නිතර දෙවේලේ යන එන තැන් ....

Thursday

7 ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එලිය දක්වා....



ඔන්න මම කියන්න යන්නෙ අපේ ගෙදර සෙට් එක නුවර එලියෙ ගිය ගැන කියන්න... ඔන්න මම පටන් ගන්නව කතාව කියන්න.....
මුලින්ම කියන්න වැදගත් කරුනු කිහිපයක් තියෙනවා.....

01. හොර්ටන් තැන්නේ කදවුරක ඉන්න බලගෙන යනවනම් යන්න මාසෙකට විතර කලින් බුක් කරන්න වෙනවා.... ඒක බුක් කරන්න ඔන බත්තරමුල්ලෙ තියෙන Wild Life එකට ගිහින් තමා... තොරතුරු ගන්න ඔන නම් මෙන්න නම්බර් එක.... 0112888585...

02. හොර්ටන් තෙන්න රෑට මාරම හීතලයි... එක නිසා පුලුවන් තරම් වහගන්න රෙදි ගෙනියන්න....

03. එක අතුලට පොලිතීන් ගෙනියන්න දෙන්නෙ නෑ.... වතුර බොතල් ගෙනියන්න පුලුවන්.... හැබැයි... බොතල් අපහු ගෙන්න ඔන..... නැත්තම් පට්ටම ලෙඩේ....

04. තව විශේෂ කාරනයක්.... ඔයාල ගෙනියන ටෙන්ට් එක හොද තත්වෙ එකක් වෙන්න ඔනා... නැත්තම් පුතෝ ඉවරයි... තෙමෙන්නෙ නැති... ශක්තිමත් එකක් වෙන්න ඔන... නැත්තම් උදේ බලද්දි කොහේ ඉදිද දන්නෙ නෑ...


අපේ ගමන් මාර්ගය උනේ කොට්ටාව, ගිණිගත්හේන, ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න, නුවර එලිය, හග්ගල මල් වත්ත 


ඔන්න දැනුයි කතාව පටාන් ගන්නෙ.....
අපි කන්ඩයමේ 8 ක් හිටියා... අම්මා,තාත්තා,අය්යා,අක්කා,අක්ක බැදපු අය්යා,මම,ලොකු අම්මා,සහ මගේ හොදම යලුවෙක්...ඊට අමතරව තව විශේෂ කෙනෙක් සහබාගි වුනා.. තමා අපේ සුරතලා සුන්ටු....... හැබයි හොර්ටන් ප්ලේස් අතුලට අරගෙන යන්න තහනම්.... අපි වෑන් එක අතුලෙ දාල ගියේ......

අපි කොට්ටාවෙන් පිටත් වෙද්දි උදේ 5.30 විතර උනා.... අපි උදේට කිතුල්ගල නැවතිලා කෑව..... 




ඊලග නැවතුම තමා ඇබර්ඩීන් අල්ල... එතනට යන්න නම් පට්ට කට්ටක් කන්න ඔන.... මුලින්ම ගිණිගත්හෙනේ HNB එක ලගින් පහලට තියෙන පරේ කිලෝමීටර 4 ක් විතර අතුලට යන්න ඔන.... එතනින් බැහැල පයින් තව කිලෝ මිටර 3 ක් විතර යන්න ඔන.... පාර නම් පට්ට ලස්සනයි.... 





 ඔන්න අපි දැන් දිය ඇල්ල ලගට අවා.... එකෙ ලස්සන බලන්න යන්නම ඔන.... පට්ට ලස්සනයි... හබැයි බයානකයි.... මාරම ජැබුරයි....අපි එතන පැය 2ක් විතර හිටියා......මරු...









යන්න හිතාගෙන ඉන්න හමෝම මෙන්න මෙක මතක තියාගන්න..... මෙතන ඔයාලට ඔනෙම විදියෙ ෆන් එකක් දාන්න පුලුවන්..... උබලගෙන් මම දෙයක් ඉල්ලන්නම් එතන විනාශ කරල එන්න එපා....අනාගතෙට අපි එවා ලස්සනට බාර දෙමු....

ඔන්න අපි එතනින් සමු අරගෙන ආපහු ගමන් අරබුවා..... අපේ ඊලග නවතුම් පල වුනේ හොර්ටන් ප්ලෙස්... උනාට අපි යන අතර තුර පාරෙ තියෙන දිය ඇලි ලස්සන තැන් බලන්න අමතක කලේ නෑ.... වගෙ නම් මම දන්නෙ නෑ... දන්න අය ඉන්නවනම් කොමෙන්ටුවක් දාන්න කට්ටියට බලා ගන්න....






ඔන්න අපි යන අතර තුර ලස්සන තැන් කිහිපයක්.....





ඔන්න පුතේ දැන් තමා හොදම හරිය..... ඔන්න අපි දැන් හොර්ටන් ප්ලේස් වලට අතුලු උනා........අපි අතුලු වෙනකොට හවස 6.30 විතර වෙලා.... හබැයි එකට අතුලු වෙන්න ඔන 3.00 න් ඉස්සෙල්ල... අපි කොහොම හරි ගියා..... වාහන පාර්ක් එකට යන අතරතුර......










මෙන්න තව විශේෂ දෙයක්... මොකක්ද දන්නවද,,,,?? රෑට පට්ටම හීතලක් තියෙන්නෙ... එක නිසා එවට ඔරොත්තු දෙන කට්ටිය විතරක් කුඩාරම් ගහන එක හොදයි..... අපි ගැන ගොඩාක් හිතල අපි අම්මලාට ඉන්න ගෙයක් ගත්තා ඇතුලෙන්... ඇතුලෙ ඉන්න කෙනෙක් අල්ල ගෙන සම්තින්ග් එකක් දීල ගත්තා....... අපි කොල්ලො සෙට් එක කුඩාරම ගහන්න ගියා... අපි එක ගහන කොට රෑ 7.30 විතර වුනා....ඊට පස්සෙ අපි කෑව... අපි ගමන් මහන්සියට පටස් ගාල නින්ද ගියා...මෙන්න බොලේ රෑ 1 විතර පට්ටම හීතලක් ආව... ඉවස ගන්න බෑ.... කොහොම හරි උදේ එලි වුනා.....පට්ටම අතල්....

එතන හිටිය එකෙක් මහ රෑ හීතල වැඩි කමට එලියට බැහැල... එතනදි වල් අලියෙකුත් දැකල.... ඌ රෑ අම්බානෙක බය වෙලා හිටියෙ... ඉතින් අනිත් දෙන්නට බුරිය උල් වෙනකන් හිනා.... ඒ උනත් අපි බය උනා.... මොකද හදිසියෙවත් ඌට මොනවහේ උනානම්.. හීතල වැඩි හින්ද තමා ඌ අසිහියෙන් කියෙවුවෙ... ඒ තරමට හීතල...




03 Survival Mans 

අපි උදේ 5.30 විතර නගිට්ටා... ලස්සනම ලස්සනයි... මාරම දර්ශනයක් වටපිටාවෙන් පෙනවා.... මරු.... 





මේ ඉන්නෙ අපේ කිටියා.... ගෝනෙක් පස්සෙ එලවගෙන ගිහින් කිච වෙලා මෙ බලාගෙන ඉන්නෙ...




මේ අපෙ අනිත් කට්ටිය හිටපු ගේ.....



කොහොමද අපේ කුඩාරම....


දැන් අපි ලෝකාන්තය බලන්න යනන්න හදන්නේ..... ඔයාලත් බලන්නකෝ.......











අපි ඔන්න ලෝකාන්තයත් ලාගෙන බේකස් ඇල්ල බලන්න අවා.... ලස්සනයි කියන්නේ උපරිමයි....  කත් බලලම ඉමුකෝ...




ඔන්න අපි බේකස් ඇල්ල බලලා අපේ කුඩාරමට අවා..... මාරම මහන්සියි.... දවල්ට කාල එහෙම.. අපි නෑව..... මාරම හීතලයි..... උනාට අපි නෑව... මෙන්න අපේ නාන තොටුපල.... ඈතින් පේන්නෙ අපේ කුඩාරම..... බලන්න ලස්සනද කියලා..




මේ මෙහෙම ඉන්නෙ චායාරූපයක් ගන්නකන් විතරයි... තව තප්පරයක් හිටියනම් ගල් වෙනව... කොහොමත් අපේ හැමෝගෙම දත කට නම් ගල් උනා....



නාල අවා විතරයි......වැස්සෙ නතැයි පැලෙන්න,....... අම්මල එයලගෙ රූම් එකට ගියා.... අපි සෙට් එක විතරයි.... මාරම වැස්ස.... ටිකෙන් ටික කුඩාරමට වතුර එනව... හැබැයි යටින් නෙමෙයි... උඩින්....

ගහපු උන්ගෙ හොද කම තමා... ටිකක් වැස්සට තෙමෙද්දි තමා දැක්කෙ ඒක හදන විදිය... කොහොමද ආතල් එක...


 අපි කොහොම කොහොම හරි වස්ස පොඩ්ඩක් පායනකම් ඉදලා කුඩාරම ගලවගෙන ගෙදරට අවා... අපිට පට්ටම නෝන්ඩිය.....වස විලි ලැජ්ජාවෙ බෑ... කොහොම හරි කට්ටියගෙ ඇනුම් පද මැද්දෙ එදා රෑ එහෙ හිටිය...  කියල වැඩක් නෑ..... අප්පේ ලැජ්ජාව.......

මෙන්න මෙයාගෙ පස්සෙ තමා අපේ කිටිය පැන්නුවෙ... හැබැයි මු  අපේ එකාව තබ සතේකටවත් ගනන් ගත්තෙ නෑ කියපන්කො.... අපි ගියත් ඔය සෙතේම තමා ඉතින්.....අපිට කියල වෙනසක් නෑ.... උගේ ප්‍රාන්තෙනේ....


 ඊට පස්සෙන්දා උදේ පාන්දරම අපි නුවර එලිය බලා පිටත් වුනා..... අපි මුලින්ම අබේවෙල ෆැක්ට්‍රි එක බලන්න ගියා.... හැබැයි අපේ කරුමෙකට එදා එක වහලා.... අපි පිටින් බලල...... 





ඊලගට හග්ගල මල් වත්ත බලන්න ගියා.... මෙන්න එකේ ලස්සන....මම මෙතනට වැඩිය පින්තුර දාන්නෙ නෑ.... එකට සොර්‍ර... .මොකද කියනවනම් පට්ටම තොගයක් තියෙනව...















මේ පින්තුර ගත්තෙ N8 Phone එකෙන්....



අපි හග්ගල බලලා එහෙන් පිටත් වෙද්දි 3.00 විතර වුනා.... අපි කෙලින්ම ආවේ ගෙදර....




7 comments:

  1. ඇබර්ඩීන් ඇල්ල නම් ලස්සනයි තමයි.ඒ වුණාට සංසාරෙ එපා වෙනවනෙ බලන්න යනකොට.දවසක් අපි බලන්න ගිහිල්ලා පිස්සු හැදුණා.ඇයි පයින්ම යන්නත් එපායෑ.පාරත් දුෂ්කරයි.යනවා යනවා ඉවර වෙන්නෙත් නෑ.ඇල්ල ගාවට ගියාම ඒකෙ ලස්සන බලන මානසිකත්වයක් කාටවත් තිබුණෙ නැහැ.සමහර විට දැන් පාර හදල තියෙනවද දන්නෑ.මං මේ කියන්නෙ අය්යෙ 2010 අග හෝ 2011 මුල හරියෙ වගේ!

    ReplyDelete
    Replies
    1. නෑ වර්ශා.. තාම එහෙම තමා.. මම හිතන්නෙ එහෙම තියෙන එක හොදයි.. නැත්තම් කිසි අගයක් නැති වෙනව.... පට්ට ලස්සාන පොට් එක... අපි ගියේ 2011.04.14 වෙනිදා....

      Delete
  2. ෂා... මාර සුන්දර අත්දැකීමක් වගේ... මට නම් තාම එළිමහනෙ කෑම්ප් ගහන් ඉන්න ලැබිල නෑ :(

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි... පට්ටම ගති තැනක් මචං.... යනවනම් ඔන්න පොට් එක.....

      Delete
  3. මේක මම එළකිරියෙන් කියෙව්වා මචං. අඩේ ඔය හෝර්ටන් තැන්නේ කෑම්ප් එකක් ගහගෙන ඉන්න එක මගෙත් හීනයක්.

    ReplyDelete
    Replies
    1. සිරාවට.... එල එල....

      ඉතින් ගියා ගැහුව, නෑව, බැලුව, ආව... හරි.. ඊසි....

      Delete
  4. ඔයිට උඩින් තිෙයන අැලි7 බලන්න යන එක අැබර්ඩින් අැල්ල බලන්න යනවට වඩා අමාරැ සුන්දර ගමනක්

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)