නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

16 අපි ගියානෙ අනුරාධපුරේ...

 මෙන්න මෙහෙමයි උනේ... අපි සෙට් එක තමා ගියේ... කෝ යකෝ සෙට් එක... සෙට් එක කිවුවට සෙට් එකක්ම නෙමේ... 05 දෙනයි... අම්ම, තාත්ත,පොඩී ( අපෙ අම්මගෙ අක්ක), අක්ක, සහ මම. ඔන්න අපේ සෙටාර් එක... නමුත් අනුරපුරේ ගියේ එකට නෙමෙයි... දෙපාරකට.. අම්මයි, තාත්තයි, පොඩියි ගියේ 24 වෙනිදා උදේම.. ඒ කියන්නෙ 5.30 කෝච්චියේ... නමුත් අක්කයි මමයි නොවැලැක්විය හේතුවක් මත අපි ගියේ 10.00 කෝච්චියේ.. මොකද්ද දන්නවද කේස් එක.. අපේ අක්ක ඉන්නෙ.. එයාගෙ මහත්තය ඉන්නෙ.. අන්න ඒයා රට ගියානෙ... ඒකයි... ඔන්න අපි එයාව එයාපෝර්ට් එකෙන් දල අපි 10.00 කෝච්චියට ගොඩ උනා...


ඒක කොහොම හරි අනුරපුරේට යනකොට 5.30 විතර උනා... මමයි අක්කයි කෝච්චියේ රියදුරු මහත්මයව ආදරෙන් මතක් කරමින් ගියා... මට හිතෙන්නෙ අපි මතක් කරපු මතක් කිරිල්ලට පොරගෙ කඩුපුල් ආසනේ රත්වෙලාද කොහෙද සැරින් සැරේ පොර බිමට බැහැල ඇවිදල එනව....(ඇයි හත්තිලවුවේ රත් උනා විතරක් ඇති ගිනි නොගෙන... කෝච්චියේ හිටපු 1000ක් විතර පීඩා විදින ජනතාව ඔහුව මතක් කරද්දි.... )


තව එකක් ඔන්න අපි අතරමගදි දැක්ක ඉබි පැටියෙක්.. පට්ට ලස්සනයි...  මට හිතෙන විදියට තාරකා ඉබ්බෙක්... මේ බලන්නකො උගේ ලස්සන...



ඔන්න අපි 5.30 විතර වෙද්දි උඩ මලුවට ලන් උනා... එතකොට අම්මල උඩ මළුවෙ... අපි ශ්‍රි මහා බෝදිය වැද පුදාගත්ත... මෙන්න මගේ කැමරා ඇස... ඔන්න ඊලගට අපි ගියා රුවැන්වැලි මහා සෑය වැදපුදා ගන්න... මෙන්න ඒකෙ ලස්සන... ඔන්න එදා රෑ අපි හිටියෙ පංසලක... කාමරයක් අරගෙන.. ඒ පංසලේ නම මතක නෑ... මතකයි මතකයි.  නාග විහාරෙ... ලස්සන පංසලක්...


මම ගහපු ලස්සන පින්තුර ටිකක් මෙන්න...























































අපි ආවෙ 25 හවස 04.00 කෝච්චියෙ... අන්න කෝච්චි... පට්ට ස්පීඩ් අවෙ... නැවැත්තුවෙ තැන් 05 කයි... මරේ මරු... පැය 04 ට කොලබ... ඔන්න අපේ ට්‍රිප... නියමයි....

16 comments:

  1. අනගිම පිංතුර සෙට් එකක්.. නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන් අයියා....

      Delete
  2. එල එල. ලස්සන ෆොටෝ ටික. අර ඉබ්බා තාරකා ඉබ්බෙක් වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන... ඌ සැබැහින් දැක්කනම් තමා තවත් ලස්සන..

      Delete
  3. ඉබ්බා නම් නියමයි...

    ReplyDelete
  4. ජංජාලයයි...තව පොඩ්ඩෙන් මට වරදිනවනේ...මම මේ බැලුවා අනුරාධපුරේ කොහෙන්ද එයාර් පෝර්ට් එකක් කියලා...හි හි හී

    පින්තූරවල ඉන්නෙ අම්මයි තාත්තයි වෙන්නැති...හොඳ පින්තූර ටිකක්. අර රෑ අරන් තියෙන පින්තූර හරිම ලස්සනයි...

    ReplyDelete
  5. බය වෙන්ට එපා..
    ඒ අපේ කටුනායක ජාත්ත්‍යන්තර ගුවන් පතය...

    අනේද කියන්නෙ ඒ අපේ අම්මයි තාත්තයි තමා....

    සවසට උඩමලුව මාරම ලස්සනයි...

    ReplyDelete
  6. ඉබ්බාගේ පණ කෙන්ද රැකෙන්නේ (නැතිනම් ආයුෂ තීරණය වෙන්නේ)ඌ මිනිහෙක් දකින දා වෙනකන් විතරයි කියලා අහලා නැති ද?. නමුත්, මා දන්නා තරමට තාරකා ඉබ්බෝනම් කන මිනිස්සු නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක අහුවෙ අදමයි... කියල දුන්නට තුති.... අනික අපේ රටේ උන් තාරකාද නැත්තම් නිකන් ඉබ්බොද කියල බලන්නෙ නෑ...

      Delete

  7. අම්මට හුඩු DSLR ඈ ? එල එල..තව කන පැලෙන්න ගහන්න අනේ
    තිබ්බේ ෆොටෝ..මන් නම් ගහනවා නිකන් වීඩියෝ කරනවා වගේ..:D

    ReplyDelete
    Replies
    1. අනේ මොන DSLR ද බන්... මේ නොකිය N8. කොහොමද කොලිටිය නේ...

      Delete
  8. සමහර ෆොටෝ නම් මාරම කලාත්මකයි.

    අර වේලිච්ච ගහ, ලයිට් වලින් එලිය වුනු තාප්පේ, දුරින් පේන චෛත්‍ය වගේ ඒවා.

    ෆොටෝ ග්‍රැෆි ඉගෙන ගත්තා නම් හොඳයි. ඇත්තෙන්ම හොඳ ඇහැක් තියෙනවා වගේ . . හිතලා බලන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරය... අපෙ අයියට පිංසිද්ද වෙන්න තමා මම ෆෝටෝ ගහන්න ඉගෙන ගත්තෙ... අනික කැමරාවට පිං සිද්ද වෙන්න...

      Delete
  9. හරිම අපුරුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරය..

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)