නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

29 මගේ යාලුවාගේ වෙඩිම...


මම හිතනව මේක කියවන්න කලින් මෙන්න මේක කියවල ආවනම්.... මොකද මියම ටික මේකෙ තියෙන්නෙ...

සොදුරුම සමය....


ඔන්න මම කියන්න යන්නෙ ඊයෙ මට හරිම සතුටු දවසක්... ඇත්තටම ගොඩක් සතුටුයි... මොකද මම මගේ යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා... ඇත්තටම මට ඊයෙ හිතුන දෙයක් තමා අපි දැන් ලොකු ලමයි කියල. ( ලමයි නෙමෙයි බාප්පල) 

දැන් ටික ටික මගෙත් එක්ක ඉගෙන ගත්තු... පිස්සු කෙලපු, ගහගත්තු, මාරගත්තු,  එක කෑම එක බෙදාගෙන කාපු(වැඩි හරියක් හොරෙන් කාපු ), එකට මා දං කඩන්න කෑලේ රිංගෙපු, කවුරුවත් පාව නොදී හැමෝමා එකට ගුටිකාපු, ගිනිගහන අවුවෙ දනගහගෙන ඉදපු යාලුවො දැන් බදින්න තනියම පෝරුව උඩ ඉදිද්දි හිතට එන දුක කොහොම පිට කරන්නද? ඇත්තටම මාරම දුකක් හිතට ආව... දැන් ඉස්සර වගේ ඉන්න බෑ අපිට.. දැන් එයා වෙනම පවුලක්.. කොච්චර නෑ කියල කිවුවත්.. අපේ හිතට දැනෙනව, අපි ඒක පිලිගන්න කැමති නෑ... අපි තාමත් කැමතියි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙට.. දැන් මට ඒ යාලුවට කොහොමද මචන්, උබ, බන් බොලන්, කියල කතා කරන්නෙ.. දැන් කතා කරන්න වෙන්නෙ හායි, ඔයා, නැත්තම් නම කියල... ඇත්තටම දුකයි... මොනව කරන්නද? ඒ කාලෙට අපිත් එන්න වෙනවනෙ... කියල වැඩක් නෑ.. 

පට්ටම පාර්ටි එක... කියලා නිම කරන්න බෑ... යාලුවො ගොඩාක් ආව... ගොඩ කාලෙකින් හම්බ උන යාලුවොත් හිටියා... 































ඇත්තටම ගොඩාක් දුකයි... නමුත් දෙයක් කියන්න තියෙනව... අපි ඉස්කෝලෙ කාලෙ හිටියෙ සහෝදර සහෝදරියො වගේ... මම ඉල්ලන්නෙ හැමදාම අපි එහෙම ඉමු කියලා... උබල හැමෝම විවාහ වෙලා.. එක පවුලක් වෙයි... නමුත් අමතක කරන්න එපා ඉස්කෝලෙ කාලෙ හිටිය පවුල... ඒක සදහටම හිත් තුල හරි ඉතුරු කරගෙන ඉදපල්ල... මම ඇත්තටම යාලුවොන්ට හරි ආදරෙයි.. මගේ පන මගේ යාලුවො... අනේ මන්ද ඇයි කියල... මම ඇතුලු මගේ යාලුවො ප්‍රාර්තනා කරනව උබල දෙන්නට සුභ අනාගතයක් කියල... ( ළමයි 10 12 ක් හදල, හැදුවට කමක් නෑ.. කන්න දීපල්ල...) 


මම උබලට මඩ ගහන්න නෙමෙයි මේව දන්නෙ.. ආදරේට... උබල හදිසියෙවත් මේක බැලුවොත් උබලට අමතක වෙච්ච අතීතය සිහිපත් වේවි.. උබලගෙ දරුවොන්ට පෙන්නපන් මෙන්න මේවගේ යාලුවො හිටිය කියල.. දරුවො එක්ක මේව බලල මතක් කර කර හිනා වෙයන්, අඩපන්, ඉස්සර කරපු දේවල් මතක් කරල, දරුවොන්ට කියල දීපන් මිතුදමක අගේ, 






උබලටත් මතක් වේවි මම දීපු රැග් එක... මට බනීවි. නමුත් පස්සෙ හිතාවි ආයි කවදවත් බදින්නෙ නෑනෙ... ඉතින් මැරුවත් මොකෝ කියල.. මම උබල බැන්නට තරහා නෑ.. මොකද මම උබ්ලගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි අහල තමා රැග් එක දුන්නෙ... ඉතින් මට වෙන අයගෙන් වැඩක් නෑ... 

විදූ... උබගෙ කොල්ල..( හපොයි වැරදුනා දැන් හස්බන්ඩා) හරිම හොදයි,..ඌ උබව ආදරෙන් බලා ගනීවි.. ඒක සිකුරුයි.. ඌ රට බලාගත්ත වගේ උබවත් බලාගනීවි... උබල ජීවිතය අද ඉදන් අලුත් මගක ගමන් කරාවි.. තව ටික දොහකින් අපි හැමෝම ( උබලගෙ යාලුවො) මාමල නැන්දල වේවි.. ඉතින් කාටද සතුටු... ( අඩෝ මම තාම පොඩියි.. උබේ පොඩි එකාට උගනපන් මට අය්යේ කියන්න කියල හොදද)

එහෙනම් මම ආපහු සැරයක් සුභ පතනව ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියල... ඉකමනට දරු හුරතල් බලන්න ලැබේවා කියලත් එක හිතින් ප්‍රාර්තනා කරනව එහෙනම්... 

මීට උබගේ යාලුවෙක්...(පාල)


29 comments:

  1. ආයි බදින්න හිතෙනවා මේක දැක්කම.

    ReplyDelete
    Replies
    1. ඉතින් බල බල ඉන්නෙ බදින්නකෝ... අපිටත් වෙඩිම කියල බන්දනම් නේද හොද??

      Delete
    2. මල වෙඩිමයි.. මූ ආයිත් බදින්න යනවා..

      මූට ඔයිට වඩා රැග් එකක් දෙන්න වෙයි :

      Delete
    3. @sAm(සෑම්) මම හිතුවෙ සෑමෝ මූට් දෙන්න පුලුවන් රැග් එකක් ගැන...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මොකෝ බන් ඌ බැන්දා කියලා එයා මෙයා කියන්නේ . . සුපුරුදු පරිදෝ අඩෝ පඩෝ කියන්න පුලුවන්. . . බැන්ද පලියට ඔහොම වෙනස් වෙන්නේ නෑ බන්

    ReplyDelete
    Replies
    1. අඩෝ පඩෝ කියලා " එයාගේ " හස්බන්ඩ්ගෙන් ගුටි කන්න වෙයි කියලා බයයිලු..

      Delete
    2. @දුකා වෙනස් වෙන්නෙ නැති බව දන්නවා.. නමුත් සාමාන්‍යයෙන් අපි ටිකක් සංවර විදියට කතා කරන්න ඕනෙනේ... ඒකයි...

      Delete
    3. @♥ ළිහිණි ඒකත් එක කාරනයක් තමා හිරූ.. මොකද ඌ නේවි එකේ රණවිරුවෙක්නේ...

      Delete
    4. අපාරදේ මගෙ කොමෙන්ටුව..මේකා මට හිරූ කියන්නේ ඉහි ඉහි ඉහි

      Delete
    5. අනේ පිස්සු මොන සංවරද . . කොටුවක් හදාගෙන යාලුවෝ ආශ්‍රය කරන්න බෑ . . . මගේ යාලුවෝ ටික නම් බුදු අම්මේ කියන ඒවා (බඳින්න කලින් එක එකාගේ විස්තර සවිස්තරාත්මකව කිව්ව හින්දා හොඳට ගියා) හික්ස්

      Delete
    6. @♥ ළිහිණි ♥ අඩේ මට පිස්සුද කොහෙද? සොරි වෙන ඕන ළිහිනී... පොඩි පහේ වැරදීමක් උනේ.... හිරූ, ළිහිණි.. දෙන්නම එකයිනේ....

      Delete
    7. @දුකා ඔයාගෙ කතාව හරි දුකා... නමුත් ගැලපෙන උන්ට ගැලපෙන විදියට කතා කරන්න ඕනනේ... ඒක නිසා මම එහෙම කිවුවෙ.. නමුත් මම හිතන්නෙත් ඉස්සර විදියටම කතා කරාවි...

      Delete
  4. ඔන්න යාළුවන්ට මගෙනුත් සුබ පැතුම් ! හවුලේ ජීවත් වෙන එක ටිකක් අමාරුයිලු. හිතන තරම් සුන්දරත් නෑලු. දුක් කරදර ඔක්කෝම එනවාලු..ඒත් දෙන්නට දෙන්න ඉන්නවානම්..ඒවාත් වැඩ නෙමේලු..

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවලු හිරූවත් හිරේ වැටිලද හොහෙද? මොකද නැත්තම් මෙච්චර දැනීමක් තියෙන්න විදියක් නෑලු..?

      Delete
    2. මොකද මේ ළිහිණියට හිරු ගාන්නේ.. මං මෙහේ තාම.... හි හි

      Delete
    3. අඩේ ඇත්තනේ... වැරදීමක් හිරූ.. ගණන් ගන්න එපා... ඒව ඔහොම තමයි.... මම දැනන් උන්න හිරුත් මේ පැත්තෙ ඇවිත් යාවි කියලා... හී....

      Delete
  5. පට්ටම පාටිය කිව්වේ ඔය මගුලේ කොතෙන්ද පට්ටමක් තිබුනේ? ජෝඩුවටම යකඩ පට්ටම් ගහලද කෙලින් කරලා තිබුනේ?

    ReplyDelete
    Replies
    1. මගේ අඩවියට ආදරයෙන් පිලිගන්නවා ඇනෝ.. උබ තමා මගේ අඩවියේ මුල්ම ඇනෝ... බොහොම ස්තුතියි... ආපහු එන්ට ඕන හොදද?

      පට්ටමක් නම් වැදිල තිබුනෙ.... ඒකනම් යකඩ පට්ටමක්මද කොහෙද??

      Delete
  6. යාළුවෝ දෙන්නටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජතුමා කියන දෙයක් තමා ඉතින්...

      Delete
  7. ඔහොම තමයි අප්පා.. ළඟම යාලුවන්ට තමයි වෙඩිමකදි දුක හිතෙන්නේ... මට පේන්නේ මෙයා හොඳ රැග් එකක් දීලාද කොහෙද.. ලෑස්තිවෙලා හිටු.. ඕවා පොලි එක්ක හම්බුවෙයි... හි හි

    ReplyDelete
    Replies
    1. අපෝ හිරූ එක නම් ඇත්ත තමා... මට අනිව හොද රැගක් හම්බු වෙනව.. මම ඒක බලාපොරොත්තු වෙලාම ඉන්නව.... ආයි උන්ට, අපිට කවද ලබන්න පුලුවන් දේවල්ද? කවදාවත් නෑනේ..

      Delete
  8. ඕන්.... මාත් ඔයාගේ යාළුවට සුභ පතනවා.....!!

    ReplyDelete
  9. සුබ පැතුවා කියන්ඩ යාලුවට...(මතක ඇතුව කියනවා හරිය..?)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ ඔන්න මම කියනවා...

      Delete
  10. ඉක්මනටම උඹටත් මඟුලක් සෙට් වේවා මාචෝ.........

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ... මම දැන්මම ගිරේට අහුවෙන්න කැමති නෑ... මම බදින්නෙ 28 දී....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)