නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

32 2013 වසරේ අවසානය සහ 2014 වසරේ ආරම්භය.....

ඔන්න බ්ලොග් කරන කස්ටිය දන්නවනෙ මොකද්ද ලියන්න හදන්නෙ කියල....

ඇත්තටම 2013 කියන්නෙ හරිම තීරණාත්මක වසරක්... එක අතකින් හොද දේවල් ගොඩාක් උනා... තව අතකින් නරක දේවල් ගොඩාක් උනා.... ඇත්තටම ජීවිතේ එපා වුනු අවස්තාවල් එමටයි...

තවත් සිද්දීන් ජීවිතය ජීවත් කරවන්න සමත් උනා... ඒ සිද්දීන් එක්ක ආපහු වැටුණ තැනින් නැගිටින්න අවස්තාවක් කර ගත්තා...

මම 2013 අවුරුද්දෙ ලොකු වැඩකට අත ගැහුව.. ඒ වැඩේ 90%ක් විතර සාර්ථකයි... ඉතිරි හරිය 2014 ට ගෙනියන්න තමා හිතාගෙන ඉන්නෙ....

තව විශේෂ සිදුවීමක් උනේ මේ දැන්... ඒ කියන්නෙ - 2013.12.30 පෙ.ව. 10.00 ට..

මොකද්ද බොලේ ඒ....

මෙන්න මේකයි සිද්දිය....

මම නිකමට හිතුවා පෝස්ට් එකක් දන්න ඕන කියල... ගිහිල්ල බැලුව ඩෑෂ් බෝඩ් එක... මෙන්න බොලේ දැනට මම 49 ක් පෝස්ට් ලියල.... සතුට වැඩි උනා... සුටුස් ගාල ලියන්න ගත්තා පෝස්ට් එකක්...

අනික තමා ඊයෙ මගේ මොන්ටිසෝරි කාලෙ ඉදලම 05 වසර දක්වා මගෙත් එක්ක එකම පාසලේ, එකම පංතියේ ඉගෙන ගත්ත මගේ බුදු පිට් එක කතා කලා.... ඌ හෙන ගේමක් දීල මගේ නම්බර් එක හොයාගෙන කතා කරේ.... ඇත්තටම හෙනම සතුටුයි....උගේ නම තමා ධනුෂ්ක....
 

මෙන්න මේ තියෙන්නෙ මම උන් ගැන ලියපු එක...

එපාම කරපු කාලෙ....



ඔන්න එහෙනම් මගේ 50 වෙනි පොස්ට් එකත් දැම්ම...

හෙනම සතුටුයි...

ඔන්න එහෙනම් මම නවතිනව....

ලබන්න වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන, සියලු බලාපොරොත්තු ඉටුවන, පවුලේ සියලු දෙනාට ලෙඩකින් දුකකින් කරදර නැති... සුභම සුභ අලුත් අවුරුද්දකට සුභාසිරි පතන්නේ...

ප. ලි. පොඩ්ඩක් වැරදුනා... බ්ලොග් ලියන දෙතුන් දෙනෙක් පවුල් වෙලා ඉන්නවනේ... මෙන්න එයාලට වෙනම ලියන්නම්...

දරුවෙකුගෙ කෑ ගැහිල්ලකින් ගේ දෙවනත් වෙන, පැටවු පිරුණු පුන්චි (පැටවු 10 ක් පමණ) පවුලක් හදා ගන්න කියලා ප්‍රාර්තනා කරණවා....
මේක ලියන්න තේරෙන්නෙ නෑ බොල...




♥♥♥♥♥  ගාලු සහ දෝණි ඇතුලු පවුල් දෙකේ සැම....♥♥♥♥♥♥


32 comments:

  1. ඔසුනවවේ...!! 50 ටත් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අම්මපා දේෂකයෝ... මොකද්ද බොල මේ වචනෙ තේරුම....

      කමක් නෑ...ඔන්න එහෙනම් උබටත්,.... ඔසුනවවේ...!!

      Delete
  2. ගාලු මලේ ඔයාල දෙන්නටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!50 වෙනි පොස්ට් එකටත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. එල ශානු අක්කේ..... ඔයාත් එසේම වේවා...

      Delete
  3. ගාලු යාලු ඔබටත් සුබ නව වසරක්.
    සිංහල ජාතිය මහා ජාතිය වනු පිණිස සියලුම බ්ලොග් කරුවන්ට සහ කාරියන්ට බොහෝ දරු සම්පත් ලැබේවා(බැඳපු නැති අයට පවා සහ වයසක අයට පවා) මගේ පැතුම එයයි.

    ReplyDelete
    Replies
    1. //(බැඳපු නැති අයට පවා සහ වයසක අයට පවා) මගේ පැතුම එයයි.//

      මොකද්ද බොල මේ හරුපෙ තේරුම....

      Delete
  4. සුභ නව වසරක් වේවා.....!!!

    ReplyDelete
    Replies
    1. එල එල.. ඔබටත් එසේම වේවා...

      Delete
  5. දැන් මොකද්ද 50 වෙනියට දාපු පොස්ට් එක අව්රුද්දට සුභපතන එකද ???? :D

    සුබ නව වසරකම වේවා

    ReplyDelete
  6. 50 ට නව වසරට දෙකටම සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා නලීන් අයියා...

      Delete
  7. පව්ල් දෙකටම සුභ නව වසරක් වේවා කිවුවා එහෙනං...!
    50 ට සුභ පැතුම්!

    ReplyDelete
  8. හැමොටම සුභම සුභ නව වසරක් වේවා එහෙනම් !!!! ^_^  

    ReplyDelete
  9. 50 ටයි උඹේ අලුත් වැඩේටයි.. අලුත් අවුරුද්දටයි ඔක්කොටම සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරෝ...

      උබටත් එසේම වේවා....

      Delete
  10. සුභපැතුම් අංක එක : තව පෝස්ට් 5000+ ලියන්න ලැබේවා!!
    සුභපැතුම් අංක දෙක : ගාලුටත්, දෝණිටත්, ගාලුගේ අම්මාටත් (අර අම්මා ගැන තිවුන පෝස්ටුව කියවලා උඹේ අම්ම ගැන ලොකු ගෞරවයක් ඇතිවුනා.) පවුල් දෙකේම අනිත් හැමෝටමත් වාසනාවන්ත නව වසරක් වේවා!!
    සුභපැතුම් අංක තුන : උඹලා ජෝඩුවටත් මෙරුවන් මෙන් දරුවන් ලැබේවා!!
    සුභපැතුම් අංක හතර : අර 2014ට ගෙනාපු වැඩේ සාර්ථක වේවා!!



    ReplyDelete
    Replies
    1. බස්සී උබ මෙරුන් දැකල තියෙනවද??

      යකෝ උබ හදන්නෙ මාව මරාගෙන කන්නද??

      උබටත් එසේම වේවා ...

      Delete
  11. 50 ට සුබ පැතුම්.2014 සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  12. 50 වෙනි ලිපියට සුභ පැතුම්.. එන වසරේ තව හොදට ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    සුහ නව වසරක් වේවා..

    ReplyDelete
  13. කිරි කළ ඉතිර සුබ වේවා නව වසර......!!

    ReplyDelete
  14. සුභ නව වසරක් ගාලු :)

    50ටත් සුභ පතුම් :)

    ජීවිතේ සුන්දරද මෙතරම් ? :P

    ReplyDelete
    Replies
    1. අනෙද කියන්නෙ සමියෝ.... Jඊවිතේ හිතෙන තරම් සුන්ඩෑඅත් නෑ නොව....

      ඔබටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පණියෙන් උතුරන සුඹ්හම සුඹ්හ නව වසෑඅක් වේවා....

      Delete
  15. ඔබටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පණියෙන් උතුරන වසරක් වේවා...

    ReplyDelete
  16. ඉක්මනට සියක් ලියහං

    ReplyDelete
    Replies
    1. අනිව අටමෝ...වෙලාවක් නැති එකනෙ කේස් එක...

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)