ඇත්තටම 2013 කියන්නෙ හරිම තීරණාත්මක වසරක්... එක අතකින් හොද දේවල් ගොඩාක් උනා... තව අතකින් නරක දේවල් ගොඩාක් උනා.... ඇත්තටම ජීවිතේ එපා වුනු අවස්තාවල් එමටයි...
තවත් සිද්දීන් ජීවිතය ජීවත් කරවන්න සමත් උනා... ඒ සිද්දීන් එක්ක ආපහු වැටුණ තැනින් නැගිටින්න අවස්තාවක් කර ගත්තා...
මම 2013 අවුරුද්දෙ ලොකු වැඩකට අත ගැහුව.. ඒ වැඩේ 90%ක් විතර සාර්ථකයි... ඉතිරි හරිය 2014 ට ගෙනියන්න තමා හිතාගෙන ඉන්නෙ....
තව විශේෂ සිදුවීමක් උනේ මේ දැන්... ඒ කියන්නෙ - 2013.12.30 පෙ.ව. 10.00 ට..
මොකද්ද බොලේ ඒ....
මෙන්න මේකයි සිද්දිය....
මම නිකමට හිතුවා පෝස්ට් එකක් දන්න ඕන කියල... ගිහිල්ල බැලුව ඩෑෂ් බෝඩ් එක... මෙන්න බොලේ දැනට මම 49 ක් පෝස්ට් ලියල.... සතුට වැඩි උනා... සුටුස් ගාල ලියන්න ගත්තා පෝස්ට් එකක්...
අනික තමා ඊයෙ මගේ මොන්ටිසෝරි කාලෙ ඉදලම 05 වසර දක්වා මගෙත් එක්ක එකම පාසලේ, එකම පංතියේ ඉගෙන ගත්ත මගේ බුදු පිට් එක කතා කලා.... ඌ හෙන ගේමක් දීල මගේ නම්බර් එක හොයාගෙන කතා කරේ.... ඇත්තටම හෙනම සතුටුයි....උගේ නම තමා ධනුෂ්ක....
මෙන්න මේ තියෙන්නෙ මම උන් ගැන ලියපු එක...
එපාම කරපු කාලෙ....
ඔන්න එහෙනම් මගේ 50 වෙනි පොස්ට් එකත් දැම්ම...
හෙනම සතුටුයි...
ඔන්න එහෙනම් මම නවතිනව....
ලබන්න වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන, සියලු බලාපොරොත්තු ඉටුවන, පවුලේ සියලු දෙනාට ලෙඩකින් දුකකින් කරදර නැති... සුභම සුභ අලුත් අවුරුද්දකට සුභාසිරි පතන්නේ...

ප. ලි. පොඩ්ඩක් වැරදුනා... බ්ලොග් ලියන දෙතුන් දෙනෙක් පවුල් වෙලා ඉන්නවනේ... මෙන්න එයාලට වෙනම ලියන්නම්...
දරුවෙකුගෙ කෑ ගැහිල්ලකින් ගේ දෙවනත් වෙන, පැටවු පිරුණු පුන්චි (පැටවු 10 ක් පමණ) පවුලක් හදා ගන්න කියලා ප්රාර්තනා කරණවා....මේක ලියන්න තේරෙන්නෙ නෑ බොල...
දරුවෙකුගෙ කෑ ගැහිල්ලකින් ගේ දෙවනත් වෙන, පැටවු පිරුණු පුන්චි (පැටවු 10 ක් පමණ) පවුලක් හදා ගන්න කියලා ප්රාර්තනා කරණවා....මේක ලියන්න තේරෙන්නෙ නෑ බොල...
♥♥♥♥♥ ගාලු සහ දෝණි ඇතුලු පවුල් දෙකේ සැම....♥♥♥♥♥♥