නිතර දෙවේලේ යන එන තැන් ....

Thursday

10 යාපනයේ ගතකල කාලය...02

අම්මෝ... ඔන්න මම යාපනේ ගත කරපු කාලයේ වෙච්චි සුන්දර මතකයන් දෙවෙනි කොටසෙන් ගෙනාව... මෙතනින් ගිහිල්ල  01 බලල එන්නකෝ....

ආ ඊට ඉස්සෙල්ල කියන්නම්කො යාපනේ බලන්න තියෙන තැන් ටිකක්....

01. යාපනේ කොටුව (ඒක තියෙන්නෙ යාපනේ ටවුන් එකේමයි..)

02. නල්ලූර් කෝවිල (ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 03 ක් වගේ යන්න ඕන)






03. යාපනය කෞතුකාගාරය..(ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 02 ක් වගේ යන්න ඕන)


04. මේක තමා වැදගත්ම ස්ථානය.. රියෝ අයිස්ක්‍රීම් කඩේ (නියර් ද නල්ලුර් කෝවිල්)


මේ අයිස්ක්‍රීම් කඩේ වර්ග 100ක් විතර තියෙනව. අපි ඒ ඔක්කොම වර්ග කාල තියෙනව...

05. නිරාවර ලිද (මේක තියෙන්නෙ පාලාලි වලට යන පාරෙ කිලෝමීටර් 9.5 ක් විතර ගිහාම තියෙනව හතරමං හංදියක්... ඒකෙන් දකුණට හැරිල යන්න ඕන කිලෝමීටර් 3ක් විතර)

06. කන්දරොඩෙයි පංසල (ඒක බලන්න යනවනම් යන්න ඕන කන්කසන්තුරෙයි පාරෙ කිලෝමීටර් 12ක් වගේ ගිහාම හමු වෙනව චුන්නාකම් කියල ටිකක් ලොකු ටවුන් එකක්, අන්න එතනින් වමට දාල යන්න ඕන කිලෝමීටර් 5ක් විතර එතකොට පාරෙ බෝඩ් ගහල තියෙනව, එතනින් ආපහු වමට දාල යන්න ඕන කිලෝමීටර් 03ක් විතර,)








 


07. දඹකොල පටුන (මේක බලන්න යනවනම් යන්න ඕන කන්කසන්තුරෙයි පාරෙ කිලෝමීටර් 15ක් වගේ ගිහිල්ල වමට හැරෙන්න තියෙනව හමුදා බංකරයකුත් එක්ක, එතනින් හැරිල යන්න ඕන කිලෝමීටර් 12ක් වගේ, ඔය යන අතරතුර තියෙනව පොකුණක් නාන්න පුලුවන්.. ඒකෙ නම මතක නෑ..)

08. මේක තමා හොදම තැන... මොකද්ද?? කැසුරිනා බීච්... යාපනේ ගිහිල්ල ඒකෙ නෑවෙ නැත්තම් වැඩක් නෑ... ඒකෙ විශේෂත්වයක් තියෙනව.. ඒකෙ රැලි ගහන්නෙ නෑ.. අනික තමා මුහුදෙ ගොඩාක් ඈතට ඇවිදගෙන යන්න පිළුවන්... මොකද කියන්නෙ යමුද?? මමනම් ඇති වෙන්න නෑව... (මේක තියෙන්නෙ ඔයාල දැන් යනවනෙ දඹකොල පටුනෙ... එතනින් කෙලින්ම යන්න කරෙයිනගර් වලට.. ඒක කෑම්ප් එකක් ඇතුලෙන් යන්න තියෙන්නෙ.. යන්න දෙනවද නැද්ද කියල හරියටම දන්නෑ.. පොඩ්ඩක් අහල බලන්න... මම ගියපු හැම පාරම ගියා... එතනින් යන එක ගොඩක් ලගයි.. නැත්තම් ආපහු යාපනේට ගිහිල්ල යන්න ඕන... යන්න ෆුල් ට්‍රයි කරන්න)












08. ඔන්න යාපනෙන් පිට යනවනම් තැනක් තමා ඉතින් හැමෝම යන නාගදීප විහාරයට.. එතනට යන්න හැමෝම දන්නව මම හිතේ...

09. ඩෙල්ෆ් ගැන කවුරු හරි නොදන්නවද? නෑනේ... ඩෙල්ෆ් වලට යන්න ඕනෙත් නාගදීපෙට යන පාරෙම තමා එතන තොටුපලෙන් ඩෙල්ෆ් වලට වෙනම බෝට්ටු තියෙනව.. ඒව යන්නෙ පැය 02 න් දෙකටද කොහෙද?? පොඩ්ඩක් බලන්න.. ඒහේ යනවනම් උදේම යන්න වග බලා ගන්න, මොකද එහෙන යාපනේට එන අන්තිම බෝට් එක 3.30 ටද කොහෙද තියෙන්නෙ...

එහේ ගිහාම බලන්න මොනවද තියෙන්නෙ... දන්නවද?? බෝට් එකේ යන්න පැයක් විතර යනව... පට්ට ගති...


1. ලංකාවේ වටප්‍රමාණය වැඩිල ගහ...

2. කොරල් පර වලින් හදපු තාප්ප...

3. ආදම්ගේ පා සටහන...

4. ඇයි බොලේ අශ්වයො...

5. තව පරන ලස්සන පල්ලියක් තියෙනවා...

6. තව කාගෙද රජ මාලිගාවක නටබුන් තියෙනවා

කවුරුවත් බය වෙන්න එපා කොහොමද මේ ඔක්කොම බලන්නෙ දන්නෙ නැතුව ගිහිල්ල කියල
බය වෙන්න එප ....ඔයල බෝට් එකෙන් බැහැපු ගමන් එතන ඉන්නව ඩී.මෝ බට්ටො තියාගෙන ඔයාලව දූපත වටේ එක්කරගෙන යන්න.. එයාල 2500.00ක් වගේ ගන්නව... එහෙම යන්න පුලුවන්,
නැත්තම් බස් එකේ යන්නත් පුළුවන්....


අපි එහේ දාපු පාටියක පින්තූර ටිකකුත් දාන්නම්කෝ.... මට මතක හැටියට මේක අපි මුලින්ම ඇස්පෝල්ට් දාපු දවසෙ දාපු පාටි එක...

















ඔන්න යාපනේ මම දන්න බලන්න පුලුවන් තැන් ටිඅක් කිවුව... තව මම මතක් උනොත් කියන්නම්.. මේ හැම් තැන කටම මමයි මගේ වෙන්ට වයිපරෙයි ගිහිල්ල තියෙනවා... පට්ට ගති කාලයක් අපි එහේ ගත කලේ... කියල වැඩක් නෑ... ඔන්න එහෙනම් මම කැපුන....

10 comments:

  1. අපරාදේ කියන්න බෑ උඹ ලෝභ නැතිව අපේ බයිට් කන්නම උපන් එකෙක්.. හැක්.

    කොහොම උනත් අගේ ඇති පින්තුර සැට් එක.. අර අයිස්කිරිම් කඩේ නම අමතක වෙච්ච එක ගැන නං කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. මොකද්ද බොලේ උබේ බයිට් මම හැමදාම කනවනෙ....

      Delete
  2. මම යාපනේ පැත්ත පළාතේ ගිහින් නෑ ඒ උනාට ඔය අයිස් කිරීම් කඩේ ගැන නම් දන්නවා මමත් දවසක යනවා හිකිස්

    ReplyDelete
    Replies
    1. ඔය අයිස්ක්‍රීම් කඩේ බ්‍රාන්ච් එකක් වැල්ලවත්තෙ තියෙනව... බ්‍රාන්ච් එකක් කිවුවට එහෙමම නෙමේ.. වාහනේක තියෙන්නෙ.. කාල බලන්නකො... හැබැයි රසනම් ටික්ක් වෙනස්...

      Delete
  3. යාපනේ නම් ගිහින් නැහැ බං තාම , හියහම අර කඩෙන් අයිස් ක්‍රීම් එකකුත් කනවා .

    ReplyDelete
    Replies
    1. ඉක්මනට පලයන් බන්... නැත්තම් වැඩක් නෑ.....

      Delete
  4. යාපනේ දෙපාරක් සංචාරය කලා . ඒත් ඩෙල්ෆ් යන්න බැරි උනා . ඊලඟ වතාවේ යන්න ඕනෙ ඩෙල්ෆ් . ඔබ සඳහන් කරල තියන අනිත් සෑම ස්ථානයකට ගිහින් තියනවා . රියෝ අයිස් ක්‍රීම් එක නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ . ඒ වගේම බොහොම සුන්දර හිත ගත්තු ස්ථානක් තමා "තල් අරණ " නිවාඩු නිකේතනය .

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊලග සැරේ යන්න ඩෙල්ෆ්... මම තල් අරණ ගැන දන්නෙ නෑනෙ.... මාර කේස් එකනෙ

      Delete
  5. කෑම වික විතරමයි මං මෙතනින් දැක්කෙ :)

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)