නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

2 ගහපන්..මරෙනකන් ගහපන්....


මම අද ඔයාල දැනුවත් කරන්න යන්නෙ හරි ආවේගකාරීව...මොකද. කිවුවොත් මම මේ දවස් කීපය තුල කෝච්චියේ හා බස් එකේ දැකපු, විදපු, දේවල් ගැන කියන්නත්, ඒ දේවල් නිසා පීඩාවට පත් වෙන්නවුන් සදහාත්, පීඩාවට පත් කරන්නවුන් සදහාත් පිලියමක් තියෙනවද?? එහෙම නැත්තම් නීතියක් තියෙනවද?? එහෙමත් නැත්තම් නීතිය මගීන් තට ගෙන කටයුතු කලාට කමක් නැද්ද කියන කාරනා ගැන කතා කරන්න තමා අද මම මෙතනට සැපැත් උනේ.. ඇත්තටම දැන් සමාජයට මොකද්ද වෙලා තියෙන්නෙ....ඇයි පාරක තොටක මිනිහෙක්ට ගෑනියෙක්ට බැහැල යන්න බැරි.... මොකද්ද ඒකට හේතුව.....


Tuesday

6 පප්ප බයිසිකලය.........



ඔන්න මම කතාව පටාන් ගන්නව එහෙනම්.... ඔන්න මම හැදුනෙ වැඩුනෙ කවුරුත් දන්න කියන පළාතක තමා.... ගාල්ලෙ.. ගාල්ලෙ කිවුවට ගාල්ලෙමත් නෙමෙයි.. ටිකක් ඇතුලට වෙන්න.... ඒ කියන්නෙ ගාල්ලෙ නගරෙ ඉදන් කිලෝ මීටර 15ක් විතර එහාට වෙන්න.  ඔන්න මම මේ කියන්නෙ 1996 වගේ ඉදල 2002 කාල පරාසය තුල.. මම ගියේ ගමේ ඉස්කෝලෙට... මට අයියයි අක්කයි ඉන්නව... මම තමා බාලය.. ඒ කියන්නෙ බඩ පිස්ස.....අයියයි අක්කයි ගීයේ නගරෙ තියෙන හොදම ඉස්කෝල 02 කට... මම තමා ගමේ ඉස්කොලෙට ගියේ....එතකොට අපේ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කලා.... තාත්ත බිස්නස් වැඩ..අම්ම රජයේ ඉස්පිරිතාලෙක සිස්ටර් කෙනෙක්... අපේ ගෙදර ඉදන් බස් යන පාරට තියෙනව කිලෝ මීටර 03 ක් විතර... වැඩි හරියක් යන්නෙ හැමෝම පුස් බයිසිකල් වල... ඒව ඔයාල දන්නව ඇතිනෙ....(පා පැදි) අපේ ගෙදරටම තිබුනෙ 01යි..

Friday

6 ඉවසගන්න බැරියෝ.......

මට මේ දවස් වල හරිම සතුටින් ඉන්නෙ.... මොකද දන්නවද??     මට කියන්නත් ලැජ්ජයි අනේ.... ඔන්න කියනව..... 





මගේ මහී කාන්තාව ඉන්නෙ... ඒ කිවුවෙ මගේ ආදරවන්තිය... අන්න එයා තමා.... එයාලගෙ පවුලෙ කට්ටිය ඔය එනව කියන්නෙ මේ ඉරිදා අපේ ගෙදර... ඉතින් අපි හැමෝම කඩ් මුඩියෙ ලෑස්ති වෙනව... අපිත් එහේ ගියා... ඒ වෙනුවට අපේ අහ එනව.... ගෙවල් දෙකෙන්ම වැඩේට කැමතියි..... මට පට්ටම සතුටක් තියෙන්නෙ.... මට මැරෙන්න හිතෙනව..... ඊ ට පස්සෙ අපේ පවුලෙ අය යනව එයාලගෙ ගෙදර නත්තලට. ආ කියන්න බැරි උනානෙ. එයාල ක්‍රිස්තියානි... ජයටම නත්තල්....එහේ ගිහිල්ල නත්තල සමරල එනව...... මට සතුට ඉවසගන්න බෑ....රියෝ.... මම මැරෙනවෝ..............

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)