නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

16 පී.ටී ගේ වන්ඩිය.....සහ මගේ වන්ඩිය......

ඔයාල දන්නවනෙ අපේ සෙටාර් එක.... ඔන්න ඕකෙ ඉන්නව අපේ පට්ට ඩයල් එකක්... පට්ට ෆන් දෙන්නෙ...එසේ මෙසේ ෆන් නෙමෙයි... බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන් ෆන්.... අනික ඌ කොටයි... සමහර වෙලාවට කොටා කියලත් කතා කරනවා.... ඔන්න ඌ සහ මම සහ අනිත් උන් ගැන කතා කොරන්ට තමා යනවා...


පී.ටී වැඩ කරන්නෙ වැලුවේශන් කොම්පනි එකක... ඌට වාහනේ නම විතරයි කියන්න ඕන එන්ජින් එක, ස්පීඩ් එක, ජියර් ගාන, එන්ජින් කැපෑසිට්ය් එක ඔක්කොම ලියාවි.. එච්චරටම පුදුම දනීමක් තියෙන්නෙ...ඔන්න මූ එකදවසක් තකහන්යක්ම මට කතා කොරල කියපි මචන් පොඩි හදිසියක්... උබ කොහේද ඉන්නෙ... ඉක්මනට විරාජ්ලගෙ ගෙදරට වරෙන් කියල.... මමත් ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ උගේ ගෙදරට දිවුව... ඔන්න ගෙට ගියා... 

Monday

35 සුසන්තිකාගේ ජීවිතය....(මට කියූ අයුරින්)

මේ රටේ සහ මුලු ලෝකෙම දන්න කෙනෙක් තමා සුසන්තිකා ජයසිංහ කියන දාවන ශූරිය... තව නමකින් කියනවනම් ආසියාවේ කලු වෙලඹ.....

මම මේ කියන කතාව කියන්නෙ මම දන්න තරමින්...ඒ කියන්නෙ ඇයගේ වැඩිමහල් සොහොයුරිය කියන කතාවක් මගින් තමා මම මේක ඔයාලට කියන්නෙ... ඔන්න එහෙනම් කතාව පටන් ගන්නව...


මම මේ කියන්නෙ ඇයව අපහාසයකට ලක් කරන්නනට, ඇයව ලැජ්ජාවට හෝ අපහසුතාවට පත් කරන්නටවත් නොව,  හුදෙක් එමගින් අපේ රටේ ඉන්නා කම්මැලි, කාලකන්නි සමාජයට ආදර්ශයක් සදහා පමණි.



ඔයාල දන්නව ඇතිනෙ ඇයගෙ පවුලෙ ඉන්න සාමාජිකයන් ගනන... නෑ මමම කියන්නම්... 

* අම්ම

* තාත්ත

* අක්කල 03

සහ

* බාලයා විදියට සුසන්තිකා

ඔන්න පවුලෙ සමාජිකයන්...


ඊට පස්සෙ කියන්නම් ඔවුන්ගේ රැකියාව මොකද්ද කියල... 

පියා - බීඩි එතීමේ කර්මාන්තය

මව - රබර් කිරි කැපීමේ කර්මාන්තය

සහෝදරියන් - බීඩි එතීමේ කර්මාන්තය

සුසන්තිකා - පාසල් යන අතරතුර - බීඩි එතීමේ කර්මාන්තය

Wednesday

14 අපි ගියානෙ සයිට් විසිට්....

අපි ගෙදරින් ගියේ උදේ 4.00 ට විතර... මගදි හොදට සප්පායම් වෙලා එහෙම ගියේ... බඩගින්නෙ රාජකාරි කොරන්න බෑනෙ.... 

අපි ගියේ නුවරට ගිහිල්ල 180 වංගු වලින් හසලක ගියා..... 

මෙන්න මෙතන් ඉදන් බැලුවම 18 වංගු පේනව කියල ඩ්‍රයිවර් උන්නැහේ කියපු නිසා ගියා බලන්න... මොන කෙහෙල් මලක්වත් පේන්නෙ නෑ.... උබලට පෙනුනද??  








පොඩ්ඩක් අපේ සයිට් එක ගැන විස්තරයක් දෙන්නම්කො.... මෙන්න මෙහෙමයි...

මෙන්න අපේ පාරවල් 03  

01. හසලක - හෙට්ටිපොල පාර  

02. හෙට්ටිපොල - හදුන්ගමුව පාර 

සහ 

03. ලග්ගල - පල්ලෙගම පාර

ඔක්කොම දුර කිලෝ මීටර් 37.5 ක්.. උපරිම ලස්සන පැත්තක්... පින්තූර වලින් පේනවනේ.... මේක හදන්න පිරිවැය 7 බිලියන් යනව.... 1 බිලියන් අපේ ඇමති තුමාලට දෙන්න ඕන.... නැත්තම් අපිට කොයින්ද ප්‍රොජෙක්ට්.... මේකෙ පාර දෙපැත්තෙ ඇලක් තියෙනවා...මේ පාරෙන් තමා නකල්ස් වගේ ලස්සන කදු පංති රාශියකට යන්න තියෙන්නෙ.... ගැමි පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක්...

මෙ තමා සයිට් එක... පට්ටම ලස්සන පැත්තක්....
+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)