නිතර දෙවේලේ යන එන තැන් ....

Wednesday

21 යාපනයේ ගතකල කාලය... 01




ඔන්න මම අද කියන්න යන්නෙ අපි (අපි කිවුවෙ මමයි.......... මගේ........ වෙන්ට වයිපරෙයි...) යාපනයේ ගතකල අවුරුද්දක කාලය ගැන... අම්මෝ... කියල වැඩක් නෑ....

අපි හරියටම යාපනේ ගියේ 2011.08.16 වෙනිදා රෑ.. මම ගමන පටන් ගත්තෙ වැල්ලවත්තෙ නේවි කෑම්ප් එක ලග තමා යාපනය බස් නවත්තන්නෙ... මම බස් එකට නැග්ගෙ 7.30 ට. ඒ බස් එක තමා ඩී.එස්. ගුණසේකරට අයත් ඒ.සී බස් එකක්... ඒකෙ ඒ කාලෙ ටිකට් එකක මිල 1000.00යි. දැන් කොහොමද දන්නෙ නෑ... ඔන්න කොහොම හරි මම තමා ටිකට් බුක් කලේ.. ටිකට් 03ක් ගත්ත... කවුද බොලේ 03ක්.. මමයි, මගේ ගෑනු ලමයයි, එයාගෙ තාත්තයි...

ආ කියන්න බැරි උනා... ඒ වෙනකොට එයාලගෙ ගෙවල් වලින් අපි දෙන්න යාලුයි කියල දන්නෙ නෑ...

එයා මාත් එක්ක එවන්න ප්‍රදානම හේතු 02 ක් තිබුන...

01. එයා ට්‍රේනින් වැටිල තිබුනෙ සෝමාවතිය පැත්තට වෙන්න ලොකු කෑලෑවක් ඇතුලෙ හදන ලොකු බ්‍රිජ් එකකට.. ඒ කියන්නෙ මහවැලි ගග යා කරල තමා ඒ පාලම හදන්නෙ... ඒකට යන්න බැරි නිසා...

02. තමා මගේ අයියා යටතෙ තමා ඔය මම ට්‍රේනින් වැටුනෙ... ඒක නිසා බය වෙන්න දෙයක් නැති නිසා තමා එයා මා එක්ක එවුවෙ...

ඔන්න දැන් හරිනෙ... ඔන්න මුල්ම යාපනයෙ යන දවස නිසා... තාත්ත ආව එයාව ඇරලවන්න... එතකොට මුළු බස් එකටම හිටියෙ 10ක් වගේ.. යාපනයට යනකම්... මොකද ඒ වනතුරු ජනතාව යාපනයෙ යන්න බය නිසා වෙන්න ඇති.. දන්නෙ නෑ...

ඔන්න ඒ දෙන්න ගත්තෙ මීගමුවෙන්..ඔන්න ඔක්කොම නැගල යනවා යනවා ඉවරයක් නෑ.... අනේ අපොයි... එපා උනා... ඔන්න මගදි කන්නත් නැවත්තුවා... කාල බීල ආපහු යනවා... යනවා... යනවා.... ඉවරයක් නෑ.... ඔන්න කොහොම හරි ඊලග දවසෙ උදේ 7.30 විතර වෙනකොට යාපනය ටවුන් එකෙන් බැස්සා... අම්මෝ... දැනෙන සනීපෙ....

ඔන්න කොහොමෙන් හරි පාරවල් එහෙම හොයාගෙන ආව චුන්නාකම් කියන පොඩිම පොඩි නගරයකට... එතන තමයි හෙඩ් ඔෆිස් එක තියෙන්නෙ... එතනට එන්න යාපනේ ඉදල කන්කසන්තුරෙයි පාරෙ කිලෝමීටර් 15 ක් විතර එන්න තියෙනව...

ඔන්න කොහොම හරි ඔෆිස් එකට ආව විතරයි එතන ඉන්න එවුන් දන්නව මම මග එනකොට.. අපේ එකා මුළු යාපනේම කාල... මාවත් කාල... මගේ චරිතෙත් කාල, ඔක්කොම කාල, මාව විනාශ කරල... ඔන්න අපේ එකාගෙ හැටි.... ඔන්න එතනින් බයිට් වෙවී ඉන්නව... ඔන්න එයාලගෙ තාත්තත් අපහු ගියා කොලඹ..


ඊට පස්සෙ තමා හරියටම තොරතුරු දැන ගත්තෙ... ඒ කොම්පැනියට අදාල පාරවල් 03ක් තියෙනවා..

මේ තියෙන්නෙ පාරවල් 03




01. යාපනයේ සිට කන්කසන්තුරේට 16.5 Km (C to D -  AB 16)
02. යාපනේ සිට පලාලි 17.2  Km  (A to B  - AB 18)
03. පුත්තූර් සිට මීසාලෙයි 13.5 Km  (E to F -  AB 32)



ඔන්න ඔහොමයි අපේ පාරවල් වල විස්තර, මම වැටුනෙ යාපනය සිට පලාලි වලට හදන පාරට.. දෝනි වැටුනෙ යාපනය සිට කන්කසන්තුරෙයි පාරට... ඔන්න එදාම අපි හවස විසිර ගියා....


ඔන්න මම මගේ පාර ගැන විස්තරයක් කියන්නම්.... මේ පාර දිග කිලෝමීටර් 17.2. මේකෙ හදන්නෙ චයිනා හාබර් එකෙන්... මුලු ප්‍රොජෙක්ට් 03න 10 බිලියන්. ඒකෙන් 05 බිලියන්ම අපේ රටේ ඉහලම තැන් වල වැජබෙන උදවිය අරගෙන.. 05 බිලියන් වලින් තමා පාරවල් 03 නම කාපට්(ඇස්පෝල්ට්) කරන්නෙ...

අපේ පාරෙ තමා පලාලි කෑම්ප් එක තියෙන්නෙ.. කෑම්ප් එක ඇතුලෙත් පාර අපි තමා හදන්නෙ... කෑම්ප් එක ඇතුලෙ විතරක් කිලෝ මීටර් 05ක් තියෙනෙවා... හිතපන්කො කොච්චර ලොකුද කියල... අක්කර 100,000 වඩා තියෙනව... පට්ටම ලොකුයි... අනික ඕක ඇතුලට සිවිල් අයට යන්න දෙන්නෙ නෑ... ඒ අතින් අපි වාසනාවන්තයි... යුද්දෙ ඉවර උනු හැටියෙම ඔය වගේ කෑම්ප් එකකට යන්න වාසනාව ලබල තියෙනවනෙ...ඒ අවට අධි ආරක්ශිත කලාපයක්... මැස්සෙකුටවත් රිං ගන්න බෑ... අවසර නැතුව.. ඔන්න අපිට යන්න තියෙනව හොදේ.... හැබැයි තනියම නෙමෙයි... ගාඩ්ල 03 දෙනෙක් එක්ක.... ඔන්න තත්වෙ,...


පොඩ්ඩක් සයිට් එක බලල ඉන්නකෝ....














 මේක ගොඩාක් ලොකු ඉස්කෝලයක්... ලමයි 500ක් විතර ඉන්නව... මේක තියෙන්නෙ පලාලි කෑම්ප් එක පටන් ගන්න තැනමයි....






















ඔන්න මම දැන් ඔයාලව එක්කගෙන යන්නේ..... මිදි වත්තක් බලන්න... මොකද කියන්නෙ... මිදි වත්තකුත් බලමුද?? මොකද කියන්නෙ.... හැබැයි කනව එහෙම නෙමෙයි....



























මම ඒ කාලෙ 1Kg එකක් ගත්තෙ රුපියල් 60.00 හෝ 70.00 යි.... දැන් 150 යිලු... ඔන්න ඔහොමයි මිදි කෑවෙ... අපි ඒ දවස්වල මිදි නොකාපු දවසක් නැති තරම්.. මොකද කියනවනම් අපේ පාර දිගට මිදි වතු.. ඉතින් අපිට නිකන් හම්බු වෙනව කන්න... එපා වෙනකන් හම්බු වෙනව.... 


ආරක්ශක හේතූන් මත මගේ ප්‍රියාවියගේ රූපරාමු දැමීමෙන් වැලකී සිටිනවා.... 


මෙන්න මේකෙන් තමා මම ගමන් යන්නෙ... හොර ගමන් සහ ඔෆිස් ගමන්.....






මේ තමා අපේ ඔෆීසිය.... මේ ඉන්නෙ මම සහ මගේ මේසය, සහ පරිඝණකය.. 







මේ තියෙන්නෙ අපේ කට්ටිය වැඩ කරද්දි අහූණු භාන්ඩ.... තව තියෙනව... අපේ මැශින් එකක් අහූන බිම් බෝම්බයකය... ඉස්සරහ කුඩේ කුඩු... ගන්න දෙයක් නෑ... ඩ්‍රයිවර් 99 බේරුනේ....









මේක පලාලි කෑම්ප් එක ඇතුලෙදි අහූනෙ... මේක අපි ඉස්සරහම තමා පිපිරෙවුවෙ.... අම්මෝ.... මට හිතාගන්නත් බෑ.....





මේ තමයි පලාලි කෑම්ප් එකේ අවසාන වෙන තැන.. ඒ කියන්නෙ අපේ පාර මෙතනින් අවසාන වෙනව.... මෙයා මෙතනට එන එක්කෙනෙක්.. පුරුද්දකට වගේ...




ඔන්න ඔහොමයි මගේ යාල්පානම්
කාලය ගෙවුනෙ.. ඒ අතර තුර මමයි මගේ වෙන්ට වයිපරෙයි ගියා එක එක තැන් බලන්න... එව පසුවට දාන්නම්.... එහෙනම් මම නවතිනව....




මෙන්න 02....

21 comments:

  1. ඔන්න මාත් ඔක්කෝම ටික කියෙව්වා. ඔන්න මොකක් හරි කොටල යන එක ඔන්න මගේ යුතුකම නිසා ඔන්න මම ඒක කරා. ඔන්න ලස්සන පින්තූර ටිකක් තිබ්බා. ඔන්න ඒක හෙන බර හින්දා ලෝඩ් වෙන්න මාර වෙලාවක් ගියා. ඔන්න අර මිදි වළු ටික නං මරු.. එකොට ඔන්න ඔහේල තාම බැන්දේ නැත්ද?? අවුරුද්දක් ඉදල ඔන්න ඔහේ කියලා මෙහේ ආවද?? ඔන්න මම ගියා.. ඔන්න ඔන්න ගියා..

    ReplyDelete
    Replies
    1. ආ එක හොදා... බලල මුකුත් කියල ගියෙ නැත්තම් දනී කොරන දේ... මරනව... තාම බැන්දෙ නෑනෙ බොල... තව කල් තියෙනව නොවැ...

      Delete
    2. දේශකයා තරඟයෙන් ඉවත් කරන්න වෙනව ;)

      Delete
  2. මටත් යාපනේ යන්න ආසවක් ආව ඔය කතාව කියෙව්වාම...................................

    ReplyDelete
    Replies
    1. ඉතින් යමුකො නගේ යාල්පානම්...

      Delete
  3. ඔන්න මාත් ආවා... නරියටමද මන්දා කුකුල් කොටුව බාර දීලා තියෙන්නේ... හි හි... කමක් නෑ කමක් නෑ... ඔය වගේ කාල වලදි තමයි ලව් නැගලා යන්නේ.... කන කටු පස්සෙ රස කර කර කියන හැටියෙනුත් තේරෙනවා ඒ කාලේ ලවු එක හොනට් එකේම නැගලා ගිහින් කියලා... හි හි

    අම්මෝ මිදි මෙහෙ පුදුම ගනන්නෙ.. මාත් ආසම පළතුරක් තමයි.... ප්‍රියාවිගේ විතරක් නෙවෙයි ඔයාගෙත් ෆොටෝ දාන එක ආරක්ෂාවට හොඳ මදි කියලා හිතාගෙනම ෆොටෝ දාන්න මලයෝ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා හිරුවෝ.... නරියට තමා කිකිළි බාර දීල තියෙන්නෙ... ඒක දැනුත් එයාගෙ අම්මල කියනව... මට එතකොට ලැජ්ජත් හිතෙනව....

      Delete
  4. කියවද්දි ආස හිතෙන ලස්සන ආදර කතාවක්. හැමෝගෙම ලව් මේ වගේ වෙනව නම් ඉලව් නොවී. ලොකෙ කොච්චර නම් ලස්සන වේවිද නේද. ඔය දෙන්නටම සුබම සුබ මංගලම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දමිත් මේ පැත්තට ආවට... ආදරයනම් ඉතින් මොනාද?? දැන් ජයටම නැගල යනව.... හී...හී.... ඔහොම කියද්දි ලැජ්ජත් හිතෙනව....

      Delete
  5. මාත් දෙපාරක් යාපනේ සංචාරය කලා . ආයෙම ආයෙම යන්න හිතෙනවා . ඒ පරිසරයට බොහොම ආස හිතෙනවා . බොහොම සුන්දර ආදර කතාවක් වගේ .

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ගිම්හානිත් මගේ බ්ලොග් එකට අලුත්ද කොහෙද?? එල කිරි... ආයි මේ පැත්තෙ එන්න....ඒ පැත්තෙ පරිසරය ශුෂ්ක උනාට පට්ටම ලස්සනයි....

      Delete
    2. මොන පට්ටම ගැනද උඹ මේ කියන්නේ!!

      Delete
    3. මොන පට්ටමක් වත් නෙමෙයි බන්... ලස්සන එකේ උපරිමයි කියල කිවුවෙ...

      Delete
  6. ලස්සන තැන් නම් තියෙනවා... ලස්සන ලස්සන තංගච්ඡිල නැද්ද ? :)

    ReplyDelete
    Replies
    1. තංගච්ඡිල හිටිය... කොහෙද ඇහැක්වත් ගහන්න බෑ... මොකද මගේ තංගච්ඡ මගේ පස්සෙන්මනෙ...

      Delete
  7. ලස්සනයි බං.. ආස හිතෙනව පින්තූර ටිකට.

    ඒක නෙවෙයි, අම්මලා තාම ආවෙ නැද්ද ඉන්දියා ගිහින්?

    ReplyDelete
    Replies
    1. ආ එනකන් බලන් උන්නෙ.... මොකෑ මෙච්චර පරක්කු උනේ...

      ගියෙ නැද්ද යාපනේ පැත්තෙ... මේකෙ 02 කොටස ලගදිම එනව...


      ආව බන්... ආ ඒව දාන්න බැරි උනානෙ... ඉක්මනටම දාන්නම්.. තැන්කූ මතක් කලාට...

      Delete
    2. අපූරු ආදර කතාවක් නොවැ. පිංතූර ටික ලෝඩ් වෙන්න නම් පට්ට වෙලාවක් ගියා. ඒ වෙලාව බලන් උන්නු එක පාඩු නම් නැත. ජයවේවා මචං!

      Delete
    3. අනේ සොරි මචං.. මම දන්නෙ නෑ කොහොමද සයිස් එක අඩු කරන්නෙ කියල... එල එල...

      Delete
  8. මමත් හෙන ආසාවෙන් ඉන්නේ යාපනේ යන්න... තාම බැරිවුනා. දිග නිවාඩුවක් අල්ලලා යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පට්ට ලස්සනයි යන්න ඉක්මනට...නැත්තම් පැරනි ගතිය නැති වේවි.... මගේ ඊලග පෝස්ට් එක බලන්න ඒකෙ යන්න තියෙන තැන් ඔක්කොම තියෙනවා....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

Related Posts Plugin for WordPress, Blogger...
+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)