නිතර දෙවේලේ යන එන තැන් ....

Sunday

13 අහිමි වීම....

අක්කේ.....

ඔයාට මතකද අක්කේ අපේ පුංචි කාලෙ.... මම දන්නව අක්කේ ඔයාට කවදාවත් ඒක අමතක කරන්න බෑ අක්කේ..... දරුවො 03 දෙනෙක් ඉන්න පවුලක මැද හිටියෙ උබ අක්කේ.... අයිය, අක්ක සහ බාලය වෙච්ච මම..... කාටවත් අමුතුවෙන්න කියන්න දෙයක් නෑ අක්කේ අපි තුන් දෙනා හිටිය විදිය මට ගොඩාක් මතක් වෙනව අක්කේ.... ඒව එකින් එක කියන්න මට ශක්තියක් නෑ අක්කේ.... මොකද මට දැන් ඒව මතකයක් විතරක් වෙලා..... ඒ මතකයන් මම මැරෙන තුරා මතකයන් විදියටම තියා ගන්නව අක්කේ... කවදාවත් ඒව අමතක වෙන්නෙ නෑ අක්කේ.... 


මට ගොඩාක්ම මතක් වෙන්නෙ ඔයා මාව හැම වෙලාවෙම බේරගන්න නිසා.... තාත්ත මට ගහන හැම වෙලාවෙම ඔයා මැදට පැනල මාව බේර ගන්නෙ අම්ම කෙනෙක් දරුවෙක් ආරක්ශා කරනව වගේ මගෙ අක්කේ..... හැම වෙලාවෙම ඔයයි මමයි රංඩු වෙන්නෙත් ඒ වගේමයි අක්කේ... මට දැන් මම ගැනම ලැජ්ජ වෙනව අක්කේ... මට සමාවෙන්න... මම නොදැන ඔයත් එක්ක රංඩු උනාට... අපි දෙන්න කොච්චර රංඩු කරත් ඒක පැයයි තියෙන්නෙ අක්කේ.... අපි දෙන්න යාලු වෙනව.... ඒකට තමයි අක්කේ සහෝදර බැදීම කියන්නෙ කියල මට දැනුයි තේරෙන්නෙ මගෙ අක්කේ.... 


අක්කේ, ඔයාට මතකද අක්කේ, මම හැම මගුලම ඇවිල්ල ඔයාට කියන්නෙ අක්කේ... කෙල්ලෙක් මගේ දිහා බැලුවත්, මම කෙල්ලෙක් එක්ක යාලු උනත්, ඉස්කෝලෙ රංඩු උනත්, හොරෙන් මොනව කරත් මම ඔයාට ඇවිල්ල කියන්නෙ අක්කේ... ඔයාට මතකද අක්කේ.... මොකද ඔයා මාව බේරගන්න නිසා.... අනික සහෝදරකම නිසා අක්කේ.... නමුත් අක්කේ ඔයා මට ඔයාගෙ හිතේ තිබුන දේ කිවුවෙ නෑ අක්කේ.... ඔයා කිවූවත් මට තේරුනේ නෑ අක්කේ... මගේ මේ කාලකන්නි මෝඩ මොලේට තේරුනානම් අද මට මෙහෙම වෙන්නෙ නෑ අක්කේ.....


මම අද ගොඩාක් දුක් විදිනව අක්කේ හිතින්..... මට ඔයා වගේම බිරිදක් ඉන්නව අක්කේ....උබ එයා එක්ක ගොඩාක් යාලුයි අක්කේ... උබ එයාට ගොඩාක් ආදරෙයි අක්කේ.... උබ මාට වඩා මගේ බිරිදට ආස කරා, ආදරේ කරා, උබේගෙ සහෝදරියක් කරගත්ත.... ඒත් අක්කේ......


උබ ගොඩාක් ආස කරේ මගේ වෙඩින් එක දවස එනකන්... උබ මට වඩා ආසාවෙන් ඇගිලි ගැන්න මට මතකයි අක්කේ.... උබ මට වඩා මගේ වෙඩින් එක කරන්නෙ කොහොමද කියල හොයල බැලුව අක්කේ.... මට අම්ම නැති අඩුපාඩුව දැනෙන්නෙ නැති වෙන්න වග බල ගත්ත අක්කේ..... මම ගොඩාක් සතුටින් හිටිය අක්කේ... උබ තමයි මගේ දෝණි ගෙ ඇදුම් තේරුවෙත්, උබ තමයි ඩෙකරෙශන් ලස්සනද නැද්ද කියල තේරුවෙ.... මම උබට ඔක්කොම බාර දුන්නෙ අක්කේ ඔයා ලග ලස්සන දකින්න පුලුවන් ඇහැක් තිබුණු නිසා..... ඔයා ඔක්කොම කරා අක්කේ..... අපි දෙන්නගෙ වෙඩින් එකට වෙන්න ඔන වැදගත්ම දේවල් ටික ඔයා කරා අක්කේ.... ඒත් අක්කේ.......


ඔයාට මතකද ඔයාගෙ කුසට ළමයෙක් ආව දවසෙ ඔයා මට මුලින්ම කිවුවෙ "මල්ලි උබ දැන් මාම කෙනෙක් කියල"... ඒක කිවූවෙ 2015 දෙසැම්බර් මාසෙ අග හරියෙ.... මම ඒක අහල සතුටු උන විදිය දන්නෙ මම විතරයි අක්කේ..... ඔයා කිවුව හරි අක්කේ.. මතකද මම ඔයාට කිවූවහම මට ඕන විදියට තමයි ඔය එන ඕන එකෙක් හදන්නෙ කියල.... අක්කේ ඔයාට මතකද ඔයා දීපු උත්තරේ..... ඔයා කිවූව " උබගෙ මගේ දරුව අල්ලන්නවත් දෙන්නෙ නෑ කියල" උබ හරි අක්කේ.... උබේ දරුව මට අල්ලන්නවත් බැරි උනා අක්කේ.... මට "මාමේ" කියල කෑ ගහල කතා කරන්න හිටපු කොල්ල මට අල්ලන්නවත් බැරි උනා අක්කේ..... මම දන්නව අක්කේ උබ ඒක ඒ වෙලාවෙ කිවූවෙ බොරුවට කියල.... මම දන්නව ඇයි උබ මාට එහෙම කිවුවෙ කියල.... ඒ මගේ "කළු පාට" කොල්ලගෙ ඇගේ ගෑවිල ඌත් කලු වෙයි කියල....... 


අක්කේ උබට මතකද, උබට ඩොක්ටර්ස්ල කිවුව උබේ දරුව ලැබෙන්නෙ අගෝස්තු වල කියල..... මතකද අක්කේ ඔයාට..... අපි අගෝස්තු දාගෙන හිටපු මගේ වෙඩින් එක මමයි දෝනියි සැප්තැම්බර් වලට දැම්මෙ උබගෙ දරුවව මට වඩාගෙන වෙඩින් ෆොටෝ ගහන්න ඕන නිසා කියල උබට මතකද අක්කේ..... එතකොට මට කියන්න පුලුවන් ඌට උබ ඉපදිල දවස් ගානකින් තමයි මම බැන්දෙ කියල අක්කේ.....


අනික අක්කේ අපෙ අයියගෙ අපි දෙන්න ඇහැට නොදැකපු ලස්සන බෝල දෙකක් වගේ කොල්ලො දෙන්න බලාගන්න අපි කොච්චර සිහින මැවුවද අක්කේ..... ඒත් ඔයා මට ඔයාගෙ දරුව එක්ක ෆොටෝ එකක් ගහන්න අවස්තාව දුන්නෙ නෑ අක්කේ...... ඇයි උබ මට එහෙම කරේ..... 


අක්කේ...... මම ගොඩාක් සතුටු උනා මගෙ අම්ම නැති අඩුපාඩුව මට ඔයාගෙන පොඩ්ඩක් හරි මකාගන්න පුලුවන් වෙයි කියල...... ඒත් ඒක එහෙම උනේ නෑ අක්කේ......

මම වෙඩින් එක දවසෙ ගෙදරින් එලියට බහිද්දි මගේ පවුලෙ කියල කවුරුවත් මගේ ලග හිටියෙ නෑ අක්කේ...... මට ගෙදරින් එලියට බහිද්දි වතුර උගුරක් දෙන්න, කිරිබත් කෑල්ලක් කවන්න කවුරුවත් හිටියෙ නෑ අක්කේ.... මම හිතුවෙ එදා මම ඒ දකින්නෙ හීනයක් කියල අක්කේ..... පස්සෙයි තේරුනේ ඒ හීනයක් නෙමෙයි කියල අක්කේ... ඒ මගේ ලැබීම කියල.......


කමක් නෑ අක්කේ ඒක මගේ ලැබීම වෙන්න ඇති..... මම ගොඩාක් පවු කරල ඇති අක්කේ ගිය ආත්මෙක..... ඒක තමයි මේ ආත්මෙ මගේ පවුලෙ අය මගෙන් ගොඩාක් ඈත් කරල තියන්න තරම්...... 


ඔයා දන්නවද අක්කේ.... 


ඔයා මගෙන් ගොඩාක් ඈතට ගිහිල්ල අදට අවුරුද්දක් වෙනව අක්කේ...... 



ඔයා මට අම්ම නැති පාලුව නැති කරනව වෙනුවට ඔයා නැති පාලුවත්, දුකත් මට දීල ඉවරයි අක්කේ...... ඒක ඔයාගෙ වැරැද්ද නිසා නෙමෙයි... වෙන කාලකන්නි මිනිහෙක් නිසා..... 



අද මම ඔයා වෙනුවෙනුයි මගෙ අම්ම වෙනුවෙනුයි අපේ ඉස්සර මතකයන් ගොඩාක් පිරිච්ච ගෙදර දානයක් දෙනව ඔයාල දෙන්න ආපහු කවදාවත් මේ කාලකන්නි ලෝකෙ ඉපදෙන්නෙ නැතුව දුකක කරදරක් නැති දිවියලෝකෙ ඉපදෙන්න කියල.....


  මගේ රත්තරං අම්මේ, අක්කේ.....


මම දන්නව ආපහු කවදාවත් මට ඔය දෙන්නව දකින්න ලැබෙන්නෙ නෑ..... ලබන ආත්මෙකවත් මම පතන්නෙ නෑ අම්මයි අක්කයි මගේ වෙලා ඉපදෙන්න කියල..... මට බෑ ආපහු ඔයාල දෙන්න නැති කරගන්න..... අම්මේ මම දන්නව ඔයාල දෙන්න කොහේ හරි ඉදල මගෙයි අයියගෙයි දිහා බලන් ඇති.... මම මැරෙන තුරා අපේ දිහා බලාගෙන ඉන්න අම්මේ...... කවදාවත් මමයි දෝණිවයි තනි කරන්න එපා මගෙ රත්තරං අම්මේ....

13 comments:

  1. jiwithe heti ohoma thama saho.. sathutata wediya thiyenne duka thama wedipura

    ReplyDelete
  2. කණගාටුයි මචං

    ReplyDelete
  3. මේ ජීවිතේ හැටි කියලා ඔයාට බණ කියන්න අපිට මේ මොහොතෙ පුළුවන්.ඒත් ඒක පලකට නැති කතාවක්.. නමුත් මෙහෙම පැත්තක් තියෙනවා.ඔයාගෙන් සමුගත්ත ඒ ආදරණීය මිනිස්සු ඔයා යහපත් විදියට ජීවත් වෙනවා දකින්න ආසාවෙන් ඉන්න ඇති.ඔවුන් වෙනුවෙන් ජීවත් වෙන්න.. ඔවුන් වෙනුවෙන් වඩ වඩාත් යහපත් දේවල් කරන්න.. ඉන්න තැනක ඉඳලා ඔවුන් ඔයාට ආශීර්වාද කරාවි.

    ReplyDelete
  4. හුඟක් සංවේදීව දැනුනා...

    ReplyDelete
  5. ජීවිතේ හැමදාම සුන්දර නෑ ගාලු.
    උඹේ පවුලෙන් සමුගත්ත ඒ අයට සාධාරණයක් කරන්න පුලුවන් හොඳම ක්‍රමේ උඹ යහපත් මිනිහෙක් ලෙස ජීවත් වෙන එකයි.

    ReplyDelete
  6. හරිම කනගාටුයි මචං
    මට නං මෙහෙම දෙයක් ගැන හිතා ගන්නවත් බැ

    ReplyDelete
  7. කාලෙකට පස්සේ බ්ලොග් පැත්තේ ඇවිත් ඇහැට කදුලකුත් එකතු කරන මොකුත් නොකියම යනවා මචන්

    ReplyDelete
  8. බොහොම කණගාටුයි...සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ...මම ඉස්සර දවසක මෙතනට එද්දි උඹ අම්මා ගැන බොහොම ආදරයෙන් ලියපු ලිපි කියෙව්වා මතකයි. අද ආපහු එද්දි කියවන්න ලැබුනෙ බොහොම කණගාටුදායක සිදුවීමක්. මේක තමයි බං ජීවිතය කියන්නෙ...දුක සතුට මැද ජීවිතය ගලනවා..ජීවිතය සතුටක් නම් ඉපදීම දුකක් කියලා බුදුන් කවදාවත් දේශනා කරන්නෙ නෑනෙ.

    අම්මටයි අක්කටයි මොකද උනේ බං...

    ReplyDelete
  9. බොහොම කණගාටුයි...සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ...මම ඉස්සර දවසක මෙතනට එද්දි උඹ අම්මා ගැන බොහොම ආදරයෙන් ලියපු ලිපි කියෙව්වා මතකයි. අද ආපහු එද්දි කියවන්න ලැබුනෙ බොහොම කණගාටුදායක සිදුවීමක්. මේක තමයි බං ජීවිතය කියන්නෙ...දුක සතුට මැද ජීවිතය ගලනවා..ජීවිතය සතුටක් නම් ඉපදීම දුකක් කියලා බුදුන් කවදාවත් දේශනා කරන්නෙ නෑනෙ.

    අම්මටයි අක්කටයි මොකද උනේ බං...

    ReplyDelete
    Replies
    1. අම්ම නැති උනේ පිළිකාවකින් මචන්..... අක්ක නැති උනේ හදිසි අනතුරකින්......

      Delete
  10. හරි සංවේදී කතාවක්...බොහොම කණගාටුයි.. ටාසන් කියපු දෙයම තමයි මමත් කියන්නේ...

    ReplyDelete
  11. මොකුත් කියන්න තේරෙන් නෑ බන්.ජීවිතෙ හැටි ඔහොම තමයි කියලා මන් කියන් නෑ බෑ බන්.ඒත්
    ජීවිතේ කියන්නෙ ඕක වෙන්න ඇති බන්.......

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)