නිතර දෙවේලේ යන එන තැන් ....

Thursday

25 ඇසුවෙමි, දුටුවෙමි...

මම මුලින්ම කියන්න කැමතියි බස් අයිතිකරුවන් සිට්නම් මෙය අනිවාර්යයෙන් බැලිය යුතු බව....


මම ඊයෙ වැඩ ඇරිල ගෙදර යන්න කොට්ටව බස් හෝල්ට් එකේ ඉන්නව...දැන් බස් නවත්තන තැන පස්සට ගෙනිහිල්ලනෙ.. එතන කොට්ටව පොලීසියෙ ට්‍රැෆික් පොලිස් මහත්මයන් දෙදෙනෙකුත් කතා කර කර හිටිය... ( නිල ඇදුමෙන්). මමත් හිටියෙ එතනට වෙලා....එතනට පිටකොටුව සිට හෝමගම දක්වා යන බස් එකක් ඇවිල්ල නතර කරල සෙනග බස්සල හෙමීට ඉස්සරහට යනව.... ඔන්න එතකොටම අවුරුදු 23-24 වගේ වැදගත් පෙනුමකින් යුතු කාන්තාවක් ඇවිල්ල අර පොලිසියෙ උදවියට කියපි.... '' අන්න අර බස් එකේ කොන්දොස්තරට පොඩ්ඩක් කතා කරන්න උගන්නන්න කියල.. මට එයා කුනුහර්පෙන් බැන්න කියල කියපියකො....'' එතකොටම අර බස් එක ඉස්සරහට ගිහිල්ල ටිකක් දුර.. පොලිස් නිලදාරියා ගත්ත වෝකි ටෝකි එක.. කතා කර මෙන්න මෙහෙම... '' හෙලෝ හෙලෝ... සම්පත් සම්පත් ඔන්න දැන් එන NA - 3223 හෝමගම කොල පාට බස් එක නවත්තන්න කියල... කොන්දයි, ඩ්‍රයිවරයයි එක්කගෙන එන්න කියල...''


විනාඩි දෙකක් යන්න මත්තෙන් එතනට කට්ටිය පිරුන.... ඒ අතරතුරේ අර කාන්තාව කියන්න ඕන ඔක්කොම පොලිස් නිලදාරීන්ට කිවුව.... එයා විශේශ දෙයක් සදහන් කලා.... '''ඔය බස් එකේ මහන්සි වෙලා වැඩ කරල ගෙවල් වල යන මිනිස්සු ඉන්නෙ... කොන්දොස්තරට අවවාද කරල යවන්න කියල....'' ' ඔන්න එතකොට අරුන් ආව.... ඔන්න එතකොටයි විස්තරේ කිවුවෙ.... ඒ කාන්තාව නැගල තියෙන්නෙ ටවුන්හෝල් වලින්... එයාට ඉතුරු සල්ලි පස්සෙ දෙන්නම් කියල.... රුපිය්ල් 15 ක් ද කොහෙද.... මෙයා මග දිගටම ඉල්ලල.. පසෙ දෙන්නම් පස්සෙ දෙන්නම් කිය කිය කොට්ටවටම ඇවිල්ල... මෙයා කොට්ටවෙදි බහින්න ඉස්සෙල්ලත් ඉල්ලල.. එතකොට කොන්ද කියල.... '' තමුසෙට එකපාරක් කිවුවනෙ 10 ක් නෑ කියල තේරෙන්නෙ නැද්ද.. මගේ ලග 10 ක නෑ.. වද නොදි බහිනව කියල....'' පොලිස් නිලාදරින්ට මල....ඔන්න උන් බනිනව.. ඒ අතර තුර බස් එකේ හිටපු උදවිය එකා දෙන්න එනව... මුගේ පැටිකිරිය එලියට දැම්මෙ නැතැයි.... පොලිසියෙ හිටියෙ නැත්තම් අරුන් දෙන්න ඉවරයි.... ඔන්න කතාව.... කොහොම හරි උන් දෙන්නට හෙට පොලිසියට එන්න කිවුව... මොනව කරාවිද දන්නෙ නෑ... පොලිසියෙ හැටි අපි නොදැන්නවැයි... නේද?? 



ඔන්න ඔහොමයි අපේ රටේ තත්වෙ... නිකන් උන්ගෙ සල්ලිවලින් ගියා වගේනෙ.... ඔය වගේ දවසකට කී දෙනෙක්ට වෙනව ඇද්ද.... නමුත් කීයෙන් කී දෙනාද අදාල පාර්ශවයන් දැනුවත් කරන්නෙ.... ලැජ්ජාව, බය නිසා කීදෙනෙක් කට වහගෙන යනවද.... ඇත්තටම ඒ කාන්තාව ආදර්ශයක්..... 

25 comments:

  1. පොලිසියට ගියා කියල වැඩි වෙනසක් වෙන එකක් නෑ යාලුවා! දන්නවනෙ මේක ලංකාවනෙ..

    ReplyDelete
    Replies
    1. අදහසක් දැක්වූවට බොහොම ස්තුතියි..... ඒකනම් ඇත්ත තමා සහෝදරයා..... නමුත් පොලිස් නිලදාරීන් ඒ වෙලාවෙ හසිරුනු ආකාරය ගැන සතුටු හිතෙනව...

      Delete
  2. මමත් කොට්ටාවේ කෙනෙක්... ඇත්තටම කොට්ටාවේ පොලිසිය තියෙන්නේ ඔය බස් නවත්තන තැනට ඉස්සරහමයි.. ( මත්තෙගොඩ පැත්තට හරවන තැන)

    කොට්ටාවේ ‌පොලිසියේ වැඩ කටයුතු ගැන මට කීපපාරක්ම අත්දැකීම් තියෙනවා... එක පාරක් අවුරුදු දවසට පස්සෙන්දා පන්තිපිටියේ ධර්මාපාලේ ඉස්සරහාදි අපේ ලොරිය හැප්පුනා ත්‍රීවිල් එකක.. ඒ මිනිහට කෙලින් ඉන්නවත් පණ නෑ බීලා.. ටික වෙලාවක් ඇඹරි ඇඹරි දුක කිය කිය හිටපු එකා මෙන්න එක පාරටම කට්ටියක් එතනට ගෙනල්ලා අපිට චණ්ඩි පාට් දාන්න ගත්තා.. ඒ වෙලාවේ කොට්ටාවේ පොලිසියෙන් ඇවිල්ලා ඒ මනුස්සයව අරන් ගියා.. තුවාල වෙලා තිබ්බ නිසා හෝමගම හොස්පිට්ල් එකට අරන් ගියාම මෑන් එතනින් පැනලා ගිහින්...

    පොලිසියේ වැරද්දද හොස්පිට්ල් එකේ වැරැද්දද කියලා නම් දන්නේ නෑ ඉතිං.. වාහනේට ඉන්ෂුරන්ස් තිබ්බ නිසා අපි පස්සෙන් පැන්නුවේ නෑ...

    ඒත් මම දන්න අනිත් පොලිසිත් එක්ක බැලුවාම කොට්ටාව පොලිසිය යම් තරමක් හොඳයි කියන්න පුළුවන් මට නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිරු අදහස් දැක්වූවාට.... දැන් බස් නතර කරන තැන පොඩ්ඩක් පස්සට ගෙනිහින් නෙ.... මටනම් හිතෙන විදියට පොලිසියෙ ගොඩක් හොද අය ඇති... නමුත් පොලීසිය කියන වචනය පිරිහිලා නිසා, ඔවුන්නුත් ජාරා ගොඩට වැටෙනව හිරු.... පොලීසිය මහජනතාවගෙ පැත්ත බලන්නෙ නෑ කවදාවත්.... මුදල් තියෙන පැත්ත බලන්නෙ... එහෙමත් නැත්තම් කෙල්ලෙක් කිවුවොත් දෙයක් කරල දේවි.... ශාර්ර්‍රික අල්ලස් ගන්න... එහෙවු රටක තමා අපි ඉපදිල ඉන්නෙ....

      Delete
    2. ඔව් දැන් හෝල්ට් එක ඈතට ගෙනිහින්.....

      කොන්දොස්තරලා ඔහොමමයි. හරියට එයා අපිට සල්ලි දීලා අපි නිකන් බස් වල යනවා වගේ.

      Delete
    3. සම්නලීගෙත් ඒරියා එක කොට්ටාවද??

      Delete
    4. ඒ කිට්ටුව තමා..... :)

      Delete
  3. මේ ගැන මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියටත් පැමිණිලි කළ හැකියි. මෙන්න අංකය 0112871352 - අසාධාරණයක් දුටු සැනින් මේ හොට් අංකය අමතන්න.

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම ස්තුතියි සහෝදරය.... අනිවාර්යයෙන් මම මේ නම්බර් එක ෆෝන් එකේ සේවු කර ගන්නව.... හැමෝටම මේක වැදගත් වේවි.....

      Delete
  4. ඒ වගේ වෙලාවට හැමෝම කතා කරනවා නම් ඕවා ටිකක් හරි අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම ස්තුතියි සහෝදරය..... ඔයාගෙ කතාව ඇත්ත... ප්‍රශනෙ තියෙන්නෙ කවුරුවත් බස්කාරයන්ට බයේ කතා කරන්නෙ නෑනෙ... ඉතින් ඒකෙන් උන් උපරින ප්‍රයෝජනය ගන්නව...ත්‍රීවීල් කාරයොත් ඒකම තමා කරන්නෙ...

      Delete
  5. ලංකාවටත් කාර්ඩ් සිස්ටම් එකක් අදුන්වල දුන්න නම් හරි,,

    ReplyDelete
    Replies
    1. අදහසක් දක්වල ගියට බොහොම තුති හොදේ....ඇත්තටම හොද අදහසක් මචන්..... නමුත් ඒකට ආත්ම ගානක් යාවි සහෝදරයා....

      Delete
  6. අම්මපා බන් බස් කොන්දො අතරින් වැඩි පිරිසක් ඔහොම ජරා යක්කු...සි.ටි.බි ප්‍රයිවට් දෙකම් එකයි..ඒ අතරින් දෙවිවරු වගේ මිනිස්සුත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම තුති ඈ.... අනේද කියන්නෙ බං සිම්බා මලයෝ... කාලකන්නි ඉන්නෙ බන්.... මිනිහෙක්ට සල්ලි නෑ කියලවත්, එක්කගෙන යන්නෙ නැති තත්වෙටම මිනිස්සු ජරා වෙලා බන්....

      Delete
  7. හැම වෘතිතියකම දෙව්යෝ,මනුෂ්‍යෙයා් සහ යක්ෂයෝ ඉන්නවා කියනවනෙ නේද?

    ඒක නෙවේ අර යසිත් අය්ය මේ පැත්තෙ ආවෙ නැද්ද..මිනිහා බස් අයිතිකාරයෙක්!බොරු නම් බල්නනකො මේ පෝස්ට් එක,http://www.yasith.net/2013/01/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහසක් දැක්වූවට... ඔයාගෙ කතාව ඇත්ත වර්ශා.... මිනිස්සු කොට්ටාශ ගොඩාක් ඉන්නව.... ඒ අතිරින් දෙවියොත් වැඩ ඉන්නව.... යසිත් මේ පත්තෙ ඇවිත් නෑ... මම ගිහිල්ල බලන්නම්....

      Delete
    2. හික්....ඔව් ඔව්. යසිත් තත්පර ගානකටද කොහෙද බස් අයිතිකාරයෙක් වුනා තමයි..... :p

      Delete
    3. හොද වෙලාවට තප්පර ගානකට බස් අයිතිකරුවෙක් උනේ... ඇත්තටම උනානම් මෙලහකට ගෙවල් වල උන්දලට හචින් ගිහිල්ලම මැරෙනව... එච්චරටම අපි බනිනවනෙ....
      හැබැයි හැමෝම එහෙම නෑ...

      Delete
  8. විනයක් නැති, අනිත් මිනිහාට ගරුකරන්නේ නැති, වැඩක් කරවගන්න හොදින් වඩා නරකින් කිව්වාම දන්න රටක ඉපදුනාම මෙහෙම දේවල්වලට හුරුවෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම තුති අයියේ.... ඔයාගෙ කතාව ඇත්ත, නමුත් අපි පුරුදු වෙනවට වඩා හොද නැද්ද ඒක අඩු කර ගන්න ට්‍රයි කලොත්... නැත්තම් මිනිහෙක්ටවත් පාරක බැහැල, බස් එකක රෑට යන්න බැරි තත්වයක් ඇති වෙයි... 86 කැරැල්ල කාලෙ වගේ...

      Delete
  9. වැදගත් එඩිතර කෙල්ලෙක්. හදවතින්ම ගරු කරන්න ඕනේ ඒවගේ මගියෝන්ට.

    ReplyDelete
    Replies
    1. බොහොම තුති සහෝදරය මගේ ගෙදර පැත්තෙ ඇවිත් ගියාට.... අනිවාර්යයෙන් ඒ කාන්තාව එඩිතර කාන්තාවක්... කිසිම බයක් නැතුව අර කොන්දට ෆේස් කරා..... ඇත්තට බලන්න වටින ජවනිකාවක්....

      Delete
  10. හපෝ.. කොන්දො නම් වැඩි හරියක් ඉන්නෙ අමු හොරු

    ReplyDelete
    Replies
    1. බොහොම තුති සහෝදරය මගේ ගෙදර පැත්තෙ ඇවිත් ගියාට.... කොන්දො ගැනනම් කතා කරන්න එපා... වැඩි හැරියක් ඔහොම එවුන් තමා.... ඒකනේ උන්ට හරියන්නෙ නැත්තෙ....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)