...

ඔන්න අවුරුද්දට ගෙදර හැඩ වෙනවා... වත්ත සුද්ද වෙනවා, ගස් වල මල්, කොළ, ගෙඩි හැදෙනවා...කුරුල්ලො කෑ කෝ ගහනවා, පට්ටම ලස්සනයි....

පින්තූර ටිකක් බලලම ඉමුකෝ....

මෙන්න පැනරෝම එකකුත් ගත්ත...





ඔන්න ඉතින් හා හා පුරා කියල 14 වෙනිදත් ලන් උනා...

ඔන්න ඉතින් රට වටෙන්ම මගේම උන් මට දෙපාරක් සුභ පතනව නොවැ...බොලේ මගේ උපන් දිනේ නොවැ.... බුදු අම්මෝ රටම සමරනව නොවැ මගේ උපන් දිනේ... සතුටේ බැරුව....

Monday

21 සෝමා.

මාගේ මෙම මතකය ඇදී යන්නේ 1992 වසරටයි... ඒ මා ඉපිද අවුරුදු 02 කි... මෙහි යම් මුල් කාලයේ වූ සිද්දීන් මා සමග පැවසුයේ මාගේ මවයි... මන්ද මාගේ මතකයට සෝමා පැමිණෙන්නේ මාගේ වයස අවුරුදු 4 පමණ වන විටයි...

සෝමාගේ ගම ඉමදුව බටේමුල්ල ප්‍රදේශයයි... ඈට සහෝදරයින් තිදෙනෙක් සහ එක් සහෝදරියක් සහ දෙමාපියන්ගෙන් ශක්තිමත් වූ පවුල් සංස්ථාවක් තිබුනි..

ඈ සමාජය ගැන මෙන්ම අධ්‍යාපනයෙන්ද දැනුමක් නොලද ඈ කඩයකට ගොස් යමක් මිලදී ගැනීමට පවා නොහැකි මට්ටමකට ඈ පත්වී තිබුණි..

ඈ මන්දමානසික යුවතියක් නොවේ.. නමුදු ඈ සමාජයට බිය විය...

එක් දිනක් ඈ ඉමදුව බටේමුල්ල ශීක්ෂණ රොහලට ඇගේ මව සමග පැමිණියාය..

ඈ එවිට පස් මස් ගැබිණියෙකි.. ඇගේ මව ඈට ආදරේ නමුදු ඇගේ සහෝදර සහෝදරියන් ඈ නයාට අඳුකොළ මෙනි..

ඈ කෙසේ කාගෙන් අතවරයට පත් වූවාද කියා කවුරුවත් නොදනී.. ඈ ද බයෙන් බිරන්තට්ටු වී සිටී..

ඈ එදින රැය රෝහලේ ගත කළාය.. මන්ද ඈට සහෝදරයින්ගෙන් මරණීය තර්ජන ඇතිවූ හෙයිනි...

එදින රැය මාගේ මවගේ වැඩ මුරයයි.. සෝමා සමග මාගේ මව කතා කළද ඇගෙන් යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඇයගේ මවගෙන් විස්තර අසා දැනගත්තාය..

ඈගේ මව වැලහින්නියක් සේ අඩමින් කියා ඇත්තේ සෝමාගේ සහෝදරයින් ඈ නිවසට ගෙන ගියහොත් මරණ බවයි..


ඒ හේතුව නිසා මාගේ මවගේ ඒකමතික තීරණය මත ඈ අප නිවසට රැගෙන ආවාය..

ඈ රැගෙන විත් මාස 05 කින් පමණ ඈ ඇගේ කුළුඳුල් පුතණුවන් මෙලොවට බිහිකලාය...
ඔහු "චමීර" නම් විය...

ඔහු මට වඩා අවුරුදු දෙක හමාරක් පමණ වයසින් බාල විය...


Tuesday

32 අනුරාධපුර දෙවැනි ගමන....


        

මෙන්න පළවෙනි ගමන..

දැන් කියන්නෙ දෙවැනි ගමන ගැන... මේ ගමන ගියේ 2014.02.10 දා තමා ගියේ.. ගෙදරින් පිටත් උනේ උදේ පාන්දර 03.30 ට විතර..

අපි ගියේ මමයි අනිත් සයිට් එක මොනිටර් කරන ගර්ල් කෙනෙකුයි රියදුරුතැනයි....


අපි 7.30 ට විතර "රැඹෑව" කිට්ටුව "නෙළුම් කෝලේ" කියන කඩෙන් කන්න නැවැත්තුවා... පට්ටම ලස්සන තැනක්... කියල වැඩක් නෑ... රස උපරිමයි... අනික අම්බෝ.... හීතල... දතකට පූට්ටු වෙන්නම හීතල දැනුනා...
මේ තියෙන්නෙ ඒකෙ ඇතුලෙ තිබුන මා නොදන්නා නමුදු ගොවිතැන සදහා යොදාගන්නා ආම්පන්න සෙට් එකක්....







ඔන්න එතනින් කෑව කියන්න උගුරට වෙන්නම කෑව.. පට්ට රසයි කෑම ටික....


මෙන්න අනුරාධපුරයට හිරු නැගෙද්දී...



+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)