සුන්ටු උබට මතකද මුලින්ම අපේ ගෙදරට ආපු විදිය, උබට එතකොට ඇස් ඇරිලවත් නෑ. උබ ඒ තරමටම පොඩියි. අතින් අල්ලනත් බෑ. ඒ මොකද උබගෙ මයිලක්වත් අතට අහුවෙන්නෙ නැති නිසා.
උබ දන්නවද?, අපේ පවුලෙ කවුරුවත් පූසොන්ට කැමති නැහැ කියල. නමුත් උබ කාළකන්නි මනුස්සයෙක් අපේ ගේට්ටුව ලග දාල ගිහිල්ල තිබුන වෙලාවෙ, උබගෙ ඇඩිල්ල ඇහිල මහ රෑ 1.00 ට විතර අපෙ අම්ම ඇවිල්ල උබව අරගෙන පෙට්ටියක දාල තව කූඩෙකින් උඩිනුත් වහල තියල තිබ්බෙ උබේ අරක්ෂාවට, මොකද වෙන ලොකු පූසො උබව රෑ කෑමට ගන්න මාන බල බල හිටපු නිසා... අපි හිතුවෙ උබෙ අම්ම උබව අරගෙන යන්න ඒවි කියල. නමුත් එහෙම උනේ නෑ. උබව ගෙනියන්න කවුරුවත් ආවෙ නෑ.
අපිට බැරි උනා උබේ අඩොවැඩියාව අහගෙන ඉන්න. මම අතුළු ඔක්කොම කිවුවෙ උබව ලගම තියෙන පංසලට ගෙනිහින් දාන්න, මොකද උබව හදාගන්න බැරුව නෙමෙයි, උබලට අපේ කිසිම කැමැත්තක් නොතිබුණු නිසා,
නමුත් අපෙ අම්ම උබව ගෙනිහින් දාන්න බෑ කියල කිවුවෙ උබේ පිනකට සහ අපේ පිනකට.
අතට අහුවෙන්නෙ නැති උබ එදා ඉදල අපේ ගෙදර හැදෙන්න වැඩෙන්න පටන් ගත්ත උබට මතකද??
AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න
-
විද්‍යාවෙන් ලෝකය වෙනස් කළ හැකියි. නමුත් අප වෙනස් කළ යුත්තේ කුමන ලෝකයක්ද?
Neil deGrasse Tysonගේ මේ ප්‍රකාශය මගේ සිතේ බොහෝ කලක සිට තිබුණු අදහසකට ඉතා
සමීපයි...
6 hours ago