සෝමාගේ ගම ඉමදුව බටේමුල්ල ප්රදේශයයි... ඈට සහෝදරයින් තිදෙනෙක් සහ එක් සහෝදරියක් සහ දෙමාපියන්ගෙන් ශක්තිමත් වූ පවුල් සංස්ථාවක් තිබුනි..
ඈ සමාජය ගැන මෙන්ම අධ්‍යාපනයෙන්ද දැනුමක් නොලද ඈ කඩයකට ගොස් යමක් මිලදී ගැනීමට පවා නොහැකි මට්ටමකට ඈ පත්වී තිබුණි..
ඈ මන්දමානසික යුවතියක් නොවේ.. නමුදු ඈ සමාජයට බිය විය...
එක් දිනක් ඈ ඉමදුව බටේමුල්ල ශීක්ෂණ රොහලට ඇගේ මව සමග පැමිණියාය..
ඈ එවිට පස් මස් ගැබිණියෙකි.. ඇගේ මව ඈට ආදරේ නමුදු ඇගේ සහෝදර සහෝදරියන් ඈ නයාට අඳුකොළ මෙනි..
ඈ කෙසේ කාගෙන් අතවරයට පත් වූවාද කියා කවුරුවත් නොදනී.. ඈ ද බයෙන් බිරන්තට්ටු වී සිටී..
ඈ එදින රැය රෝහලේ ගත කළාය.. මන්ද ඈට සහෝදරයින්ගෙන් මරණීය තර්ජන ඇතිවූ හෙයිනි...
එදින රැය මාගේ මවගේ වැඩ මුරයයි.. සෝමා සමග මාගේ මව කතා කළද ඇගෙන් යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඇයගේ මවගෙන් විස්තර අසා දැනගත්තාය..
ඈගේ මව වැලහින්නියක් සේ අඩමින් කියා ඇත්තේ සෝමාගේ සහෝදරයින් ඈ නිවසට ගෙන ගියහොත් මරණ බවයි..
ඒ හේතුව නිසා මාගේ මවගේ ඒකමතික තීරණය මත ඈ අප නිවසට රැගෙන ආවාය..
ඈ රැගෙන විත් මාස 05 කින් පමණ ඈ ඇගේ කුළුඳුල් පුතණුවන් මෙලොවට බිහිකලාය...
ඔහු "චමීර" නම් විය...
ඔහු මට වඩා අවුරුදු දෙක හමාරක් පමණ වයසින් බාල විය...
ඔහු මාගේ මවට "අම්මා" කීමටත් ඔහුගේ මවට "සෝමා" කියා ආමන්ත්‍රණය කලේ මන්දැයි මා නොදනී... සෝමාද ඔහුගේ ළමයාට වඩා අපිට ප්‍රිය කලේ මන්දැයි මා නොදනී..
ඇය සහ ඔහු නිදියන්නේද? කන්නේද එකටය.. මා හට අදටත් එය ප්‍රෙහේලිකාවකි...
දැන් 1996 - 1997 වසරයි.. මාගේ පාසලේ පළමු හා දෙවැනි වසරයි.. ඔහු පෙරපාසල් යන වසරයි..
ඔහු පෙරපාසල් ගියේද මා ගිය පෙර පාසලටයි.. එය පිහිටා ඇත්තේ මා එවකට ඉගෙනුම ලැබූ ගා/අගුලුගහ ම/වි අසල ඇති පංසලේය...
ඇයගේ මව ඒවන තෙක් එක පාරක්වත් ඈ බැලීමට නොපැමිණ ඇත.. නමුදු මාගේ මවගෙන් තොරතුරු අසා ඇත...
අප ගොස් ඇති සෑම විනෝද හා අනෙකුත් ගමන් බිමන් වලට ඈ සහ ඔහු සහභාගි කරවාගෙන ඇත්තේ ඔහු හා ඇය අපගේම පවුලේ සාමාජිකයන් වූ බැවිනි...
ඈ කිසිම දිනක අපගේ විශ්වාසය කඩවන අන්දමට කටයුතු කර නැත..
ඇයට යම් දෙයක් එක සැරයක් කියූ පමණින් එය වටහා ගැනීමට හැකිය.. එය නැවත් වරක් කීමට උවමනා නැත..
ඈ ඉවුම් පිහුම් වැඩ වලටද ඉතා දක්ෂය.. ඇයගේ කෑම ඉතා රසවත්ය...
1998 දී පමණ මාගේ පියා විසින් ආරම්භ කරන ලද කඩයේ ඉහුම් පිහුම් කටයුතු වලට ඈ සම්බන්ධ කර ගත්තාය.. ඈ ඇයට පවරූ රාජකාරිය අකුරටම ඉටු කිරීමට වග බලා ගත්තාය..
මේ 2000 වර්ෂයයි... ඈ එතෙක් අප සමග ඉතාමත් සතුටින් කල් ගෙවුවාය...
2000 වර්ෂයේ අග බාගයේ යම් දිනක (මාගේ මතකයට අනුව 25 වගේ දිනයක් )
වමේ සිට
මම, චමීර, අක්කා, අයියා සහ සෝමා
මම, චමීර, අක්කා, අයියා සහ සෝමා
එදින රාත්‍රිය ගත වුනි...
සැවොම අවදිවීමට පෙර සෝමා අපගේ කඩයට යාම සදහා පිටත්වීම සිරිතක් කරගෙන සිටියාය...
එදිනද සුපුරුදු පරිදි ඈ නිවසින් පිටවී කඩයට ගියාය...
ඈ ගොස් පැයකට පමණ පසු පියා පැමිණ පැවසුවේ සෝමා කඩයට නොආ බවය...
සියල්ලෝම මුළු ගමක් පීරුවද ඈ සොයාගත නොහැකි විය.... පොලීසියට දැනුම් දුන්නද එයද පලක් නොවුනි...
ගෙයක් ගෙයක් ගානේ පීරුවද?? ඇලක් දොලක් ලිදක් ගානේ සෙවුවද?? කැල වල ගස් ගල් පීරා සෙවුවද ඈ සොයා ගත නොහැකි විය...
අද වනතුරු ද ඈ සොයාගත නොහැකි විය....
ඊට පසු චමීර අප භාරයේ තබා ගැනීම, නීතිමය ප්රෂ්න වලට සම්භන්ද වීමක් නිසා ඔහු ඔහුගේ ආත්තම්මා (සෝමාගේ මව) වෙත බාර දීමට සිදු විය... ඔහු මෑතක් වෙනතුරුම අප හා සම්භන්දතා පැවැත්විය..
නමුත් දැනට අවුරුදු 05ක පමණ සිට ඔහු ගැන තොරතුරක්ද සොයා ගැනීමට නොහකි විය...

මාගේ මව සමග සෝමා
ඈ අප හට ප්‍රෙහේළිකාවක් පමණක් ඉතුරු කර අතුරුදන් විය...
ඈ කවුරු හෝ බලහත්කාරයෙන් රැගෙන ගියාද ? එසෙත් නැත්නම් ඈ කා සමග හෝ හාද වී පැන ගියාද? එසේත් නැත්තම් ඈ කවුරුන් හෝ විසින් මරණයට පත් කරාද කියා තාම සොයා ගත නොහැකි විය....
ඈ ගැන කොපමණ සෙවුවද එයින් පළක් නොවුනි.. සෑහෙන කාලයක් යනතුරුම මග දෙපස අප කොපමන විපරමෙන් සිටියද ඇයගේ චායාවක් පවා දැකගත් නොහැකි විය...
අද වනතුරුද අප සොයන්නේ ඇයයි.. මන්ද ඈ අප හට නොතේරෙන සමයේ කල සේවයට කෘතගුණ සැලකීමට කාලය එලඹ ඇති හෙයිනි...
ඈගේ චායාව අප මතකයෙන් කොහෙත්ම අමතක නොවන්නේ ඈ අප දරුවන් සේ රැක බලා ගත් හෙයිනි... ඈ අපට ආදරය කල හෙයිනි...
බෝම හොදා මේවා මතක තියෙන එක. හුගක් අයට දැං ඔය වගේ දේවල් මතක නෑ. දැං බොට සනීපද?
ReplyDeleteමේක නේද මාසෙකට කලින් විතර දාලා තිබිල ගැලෙව්වේ..
//ඈ ඉමදුව බටේමුල්ල ශීක්ෂණ රොහලට//
මෙතන වැරදියි. ශික්ෂණ රෝහලක් කියන්නේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෛද්‍ය වෘත්තියන් පුහුණු කරන රෝහලට. ඉමදුවේ විස්සවිජ්ජාලයක් නැති නිසා මං හිතන්නේ ඕක මූලික රෝහලක් වෙන්ට ඇති.
it is a rural hospital
DeleteBase hospital?
Deleteඅනූ එකේ කොල්ලෙක්නේ ගාලු කියන්නේ... පොඩි දරුවෙක් !
ReplyDeleteඋඹලගෙ අම්මට ඇත්තටම ගරු කල යුතුයි.
ReplyDeleteඒ වගේම ගාලුලටත්. මේ දේවල් මෙතෙක් මතකයේ සුරක්ෂිත කරගත්තාට.
මචෝ උඹේ ගූ සිංහල අර ඉස්කෝලේ නමටත් කැතයි.
ReplyDeleteසමහරවිට ඕන කමින්ම යන්න ඇති.
ReplyDelete//එදින මාගේ මවගේ වැටුප ලද දිනයයි... ඈ සම්පූර්ණ වැටුප නිවසේ පුටු සෙටියේ තබා ඇගේ මාලය, වලලු සහ මුදුවද ගලවා එකම ස්ථානයේ තැබීම ඇගේ සිරිතකි.. එය තබන ස්ථානය සෝමා දනී...//
මේ කෑල්ල දැම්මෙ මොකටද?
මාත් හිතුවෙ ඒ ගැන. ඇත්තටම මං හිතුවෙ, ඒ ගිය කෙනා කොරහත් බිඳ ගෙනම ගියාද කියල. බලපුවම එහෙම නෙවෙයි. මං හිතන්නෙ එයාගෙ අවංක කම ගැන වක්‍රව සඳහන් කරන්න වෙන්න ඕන ඒක දාන්න ඇත්තෙ,,
Deleteගාලුගෙ අම්මා කරල තියන්නෙ උතුම් ක්‍රියාවක්. ඕව තමයි බං පින් කියන්නෙ.. එකට හිටපු කෙනෙක් කිසිම දෙයක් අරන් යන්නෙත් නැතුව එහෙම ගියා කියන්නෙ අප්සෙට් තමයි ඉතින්.
ReplyDeleteඔහොම තමයි බන්...හොදට විශ්වාසය දිනාගෙන ඉදලා වැලේ වැල් නැතුව ගිය වෙලාවකට තියෙන දේකට විදගෙන මාරු වෙන්නෙ...මනුසතා කියන එකා අදුනගන්න අවුරුදු 100 ක් ගියත් බෑ....
ReplyDeleteගාලු තාම චූටි කොල්ලෙක්නේ.අම්මගෙ විස්තරෙත් කලින් ලිව්වා නේද,අර සල්ලියි රත්තරං බඩුයි අරගෙන ගිහිං නැත්නං ඇයි ඒ ගැන ලිව්වෙ.
ReplyDeleteසොමව රවටගෙන යන්න ඇති.සොමගෙ ගම කොහෙද මචන්.
ReplyDeleteහ්ම්ම්.... අර සල්ලියි රත්තරන් බඩුයි අරන් ගියාද නැද්ද කියල මට තේරුනේ නෑනෙ
ReplyDeleteමේ මගේ මතකයන් හැමදාටම හිතේ තියන් ඉන්න එක අගය කරනවා.. අර සල්ලි කතාව මටත් හරියට පැහැදිළි නෑ හැබැයි..
ReplyDeleteබ්ලා.... සෝමා එතකොට අතුරුදං... ඒකත් එහෙමයි.... සෝම පට්ට හොදා කියන්නද අර රත්තරං වලලු කතාව දැම්මෙ...??????????
ReplyDeleteඒක කතාවට ගැලපීමක් නෑ... කිසිම සම්බන්ධයක් කතාවට නැති හංද... ඒකයි හැම කෙනාටම ඒක ඉල්පිලා පේන්නෙ
මේක ටිකක් ගලපලා ලියහංකෝ පුතේ
ReplyDeleteමතකය ගොඩක් වටිනව මචෝ...
ReplyDeleteඔයාලගේ අම්ම නම් ඇත්ත්ටම හොඳ කෙනෙක්.. එහෙම අය හරි අඩුයි..
ReplyDeleteසල්ලියි රත්තරන් බඩු වලටයි මොකද වුනේ කියන එක මටත් ප්‍රශ්ණයක් ...
අර සහෝදරයෝ ටික කොක්කක් නොදාපු එක ලොකු දෙයක්.. නැත්නම් ඒ ගියපු එකෙත් වගකීම ගන්න වෙන්නේ ඔයාලට..
ReplyDeleteපුදුම වැඩක් එක නම්...
සල්ලියි රත්තරන් බඩු ගැන කියද්දී ඇය හෙරක් දැයි හිතුවා..........ඒත්.????
ReplyDeleteයන්න හිතුණා, ගියා!
ReplyDeleteරාහුලයෙකුත් නෑ නේ ලොකු බැඳීමක් තියෙන!