මෙන්න පළවෙනි ගමන..
දැන් කියන්නෙ දෙවැනි ගමන ගැන... මේ ගමන ගියේ 2014.02.10 දා තමා ගියේ.. ගෙදරින් පිටත් උනේ උදේ පාන්දර 03.30 ට විතර..
අපි ගියේ මමයි අනිත් සයිට් එක මොනිටර් කරන ගර්ල් කෙනෙකුයි රියදුරුතැනයි....
අපි 7.30 ට විතර "රැඹෑව" කිට්ටුව "නෙළුම් කෝලේ" කියන කඩෙන් කන්න නැවැත්තුවා... පට්ටම ලස්සන තැනක්... කියල වැඩක් නෑ... රස උපරිමයි... අනික අම්බෝ.... හීතල... දතකට පූට්ටු වෙන්නම හීතල දැනුනා...
මේ තියෙන්නෙ ඒකෙ ඇතුලෙ තිබුන මා නොදන්නා නමුදු ගොවිතැන සදහා යොදාගන්නා ආම්පන්න සෙට් එකක්....
ඔන්න එතනින් කෑව කියන්න උගුරට වෙන්නම කෑව.. පට්ට රසයි කෑම ටික....
මෙන්න අනුරාධපුරයට හිරු නැගෙද්දී...
ඊට පස්සෙ ගියේ මැදවච්චිය සයිට් එකට.. මේ ඒකෙ පින්තූර දෙකක් පමණක්...
ඔන්න ඒකෙ වැඩකටයුතු අහවර කොරල ඊට පස්සෙ ගියා කැබිතිගොල්ලෑව සයිට් එකට... ඒක තමා මගේ සයිට් එක.. මගේ කිවුවට මගේ නොවන නමුත් මගේ...
ඒක තියෙන්නෙ කැබිතිගොල්ලෑව ටවුන් එකේ ඉදල හොරොවුපතාන පැත්තට කිලෝ මීටර් 05 ක් ගියාට පස්සෙ..
ඔන්න ඒකෙත් ආපු වැඩ රාජකාරි කොරල අහවර වෙනකොට හවස 3.00 විතර උනා... ඔන්න ඊට පස්සෙ ගියා අපේ ක්‍රශර් එක බලන්න..(ඒ කියන්නෙ ගල් කඩන්නෙ..) අන්න ඒක තමා..
ඒක තාම හදන ගමන්.. මේ තියෙන්නෙ..

මෙතනින් තමා පත සයිස් ගල දාන්නෙ.... ඒක සාමාන්‍ය කෑලි කෑලි කැඩිල ඔය බෙල්ට් එක දිගේ උඩට යනව...
ඔන්න ඊට පස්සෙ ඔය උඩට ගියපු කෑලි පෙනේරයකින් වගේ හැලිල මෙන්න මෙතනට වැටෙනව....
ටිකක් ලොකු ගල් ආපහු මෙන්න මෙතනට ගිහිල්ල ආපහු පොඩියට කැඩිල ඔය පහල තියෙන බෙල්ට් එක දිගේ උඩට එනව....
මේ තමා මම දැකපු ලොකුම ආයුදය.....
මේක කිලෝම තියෙනව 20 ක් විතර...
මේක කිලෝම තියෙනව 20 ක් විතර...
ඔන්න ඊට පස්සෙ මම තීරණය කරා යන්න ශ්‍රී මහා බොධීන් වහන්සේ සහ රුවැන්වැලිසෑය වැදපුදා ගන්න... ඔන්න ඉතින් 04.00 වෙද්දි ශ්‍රී මහා බොධීන් වහන්සේ වදින්න ගියා...
කවුරුවත්ම හිටියෙ නෑ... හරිම නිදහස්... මේ තියෙන්නෙ ලස්සන....
රියදුරු තැන
මෙන්න මෙතනදී නම් මට අත්තටම හෙනට තරහ ගියා ශ්‍රී මහා බෝධී භාරකාර සං ගමයත් එක්ක...
මෙන්න සිද්දිය මම උඩ මලුවෙ මල් ආසනය ලග හිටිය කපු මහත්තයෙක්.. ඒ කපු මහත්තය මට ඉස්සෙල්ල ගියපු වෙන රටක ටුවර් කෙනෙක්ගෙ අතේ පිරිත් නූලක් ගැට ගැහුව.. ඉතින් මමත් ගිහිල්ල ඉල්ලුව මට අපෙ අම්මට පිරිත් නූලක් දෙන්න කියල...
මෙන්න කතාව ගිය විදිය...
මම:- කපු මහත්තයා මට ලෙඩෙකුට දෙන්න පිරිත් නූලක් දෙන්න පුලුවන්ද??
කපු මහත්තයා :- රුපියල් 50.00 ක් දෙන්න...
මම:- රුපියල් 50.00ක්.. දැන් සල්ලි වලටද පිරිත් නූල් දෙන්නෙ..
කපු මහත්තයා :- ඔවු... පිරිත් නූලක් 50.00 යි...
මම:- එතකොට ඉස්සරහින් ගිය ටුවර් ලගෙන් සල්ලි ගත්තෙ නෑනෙ...
කපු මහත්තයා :- ඔවු.. එයාල සුද්දොනෙ... එයාලගෙන් ගන්න එක හරි නෑනෙ... එතකොට එයාල කියනවනෙ සල්ලි ගත්ත කියල..
අනික මේ පිරිත් නූල් උඩම මලුවෙ බෝධියෙ ගැට ගහපුව...
මම:- ආ ඇත්තද?? කමක් නෑ දෙන්නකො එකක්...
ඔන්න ඔහොමයි පිරිත් නූල් දෙන්නෙ... අනේ මන්ද?? මොනා කරන්නද? හැම තැනම ජාවාරම් තමා වෙන්නෙ... මම එන ගමන් කල්පනා කරේ පිරිත් නූලෙනුත් මිනිස්සු ගරා ගන්න රටේ වෙන දේවල් ගැන කවර කතාද?? අනික ලෝකෙම උතුම්ම ස්තානය...
ඔන්න ඊට පස්සෙ අපි ගියා රුවැන්වැලි මහා සෑය බලන්න... මේ බලන්න ලස්සන...
විස්තර කරන්න දෙයක් නෑනෙ...
රියදුරු තැන
මා සමග ගිය ඇයගේ වෙන්ට හස්බන්ඩ තමා මේ.. පොර ඉන්නෙ අනුරාධපුරේ.. ඉතින් ඌත් ආව...
මා සමග රියදුරු තැන


http://jeevithayasundharai.blogspot.com/2013/12/blog-post_24.html#.Uvn07eXwqIU
පුදුම නිස්කලන්ක බවක් තිබුනෙ එදා... යනවනම් යන්න ඕන අන්න ඒ වගේ දවසක... කිසි කරදරයක් නෑ...
ඔන්න කොහොම හරි එහෙන් එද්දි හවස 06.00 විතර උනා... ගෙදරට එද්දි රෑ 10.30 උනා...
ඔන්න ගමනක අවසානය..
ඔන්න කොහොම හරි එහෙන් එද්දි හවස 06.00 විතර උනා... ගෙදරට එද්දි රෑ 10.30 උනා...
ඔන්න ගමනක අවසානය..
Post Eka Lassanay......................
ReplyDeleteආ මෙන්න මෙයත් ඇවිල්ල.... බුහා... එල එල...
Deleteනියමයි ගාලු.
ReplyDeleteමාත් කැමති ඔය වගේ තැන්වලට යන්න නිදහස් දවස් වලට තමයි. පෝය, නිවාඩු දවස්වල ඕවයෙ ගියාම කිිසිම දෙයක් බලාගන්න හම්බවෙන්නෙ නෑ.
අපෝ ඔය පන්සල් වල ගරාගැනිල්ල ගැනනං කියල වැඩක් නෑ. ඒවයෙ ඉන්න උං හිතාගෙන ඉන්නෙ ඒව උංගෙ අම්ම මුත්තගෙන් ආපු බූදලේ කියල.
ඒක නම් ඇත්ත ප්‍රසන්න අයියා.. කියල වැඩක් නෑ... උන් ගැන කතා කරල වැඩක් නෑ....
Deleteනියමයිනේ.. ගාලු සිවිල් කරන කොල්ලෙක් ද ?
ReplyDeleteමෙහෙම ගමන් යන්න මමත් ආසයි..
අනේ නෑ සහෝ... මම ප්‍රමාණ සමීක්ෂක තමා මගේ ජොබ් එක.... නමුත් කොරන්න වෙලා තියෙන්නෙ වෙන ජොබ් එකක්.. අනේ මන්ද??
Deleteඑක අතකට හොදා...
ලස්සන ෆොටෝ ටික.
ReplyDeleteඔන්න බලහන් කෝ හිත නිවා ගන්න පන්සල් වලට ගියාම වෙන එක. තවත් කවුරු හරි ඔය සල්ලි ගැරිල්ල ගැන ලියල තිබුන. ම්ම්ම්.. අර උඩ තියන ඒවායින් 'කරක' කියන එක ඇර අනික් ඒවා නම් දැකල තියනවා. ඒක මොකට ගන්න එකක්ද කියල මං කල්පනා කලේ.
මමනං හිතන්නෙ ඒක ඔය නොගැඹුරු තැං වල මාළු අල්ලන්න තියෙන එකක් වගේ. ඒක යට පැත්තට වතුරෙ පතුලට හිටින්න තියල ඇතුලට අහුවෙන මාළු ටික අල්ල ගන්නව වගේ එකක්.
Deleteහරිනෙ ප්‍රසන්න. ඕක තියනව නොක්ස් ගෙ පොතේ. කරප් ගෙඩිය කියල ඒකෙ තියන්නෙ.. ප්‍රසන්න කිව්වමයි මතක් වුනේ.
Deleteමාත් මේ මූ දන්නෑ කීවට ඒක ගැන ලියන්නං කියල ආවෙ කොහෙද මේ ප්‍රසන්නය ලියලනෙ...
Deleteඑල එල චන්දන, ප්‍රසන්න, ඇන්ඩ් මහේෂ් සෙට් එකටම තෑන්ක්ස්...
Deleteආගම කියන්න්නෙ හැමොටම හොද වෙලද භානඩයක් වෙලා.ආගම අයිති කියාගෙන ඉන්න එවුන් තමන්ගෙ වුවමනාවන් ආගම විකුනල සපුරගන්නව.හැම ආගමකම වෙන්නෙ ඔක.
ReplyDeleteඒක නම් සහතික අත්ත... පංසල් පල්ලි කෝවිල් ඒ හැම දේකම සල්ලි තමා.. අනේ මන්ද ආගම් වලට යන කල දසාව...
Deleteහැම තැනම ආගම විකුණන් කනවනෙ බං.උඩ මළුවට කියල ආයෙ වෙනසක් වේවියැ.
ReplyDeleteදෙවියනේ ලංකාවෙ පූජනීයම ස්ථානය වෙච්චි ශ්‍රී මහා බෝධියෙත් එහෙමනම් අනෙත් තැන් වල කවර කතාද??
Deleteපෝස්ටුව ලස්සනයි ගාලුවෝ..... අර පිරිත් නූලෙ ඉඳන් විකුණන් කෑම අද සාමාන්‍ය දෙයක් වෙලානෙ.
ReplyDeleteඑකනම් ඇත්ත බස්සී...
Deleteහවස හතරට විතර ශ්‍රී මහ බෝධිය හරි ලස්සනයි.ඉරිසියත් හිතෙනවා...))
ReplyDeleteඔය පිරිත් නූල් සින් එක මාත් දැකල තියෙනව.හරිම කැත වැඩක්.ඔය මිනිස්සුන්ගෙ බිස්නස්වලට උදව් කරන්න නරකයි.පිරිත් නූල් නොගත්තට හිතේ පිරිත් තියනව නම් එච්චරයිනේ!
ඒක හරි වර්ෂා නමුත් මගේ මවට ඕන නිසා තමා ඒක ගත්තෙ.. නැත්තම් බුග් ගහ ගන්න කියල එනව....
Deleteඔය පැත්තෙන් ජන කථා ටිකක් හොයාගෙන ලියහං කොලුවො...ගතියට තියේවි...
ReplyDeleteඕකනෙ කියන්නෙ සිරෝ... මම යන්නෙ පාර හදන්න.. ඔය ජන කතා අහගන්න ගිහිල්ල මට වෙන්නෙ ජොබ් එක තියල ගෙදර ඉන්න...
Deleteබලමු ට්‍රයියක් දාල...
හැම තැනම එකම සීන් එක.. මට තියෙන දුක බුදුධාගම බේර ගන්න ඕන ඈයොම මේ සීන් එක කරන එක.. අනික ඕව පිරිත් කරන්නෙත් නෑ.. අපිත් ආසාවට ශ්රද්ධාවට ඇරං බැදගන්නව.. ඇති වැඩකටද කියල හිතෙනව...
ReplyDeleteඔය කිවුවට උඩ මලුවෙ කියල කිවුවට, මම යන්න හදද්දි දැක්ක නූල් බෝලයක් තියාගෙන පණ ඇරගෙන හදනව.. මට එපා උනා...
Deleteට්‍රිපක් යන්න ඕනේ නිදහසේ විනෝද වෙලා එන්න
ReplyDeleteට්‍රිපක් නෙමෙයි කෝරලේ ගියේ... සයිට් විසිට් එකක් නොවැ...
Deleteපට්ට ෆොටෝ ටික මචෝ..නියමයි
ReplyDeleteබුහා....
Deleteමේ වගේ තැන් වලට යන්න ඕන සතියේ මැද දවස් වල.. එතකොට තමයි නිදහසේ ගිහින් එන්න පුළුවන්..
ReplyDeleteඒකනම් ඇත්ත... පට්ටම නිදහසක් තියෙන්නෙ..
Deleteයන්ට ඕනා අනුරාධපුරෙත් .......ගාලු වාසනාවන්තයි හිතුනද රට වටේ යන්න පුළුවන්....ඒක නෙවේ ශ්‍රි මහාබෝධියේත් ගසා කෑම් තියනවද? රටකට ගිය කල කිව්වලු
ReplyDeleteNathuwa nathuwa shanuwooo
DeleteAre u a brother of the Palihawadana at Aus. ?
ReplyDelete