නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

8 උකුලට නාවත් එදා වගේ... මා පොඩි පුතු අම්මේ....

ඇත්තටම ජීවිතේ කියන්නෙ හරිම පුදුම සහගත දෙයක්.... අපි කොච්චර කිවුවත් අපි ඉන්නෙ සතුටින් කියල ඒක බොරුවක්... ඇත්තම කිවුවොත් හැමෝම තමන්ගෙ හිතේ තියෙන දුක පිට අයට පේන නිසා වෙන කට්ටියට පේන්න මූනිච්චාවට හිනා වෙනව... මම හරිනේ... මමත් එහෙමයි.... මගේ ජීව්තේ ආයි මම තනි වෙනවා... ටිකක් ලොකු කාලයකට... ඒ කියන්නෙ අවුරුද්දකට... අපෙ අම්මයි අක්කයි රට යනව... අම්ම අයිය ලගට සහ අක්ක එයාගෙ හස්බන්ඩ ලගට... මොනව කරන්නද?? 





 මේ හිනාව හැමදාම තියාගන්න අම්මේ....






ජීවිතේ හැටි ඔහොම තමයි.... මම බොරුවට හිනා වෙලා අම්මට කිවුවත්  " පට්ටනෙ අම්මෙ අම්ම යන එක මම විතරයි ගෙදර ඉන්නෙ... පට්ටම ෆන් එකක් දන්න පුලුවන් මට... පාර්ට් දාන්න පුලුවන්, රවුන් ගහන්න පුලුවන් කියල" ඇත්ත දන්නෙ, හිතේ තියෙන දුක දන්නෙ මම විතරයි අම්මේ... 


උදේට නැගිටල කාට කියලද මම තේක හදාගන්නෙ... කාවුද මට උදේට කෑම උයල දෙන්නෙ... කවුද මම ලෙඩ උනොත් මගේ ලගට වෙලා රෑ එලි වෙන්කන් නැගිටල ඉදල බෙහෙත් වෙලාවට පොවන්නෙ... 

මම දන්නව අම්මේ අම්ම ඉන්නෙ ලෙඩ වෙලා... ඒක හොද කරන්න බෑ කියලත් මම දන්නව අම්මෙ... ඒක නිසා තමා අම්මේ අයියා අම්මව එහාට ගන්නෙ.... මම ඔක්කොම දන්න නිස තමා අම්මගෙ හිත රිද්දවන්නෙ නැතුව අම්මට සතුටින් යන්න කියන්න මම බොරුවට මම සතුටින් කියල අග වන්නෙ.. නමුත් අම්මෙ මම දන්නව අම්මට ඒව තේරෙනව කියල...මොකද අම්ම මගේ නිස... මම ගැන දන්න නිසා...මම දන්නව අම්ම පට්ටම ආසයි රට යන්න... 


මම දන්නව ඒ යුතුකම මට ඉටු කරන්න කාලය මදි අම්මේ... මම අයියගෙ කකුල් දෙක අල්ලල වදින්න වටිනව අයිය අම්මව එහෙට ගන්න එකට... එයා එහේ ගිහිල්ල දික් විදින හැටිත් මම දන්නව.... අපි හැමෝම මේ දුක් විදින්නෙ අම්ම සතුටින් තියන්න කියලත් අම්ම දන්නව.. අම්මේ ගිහිල්ල සතුටින් ඉන්න.... මම දන්නව කොච්චර කිවුවත් අම්ම අවුරුද්දෙන් එන්නෙ නෑ... අයියා අම්මව එහේම තියා ගනීවි... මොකද අම්මට සතුට,සැප මට මෙහේදි අම්මට දෙන්න බැරි නිසා.... 

අනික මගෙ අම්ම වෙනුවෙන් කැප වෙච්ච වෙන පවුලක් ඉන්නව... ඇත්තම කියනවනම් සැමියෙකුගෙන් නැති යුතුකම් ඒ පවුලෙන් අම්මට නොවඩුව ලැබෙනවා... 


අම්මේ මට පාලුව දැනෙනවා තමා...මොනව කරන්නද?? දුක තමා රන්ජනී... මම අම්මට හැම තිස්සෙම කියන කතාව.... අම්මේ අම්ම කවද ආපහු ලංකාවට ඒවිද දන්නෙ නෑ... මට ටික කාලයක් යද්දි තනිකඩ ජීවිතයට හුරුවේවි.... එතකන් පොඩ්ඩක් දුක් විදින්න වේවි අම්මේ.... 

මට මතක් වේවි හවසට තේකක් බොන්න මම එනකන් මග බලාගෙන ඉන්න අම්මව... ගේට්ටුව ලග ඉදන් කෑ ගහගෙන දොර ලගට ඇවිල්ල දොර ගලවන්න හදන හැටි... ඒ වෙලාවට අනිත දවසෙ දොර ගලවල දෙනව කියල බනින හැටි... මම ආපු ගමන් තේක හදන්න කුස්සියට දුවන හැටි...



ඕව මම කොහොම අමතක කරන්නද අම්මේ.... කොහොම හරි අමතක කරන්න ඕන නේ... නැත්තම මට ඉන්න බැරි වේවි අම්මේ... අම්මල දඹදිව ගිය ටිකේ හිටිය අමාරුව දන්නෙ මම විතරයි අම්මේ... රෑට කෑගහල අඩන්න හිතුනු වාර අනන්තයි.... දැන්නම් මැරෙන්න හිතෙන වාර අනන්තයි... 


මම ඊයෙ පෙරීද ලෙඩ වෙලා කාමරේ ඉදිද්දි, මගේ ලගට පඩි නැගගෙන ඇවිත් අමාරුවෙන් මට ඇහෙන්නෙ නැති වෙන්න හති ඇරපු හැටි... "මේ පැත්තෙ තවත් ආවොත් මම යනව පාරට" කිවුවත් ඊ ලග බෙහෙත් වාරෙ එනකොට ලග හිටියෙ ආදරේට අම්මේ... අනික මම බැන්නෙත් අම්මට ආදරේට අම්මේ...



අනික මට කන්න බොන්න බැරුව ඉන්න වෙලාවෙ මට දැනෙන්නෙවත් නැතුව සේලයින් කට්ට ගහල සේලයින් දීපු හැටි... අනික මම අම්මට ලගට එන්න එපා කියන්නෙ අම්මට හැදුනොත් අම්මට හොද කරගන්න අමාරු නිසා අම්මේ... ඒක අම්මත් දන්නව ඇති නේද අම්මේ... කොහොම හරි අම්ම්ටත් ඒ ලෙඩේම හැදුන...නමුත් අම්ම කරපු පූරුවෙ පිණකට  අම්මට වැඩිය අමාරු උනේ නෑ.... 


අම්මේ අම්මගෙ ගුන කියන්න, අම්මගෙ ජීවිත කතාව කියන්න මට මේ බ්ලොග් මදි අම්මේ.... නෑ කවදක හරි මම අම්මෙ අම්මගෙ ජීවිත කතාව ලියනව.... මට මතක ඇති කාලෙක ඉදල.... ඒක මේ ලෝකයාම දැන ගන්න ඕන... අම්මේ අම්ම වගේ කෙනෙක්ට හරි යන්න ඕන මිසක් වරදින්න විදියක් නෑ.... මට හිතෙන්නෙ උඩ ඉන්න වුන්ට වැරදිල....



අම්ම විදපු දුක, අපිට කවදාවත් අමත වෙන්නෙ නෑ.. ඒකයි අම්මේ අම්ම රට යවන්න හදන්නෙ.... අම්මගෙ එක ආසාවක් නෙ ඒක.... අපි අම්මේ සපුරන්නෙ එක ආසාවයි, නමුත් අම්ම ඒ වගේ අපේ කීයක් ආසාවන් පිරිමැසුවද?? ඒව මට අමතක නෑ අම්මේ.... මට අම්මව කෝහේ හරි ට්‍රිප් එකක් එක්කගෙන යන්න ආසාවෙන් හිටියත් අම්මගෙ අසනීපෙත් එක්ක අම්මට මහන්සි වෙන්න හොද නැති නිසා ඒක හිතෙන් ඇත් ඇරිය අම්මේ... මම දන්නව අම්ම කොච්චර ආසද ටෙන්ට් එකක් ගහගෙන කැලේක ඉන්න... මොනව කරන්නද අම්මේ.. මේ කාලකන්නි ජීවිත අපි නෙමෙයි අම්මේ කන්ට්‍රොල් කරන්නෙ...අපිට බෑ ඒක කරන්න.... 



අපේ ජීවිත අපිට අයිති නෑ අම්මේ.... ඒක අයිති උඩ ඉන්න උන්ට... උන් තමා තීරනය කරන්නෙ මොකාද හොද එකා කියල.... ඒකෙන් අම්මෙ අපිට මෙහෙම උනේ.... අපි කරපු පූරුවෙ කරුම වෙන්න ඇති අම්මේ අම්ම කියනව වගේ.... 

අම්මේ මේක අම්මට කවදක හරි පෙන්නනව... අම්මේ අම්ම ගැන ලියන්න කරුණු මට හිතට එන්නෙ නෑ අම්මේ ... මොකද මාරම දුකක් හිතේ තියෙන්නෙ... අපි හැමෝම පවු කරල ඇති අම්මේ වෙන් වෙන්න... අනික හැමෝම පොඩි හරි පිනක් කරල ඇති අපි හැමෝම පවුලක් විදියට ඉන්න එකට... 



අනික මම ගොඩක් ලොකු පිණක් කරල ඇති අම්ම ව්ගේ කෙනෙක් මගේ ජීවිතේ ඉන්න එකට... මම ඒකට විතරයි උඩ ඉන්න දෙවියොන්ට පිං දෙන්නෙ... වෙන එහෙකටවත් දෙන්නෙ නෑ.... මම මගේ ජීවිතේ ලබාගත්තු හැම දේකටම මුල මගෙ අම්ම කිවුවොත් නිවැරදියි.... අනික මම හැම දෙයක්ම කියන්නෙ අම්මට.... අම්මත් එහෙමයි.... මම අම්ම හින්ද කොච්චරවත් රන්ඩු වෙනවද... ගෙදර උන් එක්කම තමා... අනේ දැන් ඒව කෝ... 


අම්මේ කෙනෙක්ගෙ උවනමාව දැනෙන්නෙ ඒ කෙනා ලග නැති උනහම අම්මේ.... ඒක මට තව ටික කාලෙකින් ලැබේවි.... එක ලැබෙනකන් මම බලාගෙන ඉන්නව... මොකද  මට ඒක ලැබෙන්නම ඕන දෙයක්  නිස... අම්ම දන්නෙ නෑ අය්ය ගියාට පස්සෙ මගෙ පිට පවුලෙ බර වැටුනම මම විදපු දුක... අනික අම්මත් එහෙමයි....




" අම්මේ මේ දැන් අම්ම කතා කරේ රට යන එකට ඩොකියුමන්ට් හරිද කියල අහන්න... අම්ම කොච්චර සතුටින් කතා කරාද?? නමුත් අම්මේ අම්ම දන්නෙ නෑ මගේ හිත කොච්චර අඩනවද කියල.... කමක් නෑ අම්මේ... මම අද අම්ම කියපු ඔක්කොම වැඩ ටික කරල දෙන්නම්.... මම මග දිගට කොච්චර ඇඩුවත් මම ගෙදර එන්නෙ හිනා වෙලා අම්මේ.... අම්මගෙ මූන බලන්නෙ හිනා වෙලා අම්මේ... විහිලු කරන්නෙ හිනා වෙලා.... සුංටු එක්ක සෙල්ලම් කරන්නෙ හිනා වෙල... මම කොච්චරවත් හොරෙන් ඌට කියල ඇත්ද අපි දෙන්න විතරයි තව ටික කාලෙකින් කියල.... ඌට ඒක තේරෙන නිසා තමයි වෙනද දවල්ට අවලමේ යන සුංටු මේ ලගදි ඉදල අම්ම ලගින් හෙල්ලෙන්නෙ නැතුව ඉන්නෙ... අම්ම කොච්චරවත් කියනවද මට සුංටු ලෙඩ වෙලාද කොහෙද කියල... නෑ අම්මේ ඌටත් දරාගන්න බැරිව ඇති.. ඌ සතෙක් උනාට මොලයක්, හදවතක් තියෙනව අම්මේ... අපි කියන කරන දේ තේරෙනව අම්මේ.... ""


අම්මේ පරිස්සමින් ගිහිල්ල එන්න... කමක් නෑ නාවට... මම හරි එන්නම් අම්මව බලන්න.... කවදක හරි.... කොයි වෙලාවක හරි.... මම දන්නවා අම්ම සතුටින් යන්නෙ කියල... මම කවදාවත් ඒ සතුට නැති කරන්නෙ නෑ අම්මේ... ගිහිල්ල හොද ෆන් එකක් ගන්න.... අම්මට මම හැමදම කතා කරන්නම්.... මට බය නෑ අයියා ඉන්න නිස... අයියා අම්මව මැනිකක් වගේ බලාගනීවි... අපිට වඩා හොදින් බලා ගනීවි.... අම්මට බුදු සරණයි..... තෙරුවන්ගේම සරණයි....




උකුලට නාවත් එදා වගේ... 
මා පොඩි පුතු අම්මේ....
යොදුනක් ඈතින් උන්නත් මා....
මා ඔබ ලග අම්මේ......

8 comments:

  1. ඇඩුනා අප්පා.. :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතට ආපු දුක රජෝ... හිතේ තියෙන දුක දරාගන්න අමාරුයි....

      Delete
  2. හදවත පතුළටම වැදුණා මේ සටහන..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ මම මේ දවස්වල විදවනව නලීන අයියේ....

      Delete
  3. ඇත්තටම කියා ගන්න දෙයක් හිතා ගන්න බෑ..... ඔයාගේ හිතේ තියෙන දුක හොදට තේරෙනවා ඔයාගේ වචන වලින්... ඒත් අපිට සමහර වෙලාවට අනිත් අයගේ සතුට වෙනුවෙන් අපේ සතුට නැති කර ගන්න වෙන අවස්ථාවල් තියෙනවනේ.... ඒ නිසා හිත හදා ගන්නවා ඇර කරන්න දෙයක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සමනලී.... නමුත් හිතට එන පාලුව, කාන්සිය දරාගන්න එක තමා අමාරු...

      Delete
  4. අම්මා සතුටින් ඉන්නවා නම් ඔයාට සතුටු වෙන්න පුලුවන් නේද..ඒත් මේ වෙලාව හරි අමාරුයි කියලා අපිටත් තේරෙනවා.හිත හය්යෙන් ජීවිතේට මූණ දෙන්න සෝයුරේ!!

    ReplyDelete
    Replies
    1. අම්මව සතුටින් තියන්න තමා වර්ශා මම මෙච්චර දුක් විදින්නෙ....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)