නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

26 03. විරාජ් උපෂාන් වලකුඹුර...

මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....

01. පසන් ළහිරු පලිහවඩන නොහොත් ගාලු

02. සජිත් කටුකුරුන්ද

03. විරාජ් උපශාන් 

04. ගිහාන් ආනන්ද

05. පී.ටී නොහොත් කසුන්

06. චාමර මදුෂංක

07. චමීර සදරුවන්

08. රොෂාන්


03. විරාජ් උපෂාන්

ඉපදීම 1990 - 11 - 05

රැකියා ස්ථානය - නෝ ජොබ් කොම්පැනි, නමුත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජ්නීරින්ග් කෝස් එකක් කරනව...                                         ජෙර්මන් ටෙක් එකේ.. ෆයිනල් ඉයර් ඉන්නෙ....

ගෙදර බල්බ් පත්තු කරන කට්ටිය 03 යි - අම්ම, අයියා, අක්ක

දැනට පදිංචිය කොට්ටාව

ආදරේට කියන්නෙ විරාජ් කියල, ඉස්කෝලෙ කියපු නම් මට මතක නෑ නෙ බොල...


මූ මගේ ඉස්කෝලෙ එකා.. ඒ කියන්න මගේ බැජෙක්.. හෆොයි... දැන් නෙ ඒක මතක් උනේ... මූ ඉස්කෝලෙ යන කාලෙ මගේ යාලුවෙක් නෙමෙයි... මුගේ අලි ඔලුව... බක පංඩිතය... තාමත් එහෙමයි... ගහන්න හිතෙනව අල්ලල පොලේ... අනික හැටි... හිවලෙක් වගේ... මූ ඉස්සර ඉස්කෝලෙ ඉදිද්දි මට ගහන්න සෙට් වෙනව.. ගහලත් තියෙනව... මම එතකොට ඉස්කෝලෙට අලුත් නෙ... මුගෙ හෙන සෙට් එකක් හිටිය පිටිපස්සෙම පේලියෙ... උන් තමා මට ගේම ඉල්ලන්නෙ... පොඩි වුන්ට ගහන්න ලැජ්ජ නැද්ද යකෝ... අනික අලත් ඉස්කෝලෙට ආපු උන්ට... හෙන ඇලජික් උන් මාත් එක්ක... මට මූ ලගදි තමා විස්තරේ කිවුවෙ මට ගහන්න හේතුව... මොකද මම ඒ කාලෙ කොලඹ බෝඩ් වෙලානෙ හිටියෙ... මට එතකොට ෆෝන් එහෙම තිබුන... අන්න ඒක නිසා දිරවන්නෙ නැතුව.... 



අඩෝ දැන් ගහපං ඩෝ... අඩු කඩනව... මතක තියා ගනින්...

ඇයි උබ මගේ යාලුවෙක් උනේ.. හරිනම් හතුරෙක් නෙ වෙන්න ඕන... මට මතකයි උබ මගේ හොද යාලුවෙක් උනේ මම කොට්ටාවෙ පදිංචියට ආවට පස්සෙ.. ඒ කියන්නෙ 2008.. උබට මතකද.. ඒ.ලෙවල් ඉවර වෙලා.


මතකද .... ඊට පස්සෙ කාලයේ ඇවෑයමෙන් අපි හොදම යාලුවො බවට පත් උනා... දැන් අපි සහෝදරයො බවට පත් වෙලාත් ඉවරයි... මතකද උබට අපි කොට්ටාවෙ ඉදන් පිලියන්දලට බයිසිකලේ පැදගෙන යනව.. උබට මොකද ඒ ගැන හිතන්නෙ...

ඒ කාලෙ දැන් ඉවරයි... අපි දැන ගත්ත හොදම යාලුවො කියන්නෙ කවුද කියල... යාලුවො වෙනයි බොක්කෙ යාලුවො වෙනයි... අනිත් යාලුවො තරහ වෙන එකක් නෑ... කාලයේ ඇවෑයමෙන් මට තව යාලුවො වැඩිවෙයි කියල හිතෙනව... නමුත් එහෙමත් නැතිවේවි... උබ ගැන නම් කියන්න බොහෝයි... වැඩියෙන්ම කියන්න තියෙන්නෙ වැරදි... ඒ ගැන කතා කරල වැඩක් නෑ... මම දකින්නෙ ලොකුම වැරදි 02 තමා

01. වෙලාවක් කිවුවොත් ඒක වෙලාවට කරපං.. බැරිනම් බෑ කියපන්... ගමනක් යන්න එන්න කියපු වෙලාවට අදාල තැනට වරෙන්... උබ එනකන් ඉන්න කොට එන තරහ පිට කරන්න තියන හොදම දේ තමා වෙන කාට හරි මැරෙන්න ගහන එක.. මොකද උබට ගහන්න බෑ නෙ....

02. එනව කිවුවනම් වරෙන්... හරි මම එන්නම් කියනව විනාඩි 15 න්... පැය 2කට පස්සෙ කතා කරහම (මමම කතා කරහම) මූ කියනව මචං මහන්සියි බන්.. මම ගෙදර ඉන්නෙ කියල... ඉතින් හිතහන් එන සතුට... ගෙදරට ගිහිල්ල මරාගෙන කන්න හිතෙනව... කවදාවත් තෝ හැදෙන්නෙ නෑ...


අඩෝ උබට මතකද සක්යා ක්ලාස් ගියා.. කොහොමද කෙලපු පිස්සු... අම්බෝ.. මතක් වෙද්දිත් හිනා කාල මැරෙනව.... මතකද කුමුදු සර්ගෙ අවසාන ක්ලාස් එක..

{ඔකද හිතන්නෙ... රහසින් කියමි "අනේ මචන්ලා මගේ කාඩ් කුඩු කරන්න නම් එපා"""}

ඔන්න ඔහොමයි ජීවිතේ හැටි... උබල තමා යාලුවො ... යාලුවො නෙමෙයි හතුරො...



අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපි අතරෙ වලි යන්න ඇති.. නමුත් ඒව වලි නෙමෙයි... යාලුවො කවදාවත් වලි දාගන්නෙ නෑ නෙ...


"" හැබැයි ඉස්කෝලෙ ගහපුවට ගහනව කවදක හරි තොට...අඩු කඩනව... බලා ගෙන ඉදපන්....""  



ආ තව දෙයක්... මූට ගෑල්ලමයෙක් සෙට් වෙලානෙ... දැන් සෑහෙන්න දුරට නැගල යනව... මේ ඊයෙ පෙර්‍රද ගෙදරත් ගිහිල්ල... මරු එකෙකුත් එක්ක ගිහිල්ල තියෙන්නෙ..  ගිහිල්ල තියෙන්නෙ මම ඊලගට කියන්න යන එකා එක්ක...
මෙන්න දෙබසක් ගිහිල්ල කෙල්ලගෙ ගෙදරදි.. එයාගෙ තාත්ත එක්ක

තාත්ත :- පුතා අරක්කු බොනවද?

විරාජ් :- නෑ අංකල්..

තාත්ත :- එතකොට සිගරට්?

විරාජ් :- පිස්සුද අංකල් කටේ තියන්නෙ නෑ...

තාත්ත :- එතකොට මේ පුතත් එහෙමද?

අනෙක් යාලුවා දෙස හරි අසයි.. එවිට ,

පී.ටී.:- අංකල් මෙන්න මේකයි සීන් එක.... අංකල් අහන්නෙ මාව චෙක් කරන්නනම් මම
" බො න්නෙ නෑ", හැබැයි අංකල් අහන්නෙ යාලු ෆිට් එකටනම් "බොමු"


""කෙල්ලගේ ගෙවල් වලින් දැන් කැමතිය..යහතින් ආවද කොහෙදය...."" 

26 comments:

  1. යාලු පිට්එක? පුදුම පිට් එකක්නේ....

    ReplyDelete
    Replies
    1. හෙන පිට් එක... පිට් එක වැඩි කමට ගැස්ට්‍රික් වලටත් එනව...

      Delete
  2. මාර පිට්ටෙක. එහනං බොමු නැත්නං නිකා ඉමු.. ඇයි බං හෙඩිම දාලා නැත්තේ...

    ReplyDelete
    Replies
    1. අඩේ දැනුයි හෙඩිම මතක් උනේ... එල ඈ...

      Delete
  3. දොස්තර : ඔහේ බොනවද?
    ලෙඩා : තියනවනම් ටිකක් ගමු සර්.

    ReplyDelete
    Replies
    1. නඩුකාරතුමා :- යුෂ්මතා බොනවද??

      විත්තිකරු :- බොනවනම් බොමු ස්වාමීණි...

      Delete
  4. තව ඩිංගෙන් මගුල හමාරයි :D

    ReplyDelete
    Replies
    1. විරාජය පී.ටී. ට බැනලාද කොහෙදය...

      Delete
  5. මගුල අවමගුලක් නොවී බේරිලා තියෙන්නේ අන්කල් කාරයා මොලේ ඇති මනුස්සයෙක් නිසා. :D

    ReplyDelete
    Replies
    1. සද්දෙට කිවුවනම් අවමගුලකි...

      Delete
  6. ඊට පස්සෙ මාමයි බෑනයි යාළු පිට් එකට සෙට් වෙලාද ? :)

    ReplyDelete
    Replies
    1. තාම සෙට් වෙන්න අරගෙන නෑ.... බැන්දට පස්සෙ සෙට් වෙයි මයි හිතේ....

      Delete
  7. තනියම බොන්න බෑරිනිසා යකො ඇහුවෙ කිවුවද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කිවුවනම් පී.ටී. ට ඌ එතම ගහනව.. බෝතලේම...

      Delete
  8. මාර පිට් පිටේ පිට්.. ගාලුත් මාරයිනේ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ නලීන් අයියා.... පිට් තමා....

      Delete
  9. සිරා ම ෆිට් එකක් තමයි :)

    ReplyDelete
    Replies
    1. පිට් කියන්නෙ බුදු පිට්

      Delete
  10. අන්න මාමල බැනලා . දුව දෙන්ඩ ඕන ඌට

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ අටමෝ.... මෙන්න මාමල බෑනල....

      Delete
  11. ADO Ela Ela Thanxxxxxxxxxx Brother........!!!!!!! Ubanam Pissu H%^^&K Ban.... Nice Nice ban.

    ReplyDelete
    Replies
    1. බුහාහාහාහා... උබත් ඇවිල්ල තියෙන්නෙ මේ පැත්තෙ.....

      Delete
  12. මම දන්නා එකෙක් නුවර තම පෙම්වතියගේ ගෙදර ගියේ හොදටම සූර් වූ පසුවය.

    මාමන්ඩි...මම හොදට බොන කන කොල්ලෙක්...ඇත්ත ඇති සැටියෙන් පෙන්නන්න ඕනෙ නිසා තමයි මම අද බීලා මෙහෙ ආවෙ...නිකං නෙමෙයි...මාමන්ඩිටත් භාගයක් අරන්...මට දුව දෙනවද නැද්ද ?

    ඔන්න ඔහොමයි කථා බහ...
    මේකා කැමැත්ත අරගෙන කසාදෙ බැදගෙන දැන් අවුරුදු දෙකක්...

    මට ඒ සිද්ධිය මතක් වුනේ මේක කියවලා...

    ReplyDelete
    Replies
    1. මාමන්ඩියත් එහෙනම් කරටි කැඩෙන්න ගහන එකෙක් වෙන්ටැ...


      Delete
  13. අන්තිම ටික පට්ට...
    මේ මන් නිකමට වගේ අහන්නේ.. ඔය කොලුවා ගෑනු ළමයාගේ ගෙදර දැන් යනවා එනවා වැඩි නේ?? තාත්තා ඉන්න වෙලාවට??

    ReplyDelete
    Replies
    1. එල මචන් මේ පැත්තට ගොඩ වැදුනට....

      හැබැයි ටිකක් වැඩියි තමයි.....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)