නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

34 අපි ගියානෙ කැබිතිගොල්ලෑවෙ සහ මැදවච්චියෙ

ඔන්න දැන් අනුරාධපුරේ පැත්තෙ උන් පොඩ්ඩක් මට කියපල්ලා... මොකද කිවුවෙත් මම දැන් ඔය පැත්තට එනව මාසෙකට 03 සැරයක් වගේ... රවුමක් ගහල යන්න....


මෙන්න මේකයි සිද්දිය... මම වැඩ කොරන කොම්පැනිය තියෙන්නෙ.... අන්න ඒකට අලුතින් සයිට් 02 ක් හම්බ වුනා.. මෙන්න ඒ දෙක ගැන විස්තර....



→  කැබිතිගොල්ලෑව Road Project

01. Client                  :- RDA

02. Consultant           :- 

03. Contract Package :- NCRP/NCP/NCB/03

04. Funded By            :- Asian Development Bank

05. Bid Price               :- Rs. 499,925,935.30 

06. Total Length          :- 23.3 Km



→ මැදවච්චිය  Road Project

01. Client                  :- RDA

02. Consultant           :- 

03. Contract Package :- NCRP/NCP/NCB/02

04. Funded By            :- Asian Development Bank

05. Bid Price               :- Rs. 300,192,516.80

06. Total Length          :- 10.5 Km



ඔන්න අපේ පාරවල් 02. මේකෙන් මට සෙට් වෙලා තියෙන්නෙ කැබිතිගොල්ලෑව පාර... පට්ටම ලස්සනයි... මම මුලින්ම ගිය ගමන් තමයි මේ... ඇත්තටම හෙන දුශ්කර පලාතක්... ඒ ගමටම තියෙන්නෙ 01 බස් එකයි... එකත්CTB නෙ...



 නමුත් වට පිටාව හරි ලස්සනයි... වැවු අමුණු වලින් වට වුනු ගම්මානයක්.... ගමේ ජනතාවත් හරි සහයෝගයකින් වැඩ කරනවා... කුහක,ඉරිසියාව, ලෝබකම, වැනි නගරයේ සහ නගර බද ජනතාව සතු එවැනි සිතු විලි ඔවුන් සතුව නෑ....

එම ගම්මානයට ඇත්තේ එක් පාසලක් පමණයි... රොහලක් නෑ... රොහලක් අඩුව තදින්ම ඔවුන්ට දැනෙනවා... ඔවුන් හදිසියකදී යා යුත්තේ මැදවච්චිය දිසා රෝහලටයි.... එය පිහිටා ඇත්තේ ගමේ කෙලවරේ සිට කිලෝමීටර් 35 ක් පමණ ගිය පසුයි....

පාසල් යා යුත්තේ පා ගමනින් හෝ තම පා පැදියෙන්.... පාසල ඉතාම කුඩාවට පිහිටා ඇත... ගොඩනැගිලි 03 කින් සමන්විත එය, මා සිතන ආකාරයට සා/පෙල දක්වා පමණක් ඉගෙනීම් කරනවා ඇත....

ඉතාමත් සුන්දර ඒ ගම්මානයේ මා දැක ඇත්තේ සුළු ප්‍රමාණයකි...

තවත් එහි විස්තර රැගෙන එන තෙක් නවතිමි.....

මෙන්න මම ගහපු රූපරාමු පෙලක්....


















34 comments:

  1. ඉදිරියේදී රස කතා අහන්න ලැබේවි එහෙනම්... මේ කියද්දී මතක් උනේ... තිලිණ ඩි සිල්වාට මොකද උනේ ..... එයත් මේ වගේ සයිට් කතා ලියපු කෙනෙක් ...

    ReplyDelete
  2. එහෙනම් ඔක හොදට හදපන්

    ReplyDelete
  3. 2000 - 2005 කාලයේ මහා යුද්දය මැද, ඔය ප්‍රදේශයේත්, ඊටත් එහා තියන පදවිය සහ වැලිඔය, කෝකිලායි, පුල්මුඩේ වැනි ප්‍රදේශවලත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කල කී දෑ මතකයට ආවා. ඔය ප්‍රදේශ සංවර්ධනය වෙනවා කියලා අහන්න ලැබීමත් සතුටක්. වෙලාවක ඇවිත් බලන්නත් ආසයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත විචාරක... මේ පැත්ත හෙන දුෂ්කර ප්‍රදේශයක්... සංවර්ධනය වෙන එකනම් හොදයි.....

      Delete
  4. ලස්සනයි ගාලු කොල්ලෝ,තව පින්තූරයි කතායි දාන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්.... පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ.... තාම පටාන් ගත්ත විතරයි....

      Delete
  5. ඔය පාරෙ යන බස් එකටද කොහේද අර කොටි ගැහුවේ.ඒ කාලේ මරණ බයෙන් ඉදපු මනුස්සයො අද නිදහසේ ඉන්නව දකින්නත් සතුටුයි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් එහෙම තමයි..... මම හරියටම විස්තර හොයල කියන්නම් මචන්....

      Delete
  6. අනෙ මන්ද බං.. උතුර, නැගෙනහිර පැත්තෙ ට්‍රිපක් යන්න මට තාම බැරි වුණානේ..

    ReplyDelete
    Replies
    1. මොකද්ද බන්ස්... උබ ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ....?

      Delete
  7. පසුව විස්තර ලියන්න අපි කියවන්න ආසයි ඒ ගැන , අර පරණ බස් එක දැක්කම අතීතේ මතක් උනා

    ReplyDelete
    Replies
    1. එල එල අනිව විස්තරයක් දෙන්නම්.....

      Delete
  8. පින්තූර මදියි නේ..... තව ටිකක් දැම්මනම් තමයි හොඳ සටහනත් කෙටි වැඩියි

    ReplyDelete
    Replies
    1. අනේ සොරි වෙන්ට ඕන කෝරලේ... මොකද හදිසියෙ ගියපු නිසා වැඩිය පොටෝ ගහන්න බැරි උනා.....

      Delete
  9. ඔය කැබෙතිගොල්ලෑවෙ ඉඳල කොහෙට යන පාරද?

    ඔය ලස්සන ගම අස්සෙ හැංගිල තීන්නෙ වකුගඩු මාරය. කලින් උන්නෙ කොටිය. කණගාටුව ඒකයි!

    ReplyDelete
    Replies
    1. කිරිකැටුවාව - බන්ඩාර උල්පත - කපුගොල්ලෑව

      ඒක වෙන්න ඇති මචන් එහේ වතුර බොන්න බෑ... කිවුල් රහයි.... අනේ මන්ද??

      Delete
  10. පින්තූරු ගහන අස්සෙ විවේක වෙලාවට ඔය කියාපු සයිට් එකත් පොඩ්ඩක් හදපන්. ;)

    ReplyDelete
    Replies
    1. යකෝ මාර කතාවක් නෙ... ඒකෙ අනිත් පැත්ත නේද වෙන්න ඕන....

      Delete
    2. යේස්... ඒ වුනාට උඹනෙ ඔතන වැඩ කොරන්නෙ. ඉතින් මට හිතුනා මම කියාපු ක්‍රමේ වඩා හොඳයි කියල. අපිට අලුත් අලුත් පින්තූරු බැලුවැකි නෙව එතෝට හැමදාම. :P

      Delete
    3. අඩේ එල එල.... දෙන්නම් වැඩේ එල කිරි වගේ... බලපන්කෝ කිරි ගහට ඇන්න වගේ පාර හැදෙන ලස්සන....

      Delete
  11. පුලුවන් තරම් ජන සමාජයට බද්ධ වෙලා අපි අහලා නැති කථා බ්ලොග් එකට ගෙනෙන්...

    ReplyDelete
    Replies
    1. අනිව මචන්... මම විස්තර දෙන්නම්....

      Delete
  12. පින්තූර ගත්ත වගේ නෙවෙයි මචෝ සයිට් එක හොදට හදපන්..දන්නෙ නැති දෙයක් එහෙම තියෙනවනම් මගෙන් අහපන්..හිකිස්

    ReplyDelete
    Replies
    1. ආ උබ කියනකන් තමා හිටියෙ.....

      Delete
  13. ඔබේ සටහනින් මගේ ඉදිරි ලිපියකට වැදගත් යමක් එක් එක් කර ගන්න ලැබේවි.

    ReplyDelete
    Replies
    1. මෙම පාරේ ආරම්ඹය සහ අවසානය කොතනද සහ, පාරේ මාර්ග අංකයත්, පාර නිර්මාණය කරන්නේ කුමන පළලකින්ද යන්න ද සඳහන් කළ හැකිද?

      Delete
    2. මෙන්න මෙතනින් තමා ආරම්භ කරන්නෙ... ඒතනට කියන්නෙ කිරිකැටුවාව කියල.... අවසානය තමා කපුගොල්ලෑව....

      මේකෙ මාර්ග අංකය නම් දන්නෙ නෑ පුතේ... බස් ඒකේනම් ගහල තිබුනේ "ගෙවල් 20 - මැදවච්චිය" කියල....

      මේක සෙන්ටර් ලයින් එකේ ඉදල 4.5 මීටර් පලල් කරනවා.. මුලු පාරෙ පළල 9 මීටර්...



      මේ පාර ඇස්පෝල්ට් කරනවා...

      Delete
    3. තෑන්ක්ස් තොරතුරට
      පළල මීටර් 9 ක් ම ඇස්පෝල්ට් කරනවාද?
      --------------
      ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
      විදුලි බිල වැඩි නොවන‍,
      සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
      ඉන්ධන මිල වැඩි නොවන,
      වංචාව සහ දූෂණය අඩු වූ,
      නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
      සාධාරණ වැටුපක් හිමි වූ,
      කලට වේලාවට වැසි වසින,
      ....
      සුබ නව වසරක් වේවා!

      Delete
    4. නෑ යාලුවා මීටර් 07 යි ඇස්පෝල්ට් වෙන්නෙ... ඉතුරු 02 ෂෝල්ඩර්ස්...

      ඔබටත් සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  14. අපිට නැහැ නේ ඔහොම ඇවිදින ජොබ්. හැමදාම යතුරු පුවරුවට කොටන එක තමයි ජීවිතේ. ස්තුතියි අත්දැකීම් බෙදා ගත්තට

    ReplyDelete
    Replies
    1. හෆෝයි මචන්...

      ආ මුලින්ම මේ පැත්තට ගොඩ වැදුනට එල කිරි ඈ....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)