නිතර දෙවේලේ යන එන තැන් ....

Saturday

12 මේ ඇගේ ජීවිත කතාවයි....!!!



මේ දකුණු පළාතේ, බෙලිඅත්ත දිස්ත්‍රික්කයේ පිහිටි, බෙලිඅත්ත මිද්දෙනිය මාර්ගයේ කිලෝ මීටර් 15 ක් පමණ ගිය පසු හමුවන ගම්මානයකි ඉහල බෙලිගල්ල ග්‍රාමය.

මෙම ග්‍රාමය දැනට අවුරුදු 60 කට පමන එපිට කාලයේ ඉතාමත් සාරවත්, කොල පැහැයෙන් යුතු ඉතාමත් ලස්සන ගම්මානයක් විය, තවද ගොඩ මඩ ගොවියන්ගෙන්ද බහුල මෙම ගම්මානයේ සියලු දෙනා තම තමන්ට අවශ්‍ය ආහාර බෝග තම ගෙවත්තේම වගා කිරීම එකල සිරිතක් විය, තවද තමන්ට අවශ්‍ය කලමාණා හුවමාරු කර ගැනීමද එකල තිබූ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් විය, එමගින් ගම්මානයේ ඇති එකමුතුකම වැඩි වූවා මිස අඩු වූවේ නැත. 


ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන 10ක්. ඇය 07 වෙනි දරුවා ලෙස 1954 වර්ශයේ දෙසැම්බර් 05 වෙනිදා මෙලොව එලිය දුටුවා. ඇයගේ පවුලෙ සහෝදරයින් 04ක්, සහ සහෝදරයින් 06 දෙනෙකුගෙන් ශක්තිමත්.




                    රතු පාටින් ලකුණු කර ඇත්තේ ඇගේ නිවසයි....

ඈ කුඩා අවදියේ සිට අද වනතුරු ඇගේ සහෝදර සහෝදරියන් ඈට ආමන්ත්‍රණය කර ඇත්තේ "සීතා" යන නමින්,




මේ ඈගේ හැදුරුම්පතේ තිබූ චායාරූපයයි.

ඇය සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා මිටියි.. එම මිටි බව ඇයට තවත් ලස්සනක් ගෙන එනව.. ඒ නිසාම තමයි ඈ අවුරුදු කුමාරිය තේරීමේ තරග වලදී, ඈ අවුරුදු කුමාරිය බවට කිරුළු පළදින්නේ, එතරම් ඇය සුන්දර යුවතියක්.

ඇය මෙලොව එළිය දුටුවත්, ඇයට මව අසලට යාමට අවුරුදු 10ක් පමණ ඉවසා සිටින්නට උනා.මන්ද ඇයට සහ මවට ඇති අපල හේතුවෙන්.ඇය අවුරුදු 10ක් පමණ සැදී වැඩුනේ ඇයගේ මවගේ බාල සහෝදරිය වන.."බාල අම්මා" යන ඇගේ දෙවැනි මව සමගයි,



බාල අම්මා

Wednesday

25 මම දැන් ....... කෙනෙක්.......!

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව ලොකූ සතුටක් හිතේ තියාගෙන... ඒ මොකද්ද කියල පස්සෙ කියන්නම්... 

ඉස්සෙල්ලම කියන්න ඕන රාජකාරිය දේවකාරිය වගේ කොරන්න ඕන නිසා බ්ලොග් ලියන එක සහ කියවන එක පොඩ්ඩක් අඩු කරා... 

ඔන්න ඉතින් ඉඩ ලැබුන ගමන් සතුටු ආරන්චියකුත් අරගෙනම තමා ආවෙ...

මම බාප්ප කෙනෙක් උනානෙ බොලවු..එකෙක්ගෙ නම් කමක් නෑ.. දෙන්නෙක්ගෙ.. ඉතින් සතුට කියා ගන්න බෑ... ඔක්කොම හෙන සතුටින් ඉන්නෙ උන් දෙන්නව ඇස් දෙකෙන් බලනකම්.. මොකද උන් දෙන්න ඉන්නෙ පිට රට නොවැ... 

උන් දෙන්න එනකන් තමා මමනම් ඇගිලි ගැන ගැන ඉන්නෙ.. මොකද බාප්ප කෙනෙකුගෙ යුතුකම තමා උන් දෙන්නට කතා, සින්දු, කවි, උගන්නන එක (කුණුහරුප).. 

ඉතින් ඒකට නම් ටික කාලයක් යාවි.. උන් දෙන්න මෙහේ එද්දි මට හිතෙන විදියට බාප්පට උගන්වයි වගේ... 

බලමු බලමු... 

මේ ඉන්නෙ උන් දෙන්න තමා...


මේ ඉන්නෙ අපේ බන්චොයි, බන්චයි...

කුක්කු බීල, බන්ඩි ගෙඩි දෙක පුරවගෙන උනුසුමට දොයි...

ආරන්චියෙ හැටියටනම් කිසි කරදරයක් නෑලු... අඩන්නෙ නෑලු... කිරි දීපු ගමන් නිදා ගන්නවලු.. ආපහු හරියටම පැය 03 කින් ගැගිටල වට පිට බල බල ඉන්නවලු... 

ආ කියන්න බැරි උනානෙ උන් දෙන්නම කොල්ලො... 

ඔන්න ඔහොමයි  උනා කියන්නෙ.. බලමු තව පින්තූර එන හැටියට දාන්නම්කෝ... 

Monday

29 පුතේ උබට නිවන් සුව ...

සුන්ටු උබට මතකද මුලින්ම අපේ ගෙදරට ආපු විදිය, උබට එතකොට ඇස් ඇරිලවත් නෑ. උබ ඒ තරමටම පොඩියි. අතින් අල්ලනත් බෑ. ඒ මොකද උබගෙ මයිලක්වත් අතට අහුවෙන්නෙ නැති නිසා. 

උබ දන්නවද?, අපේ පවුලෙ කවුරුවත් පූසොන්ට කැමති නැහැ කියල. නමුත් උබ කාළකන්නි මනුස්සයෙක් අපේ ගේට්ටුව ලග දාල ගිහිල්ල තිබුන වෙලාවෙ, උබගෙ ඇඩිල්ල ඇහිල මහ රෑ 1.00 ට විතර අපෙ අම්ම ඇවිල්ල උබව අරගෙන පෙට්ටියක දාල තව කූඩෙකින් උඩිනුත් වහල තියල තිබ්බෙ උබේ අරක්ෂාවට, මොකද වෙන ලොකු පූසො උබව රෑ කෑමට ගන්න මාන බල බල හිටපු නිසා... අපි හිතුවෙ උබෙ අම්ම උබව අරගෙන යන්න ඒවි කියල. නමුත් එහෙම උනේ නෑ. උබව ගෙනියන්න කවුරුවත් ආවෙ නෑ. 

අපිට බැරි උනා උබේ අඩොවැඩියාව අහගෙන ඉන්න. මම අතුළු ඔක්කොම කිවුවෙ උබව ලගම තියෙන පංසලට ගෙනිහින් දාන්න, මොකද උබව හදාගන්න බැරුව නෙමෙයි, උබලට අපේ කිසිම කැමැත්තක් නොතිබුණු නිසා, 

නමුත් අපෙ අම්ම උබව ගෙනිහින් දාන්න බෑ කියල කිවුවෙ උබේ පිනකට සහ අපේ පිනකට. 
 අතට අහුවෙන්නෙ නැති උබ එදා ඉදල අපේ ගෙදර හැදෙන්න වැඩෙන්න පටන් ගත්ත උබට මතකද??

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)