මම ගොඩකාලෙකින් ලියන්නෙ මොකද්ද කියල හිත හිත හිත ඉන්න කොට මතක් උනා.... යක්සයො ටිකක් ගැන ලියන්න.... ඔන්න ඉතින් අපේ ටීම් එකේ ඉන්න යස්ස හැතිකරේ ගැන තමා ලියන්ට යන්නෙ.... ඉස්සෙල්ලම බලමු ඉන්න සෙට් එක....
01. මම (මුලින්ම කියන්න එපැයි)
02. සජිත් කටුකුරුන්ද
03. විරාජ් උපශාන්
04. ගිහාන් ආනන්ද
05. පී.ටී නොහොත් කසුන්
06. චාමර මදුෂංක
07. චමීර සදරුවන්
08. රොෂාන්
දැන් දැන ගත්තනෙ.... ඔන්න මුලින්ම ඉන්නෙ මම.... ඉතින් මම ගැන දන්නවනෙ.... කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ....
02. සජිත් කටුකුරුන්ද...
ඉපදීම - 1991 - 01 - 01
රැකියා ස්ථානය - නැව තුල
පවුලේ මගීන් සංඛ්‍යාව 04ක් -
අම්ම, තාත්ත, මූ, නංගි
දැනට පදිංචිය හෝමගම
ආදරේට අපි කියන්නෙ සජී කියල... ඉස්කෝලෙනම් කියල තියෙන්නෙ කට්ට කියල...
මූ ගැන කියනවනම් කියන්න මුකූත් නෑ... වැද ගැම්මකට නැතිම එකෙක්.... මේක දැක්කොත් මට දැක්ක තැන ගහනව ශුවර්... මොනවා උනත් ඇත්ත කියන්න එපැයි.... මම මූව අදුරගත්තෙ 2007 ජනවාරි වල.... ගංසභා හංදියෙ සුභද්‍රාරාම පංසලේ තිබුන ගිණුම්කරන පංතියෙදි තමා...
ඒකෙ සෑර් තමා මුගේ කිලෝමීටර් ගාණකින් දුර නෑ කෙනෙක්.... සර්ගෙ නම සුපුන් වික්‍රමසිංහ... අපි නම් ආදරේට කියන්නෙ "සුප්ප" කියල..
සර් ගැන පස්සෙ කියන්නම්...
මම ඒ කියන්නෙ කොලඹට ආපු මුල් කාලෙ... මේක බැලුවහම තේරේවි...
මට මතකයි මම ඉස්සෙලම ගිහිල්ල ඉස්සරහින්ම තිබුන බංකුවෙ වාඩි උනේ.. ඊට එහා පැත්තෙ පොතකුත් තිබුන... මම යන දවස තමා ක්ලාස් එකේ 02 වෙනි දවස... මම පළවෙනි දවසෙ ගියේ නෑ.... ඔන්න පොතේ අයිතිකාරය ආව පංතියට... ඌ කතා කරෙත් නෑ... මම කතා කරෙත් නෑ... දෙන්නම පොරවල් වගේ හිටිය හොදට මතකයි...
හැබැයි විනාඩි 5 ක් වගේ එහෙම ඉන්න ඇති... මම තමා මුලින් කතා කලේ... " මචං උබ ගිය සතියෙ ක්ලාස් ආවද? මට පොත පොඩ්ඩක් දෙනවද කියල " තම මුලින්ම ඇහුවෙ...
ඔය අහපු ඇහිල්ල අනේ දෙවියනේ මල කරදරක් වෙලා.. මට හිතුන ඇයි ඇහුවෙ කියල... "" අනේ ගහන්න එපෝ..""
ඔන්න ඒ තකොට පංතියෙම ළමයි හිටියෙ 4 දෙනයි.. ඔක්කොම පිරිමි... ඔන්න ඔහොමයි අපේ යාලු කම පටන් ගත්තෙ...
අපි දැන් යාලුවො නෙමෙයි... සහෝදරයො වෙලා ඉවරයි.. එච්චරටම බැදීම් වලින් ශක්තිමත් වෙලා...
අම්මෝ ඒ කාලෙ අපි නටපු පිස්සු... සමහර දවස් වලට ඔන්න දැන් හිතුන කියමු පිචෑර් එකක් බලන්න යන්න ඔන්න ගියා.... බීච් යන්න හිතුන කියමු මෙන්න ගියා... කොටින්ම කිවුවොත් ගෙදර යන්න හිතුන කියමු ගියා ගියාමයි... ඔන්න ඔහොමයි ජීවිතේ ගෙවුනෙ...
මම මෙතනදි ආදරය සම්භන්දව කතා කරන්නෙ නෑ.. මොකද ඒ පිස්සු කෙලින කාලයක් නොවැ.. මට මතකයි ඌ වෙනුවෙන් ලිවුන් ලියපු හැටි... මම මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි "අනුරාධ" භාසු නෙමෙයි.. ඌ එක්ක තමා ලිවුන් ලිවුවෙ... මරු.. කියල වැඩක් නෑ...
අපි ඇඩ්වාන්ස් ලෙවෙල් ලිවුව 2009... ඌ ඊට පස්සෙ නැවු කෝස් එකකට හිත වැටිල අපෙන් සමු ගත්ත අවුරුදු 2 කට...
නමුත් යාලුකම ඇතෑරුනේ නෑ... දැන් ආපහු ලංකාවෙ ඉන්නෙ... ලගදි ආවෙ.. මල කරුමයක්... හැමදාම අපේ ගෙදර එනව කිවුවට එන්නෙ නෑ... අලි පොලු තියන්නෙ...
ආ කියන්න බැරි උනානෙ... මූට කෙල්ලෙක් ගෙදරින් හොයල... මමත් දැක්කෙ ඊයෙ පෙර්රද දවසක... හොද කෙලිපොඩ්ඩ... පවු අහිංසක කෙල්ල මූ හින්ද අමාරුවෙ වැටෙනව... ලගදිම මුගෙ බෙල්ලට තොන්ඩුව වැටෙන සීන් එකක් තමා තියෙන්නෙ.. දෙයියන්ගෙම පිහිටයි සජියෝ....
මූ ගැන ලියනවනම් පොතක් උනත් ලියන්න පුලුවන්..
සජිත් උබට දෙයක් කියන්න තියෙනවා... අපි දෙන්න අනන්තවත් රන්ඩු වෙලා තියෙනව... උබ ඒක දන්නව ඇතිනෙ... යකෝ මට සමාවෙයන්.. මගේ අතින් උබට වැරද්දක් උනා තමා... ඒ මතකය මගේ හිතින් කවමදාවත් අමතක වෙයි කියල හිතන්න බෑ... ඒ උනාට ඒ ප්‍රශ්න දැන් ඉවරයි... උබත් දැන් සතුටින්... මමත් දැන් සතිටින්... මම ප්‍රාර්තනා කරනව උබට නැවේ කපිතාන් වෙලා මිසක් නවතින්න එපා...
ප.ලි. එක එකා ගැන වෙන වෙනම දාන්නම්...
ට්‍රම්ප්ගේ නව තීරුබදු කම්පනය: ගෝලීය බල ක්‍රීඩාවක් - සහ ශ්‍රී ලංකාවට එයින්
අදහස් කරන්නේ කුමක්ද
-
ට්‍රම්ප්ගේ අලුත් බදු ගැසීම අපි තේරූම් ගන්න ඕනේ ඒකේ දේශපාලන සංධර්භයත් එක්ක.
ට්‍රම්ප්ට ඕනේ ඇමෙරිකාව නැවත එහි ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යන්න.
මේ බදු ගැහිල්ල එහි ...
22 hours ago
මටත් ඉන්නවා සජිත් කියලා හොඳ ෆ්‍රෙන්ඩ් කෙනෙක්...මාත් එයාට ආදරේට කියන්නේ සජී.... හී ඌත් ටිකක් වාතේ තමයි.ඒ උනාට හොඳ කොල්ලා.
ReplyDeleteමේ සජිත්ලා නැති තැනක් නෑනේ දැන් බලද්දී :D
අනේද කියන්නෙ... පදුරකට ගැහුවත් "සජිත්ල"..
Deleteලස්සණ පිහාට්ට.
ReplyDeleteහී....
Deleteනම වෙනස් කරාද?? අර වැඩ බැරි ගාලු කෑල්ලක් දාගෙන...
ReplyDeleteඅඩෝ.... වැඩ බැරි නෑ... හරී...
Deleteඅම්මප ගාල්ලෙ එවුන්ට වැඩ බෑ තමයි. නැද්ද දේශකය?
ReplyDeleteමොකද්ද කියන්නෙ මැරුම් කන්න තමා...
Deleteමටත් උන්න ඔය වගේ බොක්කෙ friends ල ගොඩක් ඉස්කෝලෙ කාලේ. අයියෝ ඒ කාලේ ආයෙත් එනව නම් මම මේ ඔක්කොම අතඇරලා නවතින්නේ එතන..
ReplyDeleteඉතින් දාපන්....අපිටත් බලන්න...
Deletepissu hadanawa oIiiiiiii.............!!! ubada mu gana dayak amathaka welane ban..... muge (nala dath daka)........ aka hinda thama muge hinawa tikak hari lassana wela thitanne ..... :P :P :P :P
ReplyDeleteසිරා සිරා... ඒ කතාව ලියන්න බැරි උනා.... නල දත තමා නියම....
Deleteඔන්න දෙශා උබට කින්ඩිය දානව.ශුවර් එකට මුට ගාල්ලෙ කෙල්ලෙක් පොල්ලක් තියල
ReplyDeleteඑහෙම නෙමෙයි පිච්ච මලක් දීලයි කියහං. එතකොට තමා ගති.. වැඩ බැරි ගාල්ල සමාජයක් හදන්න හිතෙනවා උඹල දැක්කම
Deleteදේශකය මගේ ජම්මත්තර වයිරක්කාරයෙක් බන්... ඌ මම කොකක් ලිවුවත් කින්ඩියක් දානවම තමා....ඕකට හොද පොල්ලක් තියල ඇති... තොට සාදු....
Deleteඅඩේ අපේ වයසේ කොල්ලෙක් නේ :)
ReplyDeleteඑල එල යාලුවෝ සෙට් එක ගැන කියන්නකෝ....
අඩේ.. එහෙනම් ලගදිම සෙට් වෙමු....මොකද කියන්නෙ
Deleteයකෝ 91 එකා දැන්මම බඳිනවද ??
ReplyDeleteමේ පොරගෙ නංඟිට දැන්මම මනමාලයො එපාලුද ? ;)
අඩේ ඒකනෙ කියන්නෙ බලහන්කො.... එතකොට අපිට යන කලදසාව බලහල්ලකො...
Deleteඋබ මාර එකෙක්නේ එක කියල උඹේ නම දාල 2කේ එකා ගැන ඉස්සෙල්ල ලියල .. :D
ReplyDeleteමේකෙ තියෙන අනිත් පෝස්ට් ඔක්කොම මම ගැනනෙ බන්ස්...
Deleteවිස්තර මදි බන් හොදම යාලුවෙක්නම් තව කොච්චර මඩ තියෙන්න ඕනද
ReplyDeleteමඩ ගහන්න පුලුවන් බන්... අත කපන්න වෙයි මගේ... ගෙවිලම.....
Delete