නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

14 අපි ගියානෙ ඉච්චලම්පත්තු....

මෙන්න මෙහෙමයි කතාව.... අපි කිවුවට මායි... මගේ බොසයි.... ඩ්‍රයිවරුයි.... තමා ගමන ගියේ...


මේක තියෙන්නෙ ත්‍රීකුණාමලය පැත්තෙ... ඒ කියන්නෙ වාකරේ පාරේ... තව කියනවනම් සේරුවාවිල පංසලට යාබදව... තමා අපේ සයිට් එක තියෙන්නෙ... මම මුලින්ම කියන්නම්කො සයිට් එක ගැන...

අපි හදන්නෙ වතුර පිරිසිදු කිරීමේ මද්‍යස්තානයක්... සිංහලෙන් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක්... මම හරිනේ... ඒකෙන් වෙන්නේ... මහවැලි ගග තියෙන්නෙ අන්න ඒකෙ තියෙන වතුර ටික පිරිසිදු කරල ජනතාව අතරට බෙදා හරින්න...

ඔන්න දැන් හරිනෙ... මාරම ලොකු ප්‍රොජෙක්ට් එකක්... මේවා තමා හදමින් යන්නෙ... හැබැයි පුතෝ මේකට වතුර ගේන්නෙ කිලෝ මීටර 05 විතර එහෑයින් තියෙන පොට් එකකින්.. අපි එතනටත් ගියා... වතුර ගේන්නෙ බට වලින්... එයින් බට දෙකක්.. එක බටේක ඩය මීටර් එක 600 MM.. තාම පටන් ගත්තා විතරයි...


කියන්න බැරි උනානෙ.. අපි ගියේ 2013.04.03 උදේ 06.30 ට එහෙට යද්දි 11.00 විතර උනා... හරියටම මතක නෑ...


අපි ආවෙ 2013.04.04 උදේ 10.00 ට විතර අපි මෙහෙට එද්දි 5.00 විතර උනා... මොකද දඹුල්ලෙන් එලෝලු ගත්ත...


මෙන්න සියිට් එක...











අපි ඊට පස්සෙ ගියා මහවැලි ගග අද්දරට... මෙන්න යන්න තියෙන පාර.. පට්ට ගති..






මරු කැබ් එක.. මරු ඩ්‍රයිවෙර්... ඌ ඩ්‍රයිවර් නෙමෙයි.. ඒකෙ ටී.ඕ කෙනෙක්.. හැබැයි සුද්දෙක්.. සිංහල නියෙමෙට පුලුවන්...




මේ ඉන්නෙ මම තමා.... පැත්තකින්.....






මෙන්න මෙතනින් තමා වතුර අතෙන්ට පම්ප් කොරන්නෙ.... 
ඕෆ් රෝඩ් ගියේ...

වීඩියෝ තියෙනව දාන්න බෑ... ලොකු ෆියිල් එකක් 250 MB තියෙනවා....

මේ අපි කොලබ එන අතරතුරේ....










14 comments:

  1. ඉච්චලම්පත්තු අදමද කොහෙද ඇහුවේ. ලස්සන පරිසරයක්.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමනලී ලස්සන පරිසරයක්... නමුත් දුශ්කර ජීවිතයක් තමා එහේ ජනතාව ගත කරන්නෙ....

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතීයි යාලුවා....

      Delete
  3. දුෂ්කර වුවත් සුන්දර පළාතක් මං දෙතුන් වතාවක් ගිහින් තියනවා ඔය පැත්තට..

    ReplyDelete
    Replies
    1. සුන්දරයි කියන්නෙ නලීන් අයියේ... අති සුන්දරයි.....මම දෙවනි ගමන......

      Delete
  4. ඉතා දීර්ඝ කාලයක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීනේ පාලනයට යටත්ව තිබුණු ප්‍රදේශයක්. අපේ වීරෝදාර හමුදා සෙබළුන් සෑහෙන පිරිසක් දිවිපුදා සටන් කල ප්‍රදේශයක්. අද මේ විදිහට සාමාන්‍ය ජනතාවට විවෘතවී තිබෙනු දැකීම සතුටක්. අපේ රණවිරුවන්ට උපහාරයක් වේවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන්..... අපි තවමත් ඒවයේ නටබුන් දකිනව...

      අපි තව ගියා වාකරේ යුද හමුදා කෑම්ප් එකට...

      තව අපි දැක්ක මග දෙපස ඇති යුද සිහිවටන.... ඇත්ත මචන්... අපේ රණ විරුවන් නොසිටින්න අපි අද බ්ලොග් ලියන එකක් නෑ....

      Delete
  5. ජීවිතේ සුන්දරයි කියල හිතෙන්නෙ ඔහොම ට්‍රිප් එකක් යන කොට තමයි නේද...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ.... තව ගමනක් ගියා අපි ලගදි ඒකත් දාන්නම්කෝ..... මගේ රස්සාව හැටි ඔහොම තමා.... රට වටේ ගියත් ඇවිදින්න බෑ.... යන එන ගමන් ගන්න පොටො ටිකක් තමා....

      Delete
  6. අර වෙලෙ වතුරද බන් උඹලා පිරිසිදු කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ වෙලක් නෙමෙයි බොලේ.... ඒක තමා මහවැලි ගග....

      Delete
  7. "ඉච්චලම්පත්තු" මාත් ඇහුවේ අදමයි, දිගටම ලියන්න ...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට බොහොම තුතී....


      ඒක මචන් තියෙන්නෙ ට්‍රින්කො යන පාරෙ.... පට්ට ලස්සන පැත්තක්... මම තව ගමනක් ගියා... ලගදිම දාන්නම්කෝ....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)