නිතර දෙවේලේ යන එන තැන් ....

Wednesday

25 මම දැන් ....... කෙනෙක්.......!

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව ලොකූ සතුටක් හිතේ තියාගෙන... ඒ මොකද්ද කියල පස්සෙ කියන්නම්... 

ඉස්සෙල්ලම කියන්න ඕන රාජකාරිය දේවකාරිය වගේ කොරන්න ඕන නිසා බ්ලොග් ලියන එක සහ කියවන එක පොඩ්ඩක් අඩු කරා... 

ඔන්න ඉතින් ඉඩ ලැබුන ගමන් සතුටු ආරන්චියකුත් අරගෙනම තමා ආවෙ...

මම බාප්ප කෙනෙක් උනානෙ බොලවු..එකෙක්ගෙ නම් කමක් නෑ.. දෙන්නෙක්ගෙ.. ඉතින් සතුට කියා ගන්න බෑ... ඔක්කොම හෙන සතුටින් ඉන්නෙ උන් දෙන්නව ඇස් දෙකෙන් බලනකම්.. මොකද උන් දෙන්න ඉන්නෙ පිට රට නොවැ... 

උන් දෙන්න එනකන් තමා මමනම් ඇගිලි ගැන ගැන ඉන්නෙ.. මොකද බාප්ප කෙනෙකුගෙ යුතුකම තමා උන් දෙන්නට කතා, සින්දු, කවි, උගන්නන එක (කුණුහරුප).. 

ඉතින් ඒකට නම් ටික කාලයක් යාවි.. උන් දෙන්න මෙහේ එද්දි මට හිතෙන විදියට බාප්පට උගන්වයි වගේ... 

බලමු බලමු... 

මේ ඉන්නෙ උන් දෙන්න තමා...


මේ ඉන්නෙ අපේ බන්චොයි, බන්චයි...

කුක්කු බීල, බන්ඩි ගෙඩි දෙක පුරවගෙන උනුසුමට දොයි...

ආරන්චියෙ හැටියටනම් කිසි කරදරයක් නෑලු... අඩන්නෙ නෑලු... කිරි දීපු ගමන් නිදා ගන්නවලු.. ආපහු හරියටම පැය 03 කින් ගැගිටල වට පිට බල බල ඉන්නවලු... 

ආ කියන්න බැරි උනානෙ උන් දෙන්නම කොල්ලො... 

ඔන්න ඔහොමයි  උනා කියන්නෙ.. බලමු තව පින්තූර එන හැටියට දාන්නම්කෝ... 

25 comments:

  1. හෙහ් හෙහ්...ඉක්මනට තාත්තෙකුත් වේවා... මගෙත් හීනයක් තිබ්බ ඩබලක් එකට ලැබෙයි කියල, කොහෙද අපෙ හාමිනේ මට් වැඩේට කිසි සපෝට් එකක් දුන්නෙ නෑනෙ. එක එකා තමා ආවෙ.

    ReplyDelete
    Replies
    1. පික්ශු කෙලින්න හදන්න එපා.. දැම්ම තාත්තෙක් වෙන්න බැරියෝ.... මමත් ආසයි ඩබලක් හදන්න....

      Delete
    2. ජීවිතය සුන්දරයි.... >>>>> Download Now

      >>>>> Download Full

      ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK

      >>>>> Download Now

      ජීවිතය සුන්දරයි.... >>>>> Download Full

      >>>>> Download LINK ca

      Delete
  2. පොඩි උන් දෙන්නට කණට කරලා කියපන් නාඩියා කියලා එල කොල්ලෙක් සුභ පැතුවා කියල ඈ!

    ReplyDelete
    Replies
    1. ඕන් මම කිවුවා... ඌ පිච්චියකට ගනන් ගත්තෙ නෑ බොල...

      Delete
  3. බාප්පේ විදානේ සීයා මෙව්වා කලා කියන්න...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  4. හහා.. එළ නෙ. ඔන්න මාත් ඇවිත් බලල ගියා කියන්න. :)

    ReplyDelete
  5. තාත්ත වේච්චි දවසට බොට බංචෝ පහක්ම ලැබීයන් මම කියනවට.. හැක්..

    ReplyDelete
    Replies
    1. යකෝ.... පිස්සු කෙලින්න එපා...

      Delete
  6. සුභ පැතුම් අපේ ගාලු කොලුවට..

    ReplyDelete
  7. සුබ පැතුම් ගාලු බාප්පට.

    ReplyDelete
    Replies
    1. අපෙ අයියට තමා ටැන්කූ කියන්න ඕන මම බාප්පෙක් කොරාට...

      Delete
  8. ඔන්න අපෙනුත් බාප්පට සුභ පැතුම්

    ReplyDelete
  9. සුබ පැතුම් ගාලු....!! :D

    ReplyDelete
  10. ශොක් ශෝක්... ගාලු බාප්පට අපෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
  11. ජීවිතය සුන්දරයි.... >>>>> Download Now

    >>>>> Download Full

    ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK

    >>>>> Download Now

    ජීවිතය සුන්දරයි.... >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)