නිතර දෙවේලේ යන එන තැන් ....

Wednesday

14 අපි ගියානෙ සයිට් විසිට්....

අපි ගෙදරින් ගියේ උදේ 4.00 ට විතර... මගදි හොදට සප්පායම් වෙලා එහෙම ගියේ... බඩගින්නෙ රාජකාරි කොරන්න බෑනෙ.... 

අපි ගියේ නුවරට ගිහිල්ල 180 වංගු වලින් හසලක ගියා..... 

මෙන්න මෙතන් ඉදන් බැලුවම 18 වංගු පේනව කියල ඩ්‍රයිවර් උන්නැහේ කියපු නිසා ගියා බලන්න... මොන කෙහෙල් මලක්වත් පේන්නෙ නෑ.... උබලට පෙනුනද??  








පොඩ්ඩක් අපේ සයිට් එක ගැන විස්තරයක් දෙන්නම්කො.... මෙන්න මෙහෙමයි...

මෙන්න අපේ පාරවල් 03  

01. හසලක - හෙට්ටිපොල පාර  

02. හෙට්ටිපොල - හදුන්ගමුව පාර 

සහ 

03. ලග්ගල - පල්ලෙගම පාර

ඔක්කොම දුර කිලෝ මීටර් 37.5 ක්.. උපරිම ලස්සන පැත්තක්... පින්තූර වලින් පේනවනේ.... මේක හදන්න පිරිවැය 7 බිලියන් යනව.... 1 බිලියන් අපේ ඇමති තුමාලට දෙන්න ඕන.... නැත්තම් අපිට කොයින්ද ප්‍රොජෙක්ට්.... මේකෙ පාර දෙපැත්තෙ ඇලක් තියෙනවා...මේ පාරෙන් තමා නකල්ස් වගේ ලස්සන කදු පංති රාශියකට යන්න තියෙන්නෙ.... ගැමි පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක්...

මෙ තමා සයිට් එක... පට්ටම ලස්සන පැත්තක්....













 අනික මේ පාර ඉවර වෙන්නෙ වස්ගමුව ජාතික වනෝද්‍යනයේ පිවිසුම් දොරටුව අභියසින්.... 











 අනික කියන්න බැරි උනා.... මම දැකපු මුල්ම පාලමක් තුලින් (ඒ කියන්නෙ පාලම ඇතුලෙන්) වාරිමාර්ග ඇලක් ගමන් කරන පාලමක් අපේ පාරෙ තියෙනවා... ඇත්තටම පුදුමයි... ඒත් ඇත්තයි.... බොරුනම් මේ බලන්නකො....


 මෙන්න ඇල... 



 මෙන්න මෙතනින් තමා ඇල පාලම ඇතුලට යන්නෙ.... 


 මෙන්න මේක ඇතුලෙන් තමා ඇල යන්නෙ... 



 මෙන්න පිට වෙන තැන...



අපි එන ගමන් පොඩි කඩයක් ලග නැවතිල එලවලු ගන්නත් අමතක කලේ නෑ.... 








කොහොමත අපි රෑ 12.00 විතර උනා ගෙදර එද්දි... 



ප.ලි. අපි මේ ට්‍රිප් එක ගියේ 2013.04.24.. දැන් මාසයකටත් කිට්ටුයි... මට හදිසියෙ මතක් උනේ හෙට අපි ආපහු යනව දවස් 02 කට එහේ... රිපොර්ට් එකක් හදන්න සහ මීටින් වලට... ඒකෙ පින්තූරත් දාන්නම්කෝ....

14 comments:

  1. Aththatama 4tos tika godak lassanay..........................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතීයි යාලුවා....

      Delete
  2. අගනා පිංතුරත් එක්ක හොද කතාවක්.... අපේ රටවල හැටි ඔහොම තමා... ඇල ගාව විස්තර තව ටිකක් දැම්මනං මරු...ඒත් දැනටත් ඉතාම පැහැදිලිව පේනවා එතැන වෙන දේ..

    ReplyDelete
    Replies
    1. නලීන් අයියේ ඇල ගැන මම වැඩි විස්තරයක් දන්නෙ නෑ.... මම ආපහු යනව ලබන සදුදා... එතකොට හොයාගෙන ඇවිත් දනාන්නම්....

      Delete
  3. කාලෙකින් යන්න බැරි උන ගමනක් එක්ක ගියාට ඉස්තුති

    ReplyDelete
    Replies
    1. එලකිරි.... අපි ආපහු යනව... තව ඉස්සරහට දාන්නම්කො....

      Delete
  4. නියම පොටෝ සෙට් එක ඈ..එල!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූටියි රජෝ....

      Delete
  5. සිරාවටම පට්ටම ලස්සන පලාතක් මචෝ!

    ReplyDelete
    Replies
    1. සැබැහින් බලන්න ඕන මචං ඒ පැත්තෙ ලස්සන... පට්ටම ගති....

      Delete
  6. ෂෝක් රස්සාව තමයි හැබැයි නේද..???

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ.... රට වටේ යන්න පුලුවන්....

      Delete
  7. ෂහ්.... සොඳුරු ඇහැක් තියෙන කොල්ලෙක්. තනිකඩ කාලෙ දි නම් කියාපු රස්සාවක්.රට වටේ ඇවිදින්න. ඒ වගේම ඔයා වගේ ඕනිම දේක ලස්සනක් දකින්න පුලුවන් කෙනෙක්ට ඇවිදිනවයි කියනෙක සතුටක්.... හොඳ රස්සාවක් කරන්න පුලුවන් නිසා හැකි වුනු විගස හොඳ කැමරාවක් ගන්න. ඔබට තව තවත් දකින දේ රස විඳින්න පුලුවන් වෙයි වගේම , තමා දකින සුන්දරත්වය අනිත් අයත් එක්කත් බෙදා ගන්න ඔයාට පුලුවන්......

    මාත් කසාද බඳින්න හෙව්වෙ රට වටේම ඇවිදින රස්සාවක් කරන කෙනෙක්...හැබැයි ඒ මටත් එයාත් එක්ක යන්න පුලුවන් නම් විතරයි.

    ලස්සන බ්ලොග් එක මල්ලි...එහෙනම් ආයිත් එන්නේ ඊළඟ ටුවර් එකේ පින්තූරු ටික බලන්න හිතානමයි හරිද....එහෙනම් සුබ ගමන්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මගේ ගෙදර පත්තෙ ආවට....අනිවාර්යයෙන් අයියේ නියම ජොබ් එක... කියල වැඩක් නෑ.... අනිවාර්යයෙන් තව ටික කාලෙකින් හොද කැම් එකක් ගන්න ඕන....

      මගේ වෙන්ට වයිපරෙත් මම වගේමයි.... ඒක නිසා අවුලක් නෑ.... ඔය යන යන තැන එයත් යනව....


      ආයි කොහේ හරි ගියාහම අනිවාර්යයෙන් විස්තරයක් දාන්නම්...
      අනිව මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)