නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

6 අනේ අම්මෙ මටත් දෙන්න.. ලෝකයේ ලස්‌සන බලන්න..




අනේ අම්මෙ මටත් දෙන්න..
ලෝකයේ ලස්‌සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..

ඔය දෙන්නගෙ රහස්‌ කතා..
මගෙ හදවත සිදුරු කලා...
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා...


ඔයා අඩන විට හිමිහිට...
මටත් ඇඩේනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද...
ආසයි මට බලා ගන්න...

කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ..
තාත්තානේ... මට සිතුනා...

දොස්‌තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්‌ද?''......
අනේ අම්මෙ තව සිතන්න..
තාත්තාට කියලා දෙන්න....

කල පින් මගේ මදි හින්දද.......
මට ඔය ලෝකය දකින්න.....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක්‌ දෙන්න....

කල පින් මගේ ඇති වේවා...
මම ලෝකේට බිහි වේවා.....
ඔය දෙන්නම බුදු වේවා......
මගේ ලෝකය මගේ වේවා.... 

මම දැන් කතාවට බහින්නම්.....

කට්ටියම කියවන්න ඇති කියලා මම හිතනවා... මම මුලින්ම අහන්න කැමතියි උබලගෙ හිතට ආව දේ.....??? ඇත්තම කියපන්....

මම කියන්න ඕනෙ අපේ රටේ දවසකට 1500 ක් පමන ගබ්සා වෙනව.. ඒක ඔයාල දන්නවද....?? ඇයි එහෙම වෙන්න හේතුව...... කාගෙ වැරද්දකින්ද එහෙම වෙන්නෙ.....?? ඇත්තම කිවුවොත් කාන්තා හා පිරිමි යන දෙපාර්ශවය නිසාම මේ දේ ලංකාවෙ බහුලව වෙන සිද්දියක්.... අය් එහෙම වෙන්නෙ...

01. ස්ත්‍රී දුෂන නිසා
02. සිය කැමැත්ත මත..(තරුණ වයසේදී කරන)
03. විවාහ වී එහෙත් දරුවන් හැදීමට අකමැති බව....
04. ආරක්ශාකාරී ක්‍රම බාවිතා නොකිරීම...
05. අනෙකුත් වෙනත් හේතුන් මත.....(ගණිකා වෘර්තියේ යෙදෙන්නන්)

මම මුලින්ම අහන්න කැමතියි අයි සමාජය මෙච්චර මෝඩ... මම නම් හිතන්නෙ මෝඩ කම නෙමෙයි.... මොකද උන්ට හු**න පුලුවන්නම් ඒ ගැන දන්නවනම් ඇයි ඒකෙන් පස්සෙ ප්‍රතිපල ගැන දන්නෙ නැද්ද?? අයි අපි ජීවිතයක් විනාශ කරන්නෙ.... අයි අපිට ඒ දේ කරන්න් ඉස්සෙල්ල පොඩ්ඩක් හිතන්න බැරි.... අයි ගබ්සාවක් කරද්දි හිතන්න බැරි මේ විනාශ වෙන්නෙ ජීවිතයක් බව.....



ඇයි හිතන්න් බැරි මේ ලෝකෙ එලිය බලන්න ඒ පුන්චි පැටියට අයිතියක් නැද්ද??



මට ලමයි නැති උනාට මට ලමයි ගැන පුදුම ආසාවක් තියෙන්නෙ බන්... උබලට එහෙම නැද්ද??

උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක හිනා වෙන්න....





උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක තුරුල් වෙලා ඉන්න...





උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක සෙල්ලම් කරන්න...



උබල ආස නැද්ද පොඩි එකෙක් ඇවිදිනව බලන්න..



ආසද නැද්ද කියපල්ලා??? ආසයි නේ.... අයි බන් ඒක අනිත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ,.... මචන් අපිට මේ ලෝකෙ හදන්න බැරි වෙයි.... මේ පුන්චි ලංකාව හදන්නත් බරි වෙයි... ඒ උනාට අපිට අපේ අවට ඉන්න එවුන් හදන්න පුලුවන් නේ බන්.... යාලුවො, සහෝදර සහෝදරියන් අපිට හදන්න පුලුවන් නේ බන්.... එලකිරියෙ ඉන්න එඋන් හදන්න දෙයක් නෑ.. උන් හැදිල ඉන්නෙ....
උන්ට මොලේ තියෙනව.....

අපේ ලෝකය හැදිල තියෙන්නෙ පුන්චි පටවුන්ගෙන් කියල ඇයි තිරිසන්නු දන්නෙ නැත්තෙ..... උන්ට තේරෙන්නෙ උන්ට ලමයින් හම්බ වෙන්නෙ නැතිව ගියාට පස්සෙ..... උන් කරපු පවු ගෙවන කොට උන්ට තේරේවි.... අපි ඒ තිරිසන් වැඩේ නොකර ඉමු.... මට කවි ටික කියවද්දි ඇඩුනා....


මේක මම වෙන බ්ලොග් එකකට ලියපු එකක්..... 

6 comments:

  1. කවි ටිකනම් එලට ලියලා තියෙනවා. අර ගබ්සා කරපු කලලයේ ෆොටෝ එක දැක්කම ඇඟ හිරිවැටුණා බන්. ඊට උඩ එකේ තියෙන පොඩි එකාගේ අත පැය ගලෝලා ගන්න එකත් එහෙමයි. අපිට පුලුවන්ද මදුරුවෙක්ගෙවත් අඬු ටික කඩලා මරන්න.

    ඉස්සර කාලේ මිනිස්සුන්ට ශිල්පය ලබා දුන්නේ එක නියම විදියට කරනවානම් විතරයි. ඒත් දැන් යන්තම් විභාග ගොඩ දාගන්න පුළුවන්නම් ඌ ලොකු මහත්තයෙක්. ඒත් ඒ දැනුම යොදාගන්නේ මේ වගේ දේකටනම්.... අවි ආයුධ හදන්නනම්... එහෙම බලනකොට ඉස්සර අපේ දැනුම නැතිවෙලා ගිය එක සාධාරණයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට... ඔයා ඇත්ත යාලුවා.... දැන් ඉන්න ඩොකාල සල්ලි වලට මිනී මරන්න හරි ලේස්තියි... හැමෝම එහෙමයි... මිනිස්සු විසින්ම තාමා මිනිසුන්ව කාලකන්නි කරල තියෙන්නෙ... මේ සමාජයේ කොච්චර ඔය වගේ දෙවල් වෙනවද?? මේ දැනුත් වෙනව...

      Delete
  2. අස් වලට කදුළු පිරුනා.... ලස්සනයි කවි ටික..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතීයි යාලුවා....

      Delete
  3. මේවා කියවද්දී ඇඩෙනවා අය්යේ.මේවා ගැන කතා කරන්නේ නෑ කවුරුවත්.වෙන කොහේ හරි පකයෙක් මැරුනොත් හරි වෙන මගුලක් උනොත් හරි රෙද්ද කරේ තියන් පේජ් හදාගෙන ආතල් ගනීවි.එත් මේවා ගැන?එකත් ඉතින් පවම තමයි.පහුගිය සති දෙකේ මවුබිම පත්තරේ,පාරදිගේ කොටසේ ආටිකල් එකක් තිබුනා,එකත් බලන්න.ඒකෙ තියෙනවා කලලයකට ජීවයක් එන්නේ මාස තුනකට පස්සේ කියල.ඒ මාස තුන ඇතුලත ගබ්සාවක් කරාට පව් නෑ කියල එකේ තියනවා.මහ පව් කාර වැඩක් මේ.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මලයා කතා කරල.... අපේ රටේ මිනිස්සුන්ගෙ මානසසික මට්ටම හිතාගන්න පුලුවන් පොත් පත් වලින්....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)