අද තමයි මම ගොඩ කාලෙකින් මගේ බ්ලොග් එක පැත්තට ආවෙ.... එන්න බැරි උන හේතුව තමයි හිත එකලාසියක් කරගෙන මේ වචනයක් ලියන්න බැරි නිසා... 2014 අවුරුද්ද වගේම 2015 අවුරුද්දෙ ඉදල අද වෙනතුරු මගේ හිත එකලාසියක් කරගන්න බැරිව ඉන්න.....
මට දැන් කියන්න දෙයක් නෑ... මගේ ජීවිතේ ඔහේ ගෙවෙනව..... මගේ දෝණි මගේ ලග ඉන්න නිසා පොඩ්ඩක් හරි සතුටින් කාලය ගෙවෙනව..... මොකද මට බෑ මගේ හිතේ දුක එයාට කියල එයාවත් අමාරුවෙ දාන්න.... මට හැමතිස්සෙම මගේ අම්මයි අක්කයි මතක් වෙනව.... එයාල දෙන්න අද අපි එක්ක හිටියනම් අද මමයි දෝණියි තමයි මේ ලෝකෙ වාසනාවන්තම දෙන්න වෙන්නෙ..... ඒත් ඒ වාසනාව අද අපි ලග නෑ..... කොච්චරා හිනා වෙලා ඉන්න හැදුවත් ඒ හිනාව බොරු එකක් කියල මම දන්නව.....
අද 2016 නොවැම්බර් 14, අද අම්ම අපෙන් ඈතට ගිහිල්ල අවුරුදු දෙකක් වෙනව..... ඒ ගියපු අවුරුදු දෙක අද ඊයෙ වගේ..... අදටත් මතක් වෙන්නෙ ඊයෙ අම්ම අපි එක්ක හිටිය වගේ...... මේ අවුරුදු දෙකට උන දේවල් බොහෝයි..... අම්ම අපිව දාල ගිහිල්ල මාස 05කින් අක්ක මාව දාල ගියා... ඒ මගේ දෙවැනි අම්ම...... එතකොට තවත් හිත හදාගන්න බෑ...... මම එක දෙයක් දන්නව... මගේ අම්මයි අක්කයි දිවියලෝකෙ ඉන්නෙ... එයාල සතුටින් ඉන්නෙ....අනිත් දේ තමයි අම්මයි අක්කයි හැම වෙලාවෙම මගේ පස්සෙන්නම ඉන්නව, ඒක මම දන්නව....
අම්මේ අක්කේ..... අද ඔයාල දෙන්න සිහි කරල දානයක් දෙනව අපි දෙන්න ඉන්න මේ රටේ පංසලට, අපි දෙන්නට තනියම කරන්න බැරි නිසා තව කට්ටියකුත් එක්ක එකතු වෙලා දානෙ දෙනව අම්මේ....මම හැම දාම ප්රාර්තනා කරන්නෙ කවදාවත් මෙ ලෝකෙ නම් ඉපදෙන්න එපා... දිවියලෝකෙටම වෙලා ඉන්න..... කවදාවත් මගේ අම්මයි අක්කයි වෙලා නමි ඉපදෙන්න එපා... මට ආපහු දුක් විදීන්න බෑ අම්මේ...... මේ විදින දුක මට මැරනකම්ම ඇති අම්මේ......
අම්මටයි අක්කටයි බුදු සරණයි......
Structural Homology, Not Analogy
-
From Societies of Thought to Eigenmodes of Reasoning
Recent work on reasoning models has revealed something striking: advanced
language models do not ...
1 day ago
ජීවිතේ අපි හිතන විදියට හැමදාම සුන්දර වෙන්නෑ ගාලු.
ReplyDeleteඔබේ ප්රාර්ථනා ඒ අයුරින්ම ඉටුවෙන්න කියා පතනව.
ගාලු මොනවා කරන්නද බන්.උඹට පුලුවන් දේ උබ කරපන් ඒ දෙන්නා වෙනුවෙන්
ReplyDeleteඔහොම තමයි ජීවිතේ ගාලු.. ශක්තිමත්ව ජීවිතේට මුහුණ දෙන එකයි අපිට කරන්න තියෙන්නෙ...
ReplyDeleteඔහේ යහතින් සිටිනු ඇතැයි සිතමි.
ReplyDeleteයහතින් ඉන්නව අයියේ..... බොහෝම ස්තූතියි මා ගැන විමසුවට.....
Delete