නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

29 පුතේ උබට නිවන් සුව ...

සුන්ටු උබට මතකද මුලින්ම අපේ ගෙදරට ආපු විදිය, උබට එතකොට ඇස් ඇරිලවත් නෑ. උබ ඒ තරමටම පොඩියි. අතින් අල්ලනත් බෑ. ඒ මොකද උබගෙ මයිලක්වත් අතට අහුවෙන්නෙ නැති නිසා. 

උබ දන්නවද?, අපේ පවුලෙ කවුරුවත් පූසොන්ට කැමති නැහැ කියල. නමුත් උබ කාළකන්නි මනුස්සයෙක් අපේ ගේට්ටුව ලග දාල ගිහිල්ල තිබුන වෙලාවෙ, උබගෙ ඇඩිල්ල ඇහිල මහ රෑ 1.00 ට විතර අපෙ අම්ම ඇවිල්ල උබව අරගෙන පෙට්ටියක දාල තව කූඩෙකින් උඩිනුත් වහල තියල තිබ්බෙ උබේ අරක්ෂාවට, මොකද වෙන ලොකු පූසො උබව රෑ කෑමට ගන්න මාන බල බල හිටපු නිසා... අපි හිතුවෙ උබෙ අම්ම උබව අරගෙන යන්න ඒවි කියල. නමුත් එහෙම උනේ නෑ. උබව ගෙනියන්න කවුරුවත් ආවෙ නෑ. 

අපිට බැරි උනා උබේ අඩොවැඩියාව අහගෙන ඉන්න. මම අතුළු ඔක්කොම කිවුවෙ උබව ලගම තියෙන පංසලට ගෙනිහින් දාන්න, මොකද උබව හදාගන්න බැරුව නෙමෙයි, උබලට අපේ කිසිම කැමැත්තක් නොතිබුණු නිසා, 

නමුත් අපෙ අම්ම උබව ගෙනිහින් දාන්න බෑ කියල කිවුවෙ උබේ පිනකට සහ අපේ පිනකට. 
 අතට අහුවෙන්නෙ නැති උබ එදා ඉදල අපේ ගෙදර හැදෙන්න වැඩෙන්න පටන් ගත්ත උබට මතකද??


උබට අපෙ අම්ම කිරි පොවපු හැටි මතකද, ගෝස් කෙලි අබරල උබේ කටෙන් තියල, ඒකට ඇගිල්ලෙන් කිරි දදා තමා උබට පෙවුවෙ, උබට උබෙ අම්මගෙ තනෙන් කිරි බොනව වගේම තමා අපේ අම්ම උබට කිරි පෙවුවෙ.

උබ ටික කික ලොකු වෙද්දි තමා දන්නෙ උබ පිරිමි සතෙක් කියල, එතකොට තමා පොඩ්ඩක් හරි අපිට සැනසීමක් අවෙ. 

මට මතකයි උබ පොඩි කාලෙ උබට ඤැව් ගාන්න බෑ. අපි හිතුවෙ උබ ගොළු ඇති කියල, 

උබ ටික ටික ලොකු වෙනකොට ඇත්තටම අපිට උබව නැතුව බැරි උනා... උබ අපිත් එක්ක හුරතල් වෙද්දි අපි කොච්චර සතුටු උනාද?, උබ මම වැඩ ඇරිල එනකන් ඉන්නෙ මාත් එක්ක සෙල්ලම් කරන්න, මම උබගෙ පස්සෙන් දුවන්න ඕන උබව අල්ලන්න, උබ කොහේ හරි හැංගිල ඉදල මගේ කකුලට පැනල හපල ආපහු දුවනව උඩ තට්ටුවට ගිහිල්ල ගරාදි වැට උඩට වෙලා ඉන්නව මම උඩට එනකන්, මම උඩට එද්දිම ආපහු පල්ලෙහාට දුවල අම්මගෙ ලගට ගිහිල්ල අම්මවත් හපල හැංගෙනව. ඒ වගේ තුන් හතර සැරයක් සෙල්ලම් කරල මහන්සි උනහම අම්මගෙ ඇද උඩට ගිහිල්ල උබටම අම්ම මහපු කොට්ටෙ උඩ නිදා ගන්නව උබට මතකද??

උබට මතකද සුන්ටු මම බයික් එක නවත්තපු ගමන් කොයි ලෝකෙන් හරි ඇවිල්ල බයික් එක වටේටම ගිහිල්ල ඉව කරල බලන හැටි, උබ ඒ දේ මගේ මයික් එක නැති වෙනකම්ම කලා උබට මතකද? 

උබට මතකද සුන්ටු උබ වෙනුවෙන්ම අපි අපේ ගෙදර ඉස්සරහ ජනේලෙ වීදුරුව කුඩු කරා, ඒ උබට එහෙට මෙහෙට යන්න, මොකද උබව හිර කරල තියා ගන්න අපිට උවමනාවක් නැති නිසා, උබට ඒ පාර හුරු කරන්න කොච්චර මහන්සි උනාද අපෙ අම්ම, 

උබට මතකද සුන්ටු උබ කන්නෙ බත් අනල ගුලි කරල අම්මගෙ අතින් විතරක් බව, හොදට මතක් කරපන් සුන්ටු, එච්චර උබට ඒ ආදරේ නිස...

අනික සුන්ටු උබ දන්නවනෙ උබ කන්නෙ "ලින්න පරා" කියල මාලු වර්ගයක්. ඒ වර්ගෙ හොයන්න සමහර දවස් වලට අමරු උනාම, වෙන මාලු එක්ක උබ බත් කන්නෙ නෑ, උබට මතකද?? එතකොට අපෙ අම්ම කොච්චර දුක් උනාද කියල උබ දන්නවද සුන්ටු. එතකොට උබට අපේ ගෙදර තියෙන අපිටත් කළාතුරකින් ලැබෙන" උම්බලකඩ" කෑල්ල අම්මගෙ කටින්ම කඩල උබේ කටේ ඔබල උබට කවපු හැටි උබට මතකද?

උබ දන්නවද එක දවසක් ගෙදර මම විතරක් ඉන්න දවසක උබට මාලු නැතුව උබ කෑවෙ නෑ. මහ රෑ 10.00 ට විතර මහ වැස්සෙ තෙමි තෙමි කොට්ටාවට ගිහිල්ල "ෆුඩ් සිටි" එකෙන් මාලු කූරියෙක් ඉල්ලුවහම ඒකෙ ඉන්න උන් මගේ දිහ බලල හිනා වෙල අහුව මොකටද මල්ලි මාලු කූරියෙක් කියල, මම කිවුව අපේ පූසට කියල, එතකොට උන් ගොඩාක් හිනා උනා, එහෙම ගිහිල්ල ගෙනල්ල උබට තම්බල දුන්න මතකද? 

සුන්ටු උබට මතකද උබ අපිත් එක්ක ගිය තැන්, උබ අපිත් එක්ක ලංකවෙ නොගිය තැනක් නෑ සුන්ටු, යාපනේ, නුවර එලිය, කතරගම, වගේ හැම තැනම ගියා මතකද උබට...?? 

මතකද උබට හොර්ටන් තැන්නෙ ගිහිල්ල තව පොඩ්ඩෙන් දාල එන්න වෙනව. මොකද සත්තු ඇතුලට ගෙනියන්න බැරි නිසා. මතකද උබට උබ එහේ ගිහිල්ල ගෝනෙක් එක්ක ගේමට ගියා... 


අනික උබ අපිත් එක්ක මගුල් ගෙදරකට ඇර අනිත් හැම තැනකටම උබ ගිහිල්ල තියෙනව සුන්ටු. කොටින්ම මල ගෙවල් වල පවා... මොකද උබව දාල යන්න බැරි නිසා, උබට එක වේලක්වත් කන්න නොදී තියන්න බැරි නිසා...

සුන්ටූ උබ දන්නවද උබ හින්ද අපේ නෑදෑයො, අපේ යාලුවො කොච්චරවත් තරහ වෙලා තියෙනවද කියල, මගේ යාලුවො කොච්චර මා එක්ක තරහ වෙනවද කියල, මොකද ඒ උබ හින්ද සුන්ටූ, ඒ උබව දාල කොහේවත් අපි යන්නෙ නැති නිසා.... 

උබ අපේ හැම නෑදෑ ගෙදරකම ගිහිල්ල තියෙනව සුන්ටූ, උබ නොගිය නෑ ගෙයක් නෑ බන්... 

උබ දන්නවද උබ තමා අපේ ගෙදර බාල පුතා. අපේ ගෙදර උබට විතරයි මාලු උයන්නෙ, අපිට කන්න නෑ.. ඒක උබ දන්නෙ නෑ සුන්ටු. එච්චර අපි උබට ආදරෙයි සුන්ටු... 

අනික සුන්ටූ උබ කවමදාවත් ගේ ඇතුලෙ ජරා කරල, චූ කරල නෑ සුන්ටූ.. ඒකයි අපෙ අම්ම හැමදාම කියන්නෙ උබ මනුස්සයෙක් කියල.. උබ කොච්චර ලෙඩ උනත් උබ කවදාවත් ගේ ඇතුලෙ ජරා කරන්නෙ නෑ.. ඒ උබ මනුස්සයෙක් නිසා... උබ සතෙක් නෙමෙයි සුන්ටූ...

උබ අපෙ අම්මගෙ තනිකම, පලුව නැති කරපු හැටි මට මතක් වෙද්දි ඉන්න බෑ සුන්ටූ.. ඒ උබ මනුස්සයෙක් නිසා.. අපි කවුරුවත් නැති වෙලාවට උබ අපෙ අම්මගෙ ලගින් හෙල්ලෙ නැතුව හිටියෙ උබ අපෙ අම්මව පලුවෙන් තියන්න බැරි නිසා නේද සුන්ටූ... ඒ උබ එහෙම කරේ උබ මනුස්සයෙක් නිස සුන්ටු... 

උබ මනුස්සයෙක්ට වඩා දෙවියෙක් සුන්ටූ... ඒක සක්‍රයටවත් වෙනස් කරන්න බෑ සුන්ටූ... උබට කොහොමද සුන්ටූ හිතෙන්නෙ මිනිස් ගති..

උබ අපෙ අම්ම ටොයිලට් එකට ගිහාම දොර ලග මුර කරන්නෙ අම්මට කරදරක් වෙයි කියල බයටද සුන්ටූ... උබ අම්ම එන්න පරක්කු උනහම දොර හූරන්නෙ ඇයි සුන්ටූ... මට අදටත් හිතා ගන්න බෑ සුන්ටූ.. උබ දෙවියෙක් සුන්ටූ...

උබ අපෙ අම්මට බෙහෙත් විදගෙන ආවහම, උබ අපෙ අම්මගෙ ලගින් හෙල්ලෙ නැතුව ඉන්නෙ ඇයි සුන්ටූ.. උබට මොනවද හිතෙන්නෙ සුන්ටූ...

ඇයි සුන්ටූ උබ අපිට මෙච්චර ආදරේ කරේ... ඇයි උබ වෙන පූසො වගේ හිටියෙ නැත්තෙ... ඇයි උබ දෙවියෙක් උනේ... කියපන් සුන්ටූ...

උබ කවදාවත් අනිත් පූසො වගේ කෑම කන වෙලාවට පිගාන දිහා බලා, උබ පැත්තකවත් ඉන්නෙ නැත්තෙ උබට මොනව හිතිලද සුන්ටූ...

සුන්ටූ උබට තාමත් ඉස්සරහ ගෙදර පොඩි උන් " කුප්පමේනිය" ගස් ගෙනත් දෙනව සුන්ටූ... ඒව දකිද්දි කාටද සුන්ටූ ඇඩෙන්නෙ නැත්තෙ සුන්ටූ...

උබේ පරන පින්තූර බල බල ඉදිද්දි අපිට ඇඩෙන්නෙ නැත්තම් උබ අපේ එකෙක් නෙමෙයි සුන්ටූ.. 

උබ වෙනුවෙන් අඩන්න අපේ ගෙදර ඔක්කොටම පුලුවන් සුන්ටූ... එච්චරටම උබට ආදරෙයි සුන්ටූ... ඒ උබ අපිට දෙවියෙක් උන නිසා සුන්ටූ...

උබට මතකද අපේ ගෙදර කවුරුවත් නැති උනහම, රෑට උබ මගේ ලගට එනව නිදා ගන්න, මගේ ඇදේ උබ නිදා ගත්තහම මම කොහේද නිද ගන්නෙ, මම රෑට නින්දෙන් දගල නිසා උබට ඇද දීල මම බිමට බැහැපු වාර අනන්තයි සුන්ටූ.. ඒ උබට ආදරේ නිසා... 

උබ ගන කියන්න ගියොත් මට පොතක් ලියන්න පුලුවන් සුන්ටූ... මට මේක තවත් ලියන්න බෑ සුන්ටූ.. මොක්ද උබව මතක් වෙද්දි මට ඉන්න බෑ සුන්ටූ...

උබට හැදුනු ලෙඩේ කටවත් හැදෙන්න එපා කියල ප්‍රාර්තානා කරනවා.. ඒක අවුරුදු 20 කින් හම්බ වෙලා තියෙන්නෙ ඩොක්ටර්ස් ලට.. උබට බෙහෙත් කරන්න පුලුවන් උපරිම කරා මතකද සුන්ටූ... උබට සේලයි දෙද්දි අපි ඇඩුව මතකද... 

ඩොක්ටර්ස්ල අහුව ඇයි මේ වල් පූසෙක් මෙච්චර ආදරෙන් බලා ගන්නෙ කියල.. මොකද්ද අපි දෙන්න ඕන උත්තරේ සුන්ටූ...ඒ උබ දෙවියෙක් නිස සුන්ටූ...

නමුත් අද ඒ ඔක්කොම ඉවරයි සුන්ටූ... උබ දැන් අපි අතර නෑ සුන්ටූ.. උබ දැන් ඉන්නෙ දිවිය ලෝකෙ.. ඒක ඉස්තිරයි... 

උබව පාලු කණත්තක තනි කරේ අපෙ අම්ම නිසා සුන්ටූ... නැත්තම් ගේ මැද වලක් හාරල උබව දාන්නෙ සුන්ටූ.. ඒ එච්චරටම උබට ආදරේ නිසා සුන්ටූ...
උබ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කරනව සුන්ටූ.. අපි උබේ සොහොන ලග තැඹිලි පැලයකුයි, ඉද්ද මල් ගහකුයි ඉන්දුව.. ඒව දැන් පැළවෙලා.. ඒ කරේ උබව මතක් වෙන්න හැමදාම...

මොකද උබ දෙවියෙක් නිසා...

අනේ සුන්ටූ උබ කොහේදි හරි ආපහු හමු වේවි, හැබැයි මිනිස් බවයක් ලබල නෙමෙයි, දෙවියෙක් වෙලා....

උබට නිවන් සුව අපේ සුන්ටු පුතේ.....
2014.07.15



29 comments:

  1. //ඩොක්ටර්ස්ල අහුව ඇයි මේ වල් පූසෙක් මෙච්චර ආදරෙන් බලා ගන්නෙ කියල //

    "මිනිස්සු" නිසා මචං … !!!

    ReplyDelete
    Replies
    1. ගාලු - රුපියල් සත පස්සෙ දුවන වැඩිහරියකට ඒ හැඟීම තේරෙන්නෙ නෑ මචන්

      පත්තරේ - සිරාම කතාව ++++++++++++

      Delete
    2. හරියට හරි පත්තරේ

      Delete
    3. කතා කරල වැඩක් නෑ මචන්

      Delete
    4. ජීවිතය සුන්දරයි.... >>>>> Download Now

      >>>>> Download Full

      ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK

      >>>>> Download Now

      ජීවිතය සුන්දරයි.... >>>>> Download Full

      >>>>> Download LINK xL

      Delete
  2. මිනිස්සුන්ට වඩා සමහර වෙලාවට සත්තූ අපේ ජීවිතේ විශේෂ තැනක් ගන්නවා බං..

    ReplyDelete
    Replies
    1. ඉවාන්වයි පත්තරේවයි දැක්කම මටත් එහෙම හිතෙනවා

      Delete
    2. අනිවාර්යයෙන් දිනේෂ්

      Delete
    3. පවු බන් ඉවානය

      Delete
  3. හොදයි... ඒත් ඉතිං මොනා කරන්නද???

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ බන්.. ඌ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරා...

      Delete
  4. කණගාටුයි. මම සත්තු හදන්න කැමති නැතිත් ඕකයි. අපේ ජීවිත ක‍ාලෙම සත්තු හැදුවොත් උන්ගෙ මියයාම් විස්සක් විසිපහක් දකින්න ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට බන්... තවත් ගෙදර සත්තු හදන එක නැවැත්තුව...

      Delete
  5. දුකයි, මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. මතක් වෙද්දි ඇඩෙනව බන්...

      Delete
  6. මමත් සුරතල් සතුන්ට ගොඩාක් ආදරය කරුණාව දක්වන කෙනෙක්...අපේ ගෙදර බල්ලො හදන්න බැරි අදෘෂ්‍යමාන තත්වයක් තියෙන නිසා මෑතක ඉදන් දිගටම හැදුවෙ බළල්ලු...ඒ අතරින් කලුම කලු වෙන කිසිම වර්ණයක් පොඩ්ඩක්වත් ඇගේ නැති කෙනෙක් මගේ හිතට ගොඩාක් සමීප උනා...මම පූසන්ට එතරම් කැමති නැති උනත් මේ අලුත් කෙනා මාව කැමති කරගත්තා....එයත් අවුරුදු 6 ක් විතර අපිත් එක්ක වාසය කරලා හදිසියේම අසනීප උනා...විෂක් කැවෙන්න ඇති කියලයි දොස්තරලා කිව්වෙ...මම ඒකව ගොඩ ගන්න සෑහෙන්න මහන්සි උනා....බෙහෙත් පෙති දිය කරලා අමාරුවෙන් පෙව්වා...ඒත් අන්තිමේදි වැඩක් උනේ නෑ...හිතට හරිම දුකක් හිස් බවක් තමයි එවැනි වියෝවකින් පස්සෙ දැනෙන්නෙ. ඒක අපි කාටත් පොදු දෙයක්...ජීවිතයේ අනිත්‍ය තමයි ඒ අයත් අපට කියලා දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උබ විශ්වාස කරන එකක් නෑ.. අදටත් ගෙදරට ගොඩ වෙන්නෙ " සුන්ටූ" කියාගෙන.. ඌ නෑ කියල දැනෙන කොට හෙන අවුල්...

      Delete
  7. සත්තුන්ට කරුනාව දක්වන එක හොඳ දෙයක් ගාලු. මිනිස්සුන්ට වැඩිය හොඳ ගුණ උං ගාව තියෙනව. අපේ ගෙදරත් පූසො හය දෙනෙක් විතර ඉන්නව. කිසිම සර්පයෙකුට නයෙක් උනත් වත්තෙ හතර මායිමෙන් ඇතුලට එන්න දෙන්නෙ නෑ.
    ඔහොම එක සතෙක් හදල වෙන්වෙලා ගියාම දුක වැඩියි තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ... සුන්ටුවත් එහෙමයි.. ඌ අපේ ගෙදර ආරක්ෂකය කියල කිවුවොත් නිවැරදියි...
      ඌ අපෙ අම්මව කොච්චර බලා ගත්තද?

      Delete
  8. සත්තුයි මිනිස්සුයි සංසන්දනය කරලා බලද්දී මිනිස්සු සත්තුන්ට වඩා ගව් ගානක් පිටිපස්සෙන් බං ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. සිරාවට.. මිනිස්සු කියන්නෙ තිරිසන් කොට්ටශයක් බන්....

      Delete
  9. kathawanam dukai... mokada mamath saththunta godaak adare nisa... eth ube kathawe "suntu" kaalla wadi ban

    ReplyDelete
  10. Matath Hitiya Poos puthek , aurudu 4y math ekka hitiye. Mata me kathawa kiyawaddi aduna :'( . eya nathi une 08.06.2014 eyatath wishak kawila . Eyawa podi kale eyage amma atha hariya . Eyata kiri powala , unusuma deela hadagathethe mama. eya nida gaththe mage ade. Hama dama pandara 2 -3 weddi enawa adata. awilla mage kakul nawa. 5ta mawa aharawanawa . rata eliyata giyoth mage passen enawa mawa araksha karanna. ape ballath ekka harima tarahai. Man prarthana karanne eya magema puthek wela ipadenna kiyala.

    ReplyDelete
  11. ජීවිතය සුන්දරයි.... >>>>> Download Now

    >>>>> Download Full

    ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK

    >>>>> Download Now

    ජීවිතය සුන්දරයි.... >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)