නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

35 සුසන්තිකාගේ ජීවිතය....(මට කියූ අයුරින්)

මේ රටේ සහ මුලු ලෝකෙම දන්න කෙනෙක් තමා සුසන්තිකා ජයසිංහ කියන දාවන ශූරිය... තව නමකින් කියනවනම් ආසියාවේ කලු වෙලඹ.....

මම මේ කියන කතාව කියන්නෙ මම දන්න තරමින්...ඒ කියන්නෙ ඇයගේ වැඩිමහල් සොහොයුරිය කියන කතාවක් මගින් තමා මම මේක ඔයාලට කියන්නෙ... ඔන්න එහෙනම් කතාව පටන් ගන්නව...


මම මේ කියන්නෙ ඇයව අපහාසයකට ලක් කරන්නනට, ඇයව ලැජ්ජාවට හෝ අපහසුතාවට පත් කරන්නටවත් නොව,  හුදෙක් එමගින් අපේ රටේ ඉන්නා කම්මැලි, කාලකන්නි සමාජයට ආදර්ශයක් සදහා පමණි.



ඔයාල දන්නව ඇතිනෙ ඇයගෙ පවුලෙ ඉන්න සාමාජිකයන් ගනන... නෑ මමම කියන්නම්... 

* අම්ම

* තාත්ත

* අක්කල 03

සහ

* බාලයා විදියට සුසන්තිකා

ඔන්න පවුලෙ සමාජිකයන්...


ඊට පස්සෙ කියන්නම් ඔවුන්ගේ රැකියාව මොකද්ද කියල... 

පියා - බීඩි එතීමේ කර්මාන්තය

මව - රබර් කිරි කැපීමේ කර්මාන්තය

සහෝදරියන් - බීඩි එතීමේ කර්මාන්තය

සුසන්තිකා - පාසල් යන අතරතුර - බීඩි එතීමේ කර්මාන්තය

Wednesday

14 අපි ගියානෙ සයිට් විසිට්....

අපි ගෙදරින් ගියේ උදේ 4.00 ට විතර... මගදි හොදට සප්පායම් වෙලා එහෙම ගියේ... බඩගින්නෙ රාජකාරි කොරන්න බෑනෙ.... 

අපි ගියේ නුවරට ගිහිල්ල 180 වංගු වලින් හසලක ගියා..... 

මෙන්න මෙතන් ඉදන් බැලුවම 18 වංගු පේනව කියල ඩ්‍රයිවර් උන්නැහේ කියපු නිසා ගියා බලන්න... මොන කෙහෙල් මලක්වත් පේන්නෙ නෑ.... උබලට පෙනුනද??  








පොඩ්ඩක් අපේ සයිට් එක ගැන විස්තරයක් දෙන්නම්කො.... මෙන්න මෙහෙමයි...

මෙන්න අපේ පාරවල් 03  

01. හසලක - හෙට්ටිපොල පාර  

02. හෙට්ටිපොල - හදුන්ගමුව පාර 

සහ 

03. ලග්ගල - පල්ලෙගම පාර

ඔක්කොම දුර කිලෝ මීටර් 37.5 ක්.. උපරිම ලස්සන පැත්තක්... පින්තූර වලින් පේනවනේ.... මේක හදන්න පිරිවැය 7 බිලියන් යනව.... 1 බිලියන් අපේ ඇමති තුමාලට දෙන්න ඕන.... නැත්තම් අපිට කොයින්ද ප්‍රොජෙක්ට්.... මේකෙ පාර දෙපැත්තෙ ඇලක් තියෙනවා...මේ පාරෙන් තමා නකල්ස් වගේ ලස්සන කදු පංති රාශියකට යන්න තියෙන්නෙ.... ගැමි පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක්...

මෙ තමා සයිට් එක... පට්ටම ලස්සන පැත්තක්....

Tuesday

8 උකුලට නාවත් එදා වගේ... මා පොඩි පුතු අම්මේ....

ඇත්තටම ජීවිතේ කියන්නෙ හරිම පුදුම සහගත දෙයක්.... අපි කොච්චර කිවුවත් අපි ඉන්නෙ සතුටින් කියල ඒක බොරුවක්... ඇත්තම කිවුවොත් හැමෝම තමන්ගෙ හිතේ තියෙන දුක පිට අයට පේන නිසා වෙන කට්ටියට පේන්න මූනිච්චාවට හිනා වෙනව... මම හරිනේ... මමත් එහෙමයි.... මගේ ජීව්තේ ආයි මම තනි වෙනවා... ටිකක් ලොකු කාලයකට... ඒ කියන්නෙ අවුරුද්දකට... අපෙ අම්මයි අක්කයි රට යනව... අම්ම අයිය ලගට සහ අක්ක එයාගෙ හස්බන්ඩ ලගට... මොනව කරන්නද?? 





 මේ හිනාව හැමදාම තියාගන්න අම්මේ....



Friday

11 නුවර දළදා මාලිගය....

ඔන්න අපි 2013.05.01 ඒ කියන්නෙ ලෝක කම්කරු දිනය.... අපිත් ඉතින් කාර්යාලයෙන් නිදහස් වෙන්ට එපැයි.... ඒක නිසා අපි ගියා.....

කියන්න බැරි උනානෙ.... අපි ගියේ 04 දෙනයි... මමයි, අම්මයි, පොඩියි, අක්කයි...

අපි ගියේ කොලඹ කොටුවෙන් තියෙන 7.00 ඉන්ටර් සිටි එකේ.... ඒක නවත්තන්නෙ ගම්පහ, පේරාදෙනිය ජැන්සන්... සහ නුවර...." මම මුල්ම පාර තමා කෝච්චියෙ නුවර  ගියේ....""


ඔන්න මාරම ලස්සන පරිසරයක් තිබුනෙ කෝච්චි  පාර දෙපස...



ඔන්න අපි එහෙට යද්දි හරියටම 9.33 උනා.... ඔන්න අපි ඒ ලග තිබුනු කඩේකින් උදේට සප්පායම් වෙලා.... ගියා නුවර මාලිගය බලන්න..... මෙන්න අපෙනුත් මල් ගන්න...... කොහොමද ලස්සන....





+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)