නිතර දෙවේලේ යන එන තැන් ....

Showing posts with label මගේ ජීවිතේ..... Show all posts
Showing posts with label මගේ ජීවිතේ..... Show all posts

Saturday

13 දින 12 කට තනි වීමි...


අද 2013.04.06 වෙනි දිනයයි... අද දින ඉදල දින 12 කියන්නෙ අලුත් අවුරුද්ද ඉවර වෙලා, දින 05 ගෙවුනට පස්සෙ, මගේ උපන් දිනය ඉවර වෙලා දින 05 ගෙවෙන තුරා මම තනි වීමි... මන්ද යත් මගේ මෑණියන්, සොහොයුරිය සහ පොඩී(ලොකු අම්මා) මා ගෙදර තනිකර අද දින නික්ම ගිය නිසාවෙන්.... 


බල පල්ලා මම මේ දවස් ටිකේ තනියම බං ගෙදර... අපිට කොහොමත් තනිකම පාලුව විද්ල පුරුදු නිසා ඔඅට මේක එච්චර අවුලක් වෙන එකක් නෑ... නමුත් හිතට අම්බානෙක දුකයි.. මොකද අවුරුද්දට හැම ගෙදරකම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරද්දි මම අපේ ගෙදර තනියම ඉන්න නිසා... තනියම නෙමෙයි... මමයි සුන්ටුයි... අපේ හුරතලා... 



ඇත්තටම දුකයි... නමුත් වෙන්න ඕන දේවල් වෙන්න ඕන... අම්මල අපි වෙනුවෙන් තවත් දුක් විදින්න ඕනෙ නෑ.... දැන් අම්මලගෙ සෑදෑ සමය... මම දන්නව අම්ම අනිව මගේ උපන් දිනේට මට කොහොම හරි කෝල් එකක් දෙනව කියල... ඒ ඇති... යන්න හිටියෙ අම්මයි, තාත්තයි පමණයි... නමුත් කාලයේ ඇවැයමෙන් අම්මගෙ අසනීප තත්වය උඩ අක්ක සහ පොඩී යන්න තීරනය කලා.... ගෙදර තනියම ඉදල තියෙනව.. නමුත් අම්බානෙක තනිකමක් හිතට එන්නෙ.. මට හිතා ගන්න බෑ... හැම ගෙදරකම රතිඤ්ඤ්යා පිපිරෙද්දි, කිරිබත් උයද්දි, කිරි උතුරවද්දි, ගනුදෙනු කරද්දි, උබලම කල්පනා කරපන් හිතට එන හගීම ගෙදර තනියෙම ඉන්න කොට...


Tuesday

18 මගේ අවලම් ගමන....

ඔන්න මම අද කියන්න යන්නෙ මම ගමනක් ගිය එකක් ගැන .. කොහේද දන්නවද?

 මම ගියා.... අප්පොචියේ කියන්නත් ලැජ්ජයි ලැජ්ජයි වගේ... අනේ... ඔන්න මම ගියා.. මගේ...... මගේ...... අරහේ..... ( තෝ අවලම් ගමනක් ගියා නේද?) නෑ....

මම ගියා... මගේ වෙන්ට වයිපරේ ඉන්නේ... අන්න එහේ ගියා....( ඇයි තොට මාන්දමද මෙච්චර වෙලා තැටමුවෙ ඕක කියන්න...) නෑ බන් පොඩ්ඩක් ලැජ්ජ හිතුනා....

ඔන්න මම ගියේ ඊයෙ උදේ... ගෙදරින් යනකොටනම් උදේ 9.00 විතර වෙලා... නමුත් මම ගෙදර එද්දි හවස( පිස්සුද හැටිද) හවස නෙමෙයි රෑ 10.00 විතර වෙලා.... ඔන්න අම්මගෙ පොඩි පුතාගෙ අවලමේ යාම නොහොත් වෙන්ට වයිපරේගෙ ගෙදර යාම....

ඔන්න මම එහෙට යද්දි 12.30 විතර උනා... (යකෝ උබ වන්නියටද ගියේ...) නෑ නෑ බං.... මීගමුවෙනුත් එහා... වයික්කාල... දන්නව ඇති නේ... අර මැරයො ඉන්නෙ.... වනාත මුල්ල වගේ ටිකක්...

 (ප.කි. මම හෙට මේ පැත්තෙ ආවෙ නැති උනොත් පොඩ්ඩක් බලාපිය)

Monday

14 අපි ගියානෙ දෙවුරම් වෙහෙර බලන්න...


ඔන්න කතාව පටන් ගන්නෙ මෙහෙමයි... ඊයෙ ඒ කියන්නෙ 2013.03.24 ඉරිදා උදේ මට කෝල් එකක් ආව මගේ ආදරනීය, සදාදර, වදකභාර(මම ඉවරයි මේක දැක්කහම) වෙන්ට වයිපරේගෙන්... 


මෙන්න කතාබහ...


මම:- හෙලෝ... දෝනී(ආදරේට කියන නම)


දෝනි:- අද අපි ඔයාලහ එනවාද ඔක්කොමල ගෙදරද ඉන්නෙ..? 


මම:- අම්මච්චිය... සිරාවටද කියන්නෙ... මොකෝ හදිසියෙම එන්නෙ..? 


දෝනි:- ඇයි එන්න එපාද? කමක් නෑ අපි පිට මනුස්සයොනෙ... (ඉතින් ඔහොම කියද්දි ඉතින් දෙන්න පුළුවන්  දත් දෙක තුනක් බඩටම යන්න)


මම:- අය්යෝ කවුද එහෙම කිවුවෙ.. මම බලන්නද එන්නෙ... (කොහොමත් අපි එයාල එනවට කැම්තියි... මොකද කන්න බොන්න ජාති සෑහෙන්න අරගෙනනෙ එන්නෙ...ඉතින් එදට අපිට රජ මගුල්)


දෝනි:- මොකටද මම ඔයාව බලන්න එන්නෙ.... අපි එන්නෙ අම්ම බලන්න... දෙන්න අම්මට මම අම්මගෙන්ම අහගන්නම් කො...(ඉතින් බල්ල වගේ දුන්නෙ නැතැයි අම්මට.. අම්මට දුන්න කියන්නෙ මගේ හැව ඔක්කොම අම්ම අරිනව....)

Tuesday

29 මගේ යාලුවාගේ වෙඩිම...


මම හිතනව මේක කියවන්න කලින් මෙන්න මේක කියවල ආවනම්.... මොකද මියම ටික මේකෙ තියෙන්නෙ...

සොදුරුම සමය....


ඔන්න මම කියන්න යන්නෙ ඊයෙ මට හරිම සතුටු දවසක්... ඇත්තටම ගොඩක් සතුටුයි... මොකද මම මගේ යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා... ඇත්තටම මට ඊයෙ හිතුන දෙයක් තමා අපි දැන් ලොකු ලමයි කියල. ( ලමයි නෙමෙයි බාප්පල) 

දැන් ටික ටික මගෙත් එක්ක ඉගෙන ගත්තු... පිස්සු කෙලපු, ගහගත්තු, මාරගත්තු,  එක කෑම එක බෙදාගෙන කාපු(වැඩි හරියක් හොරෙන් කාපු ), එකට මා දං කඩන්න කෑලේ රිංගෙපු, කවුරුවත් පාව නොදී හැමෝමා එකට ගුටිකාපු, ගිනිගහන අවුවෙ දනගහගෙන ඉදපු යාලුවො දැන් බදින්න තනියම පෝරුව උඩ ඉදිද්දි හිතට එන දුක කොහොම පිට කරන්නද? ඇත්තටම මාරම දුකක් හිතට ආව... දැන් ඉස්සර වගේ ඉන්න බෑ අපිට.. දැන් එයා වෙනම පවුලක්.. කොච්චර නෑ කියල කිවුවත්.. අපේ හිතට දැනෙනව, අපි ඒක පිලිගන්න කැමති නෑ... අපි තාමත් කැමතියි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙට.. දැන් මට ඒ යාලුවට කොහොමද මචන්, උබ, බන් බොලන්, කියල කතා කරන්නෙ.. දැන් කතා කරන්න වෙන්නෙ හායි, ඔයා, නැත්තම් නම කියල... ඇත්තටම දුකයි... මොනව කරන්නද? ඒ කාලෙට අපිත් එන්න වෙනවනෙ... කියල වැඩක් නෑ.. 

පට්ටම පාර්ටි එක... කියලා නිම කරන්න බෑ... යාලුවො ගොඩාක් ආව... ගොඩ කාලෙකින් හම්බ උන යාලුවොත් හිටියා... 


Saturday

38 නැවතත් නරකාදියට...

ඔන්න යාලුවනේ මගේ ජීවිතේ අවසානය කරා ටික ටික ලං වෙනව...  මෙන්න ඉස්සර ජීවිතේ .....


01. පප්ප බයිසිකලය...02. එපාම කරපු කාලෙ....03. සොදුරුම සමය....


මෙන්න මේවත් බලල ඉන්නකො බලපු නැති උදවිය...


 ඔන්න මම ඕලෙවල් පාස් වෙලා.... ඒ ලෙවල් කොරන්ට හිතාගෙන කොලඹ ඉස්සර ගියපු පාසලට නැවත පැමිනියා... මේ පාර මට මේ ජීවිතෙන් ගැලවිලා යන්න විදියක් නෑ කියල හිතුනෙ මම ගාල්ල නගරෙට ඇවිත් කොලබට එන බස් එකේ නැග්ගම... මට සමු දෙන්න අපේ පාසලේ යාලුවො ටික, මිස්ල සර්ල එකතු වෙලා පොඩි පාටි එකක් දැම්ම...



( විශේෂයෙන් කියන්න දෙයක් තියෙනව... තාමත් උප විදුහල්පතිව ඉන්න සෝමරත්න ගුරු පියානන් මට ලගදි... (ගිය සතියෙ) කෝල් කරල ඉස්කෝලෙට ඇවිත් යන්න කිවුව.. අපේ ඉස්කෝලෙ ස්පොර්ට් මීට් එකලු... 2013.02.15 දා... තව දෙයක් මට සර් කිවුව.. මට ඇත්තටම ඇඩුන... ඒ සර් මෙන්න මෙහෙම කිවුවෙ..


" අනේ පුතේ අපිට දැන් යන්න කාලෙත් හරි නෙ... අපි ආසාවෙන් ඉන්නෙ පුතාල ටික බලන්න... කොහොමහරි එන්න... නැත්තම් කවද හමුවේද කියල දන්නෙ නෑනෙ... හැමෝම ආසාවෙන් ඉන්නෙ ඉස්සර හිටපු ළමයි ටික බලන්න... අපි හැමදාම අනිත් ළමයිට කියන්නව මෙන්න මෙයාල වගේ හැදෙන්න.. හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න කියල..." ඒ සර් මගෙන් තව විස්තර ගොඩාක් ඇහුව... මට මතක හැටියට පැය බාගයක්වත් කතා කරන්න ඇති....)


නමුත් මේ කාර්යබහුලත්වයත් එක්ක මට නිවාඩු ගන්න බෑ.... ඒක නිසා මට යන්න උනේ නෑ... මගේ යලුවොනම් ඇවිත් තිබුන....


දැන් පල් හෑලි කියෙවුව ඇති නේ.... ඔන්න මම ආපහු කතාව පටන් ගන්නව...
ඔන්න මට ගාල්ලෙන් යන්න කාලයත් උදාවුනා... මම අනන්තවත් යන්න බෑ කියල අඩල තියෙනව.. මගේ යාලුවො අපේ අම්මට තාත්තට ඇවිල්ල කියල තීයෙනව මම කොලබ එක්කරගෙන යන්න එපා කියල... නමුත් කොහොමෙන් කොහොම හරි මට කොලබට යන්න උනා....


මම ආපහු මම ඉස්සර ගියපු ඉස්කෝලෙටම ඒ ලෙවල් කරන්න ගියා... එතකොට මම ඒ පාසලට අලුත්... ඒකෙ ඉස්සර ඉදන් හිටපු අය අපිට රැග් දෙනව,, ඇත්තටම මට ඒ පාසල මුල් අවුරුද්ද යනකම් එපාම කරපු පාසලක් බවට පත් උනා... මට මැරෙන්න හිතුනු වාර අනන්තයි... තනියෙන් බෝඩ් වෙලා... එපාම වෙලා තිබුනෙ.... නමුත් මගේ ජීවිතේ එහේට හුරු උනා... මට යාලුවො ඇති උනා... නමුත් මට මුල කියන දේ අමතක උනේ නෑ... තාමත් නෑ.... මට ගාල්ලෙ යාලුවන්ව මතක් වෙලා බෝඩිමේදි ඇඩුනු වාර අනන්තයි... තනිකමෙන් හිටපු අවුරුද්දක්... මම කොහේ කියල යන්නද...  ඉස්ස්කෝලෙ ගියා ... පාසල් ගියා... බෝඩිමට වෙලා නිදියනව.... ඉස්සර කොම්පීටර තිබුනෙත් නෑනෙ.... ඔන්න ඔහොම තමා පලවෙනි වසර ගෙවුනෙ....


මට කියන්න අමතක උනානෙ.... මට යාලුවෙක් හිටිය හොදම එකෙක්.... ඔන්න ඒකත් අහ ගන්න......


ඔන්න මම කොලබට ආපු අලුත මම පන්ති ගියේ ගම්සභා හංදියෙ තියෙන සුභද්‍රාරාමයට. ඒකෙ ගිණුම්කරනය කලේ සුපුන් වික්‍රමසිංහ ගුරු පියානන්.. ඔහුට වයස 25 ක් විතර ඇති... ඔහුගෙ මල්ලි කෙනෙක් ආව ඔය පංතියට... ඔහුගෙ නම සජිත්...ඔහු තමා මගේ හොදම යාලුව ( දැනටත් අද වනතුරු).. මම මුලින්ම ඒ පංතිය පටන් ගත්තු දවසෙ ගියෙ නෑ... ඊට පස්සෙ සතියෙ තමා ගියේ....එදා මට මග ඇරුනු නෝට් ටික ඉල්ල ගත්ත... අපි හිටියෙ ඉස්සරහම පේලියෙ... මුල් මාස දේකේ හිටියෙ ලමයි 10 ක් විතර.. පස්සෙ පස්සෙ වැඩි උනා... ඔන්න  මගේ යාලුව ගැන විස්තරයක්..



උගේ නම සජිත් ...
ඉස්සර හිටියෙ පැපිලියාන පැත්තට වෙන්න...
උගේ ගෙදර ඉන්නෙ අම්ම තාත්ත නංගි...
ඔන්න ඔහොමයි පවුල...
දැන් ඉන්නෙ හෝමගම පැත්තට වෙන්න...
ඌ ගියේ ඉසිපතනෙට...


තව විශේෂ කතාවක්...


සජියගෙ අම්ම මට මෙහෙම කිවුව ලගදි දවසක. " ඔයා දන්නවද පුතේ ඔයා තමයි මුලින්ම අපේ ගෙදරට සජියගෙ යාලුවෙක් කියල ආවෙ.. මෙච්චර කල් එයාගෙ යාලුවෙක් අපේ ගෙදරට ඇවිත් නෑ කියල...'' මට හික් ගැවුනා.... අඩෝ මම එච්චර ඩයල් එකක්ද කියල...
""""""මට තව මොනව හරි කිවුවනම් මට 100% ශුවර් මම මුරුංග් අත්තෙන් බිමට වැටෙනව.. මොකද මම එතකොටත් හිටියෙ.. අග්ගිස්සෙ..."""""


ඔන්න ඊට පස්සෙ මට ඉස්ස්කෝලෙත් යාලුවො සෙට් එකක් සෙට් උනා.   මට තාම මතකයි මම ඉස්කෝලෙ ගුටිකාපු තරම්... අනේ මන්ද මොකට ගුටි කෑවද කියල... මට දැන් ඉන්න ඉස්කෝලෙ සෙට් එක.. උනුත් දැන් මගේ හොදම යාලුවො බවට පත් වෙලා. කාලයේ ඇවෑයමෙන්..




                                                  

01. විරාජ්
02. සජිත්
03. චමිර
04. පී.ටී
05. ගිහාන් ... ඌ දර්මපාලෙ(කොට්ටව)



 ඔන්න දැන් ඉන්න සෙට් එක... සජිය දැන් ඉන්නෙ නැවක සෙකන්ඩ් ඔෆිසර් කියන තනතුරේ.. ඌ දැන් ලබන මාසෙ ලංකාවට පය තියනවලු... ඌ තමා අපේ සෙට් එකෙන් වාසනාවන්තම එකා... එකා උනාට ඌ යකා...ඔන්න මගේ යාලුවො.. දැනට කොලබ යාලුවො ඔච්චරයි... මම කියන්නෙ බොක්කෙ.... නැත්තම් ඉන්නව හැට හුට හමාරක් විතර....
අපි සෙට් එකම ඌ එනකන් මග බලාගෙන ඉන්නෙ... මල් ගල් ගහල පිලිගන්න....

අපේ සෙට් එක දැන් ඉතාම හොද තත්වෙක ඉන්නව.... පුලුවන් පුලුවන් වෙලාවට හමුවෙනව..
මේන් අපි කොරපු පිස්සු වැඩ...

මේ ඉන්නෙ අපේ පාසලේ යාලුවො සෙට් එක සහ පාසල... 

මෙන්න මම කියපු පංතිය... මේ ඉන්නෙ අපේ ගුරු ජී... මේ ඔහුගෙ කාර් එක... මම හිතෙන විදියට මමද කොහෙද ඔය කාර් එක පැද්දෙ ( ලමයෙක් වශයෙන්).. 
මූ තමා අනුරාධ.. ඉන්නෙ රත්මලානෙ... අමු පිස්ස.. පට්ට ගති ඩයල් එක...
මෙන්න සජිය.. සර්ගෙ මල්ලි....
එක බත් පත බෙදාගෙන කාපු කාලෙ... ඇත්තටම සුන්දර මතකයන්... හැබැයි සතුටු වෙන්න කාරනයක් තියෙනව.. තාමත් ඒ පුරුද්ද නැති වෙලා නෑ... තාම අපි ඔහොමම තමා... මස් කෑල්ලට හරි බිත්තරේට හරි තමා මුලින්ම පනින්නෙ...
මේ ඉන්නෙ ඕශි... සහ පබා.... මුන් දෙන්නම කැම්පස්.. එක්කෙනෙක් ඉන්දියාවෙ... 
ඔන්න පිරිමි පුලුටු ටික ( මුල්ම අවුරුද්දෙ)
මේ ඉන්නෙ ප්‍රබෝද..( අමු පැනිය) ජොබ් විතරක් කරා 500ක් විතර... මූට එක තැනක ඉන්න බෑ මාසයක්... දැන් කොරියා කියල තම ආරන්චිය.. කෙල්ල තමා දතා...ඇත්ත නම පවිත්‍රා...

මේ ඉන්නෙ මම සජිය සහ විරාජ් ගිහාන් ... මේ පාටි එක් සජිය රට යන දවසෙ සහ උගේ බර්ත් ඩේ පාටි එක..
මේ ඉන්නෙ රිලවු ටික... විරජ් මම සජිත්... නාච්චිමලේ නාන්ට ගොහිල්ල ගෙදර වතුර කපපු කාලෙ...




ඔන්න ඔහොමයි මගේ කොලබ ජීවිතේ තවමත් ගෙවෙන්නෙ... දැන් අපේ පවුලෙ හැමෝම කොලබ ඉන්නෙ...

 මගේ ජීවිතේ රසමුසු තැන් මම තව ඉස්සරහට ගෙන එන්නම්... එතකන් මම නවතිනව...




26 I Love You My dear Dony....

අද මට ගොඩාක් සතුටු දවසක්.. ඉතින් මම ඒක අපේ බ්ලොග් වල ඉන්න සහෝදර සහෝදරියන් එක්ක බෙදාහදා ගන්න හිතුව.... මොකද්ද දන්නවද?? අපේ ආදරයට අවුරුදු 02 පිරුන... අද තමයි දවස... අපි අම්බානෙක සතුටින් ඉන්නෙ... ඇත්තටම මම හිතනවා මම වාසනාවන්තයි කියල.... මොකද මගේ වෙන්ට වයිපරේ ගොඩාක් හොද කෙනෙක්....අනික අපේ ගෙදර අය මට වඩා එයාට ආදරෙයි.... එයාලගෙ ගෙදර අයත් ගොඩාක් හොදයි.. හරිම හොදයි.. මට ගොඩාක් ආදරෙයි.. මන්ද ඇයි කියල.... දැන් ගෙවල් දෙකෙන්ම දන්නව... කිසිම අවුලක් නෑ.... එයාලගෙ ගෙදර අපිත් ගියා... එයාල අපේ ගෙදරත් ආව.. මෙන්න ඒකට මම දාපු පොස්ට් එක...

ඉවසගන්න බැරියෝ....

. හුරේ.............. සතුට ඉවසගන්න බෑ.....



මම එයාට ආදරෙට කියන්නෙ දෝනි කියල... මේ ඉන්නෙ අපි දෙන්න......මම ලස්සනයි නෙ.....

Wednesday

10 සොදුරුම සමය.....


ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ මම හා හා පුරා කියල මගේ ජීවිතේ 03 ගෙනාව... මෙන්න මෙතනින් මගේ ජීවිතේ 01 මගේ ජීවිතේ, 02 බලන්න පුලුවන් බැලුවෙ නැති අයට ගොහිල්ල....


ඔන්න මම කොහොමෙන් කොහොම හරි ගාල්ලට ආව.. ඒ කියන්න මගේ උපන් නගරෙට.... (ගමට නෙමෙයි), මට එතකොට වයස අවුරුදු 14 ඒ කියන්නෙ මම 09 වසරෙ... එතකොට නිල් පාට කොට කලිසම අදින පුන්චි කොල්ලෙක්.... ඔන්න ඉතින් කතාව පටන් ගන්නව, මම ගාල්ලට ගෙන්න ගන්න කොට වසරෙ මැද වගේ... එතකොට ඉස්කෝලවලට ගන්නෙත් නෑනෙ.... අනික 09 වසරෙදි... ඔන්න ඉතින් අපෙ අම්ම, තාත්ත පන දාගෙන ඉස්කෝල හොයනව... එතකොට අපෙ අම්ම වැඩ කරපු හරියෙම තමා ගාල්ල අවට ජනප්‍රියම පාසල් ටික තිබුනෙ... රිච්මන්ඩ්, මහින්ද, ඕල්සෙන්ට්,විද්‍යාලෝක,සිරිධම්ම, වගේ පාසල් තිබුනෙ අපෙ අම්ම රාජකාරි කරපු ආයතනය අවට, ඒ කියන්නෙ කිලෝ මීටර 5 ක් අතුලත... ඔන්න ඉතින් අපෙ අම්මල අරහෙ දුවනවා, මෙහේ දුවනවා... කොහොම හරි මම පාසල් නොගිහින් මාස 4ක් විතර හිටිය, කමක් නෑ කියමුකො... කොහොම හරි හොද පාසලක් හමු වෙයි කියල හිටියා.. මම දන්නෙ නෑ... මගේ කරුමෙකටද?? පිනකටද?? කොහෙද ඉස්සෙල්ල කියපු පාසල් වලින් එකක්වත් හමු උනේ නෑ..... ( උබල හිතුව නේ හමු උනා කියල... එහෙම නෑ බොලවු... එහෙම නෑ...) කියන්න බැරි උනානෙ... අපෙ අය්ය ගිය පාසලට ද ගන්නවත් බැරි උනා... ඒක තමා තියෙන ලොකුම දුක...


Saturday

14 OUR සුංටු

කවුද බොලේ සුංටු...?? බය වෙන්න එපා.... ඒ අපේ ගෙදර ඉන්න පුස..... අද මම කියන්න යන්නෙ අන්න එයා ගැන... අපේ ගෙදර හැමෝටම වඩා තැනක් එයාට තියෙනව.... ගෙදර පොඩිම ලමය.. නොහොත් බඩ පිස්ස තමා අපේ සුංටු.... ඔන්න මම කතාව පටාන් ගන්න හදන්නෙ....
                         මෙන්න මෙයා තමා අපේ සුංටු ... ලස්සනද??

10 එපාම කරපු කාලෙ.....


ඔයාල බලාවි කො යකො මුගේ ජීවිතේ 01 කියල.. බොලේ මම ඉස්සෙල්ල කිවුවෙ.... මම දැම්මනෙ.. බැලුවෙ නැද්ද?? ඔන්න එහෙනම් මෙතනින් එකත් බලා ගන්නකො..පප්ප බයිසිකලය.
 අද කියන්නෙ ඉට පස්සෙ වෙච්ච් සිදුවීම් ටික.... මගේ ජීවිතේ කලේ ගමට හරි ලැදියාවක් තිබුනෙ... පොඩ්ඩක් නෙමෙයි පුදුම විදියට.... පරක තොටක බැහැල ගියත් මාමේ නැන්දේ කියා ගත්තු ගමන්මයි.... ඉස්සර මට මතකයි ඉස්කෝලෙ අරින්නෙ 12.30 උනාට අපි ගෙදර එද්දි 3.00 විතර වෙනව.... උබල බලයි මු පොඩි කාලෙ ඉදන් රස්තියාදු කාරයෙක් කියල....නෑ බොලවු...( ඇත්තටම බැලුවොත් රස්තියාදු තමයි නේ... ) කමක් නෑ කියමුකො.... ඔන්න එන අතරතුරේ කොරන මහලොකු වැඩ....

Tuesday

6 පප්ප බයිසිකලය.........



ඔන්න මම කතාව පටාන් ගන්නව එහෙනම්.... ඔන්න මම හැදුනෙ වැඩුනෙ කවුරුත් දන්න කියන පළාතක තමා.... ගාල්ලෙ.. ගාල්ලෙ කිවුවට ගාල්ලෙමත් නෙමෙයි.. ටිකක් ඇතුලට වෙන්න.... ඒ කියන්නෙ ගාල්ලෙ නගරෙ ඉදන් කිලෝ මීටර 15ක් විතර එහාට වෙන්න.  ඔන්න මම මේ කියන්නෙ 1996 වගේ ඉදල 2002 කාල පරාසය තුල.. මම ගියේ ගමේ ඉස්කෝලෙට... මට අයියයි අක්කයි ඉන්නව... මම තමා බාලය.. ඒ කියන්නෙ බඩ පිස්ස.....අයියයි අක්කයි ගීයේ නගරෙ තියෙන හොදම ඉස්කෝල 02 කට... මම තමා ගමේ ඉස්කොලෙට ගියේ....එතකොට අපේ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කලා.... තාත්ත බිස්නස් වැඩ..අම්ම රජයේ ඉස්පිරිතාලෙක සිස්ටර් කෙනෙක්... අපේ ගෙදර ඉදන් බස් යන පාරට තියෙනව කිලෝ මීටර 03 ක් විතර... වැඩි හරියක් යන්නෙ හැමෝම පුස් බයිසිකල් වල... ඒව ඔයාල දන්නව ඇතිනෙ....(පා පැදි) අපේ ගෙදරටම තිබුනෙ 01යි..

Friday

6 ඉවසගන්න බැරියෝ.......

මට මේ දවස් වල හරිම සතුටින් ඉන්නෙ.... මොකද දන්නවද??     මට කියන්නත් ලැජ්ජයි අනේ.... ඔන්න කියනව..... 





මගේ මහී කාන්තාව ඉන්නෙ... ඒ කිවුවෙ මගේ ආදරවන්තිය... අන්න එයා තමා.... එයාලගෙ පවුලෙ කට්ටිය ඔය එනව කියන්නෙ මේ ඉරිදා අපේ ගෙදර... ඉතින් අපි හැමෝම කඩ් මුඩියෙ ලෑස්ති වෙනව... අපිත් එහේ ගියා... ඒ වෙනුවට අපේ අහ එනව.... ගෙවල් දෙකෙන්ම වැඩේට කැමතියි..... මට පට්ටම සතුටක් තියෙන්නෙ.... මට මැරෙන්න හිතෙනව..... ඊ ට පස්සෙ අපේ පවුලෙ අය යනව එයාලගෙ ගෙදර නත්තලට. ආ කියන්න බැරි උනානෙ. එයාල ක්‍රිස්තියානි... ජයටම නත්තල්....එහේ ගිහිල්ල නත්තල සමරල එනව...... මට සතුට ඉවසගන්න බෑ....රියෝ.... මම මැරෙනවෝ..............

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)