නිතර දෙවේලේ යන එන තැන් ....

Wednesday

20 05. පී.ටී නොහොත් කසුන්




 මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....



02. සජිත් කටුකුරුන්ද

03. විරාජ් උපශාන් 

04. ගිහාන් ආනන්ද

05. පී.ටී නොහොත් කසුන්

06. චාමර මදුෂංක

07. චමීර සදරුවන්

08. රොෂාන්


04. කසුන් මදුරන්ග දර්මරත්න



ඉපදීම - 1991 - 11 - 05

රැකියා ස්ථානය -  වාහන යට.... මජන් ගාගෙන.... එන්ජින් නම්බර් හොයන්න ගිහිල්ල සයිලන්සරේට අත පුච්චගන්න තැන... """ වාහන වැලුවේශන් කොරන් තැනක""

ගෙදර සෙටාර් එක...04 යි - අම්ම, තාත්ත, අක්ක...මූ
දැනට පදිංචිය බංඩාරගම... නමුත් මෙච්චර කලක් හිටියෙ නුගේගොඩ කන්දවත්ත ටෙරස් වල....

මූට අපි නම් කතා කරන්නෙ පී.ටී... කියල... """හැබැයි ගෙදර අය ආදරේට වෙන විදියකටත් කතා කරනවා... එක කියන එක හරි නෑනෙ..."""


මම විනාඩි 20ක් විතර කල්පණා කරා කොහෙන්ද පටන් ගන්නෙ කියල.... මූගෙ චරිතාපදාව පටන් ගන්නෙ කොහොමද කියල....

අම්බෝ... මූ ගැන ලියන්න් තියෙන දේවල්... කියල වැඩක් නෑ.....

කියන්න තියෙන්නෙ, මෙච්චරයි...


කොහෙන් පටන් ගෙන.....
මොනව ලියන්නද නැත......
මට වැටහෙන්නෙ.....

මුලින්ම කියන්න් එපැයි මූ කොහොමද මට පං ගාත්තු උනේ කියල.... මූත් මගේ ඉස්කෝලෙ බැජෙක් තමා... මූ මූත එක්ක තමා ඉස්කෝලෙ පංතියෙ අන්තිම පේලියට වෙලා පිස්සු කෙලියෙ... මම මූන්ට සෙට් උනේ සක්යා ක්ලාස් යද්දි... ඔන්න ඉතින් එදා සිට මෙදා වෙනතුරු මූ ගැන තමා කියන්න තියෙන්නෙ...


මූ ගැන ලියන්න හෙන ගොඩාක් තියෙනව... ඒ කියන්නෙ ... මම මූ එක්ක තරහ නිසා මූ ගැන ඔක්කොම ලියනව... මූ මගේ ජම්මත්තර වයිරක්කාරයෙක්.... හැබැයි මූ නියම ඩයල් එක... මුගෙන් වචන 5 පිට උනොත් 4.5 ක් ම කුණුහරුප... කොහෙන් කටට එනවද දන්නෙ නෑ... ඉන්න තැන මතක නෑ... ඔහේ කියනව... මොකෙද්ද මන්ද... මූ එක්ක කවම දාවත් හොර වැඩක් කරන්න බෑ... ඇයි යකෝ හිනා වෙනව හිනා පෙති කාල වගේ... මහම මහ මූසලයෙක්... ඒකනෙ අපි මූ එක්ක හොර වැඩ කරන්න යන්නෙ නැත්තෙ...

මුගේ පවුල ගත්තොත් ඉන්නෙ සෙට් එක උඩ ඇතිනෙ... ඒක බලපන්... නියම පවුල.... කියල වැඩක් නෑ... සිනා සාගරයක්.... අම්ම මූට බැග ගත්තු ගමන්මයි... තාත්තත් ටිකක් එහෙමයි... අක්ක අම්මට වඩා හපන්... සිරා පවුල...

මෙන්න එක සිද්දියක්...


අපේ ගෙදර තිබුන පොඩි වෑන් එකක්... ඉස්සර... දැනට අවුරුදු 5 කට විතර ඉස්සර...


"චෙරි වැනට්" කියල..

ඔන්න ඒක එක දවසක් ඒකෙ අපි "ඒ කියන්නෙ ගෙදර කට්ටිය" නුවර එලියෙ යන්න සෙට් වෙලා හිටිය... දවස් 3ක්... සෙනසුරාද, ඉරිදා, සදුදා... ඔන්න කොහොම හරි එදා සිකුරාදා.. මම වාහනේ සර්විස් කර ගන්නයි, අඩුපාඩු ටික හදා ගන්නයි කියල නුගේගොඩ පැත්තට ඇදුන...

ඔන්න කොහොමෙන් කොහොම හරි කස්ටියගෙන් වෑන් එක පිරෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ... ඔන්න වාහන හැදිල්ල හවසට දාල ගියා බීච්.. ගල්කිස්සෙ... ගිහිල්ල එප වෙනකම් නෑව...

නාල දවල් වෙලා ආව එකෙක්ට සක්යා එකේ ක්ලාස්... 2 ට විතර... එක පංතියක් ඇරලත් තියෙනවා...පන්තියක ඉන්න ගාන දාන්නව ඇතිනෙ... ඔන්න මම ගිහිල්ල වාහනේ නවත්තල.. පිටි පස්සට ගියා චූ දාන්න... මෙන්න ඒ ඩිංගට පී.ටී නැගල වාහනේට ස්ටාර්ට් කරා... ඔන්න මම දුවල ආව කවුද කියල බලන්න... ඔන්න පී.ටී.. 

""ආ කියන්න බැරි උනා ඔය වාහනේ 1 වෙනි ගියර් එක දාන්න බෑ.. හරි අමාරුයි.. පොඩි සිස්ටම් එකක් තියෙනව... මට විතරයි දාන්න පුළුවන්..""

ඔන්න මූ ලොරි එලවන එකේ මම කිවුව හෙමින් පලයන් කියල... මූ 1 එකත් දා ගත්තු හින්ද මට සැටිස්.. ක්ල්ච් බ්ලන්ස් එහෙමත් සුපිරි... ඔන්න හෙමීට ඉස්සරහට යනව....

කවුරුත් දන්නව ඇතිනෙ සක්ය එක ලග පල්ලමක් තියෙනව කියල.,...ඔන්න දැන් ඒකෙ 3 එකේත් යනව..4 ත් දැම්ම... මමයි රොශානයයි, පී.ටී යි තමා ඉස්සරහ... ඔන්න මූ දැන් 65 ට විතර පාගනව...

එක සැරේටම පිටිපස්සෙ හුයන්නෙක් කිවුව.. "රිවස් එකක් ගහපන් කියල"" කියපු ගම  මූ බලන්නෙ හොයන්නෙ නැතුව කැපුවෙ නැතැයි දකුණට... එතන පාරක් තිබුනා... මෙන්න මෙතන....



මූ හිතුවෙ වෑන් එක "පවර් ස්ටීඩියන්" කියල.. කිසිම උපද්‍රවයකින් යුතුව තාප්පෙත් කඩාගෙන වෑන් එක වත්ත ඇතුලෙ....


ඔන්න මගෙන් කුණුහරුප 10000000000 ගානක් අහගෙන බැස්ස එලියට... පිටි පස්සෙ එවුන් හිනා වෙනව..... උබල හිතපන් එන සතුට....


ඔන්න කොහොම හරි බොහොම අමාරුවෙන් මගේ ලයිශන් දීල... ඔක්කොම කරල පොලීසි නොගිහින් බේරුනේ 99.99 ... කියන කියන තැනට වැන්ද....

""ඒ තාප්පෙ අයිති ගෙදර කාගෙද් දන්නවද?? අපේ පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතානට අයිති නිවස... ඒකත් සෑහෙන්න පරණ තාප්පයක්....""


ඔන්න ඊලග දවසෙ තාප්පෙ හදනව කියන පොරොන්දුව ඇතුව එදාම බඩු ටිකත් අරන් දාල ආව වෑන් එකෙම්ම....

 අඩෝ ඉස්සරහ ගන්න දෙයක් නෑ.... චුරු... ඇඩෙනව දැක්කහම.... අනික හෙට ට්‍රිප් එක... වින්ඩ් ස්ක්‍රීන් එක අතේ....ඔන්න ගැලවෙන්න මෙන්න ගැල වෙන්න.... ඉතින් හිතහන්.... ආතල් එක....


ඔන්න නුගේගොඩ ඉදල කොට්ටාවට එනකන් තැන් 100කින් විතර ඇහුව හදන්න කීයද කියල.... ඔක්කොම තැන් වලින් කියන්නෙ හදන්න මාස 3 ක් විතර යනව... 35,000.00ක් දෙන්න කියල... ඒක තමා අඩුම... ඔන්න හෙන බොරුවක් ගොතාගෙන ගෙදරත් ගිහිල්ල බොරුව ඇතෑරිය,.... එක අම්මල විශ්වාස කලේ නෑ.... මොකද මගේ ඩ්‍රයිවින් ගැන අම්මල දන්න නිස.... අම්මල කිවුවෙම වෙන එකෙක්ගෙ අතින් හැප්පෙන්න ඇති කියල..

මොකද්ද දන්නවද බොරුව..""බ්‍රේක් බයින්ඩ් එකක් වෙලා බ්‍රේක් නැතුව ගියා කියල..."" අම්මල විශ්වාස කරේම නෑ.. මොකද මම බ්‍රේක් නැතුව ජියර් එකේම කොලෝමීටර් 20 ක් විතර කස්ටිය නිරුපද්‍රතව එක්කගෙන ගිය නිසා.... 


ඔන්න කොහොමෙහෙන් කොහොම හරි ට්‍රිප් එකත් කැන්සල් උනා.....


ඔන්න හදන්න සෙට් උනෙත් අපිම තමා ඔන්න ඊලග දවසෙ කට්ටිය එතනට ආව ඒක හදන්න... ඔන්න එකෙක් අඩුයි.. කවුද... පී.ටී.. ඔන්න ගත්ත ඇමතුමක්.... මෙන්න සිද්දිය

මම    :-  %^තෝ... කොහේද ඉන්නෙ... එන්නෙ නැද්ද....

පී.ටී.  :- මචන් එන්න වෙන්නෙ නෑ බන්... අම්ම බැන්න බන්....

මම    :- මොන හු%^ක්ද?? කොහොම හරි වරෙන් බන්.... යකෝ මේසන්              හැන්දක් නැතුව අතින්ද මේක හදන්නෙ....

පී.ටී.  :- අම්ම මේසන් හැන්දෙන් ගැහුව බං....

මම    :- ඈ... ඒ මොකද? කියපන් මොකද්ද සීන් එක..."" ෆෝන්                          එකේ ලවුඩ්ස්පීකර් ඔන් කරමින්""

පී.ටී  .:- මචන් මම තාත්තට සිද්දිය කියල ශේප් කරගෙන ලොරියෙම                   එන්න තමා හිටියෙ, මම බඩු ඔක්කොම පෝර බෑග් එකකට දාල             අම්මට පෙන්නෙ නැතු වෙන්න දොර මුල්ලෙ හැංගුව... ඔන්න                 තාත්තයි මමයි ඇදගෙන ලොරියට නැග්ග... එතකොට                             තමා මතක් උනේ බෑග් එක.... තාත්ත කිවුව බහින්න එපා...                     අම්මට කියපන් ගෙනත් දෙන්න කියල...මමත් අම්මට කිවුව... 

           අම්ම ඒක ගේන කොට එක බැලුව... ඔන්න මේසන් හැන්දයි,                   බනිස් ලෑල්ලයි, ලබෙයි දැකල... අම්ම ගත්තු කටට මෙහෙම                   කිවුව...

අම්මා:- තොපිල දෙන්නම බැහැපන් ලොරියෙන් බිමට... කියපන්                         මොකද්ද උනේ... කියපන් ඇත්ත.... බහින්නනේ කිවුවෙ...                     තොපි දැන් මේසන් වැඩත් කරනවද?? 

පී.ටී.  :- මචන් මම බැස්ස බිමට.... අම්ම මේසන් හැන්න වීසි               කරල ගැනුව මචං... ඔලුවට වැදුනෙ බන්....

මම   :- එල එල...කස්ටිය කවුරුවත් අහගෙන හිටියෙන් නා හොදද....

කියල මම තිබ්බ... මට හිතෙන විදියට පැයක් විතාර හිනා උනා....


මේ තමා හදපු තාප්පෙ...

ඔය මම කිවුවෙ 1 ක් විතරයි... ඔය වගේ විනාසකාරි තත්වයන් අනන්ත අප්‍රමාන වෙලා තියෙනව...

අම්බෝ... මූ බයික් එකක් ගත්තනෙ... මේ තියෙන්නෙ...





                                   මේ මුගේ ස්පීඩ් එක...

මූ මේකෙ යන්නෙ කගවේන වගේ...""මම කගවේන දැකලනම් නෑ... ""

මුගේ අවම ස්පීඩ් එක 90 පැයට කිලෝමීටර්... ඉතින් හිතපන්... මුගේ උපරිම ස්පීඩ් එක 120 පැයට කිලෝ මීටර්... කිවුවට අහන්නෙ නැති එකා.. උඩින් ගියත් එකයි... බිමින් ගියත් එකයි.....

මූ ගැන ලියන්න බැරිය පිටු ගනන්... මගේ අතත් රිදෙනව බොල.... මූ හරි හොද කොල්ල... උබලට ඕනනම් වාහනයක වැලුවේශන් එකක් කර ගන්න මෙන්න පොර.... කියල වැඩක් නෑ... සිරා ඩයල් එක... දැක්කම හිනා යනව...

මූ ගැන ලියන්න දුක සීන් එකකුත් තියෙනවා.... ඒක ඇත්තටම දුකයි....


මේ ඌ ලියපු එකක්.... දුකයි අපිටත්.... කරන්න දෙයක් නෑ මචං.... ජීවිතේ කියන්නෙ ඕක තමා....


ආදරේ සුවද....


"""""
මේ ලියන්නේ පට්ට දුකෙනි .. .. .. .. .. ..

ගමනක් යන්න එලියට බැස්සොත්, දකින දකින තැන කෙල්ලෝ. ඒ කෙල්ලෝ දකිනකොට මට.....

මතක් වෙන්නේ ඔයාව..................
පේන්නේ ඔයාගේ රූපේ. .. .. ..

කරුමෙක මහත, අවුරුදු 2ක් වෙලත් තාම ඔයාගේ ඔය ඇස්, තොල් පෙති, රෝස පට කම්මුල් මට අද ඊයේ වගේ මතකයි, තාමත් ඒ හැම දේම මගේ ලගින්ම තියෙනව වගේ දැනෙනවා.

ඒත් අද .... ...... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් .. ... ... ... .

බොලිවුඩ් ෆිල්ම් එකක වගේ අහස දෙදරන්න තරම් අකුණු ගැහුවෙත් නෑ, කුණාටු ආවෙත් නෑ .. .. .. ඒත් .. .. .. ..

මගේ හිත ඇතුලේ ගිනි කන්දක් පිපිරුවා වගේ රත්තරං .. .. .. .. .. මීට අවුරුදු 2කට කලින් අපි දෙන්න මුණ ගැහුනේ නැත්තම්, මේ තරම් දුකක් නෑ .. .. .. එහෙම උනානම් ...නමුත්.......,

අද ඔයාගේ Wedding 4to එක දැක්කම, තවත් පට්ට කෑල්ලක් කියල හිත හදාගෙන ඉන්න තිබ්බා, .....

සුභ මංගලම් කෙල්ලේ .. .. .. !

← ♂ KaZun ♂ →  """""




උබ දුකින් ඉන්නෙ කියල දන්නව බන්... මායි විරාජයයි කතා කලා උබට කෙල්ලෙක් සෙට් කරල දෙන්න ඕන කියල ... එතකොටවත් උබගෙ ඔය දැගලිල්ලයි, හැකර කටයි නැතිවෙයි කියල.... බලමු ඉස්සරහට.... බලමු මොකද වෙන්නෙ කියල... කතාවක් තියෙනවනෙ මච.....


"""ගෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා.... අපටත් දවසක හද පායනව.... ""


මචන්....තව කතාවක් තියෙනව.... සම + හරක්ට... "" අතට ගත්ත දේ කටට දා ගන්න බැරි සීන් එකකුත් තියෙනවනේ..."""




20 comments:

  1. කාඩ් එක්කම උන්ගෙ ගති ගුණ ලියද්දි ඇඩෙනවා බොලව්.. ඉස්කෝලෙ යන කාලෙ අපේ එවුන් ගෙ හැටි මතක් වුනා..

    ජය !

    ReplyDelete
  2. Very Interesting Post.....................

    ReplyDelete
  3. Replies
    1. මුගේ කාඩ් කුඩු වෙලා ගොඩාක් කල්.....

      Delete
  4. අනික් උන් ටිකත් මූ වාගෙමද උන් ගැනත් ඉක්මනට ලියපං,උඹට ලිවිල්ල පුළුවනි පොඩ්ඩක් අකුරු හදාගනින්

    ReplyDelete
    Replies
    1. එල එල... අන්න මිනිස්සු... යමක් කියය දෙනව... නිමයි මචන්... මම හදාගන්නම්....

      Delete
  5. හොදට ලියලා තියෙනවා මචෝ ...... හැම කොල්ලෝ සැට් එකකම මේ වගේ එකෙකුත් ඉන්නවම තමයි ...... උබ නුගේගොඩ ඉදන් නම ගාල්ල උනේ කොමද බන්

    ReplyDelete
    Replies
    1. මගේ ගම ගාල්ලෙ මචන්... යාලුවො කියන්නෙ ගාලු කියල....

      Delete
  6. නියම යාලුවෙක් නේද....

    ReplyDelete
    Replies
    1. නියම වෙන්නෙ කොහොමද බන්... ගිය තැන විනාසයි....

      Delete
  7. බොක්ක වගේ යාලුවො සෙට් එකක් නෙව ඉඳලා තියෙන්නේ. තව උන් ඉන්නවා නේද මේ සැට් එකේ. මා ගාවත් තියෙන්නේ WI නම්බරේ ඔන්න ඔය බයික් එකක්මයි. තෙල් නම් සුපිරියටම වැඩ කරනවා..ලස්සන පෝස්ටුව. මටත් යාලුවො සෙට් එකත් එක්ක කෙලපු කාලේ සිහියට ආවා.

    ReplyDelete
    Replies
    1. අඩේ එලනෙ.... තෙල් කෙසේ වෙතත් මූ යන ස්පීඩ් එකට තෙල් බොනව...

      Delete
  8. Replies
    1. ඌ තමා... පොඩ්ඩක් නම ගම වෙනස් කරා....

      Delete
  9. ඔය වගේ පරණ සිදුවීම් කියවන්න සිරා කොලුවා බොහොම මනාපයි...අත දිග ඇරලා ලෝබ නැතුව ලියහං මලේ...චෙරි වැනට් එකට සොරි වෙච්ච වෙලේ උඹේ මූණ ඇද වෙන්න ඇති නේද ? හැක හැක...

    ReplyDelete
    Replies
    1. ඇද උනාද කියල අහනව.... ඒක නිකන් ඇද උනේ උණු වතුර දාපු ප්ලාස්ටික් බෝතලයක් වගේ.....

      Delete
  10. matath kadugannawedi ape loku ammalaage bongo eke break nathiwa hena huttapparekata muhuna denna wunaa.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ... මුකුත් අනතුරක් උනේ නැතෙයි...

      ඒකත් අපිට බලන්න දැම්මනම්....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)