නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

18 මිනිසුන්ගෙ මානසිකත්වය...

මේ සිද්දිය උනේ අද උදේ.. මෙන්න මේකයි හරියටම ඔරුගොඩවත්ත හන්දිය පහුකරල චුට්ටක් කැලනිය පැත්තට යනකොට වම් අත පැත්තෙ ශෙඩ් එකක් තියෙනවනෙ.. ඒකත් පහුකරල යද්දි තියෙනව කහ ඉරක්... ඔන්න ඔතන තමා සීන එක උනේ...
 ඔය පාර ලයින් 04 ක් නෙ... එක පැත්තකට ලයින් දෙකක් තියෙනව... ඔය ලයින් 04 වෙන් කරල ගහල තියෙනව වැටක්... ඔන්න සිද්දිය දැනුයි පටන් ගන්නෙ..



 මම බස් එකෙන් බැහැල කහ ඉර ඉරෙන් පැනල පාර මැදට ගියා....


 ඔන්න මැද සෙට් එකක් ඉන්නව එහා පැත්තට යන්න බැරුව.. එතකොට අනිත් පැත්තට වාහන යමින් තිබුනෙ... කලර් ලයිට් වාහන වලට කොල පාට වෙලා තිබුනෙ... ඒක නිසා වාහන හයියෙන් යනව... ඒ අතර මැදි වියේ කාන්තාවක් දුවල ඇවිත් අපි හිටපු තැන නැවතුනා...
ඈ තින් ඇම්බියුලන්ස් එකකුත් එනව. අමාරු ලෙඩෙක්.. පට්ට ස්පීඩ් අවා....


අර ගෑනි පැන්නෙ නැතැයි පාර.. එපා කියද්දි පැන්නෙ.. ඒකිට බැන්න පලු යන්න... ඒකි කියපි වැඩට යන්න පරක්කු වෙනව කියල කිවුවෙ නැතැයි... ඔන්න අර අමාරු මනුස්සය මැරුනට කමක් නෑ.. අර ගෑනිට වැඩේ තමා ලොකු... තප්පර 05 ක පරක්කුව... අනික.. අර ගෑනි පනිනකන් අර ඇම්බියුලන්ස් එක නවත්තන් හිටියනෙ... 


ඇම්බියුලන්ස් වල රියදුරන් ජීවිතේ අනතුරේ තියාගෙන මිනිසුන්ගෙ ජීවිත බේරනව... නමුත් රැකියාව නිසා අමරු ලෙඩෙක්ගෙ ජීවිතය ගැන නොසිත සහ තමුන් ගැන නොසිත මිනිසු ක්‍රියා කරනව...

ඔන්න අපේ රටේ තත්වෙ.. මොකද්ද මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ... ඇයි මිනිස්සු තමන් ගැන විතරක් හිතන්නෙ... 

18 comments:

  1. ඔව්වා ගැන කියලා වැඩක් නෑ. අපේ රටේ මිනිස්සු නෙමෙයි දැන් ඉන්නෙ වැඩිහරියක් ඉන්නෙ තිරසන්නු. කිවුවට තරහා වෙන්න එපා එක තමයි ඇත්ත. බෝසත් මිනිස්සු ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාව සහතික ඇත්ත යාලුවා...


      /// වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත....///

      Delete
  2. බැරි වෙලා හරි ඔය මනුස්සයා ඔය වාහනේක හැප්පුනා නම් එහෙම......... එතන වෙන මඟුලක් වෙන්නේ... අපේ මිනිස්සු ඔය වගේ වෙලාවක උනත් හිතන්‌ෙන් තමන් ගැනම විතරයි...

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම් අර ලෙඩත් මැරිල... ඒකෙ ඇතුලෙ හිටිය හෙදියන් ඇතුලු පිරිසත් මැරිල... අර කාන්තාවත් මරිල... වටපිටාවෙ හිටිය මමත් මරිල... මලම මල කෙලියක් වෙන්නෙ...

      Delete
  3. ඔක්කොම හරි වචන පාවිච්චිය නම් සැර වැඩී වගේ... " අර ගෑණි ...මේ ගෑණි " වගේ වචන ගැන මම කිව්වේ..

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ට ඕන ලිහිණි.. මොකද තරහ වැඩි කමට එහෙම ලියවුනේ...

      Delete
  4. කියල වැඩක් නෑ දැන් මිසිස්සු වැඩි හරියක් හිතන්නේ තමන් ගැන ආත්මාර්තකාමියෝ වැඩි වෙලා ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාලුවා... මිනිස්සු හරිම ආත්මාර්තකාමියි.... තමන් ගැන විතරමයි හිතන්නෙ... ඔවුන් හිතාගෙන ඉන්නෙ ඔවුන් විතරයි මේ ලෝකයේ ජීවත් වෙන්නෙ කියල...

      Delete
  5. එහෙම තමා ලංකාව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජුටත් බැරි කල අපි කිමක් කොරන්ටද??

      Delete
  6. දැන් මිනිස්සු වැඩි හරියක් හිතන්නේ තමන් ගැන විතරයි. ඒ අයට අනිත් මිනිස්සුන්ගේ ජිවිත වල වටිනාකමක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔයා 100% හරි සමනලී... වෙන මිනිහෙක්ගෙ ජීවිතයක් තවත් මිනිහෙක්ට වැදගත් නෑ..

      Delete
  7. කෙනෙක්ගේ නොසැලකිල්ලෙන් අහක ඉන්න අයටත් කෑම සෙට් වෙනවා. අනතුරු හුඟක් එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට.... අර රියදුරා ආපු ගැම්මටම ගියානම් අපිත් ඉවරයි. අර කාන්තාවත් ඉවරයි... ලෙඩත් ඉවරයි...

      Delete
  8. ඒ ගෑනි තමයි ඔය ඉස්පිරිතාලේ ඩොකා, ඔය ගෙනියන ලෙඩාට බෙහෙත් කරන්න තමයි ඔය ඉක්මනට යන්න ඇත්තේ

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති සහෝ.... හැබැයි තව ටිකක් හරි එහේ මේහේ උනානම් ඒ ගෑනිට ඉන්න තිබුන වේලාසනින්ම හොස්පිටල් එකේ අයි.සී.යු ඒකේ...

      Delete
  9. අද තමයි ආවේ..මේක නිකන් තොරණක් වගේ..:P

    ඔය ගෑනි ගැන කතා නොකර ඉමු..මොකටද නම
    කැත කරගන්නේ මගේ...:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩවැදුනට... ඇත්තටම කැතද බන්....
      අපෝ ඔවු බන්.... ඔය ගෑනි ගැන කතා නොකර ඉමු...

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)