මම මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ ලැබුණු අමිහිරි අත්දැකීමක්... මේක උනේ 2013.10.13 වෙනිදා..
මෙන්න උන සිද්දිය...
මාගේ වෙන්ට වයිපරේ රෝමානු කතෝලික කතක්... ඇගේ පල්ලියෙන් වර්ශිකව සංවිධානය කරනු ලබන විනෝද චාරිකාව මෙවර ඔවුන් යොදාගෙන තිබුනේ අනුරාධපුරේ සැරිසැරීමට.. එම තීරණය ගැනුනේ මාගේ ඇනුදැනුමකින් තොරව සහ ඔවුන්ගේ ස්වකැමැත්තෙන්...
ඔවුන්ට දැක ගැනීමට උවමනා උනා ශ්‍රී මහා බෝධිය, රුවැන්වැලි මහා සෑය සහ මිනින්තලා පුද භූමිය දැක බලා ගැනීමට...
මාද එම චාරිකාව සදහා සහභාගි වූවේ ඔවුන්ට මා දන්නා දෙය කියා දීම සදහායි... මන්ද ඔවුන් මීට පෙර අනුරාධපුර පූජා භූමියට නොපැමින ඇති හෙයිනි...
එම ගමනට 60 දෙනෙකුගෙන් යුත් පිරිසක් සම්බන්ද විය.... එම පිරිසේ මා සමග තවත් අයියා කෙනෙක් පමණක් බෞද්ධ ආගමික විය...
අප මුලින්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට ගියෙමු...
ඔවුන්ද මල් පහන රැගෙන ගියේ සාමාන්‍ය බෞද්ධ ආගමිකයන් මෙන්ය...ඔවුන් කොතරම් පුදුම වූවාද කිවහොත් මා හට ඔවුන් අසන පැනයන්ට පවා උත්තර දීමට අපොහොසත් විය... මන්ද මා නොදත් බොහෝ දේවල් ඇති නිසාවෙනි..ඔවුන් උඩ මලුවටද නැග මල් පහන් පූජා කරේ සිතේ ඇති ඉමහත් සතුටකින් යුතුවය... මන්ද ඔවුන් පළමු වරට පැමිනීම සහ එහි ඇති ලස්සන නිසාවෙනි....
ශ්‍රී මාහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව අප රුවැන්වැලි මහා සෑය වැද පුදා ගැනීමට ගියෙමු... එහිදීද මල් පූජා කල ඔවුන් ගල් කනු.. නටඹුන් වූ චෛත්‍ය දැක ඔවුන් කල කී දේ දැක්කේ මා පමණි...
මට මහත් ආඩම්බරයක් දැනුනේ වෙනත් ආගමක පිරිසක් පැමින මාගේ ආගමික ස්ථාන වැද පුදා ගැනීමයි...
මාත් දන්නා අයුරින් ඔවුන්ට පැහැදිලි කර දුන්නෙමි... ඔවුන් ශ්‍රී මාහා බෝධීන් වහන්සේ වැද පුදා ගෙන යන අතර තුර කී දේ මාගේ සතුටට කාරණයක් විය...
ඔවුන් පැවසුවේ මෙම චාරිකාව එක් දිනක් නිසා අනෙකුත් සිද්ධස්ථාන බැලීමට නොහැකි වූ නිසා තවත් දින 03 ක චාරිකාවක් සංවිධානය කරන පොරොන්දුවයි... මට එය සතුටට කාරණයක් විය....
අප රුවැන්වැලි මහා සෑය ලග ඇති වර්ෂ දෙකකට ආසන්න වූ හමුදාවේ සෙබලුන් විදින් දෙනු ලබන දන්සලෙන් කුස පුරවා ගැනීමට අමතක කලේ නෑ... එය ඔවුන්ට ඉතාමත් සතුටට කාරණයක් වූවා...
අප ඊට පසු දිය නෑමට ගිය මෙන්න මේ වැවට ගියා....
කොහොමද ලස්සන....
කොහොම හරි අපේ ඊලග නැවතුමපළ වූයේ මිහින්තලා පුද බිමයි... සැවොම එහි යාමට ඉමහත් ආශාවක් ඇති වූයේ එහි කන්දක් නැගීමට ආසා වූ නිසාය...
එහි යන විට සවස 6.30 විතර වී තිබුණි... නමුදු රථ ගාලේ වාහන 05 ක් පමණ තිබුණි... අපද සැවොම කඩි මුඩියේ මිනින්තලය නැගීමට පටන් ගත්තෙමු... අප චෛත්‍ය ලගටම පැමිණියෙමු.. එහි පාවහන් ගලවා තබන ස්ථානයේ වූ විහාරස්ථානයේ දායකසභාවේහි කියන සංවිදායක කෙනෙකු සමග වූ කතාබහක්.,
දායකසභාව -: මහත්තයා සෙරෙප්පු ගලවල යන්න.
මම-: කට්ටියටම ඇසෙන පරිදි "මෙතනින් සෙරෙප්පු ගලවල තමා යන්න ඕන" කියා තැන පෙන්වයි.
දායකසභාව -: මිස්ල දෙන්නට යන්න දෙන්න බෑ... අර බෝඩ් එක බලන්න...
මම-: ඇයි මහත්තයෝ මොකද්ද කේස් එක...
දායකසභාව -: ඔය අත පේන නිසා යන්න දෙන්න බෑ...දන්නෙ නැද්ද පංසලකට එනකොට එන්න...

ඇය ඇද සිටි ඇදුම සහ මා ඇද සිටි ඇදුම...
මම-: සමා වෙන්න මහත්තයො මෙයාල වෙන ආගමක කට්ටියක්.. මෙයාල ඒ ගැන වැඩිය තැකීමක් නෑ... පුලුවන්නම් සුදු රෙදි කෑල්ලක් දෙන්න පුළුවන්ද??
දායකසභාව -: නෑ නෑ.. ඒව දෙන්නෙ ටුවරිස් ලට.. ලෝකල් අයට දෙන්නෙ නෑ... මොකද එයාල දන්නවනෙ...
මම-: හරි මහත්තයො මම දන්නව.. මෙයාල වෙන ආගමක.. නොදැනුවත් කම නිසා තමා මෙහෙම ආවෙ...
දායකසභාව -: බෑ බෑ නීතියනම් නීතිය...
මම-: මට කියන්න පුලුවන්ද හාමුදුරුවො කොහේද ඉන්නෙ කියල??
දායකසභාව -: බෑ හාමුදුරුවො ආවාස ගෙයි ඉන්නෙ... කරදර කරන්න එපා... අපි විතරයි දැන් ඉන්නෙ... කොහෙත්තම යන්න දෙන්න බෑ....
"" ඔහුගේ කීමට අවනත නොවී මාගේ පරමාර්ථය වූ මෙමෙ පිරිස මිහින්තලා පර්වතය මතට ගෙන යාම සදහා හාමුදුරුවන් සොයා යෑමට පිටත් වූවා... එහි ඇති ආධාර එකතු කිරීමේ කුටියෙහි සිටි හිමිනමට එම විස්තර පැවසූ විට හිමිනම කියා සිටියේ...""
හිමිනම -: පංසල් එනකොට එහෙම අදින්න එපා කියන්න.. අද යන්න දෙන්නම් අනිත් දවසෙ එහෙම එන්න එපා... ඔයා ගිහිල්ල මම කිවුව කියල එතන ඉන්න මහත්තයගෙන් සුදු රෙද්දක් ඉල්ල ගන්න...
මා නැවත්ත ඔහු ලගට විත් හිමිනම එසේ පැවසූවගක් කියා සිටියද ඔහුගේ මතය ඔහු ක්‍රියාත්මක කරා..
මා නැවතත් එම හිමිනම් අසලට ගියා...
මම-: හාමුදුරුවනෙ එතන ඉන්න මහත්තය දෙන්න බෑ කියනව...හාමුදුරුවොම පොඩ්ඩක් කියන්න හාමුදුරුවනෙ...
හිමිනම -: පොඩ්ඩක් ඉන්න බලන්න... මොකක් හරි හේතුවක් ඇති යන්න දෙන්නෙ නැත්තෙ...
එවිටම තවත් දායකසභාවේ කෙනෙකු පැමින,
දායකසභාව -: ඔයාල කොහොමද එහෙම කියන්නෙ... නීතියනම් නීතිය... යන්න දෙන්න බෑ... හාමුදුරුවො වාඩි වෙන්න..
මාගේ ඉවසීමේ සීමාවේ රතු කට්ටද පැන තිබුණි...
මම-: ඔයාද මෙතන හාමුදුරුවො නැත්තම් මෙයාද? අනික මම ඔයත් එක්ක කතා කරේ නෑනෙ.. මම කතා කරේ හාමුදුරුවො එක්ක.... ඔයා පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවද??
දායකසභාව -: ඔයා කොහොමද එහෙම කියන්නෙ... මෙතන පාලනය කරන්නෙ අපි.. මෙතන වැඩ සිද්ද වෙන්න ඕන අපිට ඕන විදියට...
මම-: ආ ඔයාලද මෙතන පාලනය කරන්නෙ.. එතකොට මෙතන හාමුදුරුවො ඉන්නෙ මොකටද?? බණ කියන්න විතරද?? ඔයාද මෙතන ලොකු හාමුදුරුවො... කට පියාගෙන පොඩ්ඩක් ඉන්නවද??
හිමිනම -: යන්න දෙන්න බෑ... ඔයාල ආපහු යන්න..
මම-: හරි හාමුදුරුවනේ... මම කියන දේත් පොඩ්ඩක් අහ ගන්න....
මම බෞද්ධ... මෙ කට්ටිය ක්‍රිස්තියානි...මම මෙයාලව එක්කගෙන ආවෙ අපේ ආගමේ දේවල් පෙන්නන්න... අපේ ආගමේ වැදගත් තැන් පෙන්නන්න... බලන්න පොඩ්ඩක් එලියට බැහැල... අතන ඉන්න හැම කෙනාගෙම අතේ මල් පොකුරක් තියෙනවා... ඒ අය ආවෙ ගාත දන්නෙ නැති උනත් මෙතනට මල් ටික තියල වැදල යන්න... නැතුව මේව විනාස කරන්න නෙමෙයි... අනික පර සුද්දො ජන්ගිය ගහගෙන අහවල් ඒව එලියෙ දාගෙන එනකොට අනේ මෙන්න මේ රෙද්ද ඇදගෙන යන්න..කියල රෙද්ද පොරවලාම දෙනව...අපේ රටේ ඉන්න එකම ජාතියෙ මිනිස්සුන්ට පංසලකට ආවහම මෙහෙම සලකන එක හරි ශෝක්... ඔය හිතනවද ආයි මේ මනුස්සයො බුද්දාගම දිහා ඇහැක් ඇරල බලයි කියල.... ඔයාල තමා ජාති භේද ,ආගම් භේද ඇති කරන්නෙ....මෙයාල පඩි 2000 ක් විතර අමාරුවෙන් නැගල මේ තැනට ආවෙ මේව බලන්න... එක්කො පල්ලෙහායි එක්කෙනෙක් ඉදගෙන කියනන් තිබුන ඕක ඇදගෙන යන්න එපා කියල.... එතකොට වෙන ඇදුමක් හරි දගෙන එනව... ඔයා හිතනවද මෙහෙම හරවල යැවුවහම ආපහු පල්ලෙහාට ගිහිල්ල මිනිස්සු එයි කියල.... බොහොම ස්තූතියි හාමුදුරුවනෙ පිට ආගමක් ඉස්සරහ මේ වගේ කතා කරන්න සැලැස්සුවට...
මාගේ ආපු ආවේගයට මා අත තිබූ මල් පොකුරද ඒ අසල වූ ගල් බැම්මක් මත තමා පිරිස සමග එන්නට ආවෙමි...
මට ඔබගෙන් ඇසීමට ඇත්තේ මෙපමණයි... එසේ කිරීම සාදාරණද??
පංසලක පාලන හිමි විය යුත්තේ කාටද??
ප.ලි.
මට මෙතන ගහ මරා ගන්න වුවනාවක් නෑ... මේක විශේෂයෙන් කියන්නෙ ඇනෝලට.. කරුනාකරල කුණුහරුප කීමෙන් වලකින්න... මන්ද මමත් කුණුහරුප දන්නා නිසය...
බෞද්ධයෙක් විදියට උඹ(උඹේ අන්‍යාගමික වෙන්ට ඥාතීන් ඉදිරියේ), බුදු දහමේ ආරක්ෂාව සියතට ගත් ඊනියා බෞද්ධයන් ගැන ලැජ්ජා වෙන්න ඕන. ඇයගේ ඇඳුමේ කිසිදු අවුලක් නෑ. ඒත් මොනව කරන්නද! බෞද්ධයෙක් උනත් මම නං මේ වෙනකොට පන්සල් වෙහෙර විහාර ගානෙ යාම නවත්තල තියෙන්නෙ.(ආගමික කටයුතු වෙනුවෙන්) මොකද මේවායේ ආරක්ෂාවට ඉන්න එවුන්ගෙ අකටයුතු බලන්න බැරිකමට. අද බුදු දහමට වෙලා තියන ලොකුම හෙනේ මේක තමයි.
ReplyDeleteදවසක් රාජකාරියකට යන අතරෙ මට අහම්බෙන් මුනගැහුන තරුණයෙක්. මාතර පැත්තෙ ප්‍රසිද්ධ පන්සලකට තමුන්ගෙ සහෝදරිය එක්ක ගිහිල්ල, ඔය සිද්ධියම වෙලා හාමුදුරුවන්ට කතා කරන්න ගියාම එයා කනට ගහල. ඒ ගමන මේ ඉලන්දාරියත් හොඳපාරක් දීල හාමුදුරුවන්ට. පස්සෙ පොලිසියටත් ගියාමයි දැනගෙන තියෙන්නෙ හාමුදුරුවන්ට ගෑනු කේස් නිසා පැමිණිලි වගයකුත් තියනව කියල. ඔන්න බුද්ධාගමේ ආරක්ෂකයන්ගෙ තත්වෙ. උඹට වෙච්ච දේට කණගාටුයි.
කෙටියෙන් කියනවනම් රාජ් ගෙ කතාවට මම එකඟ යි. දැන් ඒ කට්ටියට ආයෙ ජීවිතේට පන්සලකට යන්න හිතෙන එකක් නෑ.
Deleteමචන් මම දැනට ටික කාලෙකට කලින් අපේ අක්කලා එක්ක ඔය මගුලට ගියා.. සෙරෙප්පු ගලවන් යන තැන ඉඳලා මගේ මාරයා ඇවිස්සිලා තිබ්බේ... උන්ට ඕනේ උන්ට වඩා පකීර්ලා මේකේ නැහැ කියලා පේන්න වැඩ කරන්න.. මම ඉතින් ඉවසන් හිටියා ..නැත්නම් අන්තිමට කතාව යන්නේ " සෙරෙප්පු ගලවන්න කිව්ව එකට ගහන්න ආවා " කියලා...
Deleteමට නම් පේන්නම බැරි දේ තමයි පුහු සැදැහැවන්ත කම.. ගෑණුන්ගේ දනිස්සෙනුයි , අතෙනුයි , කිහිල්ල බලලයි තමයි මුන් ඒක මණින්නේ... ඕව තෙරුම්කරලා දෙන්න බැහැ ...මිහින්තලේ , උඩමළුවේ වෙන්නේ තනිකර වෙනම සීන්... උඩමළුවේ ඉන්න කපුවෝ ටික හවස 8 වෙද්දී කසිප්පු වඩියක් විතර ගහනවා... ආයේ පහුවදාට ශ්‍රී මහා බෝධිය බදාගෙන රට්ටු රවට්ටනවා...
හොඳම තේ තමයි හිත හදාගෙන එන එක... බෞද්ධ දහම පීචන් වෙන්නේ අපේම බොරු උපාසකලගේ වැඩ නිසා... කතා කරලා වැඩක් නැහැ... පුළුවන් නම් උඹ ක්‍රිස්තියානි ආගමට පළයන්..ඒක හොඳයි අපේ මේ මල ඉලව්වට වඩා...
උඹේ නෝනට කියපන් මෝඩයන්ට සමාව දෙන්න කියලා....
\\\ඒ ගමන මේ ඉලන්දාරියත් හොඳපාරක් දීල හාමුදුරුවන්ට.\\\\
එකෙම්ම ගහන්න ඕනේ හක්ක පනින්න...
උබල කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත මචන්....
Deleteමට හොදම උදාහරණයක් තියෙනව අලුත්ගම කන්දෙ විහාරයෙ පණ්ඩිත හාමුදුරුවො අපවත් උන දවසෙ වුන සිද්දියක්....
එදා ඒ පංසලේ දුකට කරේ කට්ටිය එකතු වෙලා බීපු එක....
ලංකාව තුල සහ ලෝකයේ විවිද රටවල ප්‍රසිද්ධ හාමුදුරුවො 20ක් විතර හිටිය.... කතා කරල වැඩක් නෑ....
ජීවිතය සුන්දරයි.... >>>>> Download Now
Delete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK lV
Obage Iwaseema agaya karami. Mamath owani avasthavakata muhuna dee atha. Dan bath kana pinala thamai hamuduruwanta wadiya pansalae lokko wela tiyennae. Api ganama apita duki ada.
ReplyDeleteබොහොම ස්තූතියි ඇනෝ.. වැදගත් විදියට කතා කෙරුවට.....
Deleteකොහොමත් වැඩි හරියක් පන්සල් අනෙක් ආගමිකයන්ට තියා බෞද්ධාගමිකයන්ටත් එපාම කරනවන්නෙ ඒවයේ දායක සභාව කියාගෙන, පන්සල කරේ තියාගෙන ඉන්න කට්ටිය තමයි... මොනා කරන්නද... ඔය සමහර ඉන්නවනේ බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධ... ඔයාගේ ගෑණු ළමයට අවුලක් ගන්න දේකුත් නෑ... මොකද එක තැනක විතරනේ එහෙම උනේ...
ReplyDeleteඔය මිහින්තලේට අපි ගිහින් නැතුවයැ ඒවට කට්ටිය ඇඳන් යන හැටි දකින්න.. ඒවයේ හැටියට නං නීතියක් දාන එක සාධාරණයි තමයි.. හැබැයි ඉතිං එයාලා නොදන්නවා උනාට ඔයා එතන්ට යන්න ඕනෙ හැටි දන්න නිසා මට නං කියන්න තියෙන්නෙ ඔයාට කලින්ම මේ ගැන කල්පනා කරන්න තිබ්බ කියලා.. සුදු නැති උනාට අඩු ගානේ අත තියෙන ඇඳුමක්, ඒ වගේම ඔයාගේ කොට කලිසම වෙනුවට දිග කලිසමක් ඇඳුගෙන යන්න තිබ්බා... ඔයා වෙන පන්සලකට යන්නෙ නෑ නේ කොට කලිසමක් ඇඳන්.. නේද... බුද්ධාගමේ නීතියක් නැති බව ඇත්ත.. ඒත් අපේ හිතේ ඒ බුද්ධාගම ගැන ගෞරවයක් තියෙනවනං අපි ඒ තැනට ගෞරවයන් වෙන විදියට යන්න උත්සාහ කරන්න ඕනෙ... එහෙම නැත්තං වෙන්නෙ අපි නිකම්ම මෝඩයෝ වෙන එක විතරයි.. අපි තැනකට ගෞරවය දෙනවනං විතරයි අනිත් අයටත් එතනට ගෞරවයක් දෙන්න හිතෙන්නෙ... අනුරාධපුරේ වගේ යනෙකාට ඒක නිකම්ම ට්‍රිප් එකක් විතරක් නොවෙන්නෙ එතකොට තමයි... මොකද අපි අඳින්න ඕනෙ ආගම ගැන හිතලා නෙවෙයි.. අපි යන තැන ගැන හිතලා... අපිත් ඕනෙ තරම් පල්ලි පන්සල් වලට ගිහින් තියෙනවා, ඒ ආගම් අදහන අය ඒවට යන විදිය දැකලා තියෙනවානේ.. ඒවට යනකොට ගැලෙපන ඇඳුමක් අඳින්න ඕනෙ කියන එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ නේ මේ රටේ මිනිස්සුන්ට...
එහෙම බැලුවම මුගේ ඇඳුම තමයි නරක.
Deleteහිරූ ඔයා හරි... මම වැරදි තමා... මම පංසල් යන්නෙ කොට කලිසමක් ගහගෙන... මට මොන පංසලකින්වත් යන්න එපා කියල නෑ... කොටින්ම කිවුවොත් ශ්‍රී මහා බෝධියටත් ගියා... (කලින් දවසක) මම වැරදි වෙන්න ඇති... මම එහෙම වැරදිනම් පිලිගන්නව...
Deleteමිහින්තලේදි උනේ මට යන්න කිවුව.... එයාට එපා කිවුව.....
අනික හිරූ ඇයි පර සුද්දන්ට දෙන්න පුලුවන්නම් අපේ අයට දෙන්න බැරි... එහෙනම් ගයිඩ්ලට කියන්න පුලුවන්නෙ සුදු ඇදගෙන, දිගට ඇදෙගෙන යන්න කියල... එහෙම නෑනෙ...
අනික ඇයි කන්ද උඩට යනකම් හිටියෙ ඕක කියන්න.... පල්ලෙහාදි කිවුවනම් වෙන ඇදුමක් හරි ඇදගෙන යන්න තිබුන...
එකක් තමයි මල්ලි සුද්දෝ බුද්ධාගමේ නෙවෙයි... අනිත් එක ඇත්තටම මං දැකලා තියෙනවා අපේ අයට වඩා හොදට ඇඳගෙන යන සුද්දො ඉන්නව.. නන්නත්තාරෙ යන සංචාරකයෝ කියාගන්න අය මිසක් ලංකාව ගැන හොයලා බලලා එන සුද්දො අපිටත් වඩා අපේ තැන් වලට දියයුතු ගෞරවය දෙනවා... අපේ අය මේවා නොදැන කරන දෙයක් නෙවෙයි.. ගොඩක් අය කරන්නෙ ලොකු කම පෙන්නන්න මෙහෙම ඇඳගෙන යනවා.. මං පන්සල් යන්නෙ මට ඕනෙ විදියට.. බුදු හාමුදුරුවො කියලා නෑ නේ මෙහෙම අඳින්න එපා කියල... මට ලේසි ඇඳුමනේ මං අඳින්නෙ.. කියලා පණ්ඩිතකම් කියනව.. හැබැයි කල්පනා කරන්නෙ නෑ මං මේ යන්නෙ ආගමික සිද්ධස්ථානයකට මිසක් ජොලියට ගලක් උඩට නගින ට්‍රිප් එකක් නෙවෙයි කියල... ( මං මේ ඔයා ගැන නෙවෙයි හරිද කිව්වෙ.. මං දැකලා තියෙන දේවල් වලින් මට හිතෙන දේ..)
Deleteතමන්ට හිතන්න පුළුවන්කමක් තියෙනවා නං, තමන් වැරදියි කියලා තේරෙනවා නං ඒක නොකර ඉන්න... එතෙකාට එක පැත්තකින් ඒක ඔයාට හොඳයි.. අනිත් පැත්තෙන් ඒක ඒ සිද්ධස්ථානයටත් හොඳයි... අනුන්ව හදන්න කලින් තමන් හැදුනා නං ඉවරයිනේ...
අපිට ඔය පන්සල්වලට අරක්ගත්ත දායකයො කියන බහිරවයෝ ජාතිය හදන්න තියා එයාල එක්ක කතා කරලා තේරුම් කරවන්නත් බෑ මල්ලි... හොඳම දේ අපි එතන්ට යනවනං අපිට හිතේ කළකිරීමක් ඇතිනොවෙන විදියට අපේ වැඩේ කරගෙන එන්න එයාලගේ නීතියට වැඩ කරන එක... නැත්තං අපිටත් ආයිත් එතන්ට යන්න එපා වෙනව.. මටත් මේ ළගදි ඔහොම වැඩක් උනා... අපේ මාමණ්ඩිලා යන තැනක් තියෙනව.. මට ඒකෙ තියෙන නීති පේන්න බැරි උනත් මං එයාලගේ නීතියට එතන්ට යනව.. නැත්තං මගේ හිතනෙ රිදෙන්නෙ.. එතන්ට මං වෙනදට ඇඳන් යන සුදු සාරියම ඇඳන් ගියාම මෙන්න එක්කෙනෙක් කියනවා ඒකෙ රෝස පාට ඉරක් තියෙන නිසා ඒක ඇඳගෙන වැඩ කරන්න බෑලු... ඒක අපේ නැන්දම්මම ගත්ත දානයක්... උයන්නෙත් එතනමයි... මේ පාන්දර 3ට විතර... ඒ පාර නං මට යකා වැහුන.. ඒත් මං කියන්න ගියෙ නෑ.. අපේ මහත්තයටත් කේන්ති ගියා.. ඒත් එයත් මුකුත් කිව්වෙ නෑ ... නැන්දම්මට අප්සට් යන නිසා... අපි දෙන්න ගෙදර ඇවිත් තව පැය දෙකක් විතර නිදාගෙන ඉදලා වෙන සාරියක් ඇඳගෙන ගිහින් දානෙ බෙදලා ආවා.. පස්සෙ කට්ටිය ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා හිත රිදුනනං කියලා.. මං මුකුත් කිව්වෙ නෑ.. අඩුම ගානෙ මූණවල් දිහාවත් බලන්නෙ නැතුව මගේ පාඩුවෙ වැඩේ කරලා දීලා ආවා... ඕකට කතා කරන්න ගියා නං අර අමාරුවෙන් ලෑස්ති කරපු දානෙ දෙන්න වෙන්නෙත් හිතේ කේන්තියෙන්... නැන්දම්මා පවු... ඕවා හැමදේම අපි කල්පනා කරනවා.. ඒත් අර බහිරවයන්ට ඕවා තේරෙන්නෙ නෑ.. එයාලට ඔක්කොටම වඩා එයාලාගේ මහලොකු නීතිය තමයි ලොකු.. හැබැයි එයාලට මතක නෑ බුදුහාමුදුරුවො ඔය වගේ වෙලාවට කොෙහාමද හැසිරුනෙ කියලා... මොකද එයාලා බුදුහාමුදුරුවන්ටත් වඩා බුද්ධාගම දන්නවනෙ.. ඇත්තටම මං නං දන්න විදියට නීතිය නෙවෙයි වැදගත්.. හිතේ තියෙන ගෞරවයයි... ඒක තේරුම් ගන්න ඔය වගේ අයට ලොකු කාලයක් යයි.. අපි එකතම් ඉවසිල්ලෙ අපේ හිතේ තියෙන ගෞරවය තියාගෙන ඉමු... බලෙන් නිවන් යවන්න බෑ නේ... තමන්ම ඒක අවබෝධකරගන්න ඕනෙ.. ඒකනෙ බුද්ධාගමේ තියෙන ලොකුම දේ...
ඔයා සම්පූර්ණයෙන් හරි හිරුවෝ...
Deleteමමත් වැරදියි තමයි... අනේ මන්ද හිරුවෝ මොනා කරන්නද කියල....
යකෝ ඔතන දායක සභවේ දෙතුන් දෙනෙක්ව පුලුවන්නම් මෙහෙට එවපන් .... චීන ගැහැණු පන්සලට ඇදගෙන එන ඇදුම් පෙන්නන්න.... ඒ එක්කම එහෙම ඇදුම් ඇදගෙන ඇවිල්ලත් බොහොම ගව්රවයෙන් ගාථා කියන හැටිත් උන්ට බලාගන්න පුළුවන්......
ReplyDeleteඅනේ මන්ද බන්....
Deleteoya hitanna, oya t-shirt ekakui kota kalisamakui gahagena Sunday pujawata giyout palliyata gaida?. e wage tamai etanat. oyage nona e gana danne natiunata oya danan nisa kalinma ekata ready wela yanna tibune. dan boruwata kagahan natiwa.
ReplyDeleteබොහොම ස්තූතියි ඇනෝ වැදගත් විදියට ප්‍රතිචාර දැක්වූවාට...
Deleteඇනෝ මම මඩු පල්ලිත් ගිහිල්ල තියෙනව, සන්තනම් පල්ලිත් ගිහිල්ල තියෙනව මම ඒ හැම එකකටම ගියේ කොට කලිසම ඇදගෙන... ඔයාට කියන්න එයාලත් වැඩි දෙනෙක් ගියේ එහෙමයි....
මම දන්නෙ නෑ නීතියක් තියෙනවද කියල....
ප.ලි.
යාලුවා එහෙම නීතියක් නෑ... මම දැන් එයාගෙන් ඇහුව... එහෙම කොට කලිසමක් ඇදගෙන ගියාට මුකුත් කියන්නෙ නෑ කිවුවා....
වැරදියට වටහා ගන්න එපා මෙහෙම කිව්වට. කතෝලික පල්ලිවල ඇදුමට බාධා කිරීමක් කරල නැහැ. දැන් දැන් නං පල්ලිවල පියතුමන්ලා ඇදුම් ගැන යම් යම් සීමා දානව තමා. හැබැයි ඒ කාන්තාවන්ට. නිකමට පල්ලියක වාර්ෂික මංගල්‍යකට ගිහින් බලන්න. මගුල් පූජාවකට ගිහින් බලන්න. අත්, කර නැති හැට්ට ඇදපු ගැහැනු අය කොච්චර එනවද කියල. අනික පිරිමි කෙනෙක් කොට කලිසමක් ඇදගෙන ගියා කියල කවදාවත් පියතුමෙක් බනිනව මං නං අහල නෑ. මොකද ඉරිද පූජාවට විතරක් නෙමේ ලංකාවෙ ඉහලින්ම පිලිගන්න මඩු පල්ලි සන්තානම් පල්ලි පවා පිරිමි අය කොට කලිසම් අදිනව. කතෝලිකයෙක් නිසා අත්දැකීමෙන්ම තමයි මේව කිව්වෙ. නිකංම නෙමෙයි.
Deleteබොහොම ස්තූතියි සිගිතී අදසහ් දැක්වූවාට....
Deleteමට අහන්න තියෙන්නෙ එකම දෙයයි...පල්ලියකට නොගැලපෙන ඇදුමකින් ගියොත් අන්‍ය ආගමිකයෙකු කියලා පල්ලිය ඇතුලට ගන්නවද නැද්ද ?
ReplyDeleteලංකාව කියන්නෙ කිලෝමීටර් දහස් ගානක මහා විශාල රටක් නෙමෙයිනෙ...අනිත් ආගමේ සිරිත් විරිත් නොදැන සිටියත් ආගමික ස්ථානයකට ඇතුල්වෙන්න ගැලපෙන ඇදුම කුමක්ද කියලා නොදැන ඉන්නවා කියන කාරණය විහිලුවක්...විනෝද චාරිකාවකට බෞද්ධ සිද්ධස්ථාන එකතු වී ඇති බවක් තමයි මට නම් වැටහුනේ...
Deleteසිරෝ... මුල් ප්‍රශ්නෙට උත්තරය "ඔවු"
Deleteදෙවැනි එකට
ඔවු ඔයා හරි සිරෝ... උබ කියන්නෙ ඒ ඇදුම අසංවරයි කියලද??
ගෑණු ළමයගෙ ඇදුම ගැන නෙමෙයි...මම කථා කලේ ඒකෙ මම දකින අසංවර කමක් නෑ.. කොට කලිසම ගැන මම අදහස් දැක්වූවෙ.
Deleteමචන් මම දන්නෙ නැති නිසා අහන්නෙ... අසන්වරයි කියල මනින්නෙ කොහොමද??
Deleteමම නම් සයිබර් අවකාශයේ සැරිසරන්නෙ මේ මෑතක ඉදන්, කොහොම උනත්
ReplyDeleteබුදුරජාණන් වහන්සේ නම් ජාති , ආගම් භේදයක් ගැන දේශනා කරල නැහැ. උන්වහන්සේ දරපු ඒ උතුම් චීවරයත් දරාගෙන බෞද්ධ යැයි කියා ගන්නා උන් කරන නින්දිත වැඩ වල නම් නිමක් නැහැ. ඔය වගේ අත්දැකීම් වින්ද අය බහුතරයක් ඇති.
ඔය සිදුවීම නිසා බුදු දහම ගැන කළකිරෙන්න එපා. ඒක බුදු දහමෙ වරදක් නෙමෙයි. බුදු දහමේ නාමයෙන් තුච්ච වැඩ කරන උන්ගෙ තවත් පහත් වැඩක් ...
මචන් මම කවදාවත් මගේ ආගම අතාරින්නෙ නෑ.. නමුත් මගේ ආගමික ස්තාන වලට මගේ කැමැත්තෙන් එයාලව අරගෙන යන්නෙ නෑ... එයාල කැමතිනම් එයි...
Deleteදායක සභාවල උන් බලේ පෙන්නන්න ගිහින් තමා පංසල් කන්නෙ.. ඒ ඇදුමෙ මට වරදක් පේන්නෙ නැහැනෙ..
ReplyDeleteසහතික ඇත්ත කතාව.... උන් එතන පොර ටෝක් දානව....
Deleteඔතන බුදුන් දෙසු දහමක් නැ.ඔවයෙ තියෙන්න බිස්නස් පමනයි
ReplyDeleteඅනේද කියන්නෙ.....
Deleteමල්ලි ඔය හැත්තගෙ වැඩ නිසා හෑල්ලු වෙන්නෙ බුදු දහම. මොකද අන්‍ය ආගමිකයන් හිතන්නෙ මේක තමයි බුදු දහමෙ තියෙන්නෙ කියලා. ඔතන ඉන්නෙ ජරාව කන බල්ලො රැලක්.
ReplyDeleteමට ලැජ්ජයි අයියේ එහෙම හාමුදුරුවොන්ට කතා කරන්න වුන එකට..... මොකද එතකොට ඔවුන් අපේ ආගම ගැන වැරදියට හිතන එක වලක්වන්න බෑ....
Deleteයකෝ ඒක මාර උපාසක කමක් නෙව. කෙල්ලොන්ගෙ රෙදි අස්සෙන් පේන එවුවා බලන කෙහෙල්මල් උපාසකකම. අනික ඒ කෙල්ල ඇඳන් ඉන්න ඇඳුමෙ මටනම් කිසිම අසංවර කමක් පේන්නෙ නෑ. මොනවා කොරන්ටද ගාලුවෝ ලංකාව නෙව. (උඹට කොට කලිසමක් ඇන්දා කියලා යන්ට නොදුන්නානම් ඔන්න සාදාරණයි :P)
ReplyDeleteමාවත් හය වසරෙ බට්ටා කාලෙ රුවන්වැලි සෑයට යන්ට නොදී නවත්තගත්තා නෙව ත්‍රී ක්වාටර් එකක් ඇඳලා කියල. අනේ උන්ගෙ මගුල් සර්දාව. හැබැයි අපේ තාත්තත් එදා මල පැනලා දෙසුවා කට්ටියට ඔය වාගෙම. ඕන් අපේ නඩේ අනිත් කස්ටිය ඇතුලට ගිහින් (මං පොලිස් ඇන්ටිලා ගාව.) පැය බාගෙකින් විතර එකෙක් දෙනවා සුදු තුවායක් පස්ස වැහෙන්න ඇඳන් යන්නලු. (පස්සක් තියෙන කාලෙක නං කමක් නෑ මේ බබා කාලෙ.) මං කිවුවා ඇන්ටිගෙ රෙද්ද ඇන්ටිම තියාගන්න මට එපා කියල. අම්මලා ආවම කියනවා මගෙ කට වැඩී ලු.
එකක් කියන්ට අමතක වුනා නෙව. කෙල්ල ලත්තනායි හොඳේ. සිරියාවන්ත පාටයි.
Deleteහම් ... කෙල්ල ලස්සනයි , ඇ බං අර ගොම් බිජ්ජා යන්ඩ නොදෙන්ඩ ඕන උඹටනේ
Deleteබස්සි කෙල්ල විතරද ලස්සන ඇයි මම කැතද??
Deleteඇයි බන් අටමෝ මට එහෙම කියන්නෙ....
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅටමෝ උඩම කියලා තියෙනවා දැක්කේ නැද්ද කුණුහරප කියන්න එපා කියලා ...?
Deleteපුංචි කුමාරිහාමිගේ වලව්ව
Deleteකොල්ලෝ උඹ වැල බලනව වැඩියි වගේ!
කොහේද යන අවජාතකයෙක් බන්.... මම දන්නෙ නෑ අම්මල තාත්තල වැදගත්ද කියල... අසහනේනම් හොදටම වැඩියි.....
Deleteඔයාලා හැමෝම "පුංචි කුමාරිහාමිගේ වලව්ව" කියලා මේ තිරිසන් සත්වයාට කතා කරලා ඒක ඒ මිනිහට රෙජිස්ටර් කරන්නද යන්නේ. මේ මානසික ලෙඩා කරන පලිගැනීමට ඔයාල අනුබල දෙනවද? ඇයි මේ වගේ නැහැදිච්ච ක්මෙන්ට් එකක් ඩිලීට් කරලා දාන්න බැරි.
Deleteඅනික ගාලු මල්ලි.ඔයාගේ පෙම්වතියට මේ වගේ ජරා කතාවක් කියලා තියෙද්දීත් ඒක ප්‍රසිද්ධ කරන්න පුලුවන් උනේ කොහොමද ඔයාට.
දැක්ක බං ඒත් මෙව්වා දැක්කහම නිකම්ම එව්වා කියවෙනවා , සොරි මෙන්න මැකුවා
DeleteThis comment has been removed by a blog administrator.
Deleteකුණුහරුප කීම නිසා මෙහි පලවූ කොමෙන්ටු මකන ලදී...
Deleteලිපියේ මුල හරිදීම මට හිතුනා මේ තරුණිය ටක පුයිට් කලිසමක් එක්ක ශ්‍රී මහා බෝධියට එක්ක ගිය උඹ මහා හරකෙක් කියලා. බලපන් උඹත් ඇඳගෙන ඉන්නේ නාටාමි කෙනෙක් වගේ නේ මිහින්තලේදී. ඕක තමයි බං කියන්නේ තැනේ හැටියට හැසිරෙන්න දැන් කාලේ ඉස්කෝලෙදි උගන්නන්නේ නැති නිසා මේ විදිහට තමයි පාඩම් කියලාදෙන්න වෙන්නේ. උඹ මට කුහුහරපෙන් බැන්නත් ඕක තමයි ඇත්ත.
ReplyDeleteවැදගත් විදියට කතා කලාට බොහොම තුතී..
Deleteයාලුවා ඔයා හරි.. මම නාට්ටාමි කෙනෙක් වගේ වෙන්න ඇති... මම ඇදුමෙන් ආගම මනින්නෙ නෑ... මොකද මම පංසල් යන්නෙ හැඩ වෙලා සෙන්ට් ගහගෙන, පුයර ගාගෙන නෙමෙයි... මම යන්නෙ කොට කලිසමයි,ටීශර්ට් එකයි.. ඒක මගේ හැටි...
අනික මමයන්නෙ කෙල්ලො සෙට් කර ගන්නවත් නෙමෙයි...
මචෝ උඹනම් බුද්දාගමේ ප්‍රධාන කරුනුවත් දන්නේ නැහැ. පන්සලට සෙන්ට් දාලා යන්න ඕනේ නැහැ. සංවර ඇඳුමක් ඕනේ. ඔය කොට කලිසම අඳින්නේ වැඩ කරන්න, ඇවිදින්න, සෙල්ලම් කරන්න. පන්සලට ඒක ගැලපෙන්නේ නැහැ. ඒක තමයි මුලින්ම උඹේ දෙමවුපියෝ වැඩිහිටියෝ උඹට කියලා දෙන්න ඕනේ. (උඹ ඒ යට් ඇහුම්කන් දෙන එකෙක්නම්) පන්සලට ගිහින් බිම ඉඳගත්තම උපාසක පෙනුම නෙවෙයි අවලං පෙනුමක් එන්නේ කොට කලිසමට. මේක තමයි මගේ ක්‍රමේ කියන්නේ උඹේ ගොන්කමේ උපරිමය. උඹට පුලුවන්නම් උසාවියට පලයන් ඔහොම ඇඳලා. උඹේ ඉස්කෝලේ උත්සවයකට පලයන් ඔහොම ඇඳලා. මචෝ, බටහිර සමාජයේ ඉන්න ආගමක් දහමක්, ආතක් පාතක් නැති හිපියෝ තමයි ඔය ගොන් සංකල්ප ප්‍රචාරය කලේ. එව්වා එහාට වලංගු වුනාට මෙහාට හරියන්නේ නැහැ. උඹ හරිහමන් බෞද්ධයෙක් උනානම් ගමන යන්න කලින් අර කට්ටියට කියන්න තිබුනා සංවර ඇඳුම් අඳින්න ආගමික ස්ථානවලට. වෙන ඕනේ ඇඳුමක් අඳින්න ගමනේ වෙනත් තැන්වලදී කියලා. කෙල්ලෝ සෙට් කරගන්න පන්සල් යන එකා රට අමනයෙක්. සිත කය වචනය සංවරව තබාගැනීමට පන්සලට අඳින ඇඳුමත් උපකාර වෙනවා කියන එක අදවත් දැනගනින් මචෝ.
Deleteමිහින්තලේදී උඹලාට සලකා තියන ආකාරය අන්තිම අසාධාරණයි. රෙද්දක් දෙන්න තිබුනා ඇඳගෙන යන්න. උන් ආගමික අන්තවාදීන්. ගැහුවට වඩා අමාරුවෙනවා අවවාද කරලා රෙදි කෑල්ලක් දුන්නනම්.
යාලුවා මට හිතෙන දේ මම කියන්නම්....
Deleteනීතිය කියන්නෙ එකක්...විනීත කම කියන්නෙ තව එකක්...
මම විනීත විදියට ඇදගෙන යන්නෙ නැතුව ඇති... යාලුවා ඔයා බුදුදහම හරියටම අදහන කෙනෙක්ද?? නැත්තම් බාගෙට අදහන කෙනෙක්ද??
පංසිල් පද 5 හරියටම අදහනවද?? සහ අනෙකුත් දේවල් බුදුහාමුදුරුවො දේෂනා කරපු...
අනේ බබෝ ඔයා හරි බොළඳ කුක්කු පැටියෙක්නේ. නීතිය කියන්නේ එකක් ආගම කියන්නේ එකක්. අපි පන්සලය යනකොට පෙන්වියයුතු එක දෙයක් තමා මේ ධර්මය නිසා මම ශික්ෂණයට පත්ව සිටිමි කියනඑක. එතකොට තමයි තව කෙනෙක් ඒ ධර්මය දෙස අවධානය යොමු කරන්නේ. නාටාමි වගේ පන්සල් යනකොට ඔයාගේ දෙමවුපියෝ ගුරුවරු තමයි බැනුම් අහන්නේ. බුද්ධාගම අදහන්න බැහැ. පන්සිල් අදහන්න බැහැ. බෞද්ධ දර්ශනය සහ පංචශීලය කියන්නේ අධිෂ්ඨානයෙන් අනුගමනය කලයුතු පිළිවෙත්. දැන්වත් ධර්මය ඉගෙනගන්න. ඔය පුහු මමත්වය ඉවත දමන්න. හැමවිටම මම හරි කියන සංකල්පයෙන් ඈත්වී අනික් අයටත් ඇහුම්කන් දෙන්න. මම හිතුවා වගේම ඔයාගේ ධර්ම අවබෝධය බොහොම පහලයි.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteයාලුවා ඔයා නිසා වැදගත් විදියට කතා කරන ඇනෝලට බ්ලොග් අඩවි වලට අදහස් පල කරන්න බැරි වෙනව...
Deleteඒක නිසා කරුනා කරල මාතෘකාවට අදාලව කතා කරානම් ඉතාමත් වැදගත්...
@ ඇනෝ යකෝ මෝල් අමාරුවක් තියෙන එකෙක් අනුරාධපුරේ මිහින් තලේ යන්නේ නැහැ යන්නේ නුවර එලි බදුලු බණ්ඩාරවෙල. මීහරකෙක් වගේ ගොන් කතා කියන්න එපා යකෝ කෙල්ලෙක්ගේ ඩෙනිමක් දැකල ඔහොම මෝල් වෙන්න නම් උඹ කසාද බැන්ද දවසට පටන් ගන්න කලින් වැඩේ ඉවර වෙනවා අසහනය තුරන් කරගනින්. බ්ලොග් තියෙන්නේ බොලගේ අසහනය දුරු කරන්න නෙවෙයි.
Deleteගාලු මචං මම උඹට කිව්වා නේද ඒ කිව්වේ මේ කොමෙන්ටුව දකින්නේ නැතිව
වෙච්ච වැඩේනම් කැත වැඩක් ඔය දායක සභාවේ ඉන්න ඇත්තේ බත් කන හරකෙක් හරි සුද්දේකට ජාතක එකෙක් හරි වෙන්න ඇති. අපේ රටේ සුද්දොන්ට තියෙන තැන අපිට නැහැ. නමුත් මම ඉන්න රටේ ඕනෙම එකෙක්ට වැඩිය තැනක් ලෝකල් අයට තියෙනවා. අපේ රටේ ඉන්න එවුන්ගේ මොළ වල තියෙන්නේ ගොම. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. බෞද්ධ ආගමිකයෙකු විදියට මේ සිද්ද වෙච්ච දේ ගැන මම කනගාටු වෙනවා. හැබැයි මච මේ පොස්ට් එක ගොන්දයි ඒ වුනාට උඹේ පෞද්ගලික ෆොටෝ මෙහෙම ප්‍රසිද්දියේ දාන්න එපා. මෙව්වා මොන මොන විදියට මිනිස්සු පාවිච්චි කරාවිද කියල කියන්න බැහැ. මේ බ්ලොග් කියවන අය අතර වැදගත් මිනිස්සු වගේම තිරිසන් සත්තුත් ඉන්නවා. මේක පෞද්ගලික අවවාදයක් පමණයි.
ReplyDeleteඅනෙක තමයි ඔය මිහින් තලාවේ දායකයෝ දන්නේ නැතිව ඇති මිහින්තලාවට වන්දනා කාරයෝ එන්නේ නැත්නම් උන්ගේ ඇට තමයි විකුනන්න වෙන්නේ කාලකන්නි.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteබොහොම ස්තූතියි කෝරලේ කියපු දේට....
Deleteගොඩක් ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්තානවල සිද්ධ වෙන බොහොමයක් දේවල් හරිම කනගාටුදායකයි. ඒවා නිසාම අපේ රටත් ආගමත් ගැන මිනිස්සුන්ගේ සිතේ ඇතිවන්නේ කළකිරීමක්, අපැහැදීමක්.
ReplyDeleteඋදාහරනයකට යුරෝපයේ කිසිම රටක(මා දන්නේ යුරෝපය ගැන පමනයි) පල්ලියකට හෝ ඒ හා සමාන ආගමික් ස්ථානකට ඇතුල් විමේදී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමක් වෙන්නේ නෑ ඒත් පසුගිය වසරේ මගේ ඉතාලි ජාතික මිතුරියක් හා ඇගේ මව ලංකාවට පැමිනි විට අපේ හැම ප්‍රසිද්ධ සිද්ධස්ථානයකටම ඇතුල්වීම සදහා ඔවුන්ට මුදල් ගෙවන්නට උනා. ඔවුන් මගෙන් ඇසුවේ "අපේ පල්ලි වලිනුත් අපි ඔයාලට ටිකට් ගන්න කියනවද" කියලා. මා නිරුත්තර උනා. කනගාටුයි කියන්න ඇරෙන්න වෙන දෙයක් නෑ ගාලු මල්ලි.
ඔයාගෙ කතාව ඇත්ත කුමාරී...
Deleteකරන්න දෙයක් නෑ... මේ තත්වය වෙනස් කරන්න බෑ... දැන් ඒ විදියට පංසල් හැඩගැහිල තියෙන්නෙ... ඒඅක වෙනස් කරන්න බෑ යාලුවා....
මැලේ රාළත් ඔය කියල තියෙන්නෙ චීනෙ පංසල් ගැන....
උඹට මම හිතුවෙ පොඩ්ඩක් හරි මොළේ තියෙන එකෙක් කියලා...දැන් දන්නවා ගොන් මී හරකෙක් කියලා...මේ ක්‍රමය නෙමෙයි බොල තොගෙ ඔය ගොන් කම අතඇරපන්...තැනට ගැලපෙන ඇදුම නොදන්න උඹ මේ ක්‍රමය වෙනස් කරන්න හදනවා...ඉස්කෝලෙ වැස්සකටවත් ගිහිල්ලා මේ සිරිත් විරිත් ආචාර ධර්ම වගේ දේවල් ඉගෙන ගෙන නැද්ද ?
Deleteඔයා නම් ඇත්තටම හරිම බුද්ධිමතෙක් යාලුවා.... මොනා කරන්නද ? ඔයා වගේ අය ලොකු පුටු වලට නැති එක නිසා තම මේ වගේ දෙයක් වෙලා තියෙන්නෙ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමල්ලි, අදයි මේක දැක්කෙ. කමක් නෑ පරණ වෙන්නෙ නැති පෝස්ට් එකක් නිසා මේක කියල යන්නං.
ReplyDeleteමේ වගේ බැල්ලිගෙ පුතාල තමයි සාසනේ කන්නෙ. මුන් හිටියනං හේමමාලාකුමාරිට දළදා වඳින්න තියා බුදුහාමුරුවො ඇවිත් කිව්වත් පටාචාරට එන්න දෙන්නෙ එකක් නෑ පන්සලක් ඇතුලට.
අනෙක් ඔක්කොම උන් අලුත් තාලෙට සංවරව අඳින්න ඕන, සඟ ඝන විතරක් 2550 කලින් සූට් එකේම හිටියට.
මේ කාලකන්නි අජන්තාව නම් බෞද්ධ විහාර සංකීර්ණයෙ තීන චිත්‍ර මූර්ති දැක්කනං බෝම්ම ගස්සනව බාමියන් වලට වගේ, අසංවරයි කියල.
හැබැයි බණ පදයක් අහන්නෙ නෑ, පන්සිල් පදයක් රකින්නෙ නෑ, දනක් නැති බැරි එකෙක්ට දෙන්නෙ නෑ.
ඔය පන්සල්වලට ඔච්චරම රෙද්ද වහගෙන යන්න ඕනනං, අසංවර කැට්ගරියෙ උන්ට රෙද්දක් දීල රුපියල් 10/20 ගත්තම ඉවරනෙ. මුන් තමයි මල්ලි සාසනේ විනාස කරන්නෙ, බූරුවො.
උඹල දෙන්න නියම මැචින් කපල් එක, සුභ පැතුම්..!
saho methana ubath tikak waradi.ubata thibunane eyalata tikak hoda adumak andawanna...e niithi dala thiyenne e agamika sthanaye gawurawaya rakinnai..e nithi ekka tharka karanna epa kawuruwath palli wala ehema na kiya kiya gon katha kiyala..eth pahadiliwama mama dannawa me dayaka sabawa kiyana un nam ara doctor ta wada atendent respect wage hamuduruwantath eha...ithin mcn mehema deyak buduhimi desuwe nane..ithin me puththalam buruwekge respect eka nisa oba ara ape budu dahama gana kalakirimak athi karawagannawanam e obe thiyana sithe durwala kama...mokada oba hodatama dannawane mekata budu dahama plinaha...kiyala..mama comment wala dakka kelinma kiwwe nathath obata nirmala budu dahama me siddiya nisa epa karawala palli yanna kiyapu,bora diye malu bana un hitiya..
ReplyDeleteithin therum ganna oba saba lesama budu dahamata adaray gawurawaya karanawanam karanna oni me adupaduwa(budu dahame aduwak newei,me hitapu ekage waraddane) thana thna kiya kiya yana eka newei,ekata wisadumak hoyana eka..mewai ape bududahama beraganna uthsaha karana eka...e hagema thiyanawanam ape prashna api wisadaganna oni...gedara gani pita giya kiyala game poster gahanne nane..obata thibun thawa tharaka karala e ka unta pahadili karanna....oba me de nisa kalakirenawanam budu dahama gana,oba maha modayek....aththatama hageema tiyanawanam meken beragannai hadanna oni...obata thibuna wihara nayaka himita liyumak danna...ehemai mewa karanne
nathuwa me dayakaya mata mehema kala kiyla wena agamak waladagannada oni..ekata polabawana un nam godak inna patai
ජීවිතය සුන්දරයි.... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK