නිතර දෙවේලේ යන එන තැන් ....

Thursday

37 අපි ගියානෙ හෙන ට්‍රිපක්.....

අම්මපාමේක ට්‍රිපක් කිවුවට හෙන පජාත ට්‍රිපක්... එහෙම්මම පජාතත් නෑ....

කට්ටිය තමයි මම (ඩ්‍රයිවර්), අම්ම, අක්ක, පොඩී.(අපෙ ලොකු අම්ම... අම්මගෙ අක්ක) ඔන්න සෙටාර් එක...

ගිය වාහනේ තමා රෙන්ට් එකට ගත්ත කාර් එකක්....මෙන්න මේකක්...

තෙලුත් අවුලක් නැතුව වැඩත් කරා... ලීටර් එකෙන් කිලෝ මීටර් 10 ක් වගේ වැඩ කලා,(With A/C)

ඇත්තම කියනවනම් ට්‍රිප් එක ගියේ, යන්නෙ කොහේදවත් නොදැන... ඒ කියන්නෙ කිසිම සංවිධානය කිරීමකින් තොරව.... කවුරුවත් විශ්වාස කරන එකක් නෑ... යමු කියල කිවුව ගියා....කොහේද යන්නෙ කින්ද මන්ද මුකුත් හිතුවෙ නෑ...

හැබැයි වාසනාව කියන්නෙ වාහනයක් හොයාගත්ත, ඉන්න තැනක් නොමිලේම හම්බ උන..ඔක්කොම හොද අතට උනා....



මෙන්න අපේ ගමන් මාර්ගය..ඔක්කොම ගිහිල්ල තිබුන කිලෝමීටර් 750 ක්...

A. අපේ ගෙදර(ආරම්භය)
B. අපෙ අම්මගෙ මහගෙදර.
C. සෙවනගල සීනි කර්මාන්ත් ශාලාව
D. නුවර එලිය අපගේ නිවස්නය.
E. නුවර දළදා මාලිගාව
F. අපේ ගෙදර (අවසානය)

ඔන්න ගියපු තැනුත් කිවුව... දැන් බලමු රූප රාමු ටිකක්...


 මේ ඉන්නෙ අපේ අම්මගෙ අම්ම (අපේ ආත්තම්ම) ගෙ නංගි සහ ඇගේ සැමියා.... ඈ තමා අපෙ අම්ම පොඩි කාලෙ හදා වඩා ගෙන තියෙන්නෙ.....


අපි ගියා සෙවණගල සීනි කර්මාන්ත ශාලාව බලන්න... කොහේ බලන්නද පට්ටෙටම වහිනව.... එතන නවත්තල තිබුණ ට්‍රැක්ටරේකින් උක් දඩු ටිකක් අරගෙන ආව... 






අපි ආවෙ ඇල්ල වැල්ලවාය පාරෙ... ඒ එන අතර තුර තිය කවුරුත්ම දන්න "රාවණා ඇල්ල" බලන්නනම් අමතක කලේ නෑ....





මේ අපි නැවතුන නිවස...



පොඩි පහේ ෆූටින් එකක් කරා....









ඔන්න දැන් බලන්න යන්නෙ හග්ගල මල් වත්ත..... ඒකත් ටිකයි බලන්න උනේ වැස්ස බොල වැස්ස.....















ඒ ඔක්කොම මගුල් දමල ගහල ආව "ග්‍රෙගරි වැවේ" බෝට්ටු සවාරියක් යන්න.... බලහල්ලකො යන්න පුලුවන්ද කියල...




හංස බෝට්ටු පදින්න ඒ වෙලාවෙ වැඩිපුරම ආවෙ "තරුණ ජොඩු"... මම දන්නෙ නෑ මොකද කියල... මම "බබානෙ". මට හිතෙන්නෙ "තරුණ ජවය" නිසා සීතල අඩු ඇති....

බුහාහාහා....


 හරි අහිංසක බලු තඩියෙක්... රූප රාමුවකට පෙනී ඉන්න කිවුවහම හිටියෙ මෙහෙම....



 මූ නම් හෙන ආඩම්බරකාරය...












මේ තමා අපේ "සුංටා" අපි කොහේද යන්නෙ.. ඌත් යනව... අපෙ අම්මගෙ පොඩි පුතා...







 මේ අපි එන අතරතුරේ ගනිපු පින්තූර ටිකක්...



















දළදා මාලිගාව ලග රූප රාමු නෑ... මොකද මම වාහනේට වෙලා නිදිය ගත්ත.. මොකද පට්ටෙටම මහන්සියි....

අපි රෑ 8.00 වෙද්දි ගෙදරට ආව...


මේක විශේෂයෙන් කියන්න ඕන මම අවුරුදු 02 ක වගේ ඉදගෙන ට්‍රිප් එක යන්න සෙට් කරා.. යන්න උනේ නෑ... හදිසියෙ තමා ට්‍රිප් යන්න ඕන... නැත්තම් යන්න වෙන්නෙ නෑ කවදාවත්....

ඔන්න අපේ සංවිධානයකින් තොර චාරිකාවක අවසානය...

37 comments:

  1. පින්තූර ගන්න එක විතර ම ද මන්දා කරල තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. කොහේ ඇවිදින්නද... වහින එකමයි ඒ පැත්තට.....

      Delete
  2. මම හිතුව දළදා මාලිගාවටත් උබ සොට දා ගෙන ගිය නිසා කියල ගියේ නැත්තේ හි.. හි... හි....

    ReplyDelete
    Replies
    1. පිස්සුද රාළයෝ...

      නිදි මත.....

      Delete
  3. මම මේවා ආයි බලන්න ඕනද???

    ReplyDelete
    Replies
    1. නෑ උබ බලන්න එපා.... කොමෙන්ටුවක් දාපන්....

      Delete
  4. //හදිසියෙ තමා ට්‍රිප් යන්න ඕන... නැත්තම් යන්න වෙන්නෙ නෑ කවදාවත්..//
    සැටිපිකට් ඇත්ත

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ... හොඳට ලෑස්ති වෙලා එහෙම ට්‍රිප් යන්න හිතනවා නේ... හැමදාම බාලගිරිදෝසෙ ඒවට... ගියත් මෙලෝ රහක් නෑ ... දඩිබිඩි ට්‍රිප් මරු... හි හි

      Delete
    2. සහතික ඇත්ත.... මාර කේස් එකකුත් උනා....

      අපි නැවතුන හොටෙල් එකේ එකා අහපි "කාලගුණේ" බලල නෙමෙයිද ආවෙ කියල...

      මගේ කටට ආව කියන්න... බොහොම අමාරුවෙන් මැඩපවත්ව ගත්තෙ....

      Delete
  5. ට්‍රිප් නම් යන්න ඔන හදිසියෙ තමා
    හය හතර

    ReplyDelete
    Replies
    1. සිරාවට... නැත්තම් හිරූ කියපු විදියට "බාලගිරි දෝස"

      Delete
  6. මාර වටයක්නෙ ගහල තියෙන්නෙ..වැස්ස සෙට් වුනේ නැත්නම් මාරම ෆන් එකක් ගන්න තිබුන..

    ReplyDelete
  7. ෆොටෝ ටික නං මරු.... ඔය සුංටගේ විදියෙම එක්කෙනෙක් ඉන්නවා අපේ අම්මලගේ ගෙදරත්... දැං නං වයසයි උන්ද.... හි හි...

    ReplyDelete
    Replies
    1. මං තුමා තමා කැමරමන්.....

      Delete
  8. ඔළුව හැරුන අතේ යාමක් වගෙ නොවැ. හි.. හි.. :-)
    ෆොටෝ ටික නම් ෆට්ට. සමහර ඒවා ලංකාවෙමද කියලා හිතෙනවා ඒ තරමට ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බුහාහාහාහා...

      ටැන්කූ....

      Delete
  9. ඉබාගාතේ යන ගමන් වලින් තමා නියම ට්‍රිප් එකක රසවින්දනය ලබා ගන්න පුලුවන්....මතකනේ කලින් පොස්ටුවක මන් ලිව්වා ගාල්ල යන්න ගිහින් නුවර එළිය ගිය හැටි.......ඔන්න ගාලු ලබන පාර ලංකාවට ආවම අපි ඔය පැත්තේ එනවා.

    ReplyDelete
    Replies
    1. මම ඒ පෝස්ටුව බැලුව.... එහෙම ගියාම තමා අතල් එක....පට්ටම ආතල් එක කියන්නෙ පාරවල් අහ අහ යන කොට....

      Delete
  10. මමත් ලංකාවෙ ඉන්න කාලෙ සංවිධානයකින් තොරව තමයි වාහනේක ට්‍රිපක් යනවා නම් ගියේ...අපට සහායට හිටියෙ ලංකාවෙ සෑම විස්තරයක්ම අඩංගු අඩි ගානක් විශාල සිතියමක් පමණයි...කවදාවත් ගිහිල්ලා නෑ කියලා වතාවක් අපි දෙණියායෙ ගියෙ සම්පූර්ණම සිතියමේ පිහිටෙන්...මේ දවස් වල නුවර එළියට සෑහෙන්න සීතලයි වගේ...ෆොටෝ ටික නම් මරු...මටත් ඔය හග්ගල මල්වත්ත බලන්න තාම ලැබිලා නෑ...නුවර එළියට යන සෑම වතාවකම එය හරියට එද්දි වහිනවා...ඊළග වතාවෙත් එහෙම වෙයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. "කාලගුණේ" බලල යන්න... හී.....

      Delete
    2. නුවර එළියෙ කාලගුණේ කොළඹ ඉදන් බලන්න කියලද උඹ කියන්නෙ කොලුවො...හක හක..

      Delete
    3. එහෙම බැරිද බන්... ඔය ජන්ජාලෙන් බලන්න බැරිය....

      Delete
  11. අඩෝ සිරා පොටෝ ටික...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මං තුමාගෙ පෝන් එකෙන් තමා....

      Delete
  12. අච්චර ලස්සන තැන ගලක් උඩ බල්ලෙක් රීලා නේද බං

    ReplyDelete
    Replies
    1. සිරවට අටමෝ... කාලකන්නි දේශපාලුවො....

      Delete
  13. මොනවද බං අච්චර ලස්සන තැනක ගලට කරල තියෙන දේ පර බල්ලො

    ReplyDelete
    Replies
    1. උන් රට කන එක මිනිස්සුන්ට පෙන්නලම දීල....

      Delete
  14. ගොඩක් ෆොටෝ ලෝඩ් වෙන්නේ නැහැ බං සයිස් එක පොඩි කරලා දාපන්. මම නුවර එළි ගිය වෙලේ මෙලෝ රහක් නැහැ වැස්සේ නැහැනේ මම ලංකාවට ආවම කරුමේ කියන්නේ වහින්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඉතින් වැස්සත් අරන්න එන්නකෝ.....

      Delete
    2. මම ආවොත් වහින්නේ නැහැ. අපේ එවුන් කියන්නේ අවුරුදු 24ක් කාන්තාරේ ඉඳල දැන් මමත් ඔටුවෙක් වෙලා කියලා

      Delete
    3. අම්මපා.... යාලුවො කියනවනම් කාතාව ඇත්ත වෙන්ටෑ.....

      Delete
  15. මටත් හිතුනා අපි ගිය ට්‍රිප් එකක් ගැන විස්තර දාන්න මේක දැකලා.

    ReplyDelete
  16. දාපං කොලුවෝ දාපන්... අපිත් දැන ගන්න එපැයි අලුත් ස්පොට්...

    ReplyDelete
  17. නියමයි යාළුවා

    ReplyDelete
    Replies
    1. යමු සෙට් වෙලා ට්‍රිපක්....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)