නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

18 අත්තගහ මැතිරීම නොහොත් ශාන්තිකර්මය...


2013.03.20 වෙනිදා තමයි මේ සිද්දිය උනේ... 


මෙන්න මේකයි සිද්දිය... කවුද දන්නෙ අත්තගහ මතුරනව කියන එක.. ඒක වැඩි හරියක් දන්නෙ දකුණු පාළාතෙ ගම් වල උදවිය.. ඒක ශාන්තිකර්මයක් කිවුවොත් නිවැරදියි... ඒ කියන්නෙ ඒකෙ වැඩිපුරම කියන්නෙ බුදු ගුණ ඇතුලත් කවි තමා ගායනය කරන්නෙ... 


ඒකට අවශ්‍ය ද්‍රව්‍ය..

01.බඩ වර්ග 7 ක් ( පුවක්, පොල්, කෙසෙල්,මයියොක්ක(ලියන්න දන්නෙ නෑ.. විනාඩි 10 ක්   විතර ගේම දුන්න් ලියන්න), තව තව)
02. මල් වර්ග 07 ක් ( දන්නව ඇතිනෙ මල් වර්ග)
03. මැටි පුන් කලස් 02 ක්
04. පුවක් මල්,පොල් මල්,සහ තැඹිලි මල්
05. මැටි හට්ටි 03 ක්.
06. අලුත් සහල් ටිකක් ( ටිකක් කිවුවට ටිකක්ම නෙමෙයි 2 කිලෝ.)
07. දෙහි ගෙඩි 10 ක්
08. ගොග්කොල
09. බ්ලා බ්ලා බ්ලා

ඔන්න දැනුයි සීන් එක පටාන් ගන්නෙ... ඔන්න එයාල ආවෙ බෙලිඅත්තෙ ඉදන්... මෙහෙට එනකොට දවල් 01.00 විතර වෙලා... 


 


ඊට පස්සෙ කට්ටඩියා ( මම කිවුවෙනම් සීයේ කියල) වට්ටි හදල, අවශ්‍ය අඩුම කුඩුම ටික සකස් කර ගත්ත... කොහොම හරි වැඩේ 03 ට විතර පටාන් ගත්ත... පටාන් ගත්ත වෙලාවෙ ඉදල රෑ 9.30 වෙනකන් කවි කියපු එකමයි කලේ... මට ඇත්තටම ඒ මනුස්සය ගැන දුකත් හිතුන... මොකද කියන ඒකේ සීමාවක් නෑ... 

ඊට පස්සෙ ඒ මනුස්සය කාල ආපහු 10.15 ට විතර කෑව.. එච්චර හරි හිටියෙ අපෙ අම්මට පොඩ්ඩක් මහන්සි නිසා... ඔන්න ආපහු පටාන් ගෙන ඉවර උනේ 1.00 ට විතර... ඇත්තටම පවු.. 



කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වල නිදි..

අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ...

ඔන්න ඊට පස්සෙ අම්මල නිදා ගත්ත.. මමයි මගේ යාලුවොයි තමා හිටියෙ... අනිත් ඔක්කොම නිදියන්න කියල කිවුව.. ඊට පස්සෙ දුම් ගහ ගහ සුරයකට ජීවන් කරා.. අපි දුම් ගැහුවා... ඒක ඉවර වෙද්දි උදේ 04.30 විතර වෙලා.. අපි බාගෙට වැටිච්ච තැන් වල එපා වෙලා ඉන්නව.. නමුත් ඒ මනුස්සය එයාගෙ වැඩේ නියෙමෙට කරනව... 

කොහොම හරි අපිට නිදා ගන්න උනේ එලියෙ... පට්ට ගති...

18 comments:

  1. මේක මොනවගේ දෙයකට කරන ශාන්තිකර්මයක්ද?

    ReplyDelete
    Replies
    1. මේක මචන් ලෙඩ වලට, ගෙවල් ආරක්ශා කරන්න වගේ දේවාල් වලට

      Delete
  2. ඉස්සර අපේ ගෙදරත් ඕවා කරනවා ඉදල හිටලා.හැබැයි මෙච්චර ඇඩ්වාන්ස් නෑ

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද??ඔයාලගෙ ගෙවල් ඒ පැත්තට වෙන්නද? මම හිතුවෙ කවුරුවත් මේ වගේ එකක් දන්නෙ නෑ කියල...

      Delete
  3. සෙත් ශාන්තියක්නේ...........

    ReplyDelete
    Replies
    1. අනිවර්යයෙන්ම යසිත්...

      Delete
  4. ඕක කරනවා දැකල නෑ. දෙහි කපනවා කියල එකක් නම් සමහරු කරනවා. ඒකට ඔච්චර වෙලා යන්නේ නෑ. දේවාල වල එලි වෙනකල් තියන ශාන්තිකර්ම නම් දැකල තියනවා.

    ReplyDelete
    Replies
    1. මේකෙදි චන්දන ඔය ඔක්කොම ජාති කරා... මම දන්නෙත් නෑ හරියටම...

      Delete
  5. මීට කලින් අහල තිබුනට අද තමා හරියටම දැනගත්තේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ අපි මේවා දාන්නෙ...හැමෝටම දැක ගන්න සහ බලා ගන්න..

      Delete
  6. ඉස්සර අපේ ගෙදරත් ඔය සුර ජීවං කරන එකනං කලා. දැංනං ඒව කරපු මනුස්සය නැතිවෙලා.

    ReplyDelete
    Replies
    1. සිරාවට... ඔයාලගෙ ගෙවල් ඒ පැත්තෙද??

      Delete
  7. එහෙම දේයක් දැකලත් තියෙනවා.ඒත් විස්තර දැන ගත්‍‍‍‍තෙ ද? ‍මොකද ගුරුන්නාසේ ඕව කියල ‍දෙන එකක්ය.ඇහුව්වත් ඔරවනවා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචන් සමහර උදවිය කියල දෙන්නෙ නෑ.. මොකද ඒ සාත්තරේ පිට යාවි කියන බයට... නමුත් මේ මනුස්සය හැම දේම කියනව... ඇත්තටම හොද මනුස්සයෙක්...

      Delete
  8. මගේ ගෙවල් මාතර. මම අත්තගහමැතිරීම් 20කට විතර ආවඩන්න ගිහින් තියනව පොඩි කාලෙ. ඕකට කියන තව නමක් තමයි මල්බලිය කියල. අඹකොළ අත්තක් අරන් තමයි මතුරන්නෙ. මාතර පිටිසර ගම්වල සුලබ ශාන්තිකර්මයක්.


    ඇස්වහ
    කටවහ
    හෝවහ
    අනවිණ
    කොඩිවින
    හදි
    හූනියම්
    අඬෝවැඩියා
    ඇස්බැන්දුම්
    ඉරිපැන්නුම්
    වැල් පැන්නුම්

    දුරු කිරීමට කරන සුෂ්කර ශාන්ති කර්මයක් තමයි අත්තගහමැතිරීම. ⁣කවි දහස් ගාණක් පාඩම් වෙන්න ඕන මේක කරන්න.

    ReplyDelete
  9. ඇත්තටම හොඳ දෙයක්

    ReplyDelete
  10. මේකට හොද කට්ටඩියෙක් කියන් යන්නකො දන්න කෙනෙක්. මාතර

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)