නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

11 රිය අනතුරු...(2013.03.22)

අද මම ඔයාලට මගේ ඇස් දෙකෙන් දැකපු සිද්දියක් කියන්න යන්නෙ... 


මම වැඩ් කරන්නෙ ඔරුගොඩවත්ත පැත්තෙ... අද මම ඔරුගොඩවත්ත හන්දියෙන් බැහැල අවිස්සාවේල්ල පැත්තට පා ගමනින් එනව... එනකොට හරියටම ඔරුගොඩවත්ත හන්දියයි, ඔරුගොඩවත්ත පාලමයි අතර මැදදි මට ඉස්සරහින් මහුලු කාන්තාවක් පාර පැන්න...( ට්‍රැෆික් මුකුත් නෑ)


 මම ආවේත් වම් පැත්තෙ. අර මහලු කාන්තාව පාර පැන්නෙත් වම් පැත්තෙ ඉදන් දකුණු පැත්තට...

( කහ ඉර මීටර් 10 ක් ඉදිරියෙන් තිබුනි) 


ඔන්න අර කාන්තාව පාර බලන්නෙත් නැතුව පැන්නෙ නැතැයි පාරට.. 

ඔන්න එතකොටම ඔරුගොඩවත්ත පැත්තෙ ඉදන් ආපු මෝටර් සයිකලයක් (සමාන්‍ය වේගය 50 කිලෝ මීටර/පැය) විතර ඇවිත් අර කාන්තාවගේ ඇගේ හැපුනා. කොහොම හරි කාන්තාව වීසිවෙලා ඉස්සරහට වැටුනා..


( ඇත්තටම මම හිතුනෙ මැරුනා කියල..මොකද බෙල්ල අනිත් පැත්තටම හැරිල තිබුන නිසා) 



ඔන්න අර රියදුරු බයික් එක එහා පැත්තෙ නැවත්තල ඇවිත් කාන්තාව ලග ඉන්නව...( ඔහුගේ දක්ෂතාව නිසා තමා ඔහු සහ ඇය බේරුනේ.. ඔහු මීටර 10 ක් විතර එහා ඉදල තමා බ්‍රේක් එක ගහ ගෙන ආවෙ...)  කොහොම හරි දෙන්නම පාර මැද.. බයික් එක වැටුනෙ නෑ.. නමුත් කාන්තාව බේරා ගැනීමේ අරමුනින් ඔහු බයික් එක පාරෙ අනිත් පැත්තට කැපුව... හදිසියෙවත් එහා පැත්තෙන් එන කන්ටේනර් එකකට හරි අර පාලම උඩ ඉදන් එන දුර ගමන් බස් එකකට හරි අහු උනානම් කවුද අමාරුවෙ වැටෙන්නෙ..


ඒ ගැන කවුරුවත් හිතන්නෙ නෑ... ඔන්න හැපුනට පස්සෙ ටිකක් දුරින් හිටපු ත්‍රීවීල් කාරයො ටිකක් ඇවිත් අර මනුස්සයට ගහන්න යනව... හොද වෙලාවට  එතන මම ඇතුලු කිහිප දෙනෙක් කිවුව එයාගෙ වැරැද්දක් නෑ කියල... ඒක නිසා බේරුනා... ඔන්න සීන් එක... 

මම අහන්නෙ මොකක් හරි උනාම මෙලෝ දෙයක් දැක්කෙ නැති, ඇහුනෙ නැති, වැඩකට නැති උන් ටිකක් ඇවිත් ඔහේ හොයන්නෙ බලන්නෙ නැතුව කාට හරි ගහනව... එක්කො හරි කෙනාට නෙමෙයි එත හිටිය වෙන කාට හරි ගහනව... ඔන්න අපේ රටේ තත්වෙ.. 

මොකක් හරි වෙලා බයික් රියදුරා කෙන්ටේනර් එකකට අහූන කියල හිතමු.. 



එතකොට කවුද වැරදි.. අර අහක ඉදල, පූරුවෙ කරුමෙකට එතට ආපු කන්ටේනර් රියදුරා... මොකද කවුරුවත් මොකද්ද උනේ, කියල හොයල බලන්නෙ නෑනෙ.. ඇගේ හිරි ඇර ගන්න කාට හරි ගහනව... ඇත්තටම වැරදි කවුද.. අර කාන්තාව නේද? 

අනේ මන්ද අපේ රට කවද හැදේවිද? 

11 comments:

  1. වැඩිහරියක්ම වැරදි සිද්දවෙන්නෙ පාර පනින මිනිස්සු අතිං තමයි. වාහනයක් ළඟ එනව දැක දැක පාර පනින මිනිස්සු ඕනතරං මාත් දැකල තියෙනව.

    ඒ වගේම නවත්තල තියෙන වාහන ඉස්සරහින් හරි පිටිපස්සෙනං හරි පැන්නොත් අනික් පැත්තෙන් එන රියදුරාට ඒ මනුස්සයව බේරන්න කොහෙත්ම හැකියාවක් නෑ යටකරගෙන යනව මිසක්. කොහොමද ඉතිං ඒ රියදුරා වැරදියි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. උබේ කතාව සම්පූර්න ඇත්ත... මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ...

      Delete
  2. සම්පුර්ණ ඇත්ත කතාව.

    ReplyDelete
  3. ආච්චිගේ තට්ටේ... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආච්චිට හොහෙන්ද රජෝ තට්ටයක්...

      Delete
  4. හැක් .... ඔහොම එකක් වෙලා අපේ මස්සිනා ‌‌ෆොන් එකත් දන් දීලා ආවා උදවු කරන්න ආපු එකෙක්ට... වට වෙලා උදවු කරන්න ආපු එකෙක් ෆොන් එක උස්සලා... හෙන ගේමක් දීලා හොයාගත්තේ..... ත්‍රීවිල් ( කාරයෝ) නම් පුදුම වදයක් වෙලා තියෙන්නේ දැන් හැම පැත්තෙන්ම..ගෑණියෙක්ට පාරට බහින්න නෑ ඇඟට කපනවා.. වලියක් නම් එතනට මුල ත්‍රීවීල්... පාරේ යන්නේ තොරණ් වගේ.. ත්‍රීවීල් එකට වඩා ලොකුයි එල්ලා තියෙන ගැජට් ටික... වෙලවකට මහ කරදරයක් මට නම් හිතෙන්නේ... ( එතනත් ඉතිං හොඳ මිනිස්සු නැතුව නෙවෙයි.. ඒත් වැඩිපුර ඉන්නේ අමුතුම අසහනකාරයෝ ජාතියක්)

    ඈ බං.. උඹට මේ වගේ ඒවමයි පේන්නේ නේද... හි හි....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිරුවෝ පාරක බැහැල ගමනක් යන කොට ඇගේ මයිල් කෙලින් කරගන්නෙ නැතුව ගමන ඉවර කරන්න බෑනෙ... ඇයි ත්‍රීවීල් කාරයො, බයික් කාරයො අරයෙන් මෙනෙන් කපනවා.. එතකොට කටට එන ඒව කියන්න බෑ.. අම්ම හරි කවුරු හරි එහා පැත්තෙ ඉන්නවනෙ... ඉතින් ඇගේ මාලු ගගේ නටනව වැරදුනාද කොහෙද?

      අම්මප මට පේන්නෙම ඔය වගේ දේවල් තමා.. ඒකත් මගේ කරුමෙ...

      Delete
    2. \\පාරක බැහැල ගමනක් යන කොට ඇගේ මයිල් කෙලින් කරගන්නෙ නැතුව ගමන ඉවර කරන්න බෑනෙ... \\\

      :D

      Delete
  5. ඔය වගේ සිද්ධි තමයි අද අපේ රටේ වැඩි හරියක් සිද්ධ වෙන්නේ. වැරදි කාරයා පැත්තක. අහක යන එකෙක් ගුටි කනවා.
    ඔය ප්‍රශ්නේ හින්දම තමයි අනතුරක් උණාම නවත්තන්නැතුව පැනලා යන අය වැඩි වෙන්නේ.

    ඒ වගේමයි ඔය වගේ අනතුරක් උණාම රෝගියා භාර දෙන්න යන මනුස්සයාට පොලීසි ගානේ රස්තියාදු වෙන්නත් වෙනවා. ලෙඩා මැරුණොත් කූඩුවේ ලගින්නත් වෙනවා. ඒ හින්දා අසරණයෙකුට උණත් උදව්වක් කරන්න ඕනි උණාම දෙපාරක් හිතන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. උබේ කතාව සම්පූර්නයෙන් ඇත්ත. මගෙ යාලුවෙක් ඔය වගේ හැපුන ලෙඩෙක් හොස්පිටල් එකට එක්කගෙන යනකොට මැරිල... ඊට පස්සෙ රෝහල් පොලීසියෙන් මූව අල්ලගෙන රිමාන්ඩ් කරල.... මූ දවස් 03 හිරේ ඉදල ඉහල තැන් වලට දන්වල එලියට ආවෙ... පොඩි මිනිහෙක්නම් මෙලහකට මරන දඩුවමත් දීල... ඔන්න අපේ රටේ තත්වෙ...

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)