කියන්න බැරි උනානෙ.... අපි ගියේ 04 දෙනයි... මමයි, අම්මයි, පොඩියි, අක්කයි...
අපි ගියේ කොලඹ කොටුවෙන් තියෙන 7.00 ඉන්ටර් සිටි එකේ.... ඒක නවත්තන්නෙ ගම්පහ, පේරාදෙනිය ජැන්සන්... සහ නුවර...." මම මුල්ම පාර තමා කෝච්චියෙ නුවර ගියේ....""
ඔන්න මාරම ලස්සන පරිසරයක් තිබුනෙ කෝච්චි පාර දෙපස...
ඔන්න අපි එහෙට යද්දි හරියටම 9.33 උනා.... ඔන්න අපි ඒ ලග තිබුනු කඩේකින් උදේට සප්පායම් වෙලා.... ගියා නුවර මාලිගය බලන්න..... මෙන්න අපෙනුත් මල් ගන්න...... කොහොමද ලස්සන....
ආ කියන්න බැරි උනානෙ... ඔන්න අම්ම කිවුව පොඩ්ඩක් වදින්න ඕන කියල එතන වාඩි උනා.... මම කිවුව මම පල්ලෙහාට යනව කියල මම පල්ලෙහයින් වාඩි වෙලා හිටිය.... ඔන්න එතනට ආවෙ කපුවෙක්.. ඒකෙ වැඩ කොරන එකෙක්.... මම පොරත් එක්ක ලොකු සාකච්චාවක් දැම්ම.... ඒකෙ ප්‍රතිපලේ තමා මට පිරිත් නූලක් හම්බ උනා.... ඒව කාටවත් දෙන්නෙ නෑ කිවුව.... එයා මට ඒක හොරෙන් ගෙනත් දුන්නෙ....හොද මනුස්සයෙක්.... ඒක මම අම්මට දුන්න බදින්න... මේ බදින්නෙ....මගෙන් කට්ටිය ඇහුවත් මම ඒ පුද්ගලයව මාට්ටු කලේ නෑ... මමත් එකයි ඉල්ලුවෙ.... වැඩිය ඕනෙ නෑනෙ....
ආ තව දෙයක් කියන්න බැරි උනා... මොකද්ද දන්නවද? අපි ගියා ලෝක බෞද්ධ කෞතුකාගාරයට.... පට්ටම ගති.... පින්තූර ගැනීම තහනම් කියල ගහල තිබුන.. නමුත් මගේ දුරකතනය එම ක්‍රියාව මැනවින් ඉටු කලා.... වැරැද්දක් තමා කලේ.. නමුත් මම ඒක නරකට පාවිච්චි කරන්න නෙමේනෙ.... මේ ඒකෙ ඇතුලත දර්ශන.....
අපි දළදා මාලිගාව වැදල.... ඉවර වෙලා... අපි ගියා පේරදෙණිය මලවත්ත සොයාගෙන... අපි කවුරුවත් මීට පෙර ඕවගෙ අස්සෙ රිංගල නැති නිසා 10 දෙනෙක්ගෙන් වගේ අසා දැන ගෙන කොහොම හරි පැණිදෙනිය බස් එකේ නැගල ගියා..... ඔන්න අදාල තැනින් බැහැගෙන ගියා ඇතුලට... නිකන් නෙමෙයි ටිකටුත් අරගෙන....
ආ කියන්න බැරි උනා... අපි නුවරින් කෑම ගත්ත කන්න කියල.... ඔන්න ඇතුලට ගොහිල්ල කෑම කන්න තැනක් හෙවුවා... කොහොම හරි ලොකුම ලොකු පිට්ටෙන්නක් තිබුන... පට්ටම ගති.... ආසාවෙ බෑ..... ඔන්න කොහොම හරි ඉද ගන්න හැදුව විතරයි පොද ගහන්න ගත්ත... ඔන්න ඉතින් " මුවා වෙන්ට ගහකුත් නැති වෙලාවේ" කියල කන්න සහ ඉන්න පුලුවන් තැනක් හොය හොය ගියා....
කොපමණ ජෝඩු හිටියත් ඔවුන්ගෙන් අහන්න අපි අකීකරු වුනේ නෑ... ඔන්න කොහොමෙන් හරි එක එකාගෙන් අහල කාර්යාලය කියල ගහපු තැනකට ආව කන්න....
ඔන්න කන්න පටාන් ගත්ත විතරයි වැස්සෙ නැතැයි මහා, දාරානිපාත වැස්සක්.. ඔන්න ගස් මුල හිටපු එවුනුයි.....ගස් උඩ හිටපු උනුයි... ගල් යට, ගල් උඩ, තව කොහේ හිටියද දන්නෙ නෑ.... මොකද මම ඇහුවෙ නෑ.... ආවෙ නැතැයි අපි කන තැනට... වස විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා.... කොහොම හරි ලැජ්ජ නහරෙ කපල... කෑව....
උන් නිකන් මගේ දිහා බලන් ඉන්නෙ උන් අවුරුදු ගානකින් කෑවෙ නෑ වගේ...."" ඒකෙ අනිත් පැත්තද දන්නෙ නෑ..."" ඔන්න කොහොම හරි මම නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් තියෙන නිසා ගනන් ගන්නෙ නැතුව කෑව.. කාල අත ගන්න උනේ නෑ... වැස්ස පෑවුව....
මෙන්න බොලේ මට ඒ පැත්ත හැරිල මේ පැත්ත බලන්න උනේ නෑ... හිටපු වුන් මිසින්... ඔන්න තත්වෙ... හදිසිය.. හදිසිය... කවුරු හරි වෙන එකෙක් ගහ හෝ ගල ආක්‍රමණය කරාවි කියල...
ඔන්න මම ඉතින් ගනන් ගන්නෙ නැතුව අපි කාල ඇවිදින්න ගියා.... පට්ටම ලස්සනයි... මම හිතා ගත්ත මම ආපහු මගෙ දෝණි එක්ක එනව කියල... ගස් යට ඉන්න නෙමයි බොලවු.... තොපිලගෙ කැත හිත... ඇවිදින්න... ඇත්තටම කියනවනම් පට්ටම ලස්සන තැනක්.... කියල නිම කොරන්න බෑ....
ඔන්න කොහොමහරි අපි එහෙන් 3.45 ට විතර ආව.. මොකද අපි කෝච්චිය බුක් කලේ 5.30... ඔන්න අපි නුවරට එද්දි 4.00 උනා.... ඊට පස්සෙ අපි 5.30 කෝච්චියෙ නැගල ආව.... අපි කොලඹට එද්දි 9.15 විතර වෙලා.. මොකද මග දිගට වැස්ස... ඒක නිසා වෙන්ට ඇති....
කොහොමහරි ගෙදරට එද්දි 12.00 විතර වෙලා.. පට්ට ට්‍රිප් එක... 04/30 වෙනිද රෑ යමු කිවුවා... 05/01 උදේ ගියා...
මම ගිය දවස්වලනම් අර එක එක රටවල කුටි තියන කවුතුකාගාරයේ photos ගන්න දුන්නේ නෑ.දැන් ගන්න දෙනවද?
ReplyDeleteදැනුත් ගන්න දෙන්නෙ නෑ.... මම හොරෙන් ගත්තෙ.....
Deleteඑකේ cctv camera හයි කරලා තියනවා.මම ඉද්දි එක්කෙනෙක් හොරෙන් photos ගත්තා.එතකොට එකේ එක්කෙනෙක් ඇවිත් එයාගේ camera එක ඉල්ලන් photos ඔක්කොම මකලා දැම්මා.
Deleteනුවර නොහිටියට මාස හයකට සැරයක් විතර ඉතින් ඔය පැත්තෙ යනවා.කොච්චර ගියා වුණත් මං ජීවිතේ වැඩිපුරම යන්න ආසා තැන මොකක්ද කියල ඇහුවොත් උත්තරේ දළදා මාලිගාව!හිත නිවාගන්න යන්න තියෙන හොදම තැන!
ReplyDeleteඒකනම් ඇත්ත තමා....
Deleteමම වැඩියෙන් ආස මල් වත්තට...." වෙන මගුලකට නෙමෙයි... ලස්සන නිසා.... පට්ටම ලස්සනයි..."
//... ඔන්න එතනට ආවෙ කපුවෙක්....//
ReplyDeleteදළදා මාළිගවේ කපුවෝ ??? :0
මම දන්නෙ නෑ බන්... කපුවෙක් වගේ ඉන්නෙ.... සුදු පාට කිට් එකක් ගහගෙන.... එයාලට කියන නම දන්නෙ නෑ....
ReplyDeleteසුදු පාට කිට් එක ගහලා දේවාලේ ඉන්න කෙනා තමා කපුවා වෙන්නේ. දළදා මාළිගාවේ ඉන්න අය ඇතුල් කට්ටලේ නිලධාරීන් හරි පිට කට්ටලේ හරි නිලධාරීන් කියලා කියන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් තේවාවලට සම්බන්ධ වෙන නිලධාරීන් කියලා කියන්නත් පුලුවන්
ReplyDeleteබොහොම ස්තූතියි මචං කියල දුන්නට... මම පිරිත් නූල ඉල්ලුවෙ උබෙන් නෙමෙයි නේ.....?? D:
Deleteනැහැ නැහැ මෙයා කැළණියේ ඉදගෙන මහාවංසය දිය කරල බොනවා...:D ඒ පැත්තේ ඉන්න හේතුවක් නැහැ..))))))
Delete@ ජීවිතය සුන්දරයි......., වර්ෂා ( Rain_Girl )
Delete:P