නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

29 කිරි ගවයෙකුට ජීවිත දානය දීම....

පේ අම්මට උවමනා වුනා කිරි හරකෙකුට ජීවිත දානය දෙන්න... ඔන්න ඒක නිසා... අපි ගොඩාක් කට්ටිය සහභාගි කරගෙන එම සතාට නිදහස දුන්නා.....

කියනන දෙයක් නෑ... ඔයාල හැමෝම දන්නවනෙ ක්‍රියා පිළිවෙල....

මෙන්න ගවයා... මූට පැටියෙක් හම්බවෙන්න ඉන්නෙ... තව මාස 04 කින් විතර..

ඇත්තටම මූ අහිංසක සතෙක්... ඒ කියන්නෙ දගලන්නෙ, දුවන්නෙ නෑ... ලිහල තිබ්බත් එතනටම වෙලා ඉන්නව....

මූ බේරගත්තෙ "තංගල්ල " ප්‍රදේෂයෙන්... මොකද කොලඹ් අවට මිල අධිකයි....


මේ ගවයා නිදහස් කර ගැනීමට උදවු උපකාරී කල... සැමට එම පිං අයිති වේවා.....

උපදින මතු ආත්මයක් පාසා නිදුක් නිරෝගී සම්පත් උදා වේවා.....

    
මෙන්න මුගේ ලස්සන..










 







ආ ඊට පස්සෙ අපෙ අම්මගෙ අම්මගෙ නංගි සහ ඇගේ සැමියා..."බාල ආත්තම්ම" , අපි එයාල ඉන්න ගෙදරට සෙවිලි තහඩු දුන්න සෙවිලි කරගන්න කියල.... එයාලට ගොඩාක් සතුටුයි... ඒ සතුට ඇස් වලින්ම පේනව....

  











29 comments:

  1. ගොඩක් හොද වැඩක් යාලු ඔයාගේ අම්මා ගොඩක් පිංවන්ත කෙනෙක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඔමායා.....

      Delete
  2. ඇත්තටම ගොඩාක් හොඳ වැඩක් කරල තියෙන්නේ යාලු..........

    ReplyDelete
  3. අතටම පින් සිද්දවෙන වැඩක් බං. මමත් හිතන් ඉන්නවා ලංකාවට ආවාම හරකෙක් නිදහස් කරන්න. ලබන පාරවත් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එක ලොකු පිංනක් කෝරලේ....

      Delete
    2. කෝරලේ නිදහස් කරන්න හරක් ඕන උනොත් කියපන් මෙහෙ ඉන්නවා හරියට ලංකාවේ හරක්

      Delete
  4. මචන් උඹේ බෙල්ලේ බැඳන් ඉන්න ටයි එක ගලවාගනින් එතකොට වැඩේ හරි.

    ReplyDelete
    Replies
    1. යාලුවා මම ටයි දාන්නෙ නෑ....

      Delete
    2. කෝරලේට කල කැත විහිළුවක් පමණයි.ගාලු! මේ සත් ක්‍රියාව ඉතාමත් අගය කරමි.

      Delete
    3. ඒක මිසක්.... මඩ ගහනවනම් නමත් එක්කම ගහපන්....

      Delete
  5. බොහොම පින් සිද්ධ වෙන වැඩක්. මෙයාලව මස් කරන්නෙත් මිනිස්සු. ඊට පස්සෙ කන්නෙත් මිනිස්සු. ඒක යි මට හිතා ගන්න බැරි. මොන හිතකින් ද මිනිහෙක් වෙලා එහෙම කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇයි දිලිණි, හදාවඩා ගන්නෙත් මිනිස්සු, උගේ කිරි බොන්නෙත් මිනිස්සු, උගේ ගොම පෝර ටික මල වලට, එලවලු වලට දාන්නෙත් ඒවා.... මොනා කරන්නද??....අන්තිමට මස් කඩේට විකුණන්නෙත් "මිනිස්සු"

      Delete
  6. මේ වගේ විවිධ හොද වැඩ කරන්න කරන්න මිනිස්සුන්ගේ හිත් තෘප්තිමත් වෙනවා එතකොට ජීවත් වෙන එක පහසුයි.. හොද දෙයක්..

    ReplyDelete
  7. ගොඩාක් හොද ආදර්ශමත් වැඩක්..අගයකරනවා

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට ගොඩාක් දේවල් කරන්න හිතාගෙන ඉන්නව යාලුවා....

      Delete
  8. ලේ කිරි අයිතිය වසු පැටියන්ගේ
    දම්සක්වල ගල වැදී බිදෙන්නේ
    ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    හිත්වල ඇයි කල ගුණ නොරදෙන්නේ

    http://www.youtube.com/watch?v=izzSKvJ8lIY

    ReplyDelete
    Replies
    1. කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ.....
      පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ....
      ඒ කල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ...
      එපා එපා මස් කන්නට කිරි අම්මාගේ....

      Delete
  9. නිදහස් කලාට පස්සෙ සතාට මොකද වෙන්නෙ.දිගටම ඌ ගැන අධීක්ෂනය වෙනවද.මොනව වුනත් ගොඩක් හොද වැඩක්

    ReplyDelete
    Replies
    1. මචන් මේ සතාව දුන්නේ අදුරන ගෙවල් ලග කෙනෙකුට... එයා ගැන අනිවාර්යයෙන් පංසලෙනුත්, අවට පිරිසත් සෝදිසියෙන්....

      Delete
  10. මමත් කරන්න ඉතාමත් ආශාවෙන් ඉන්න පිංකමක්...ලංකාවට ආ විගසම ඔය වැඩේ මමත් කරනවා...බලන්න ඒ සතා දිහා හොදට...ඒ සතා හිටපු තැනකදි දැනුන මර බිය තවමත් සම්පූර්ණයෙන් පහවෙලා ගිහිල්ලා නෑ...තවමත් ප්‍රකෘති තත්වයක නෙමෙයි මේ සතා ඉන්නෙ...ටික දවසක් මේ විදියට මිනිසුන්ගෙ ආදරය කරුණාව විදිනකොට ඒ ගතිය නැති වේවි...මම කියනවට ගාලු අද වගේම තව සති දෙකකින් විතර ෆොටෝ අරන් බලන්න...මේ සතාගෙ මූනෙන් පවා ඒ වෙනස පෙනේවි...විශේෂයෙන් ඇස් වලින්...

    ඉතාම සන්තෝෂයි...මේ වගේ සත්පුරුෂයන් ගමක් ගමක් ගානෙ වැඩි වැඩියෙන් බිහිවෙන්නට අවශ්‍ය කාලයක් මේ.

    ReplyDelete
    Replies
    1. අනිව සිරෝ... අපි ලබන සතියෙ ආපහු එහේ යනව... අනිවාර්යෙන් එයා වෙනස් වෙලා තියේවි....

      Delete
  11. මස්කෑම ගැන නං මගේ මතයක් ඇත. මරණයෙන් බේරීම නං හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. මගෙත් මොලේ පෑදුනෙ ලගදි...

      Delete
  12. ඔන්න නියම වැඩ... ෆේස් බුක් එකේ නිකං කෑගහන උන් ජීවිතේටවත් ඔහොම දේකට රුපියල් 10 දීල තියෙනවද දන්නෑ.. Hatz Off....

    ReplyDelete
    Replies
    1. උබේ කතාව සහතික ඇත්ත.....

      Delete
  13. යසිත්ගේ කතාවනම් සිරා. ගොඩක් උන් හිතන් ඉන්නෙ ෆේස්බුකියෙ ෆොටෝ එකකට ලයික් කලාම මාර සමාජ සේවයක් වෙනව කියල.

    වටින වැඩක් ගාලුවෝ. ඔන්න මමත් සාධු කියල පින් අනුමෝදන් උනා. මේක බ්ලොගේ දාපු එකත් පිනක්. මොකද තමන් කරපු පින දැකලා අනිත් අය සතුටු වෙන නිසා....

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට තව දේවල් කරන්න බලා පොරොත්තු වෙනව... බලමුකෝ....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)