නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

16 මගේ උපන් දිනේ.....

මුලින්ම මෙන්න මේක බලල හිටු.....


 මම අවුරුදු ගෙවපු හැටි....


 ඔන්න එදා තමා දවස.... ඔන්න එදා තමා 2013.04.14 වෙනි ඉරු දින උදෑසන 7.00 පමණ කොල්ල නැගිට්ටේ කණ ගාව තිබුනු මගේ ගණ්ජම කරදුතණය කෑ ගහල අඩපු නිසා.... ඉතින් ඒ කෝල් එක බැලුවම අම්මගෙන්.... ඔන්න අම්ම ඉතින් මට විශ් කලේ 7.00 විතර....
 ( ආ කියන්න බැරි උනා.... මුලින්ම විශ් කලේ උබලටත් විශ්කරනව වගේ.. මගේ......#$%^&* (වෙන්ට වයිපරේ)...
ඊට පස්සෙ සෑහෙන දෙනෙක් මට විශ් කොලා කියහන්කො.... ඔන්න ඉතින් ආපහු සැරයක් මගේ ප්‍රියාවිය ගත්ත ඇමතුමක්.....



මෙන්න මෙහෙම කිවුවා..

.ටීක්....ටීක්.....ටීක්.....@#$%^&&*@&^@    %$#$#%&*#&&#**@^@    $#%^#^#$*^$&$(ඒ ටික උබල ඇහුවොත් උබල වස බොනව... නෑ කමක් නෑ කියල දාන්නම්කො...)
මෙන්න මෙහෙම කිවුවා...


******අද ඔයා අපේ ගෙදර එන්නම ඕන.. කොහොම හරි එන්න ..අම්ම ඔයාට එන්නම කියල කිවුවා... *****


කියල කියපි නැතැයි.... මම මේ අවුරුද්ද දවසෙ කොහේ කියල... මොහොක කියල යන්නද... අපිට මොකෝ යාන වාහන තියෙන එකැක්ය.... යන්නත් තියෙන්නෙ මීගමුවට... කොහොමද බොලවු යන්නෙ.... අනික මත්තෙගොඩ ඉදල.... හිතපල්ල පොඩ්ඩක්..


මමත් කමක් නෑ කියල හා කිවුවා... එයාලගෙ අම්ම, තාත්ත දෙන්නම එන්න කියපු නිසා බෑ කියන්නත් බෑනෙ.... ඔන්න මම කොහොම හරි 8.30 විතර ලේස්ති වෙලා බැස්සෙ නතැයි පාලුවට පිරුණු පාරට... කොටින්ම කිවුවොත් බල්ලෙක්වත් නෑ....
මම ඉතින් පුරුශ ශක්තිය ඉස්සරහට දාගෙන කොට්ටාවටම පයින් ආවෙ නැතැයි... කිලෝ මීටර් 4.00 ක්.. ඔන්න කෙරුවාව... මට ඕකෙ ගිහිල්ල පුරුදු හින්ද ගියා... ඔන්න කොට්ටාවට ආව 9.30 විතර වෙද්දි...


ඔන්න කොට්ටාවෙ හිටියා පැය 1/2 විතර.. ඉන්න කොට පිබගෙන ආපු බදුල්ල බස් එකට පැන්න නිසා ඌ නැවැත්තුවා.. නැත්තම් ඌ යනව මාව කොට්ටාවෙ තනි කොරල... ඉතින් ඒකෙ මෙලෝ බල්ලෙක් නෑ... කොන්දයි, ඩ්‍රැයිවර් උන්නැහෙයි, මායි තව දෙන්නෙකුයි විතරයි... ඉතින් මොකට බදුල්ලෙ ඉදල ආවද මන්ද... (නමුත් මම උන් හැමෝටම පින් දිදී පිට කොටුව ඉස්ටේශන් එක ගාවට එනකම් දුන්න... (පිං හෝදේ))


ඔන්න මම දැන් යනව බස් ස්ටැන්ඩ් එක පැත්තට.... යනකොට අපාය වගේ..... මටම පුදුමයි මේ පිටකොටුව ස්ටෑන්ඩ් එකද කියල..... ඔන්න මම එතනට යනකොටම තිබුන වවුනියා බස් එකක් අද්දන්න ලං වෙලා... මම දුව්ල ගොහිල්ල නැග්ගෙ නැතැයි....පිටිපස්සෙ දොර්න් නැග්ගෙ.. මෙන්න එතකොටම... හෝවු හෝවු.. මල්ලී... කොහේට යන්නද..... මම ගනන් ගන්නෙ නැතුව නග්ග... මෙන්න මේ යකා ආවෙ නැතැයි මගේ ලගට.. මල්ලි ලගටනම් බහින්න.... මේක හලාවතින් එහා අය විතරයි ගන්නෙ කියල කියපි නැතැයි... ඔන්න මමත් කර රෝල් කරල උල් කරල නලවල කිවුව මමත් අය්යේ හලාවතට තමා කියල.... අයියා නැට්ට $% ගහගෙන එතනින් ගියා.... ඔන්න මම ගිහිල්ල ඉස්සරහින් ගිහිල්ල වාඩි උනා.... ඔන්න බෝලේ ටික දුරක් යනව බස් එක.... මෙන්න නිකන් කූබි පිරෙනව වගේ සෙනග පිරිල තැලිල පොඩි වෙල, ඇබරිල, කියන්න වචන නෑ.. ඔන්න පොඩි ලමයෙක් එක්ක මවක් නැග්ග බස් රතයට... මම නැගිටල සීට් එක දීල හිට ගත්ත... මල්ලි පොඩ්ඩක් පල්ලෙහාට බැහැල ඉඩ දෙනවද කියල කියපි නැතැයි ඇන්ටි කෙනෙක්... මමත් ඉතින් කටයි #$ යි වහගෙන බැස්ස..කොන්දත් දැන් ශේප්...



ඔන්න කොහොම හරි මම හලාවතට ටිකෙට් එකක් එහෙම කඩාගෙන ඔන්න දැන් වයික්කාල පැත්තට එනව බස් එකේ... ඇවිල්ල දැන් කොහොම හරි බැස්සා.... බැස්සා නෙමෙයි තල්ලු කලා පලයන් කියල.... ඔන්න කොහොමෙන් කොහොම හරි දාඩිය දාගෙන, හඩු පෙරාගෙන, ගියා කියහන්කො...




ඔන්න දැන් ගොඩ වෙන කොටම ඉන්නව මගේ ප්‍රියාදර වෙන්ට වයිපරේ ගේ ඉස්සරහ.... ආදරිට ආදරේට කිවුවෙ හොදේ.. බනින්න එපා.....
දැක්කහම මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නෑ....



වෙනද ගේ නෙමෙයි එදා තිබුනෙ.. මට නිකන් සැකයක් ඇති උනා.... මම ගියා පපුව ඉස්සරහට දාගෙන... ගෙට ගොඩවෙනකොටම දැක්ක දෙයින් මගේ හද සසල වෙලා පපුව නිකන් හිර වෙන්න ආව... මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි වෙලා තිබුනෙ.... මම ඒ දැකල බිය උන බය විල්ල මේ ලෝකෙ වෙසෙන්නා ඌ කිසි දෙනෙකුට වෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරනව.... ඒක මේ පොලවට උසුලන්න බැරි ඌ අපරාදයක්... ඇයි මම මෙහේ ආවෙ කියල හිතුනෙ එවෙලෙ....




උබල බය උනා නේ.... හූක්කු හුක්කු හූ...................... බය වෙන්න එපා.... මෙන්න බොලේ ගෙදර සරසල නිකන් පොඩි එකෙක්ගෙ උපන්දින සදයක් වගේ... ඉතින් මම ලැජ්ජ බයට හැදිච්ච කොල්ලනෙ.. මම හෙමීට ගිහිල්ල වාඩි උනා.... මෙන්න බොලේ වාඩි වෙලා උස්ම පොදක් ගන්න උනේ නෑ... එක එකා කුස්සිය පැත්තෙ ඉදල එනව පෝලිමට එක එක කෑම ජාති හදාගෙන..... මට පොලව පලාගෙන යන්න හිතුනා..... ඉතින් ඉවසා වදලුව..... ඔන්න කිරිබත්, කැවුම්, කොකිස්, අරව,මේව, අනික්වා,ඔක්කොම කෑව.... දැන් බෙල්ල ලගට පිරිල... කතා කොරන කොට කොකිස් කෑලි උඩින් යනව..... කැවුවෙ නැතුව විතරයි.... අරහෙන් බෙදනවා... මෙහෙන් බෙදනවා.... කියන්න පුලුවන් ලැජ්ජ නැතුව.... මම ඔක්කොම ටික කෑව.. මම පරාජය භාර ගත්තෙම නෑ....



මෙන්න රූප රාමු ටිකක්....



මේ මගේ උදේ කෑම....







 මේ කේක් එක හදල තියෙන්නෙ අම්ම... නමුත් ඔය හාර්ට් එක හදල තියෙන්නෙ.... දෝනි ඇන්ද..... 











ආ කියන්න බැරි උනානෙ... දෝනි ඇන්ද මට ලස්සනම ලස්සන ශර්ට් එකක් අරන් දුන්න....


ප.ලි:- 

ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනව මේ වගේ අම්ම කෙනෙක් ලැබීම පිලිබදව.... අම්ම විතරක් නෙමෙයි... මුලු පවුලක්ම..... 



16 comments:

  1. එක නම් ඉතින් උපරිමෙන්ම සතුටු දවසක් වෙන්න ඇති අයේ කියන්න දෙයක් නැ . ඇත්තටම සතුටුයි අෆ්ෆා. :) ලේට් වෙලා හරි විෂ් කරනවා සුභ පැතුම් අපේනුත් හොදේ !!! :)

    ReplyDelete
    Replies
    1. ටැන්කූ...ටැන්කූ....අනේද කියන්නෙ සතුටුයි කියන්නෙ උපරිමයි.....

      Delete
  2. අඩේ .. මලයෝ ඔයාගේ ප්‍රියාවිට කියන්න හාට් එක නම් මට පෙනුනේ බෝ කොලයක් වගේ කියලා හොඳේ... හි හි... ඔයා ඒක හාට් එකක් කියලා කියන කම් මං කල්පනා කළා මේ කේක් එකක බෝ කොළයක් මක් කරනවද කියලා.... හි හි....

    හම්මා .. මං හිතන්නේ කොල්ලට ජීවිතේට හම්බුන හොඳම බර්ත්ඩේ පාටිය වෙන්න ඇති නේ.. 14 ඉපදෙනවා කියන්නේ වාතයක් නේ.... හි හි... අපේ අම්මට හැමදාම එන කේක් ඕඩර් දෙකක් තියෙනාව 14 වෙනිදට.. ඒ කොල්ලෝ දෙන්නට ආසාවට ‌අනිත් ළමයින්ට වගේ ලස්සන බැට් මෑන්ලා සුපර් මෑන්ලා හම්බුවෙන්නේ නෑ.. අපේ අම්ම බර්ත්ඩේ කේක් ඕඩර් ගන්නෙවත් නැති නිසා එදාට... හැමදාම සාමාන්‍ය කේක් තමයි... හැබැයි උන් දෙන්නටම චොක්ලට් කේක් කිලෝ දෙකක් විතර දුන්නම බැට් මෑන්ලා මතක නෑ.. ඒක නිසා හොඳයි.... හි හි...

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න ඕනෙ නෑනෙ හිරුවෝ..... මමත් මුලින් හිතුවෙ බෝ කොලයක් කියල.... නැත්තම් මම හිතුවෙ කාඩ් පැක් එකේ ඉස්කෝප්ප ආසිය දෝ කියල....


      අනේද කියන්නෙ උපරිම පාටියක් දැම්මෙ එදා.... 14 ඉපදෙනව කියන්නෙ පට්ට ගති.... යාලුවොන්ට පාටි දෙන්න ඕනෙ නෑ... නෑදෑයො එන නිසා හැමෝම මටත් මොනව හරි ගේනව... වෙන දවසක තිබුනනම් මුකිත් නෑ නෙ.... අනික ගෙදර ලොකු පාටි එකක් සෙට් වෙනවනෙ.... වාසි වැඩියි මයි හිතේ....


      හපොයි ඔය චොකලට් කියන කතාව මගේ එකීට ඇහුනත් ඇති... එතන ඉදීවි... බොහොම අමාරුවෙන් තමා එයාලගෙ අම්ම මේ ක හදල තියෙන්නෙ.... චොකලට් කේක් එකක් හදන්නම තමා කියල තියෙන්නෙ.... ඇයි එයා ආස නිසා....

      Delete
  3. අනේ බොට පේන ඒවා.. මේ කියන්න හදන්නේ ඒ කෙල්ලට වඩා කේක් හදන්න දන්නවා කියලනේ.. මලයෝ අරකි අත ඇරල ගනිං මේ හිරුවව

    ReplyDelete
    Replies
    1. හපොයි නලීන් අයියේ..... මට වෙන්නෙ ඉගුරු දීල කොච්චි මිරිස් ගත්ත වගේ දෙයක්....

      Delete
  4. මලයෝ දෙන්නටම සුබ පැතුම් වාසනාවන්ත අනාගතයක් දෙන්නටම උදාවේවා.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ නලීන් අයියා....

      Delete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. හැපි බර්ත්ඩේ & වෙඩිං
    කොළ පාට හාට් එකක් දැක්කමයි... දුරින් කසාද කොර ගන්න කොට ඔය කට්ට කන්න වෙනව පුතා... උඹට තව හොඳයි.. මට කිලෝමීටර් 200 කට වැඩියි :(

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ....

      මමත් ඒ වගේ කොල පාට එකක් දැක්කමයි... මම හිතුවෙ ඒලියන් හාර්ට් එකක් කියල..... දුරින් කියන්නෙ එපා වෙනව යන්න ගිහාම....


      අප්පොච්චිය බල්ලො පැනපි.... උබ කොයි පලාතට අයත් එකියෙක්ද සරණපවා ගන්න හදන්නෙ...??

      Delete
  7. හප්පේ කොච්චර හොඳයි ද ඉතින් :) හාර්ට් එක කොළ පාට කරන්න ඇත්තේ ගෝ ග්‍රීන් කියන තේමාව යටතේ හයියූ ඒකවත් තේරෙන්නේ නෑ නේ :P

    අර කිව්වත් වගේ යසිත් හනී බනී කොහෙද ඉන්නේ? අපේ ගෙදර ඉඳන් නම් අරයාගේ ගෙදරට කෙලින්ම 50 km තියෙන්නේ ආයේ අඩුත් නෑ වැඩිත් නෑ හිකිස් :)

    ReplyDelete
    Replies
    1. ඒකෙන් මට ඒක අමතක වුනා.... එයාල කොහොමත් ගෝ ග්‍රීන් තමා.....


      එහෙනම් ඉතින් කියාගන්න බැරි සතුක් ඇත්තෙ නේ.... ඔයාගෙ බනිය ලග නිසා.....මගේ හනියගෙ ගෙවල් වලට අපේ ගෙදර ඉදන් හරියටම 65Km

      Delete
  8. කරන කියන සියලු කටුතු සාර්ථක වෙන්න කියල පතනවා ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලුවා....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)