නිතර දෙවේලේ යන එන තැන් ....

Sunday

13 අහිමි වීම....

අක්කේ.....

ඔයාට මතකද අක්කේ අපේ පුංචි කාලෙ.... මම දන්නව අක්කේ ඔයාට කවදාවත් ඒක අමතක කරන්න බෑ අක්කේ..... දරුවො 03 දෙනෙක් ඉන්න පවුලක මැද හිටියෙ උබ අක්කේ.... අයිය, අක්ක සහ බාලය වෙච්ච මම..... කාටවත් අමුතුවෙන්න කියන්න දෙයක් නෑ අක්කේ අපි තුන් දෙනා හිටිය විදිය මට ගොඩාක් මතක් වෙනව අක්කේ.... ඒව එකින් එක කියන්න මට ශක්තියක් නෑ අක්කේ.... මොකද මට දැන් ඒව මතකයක් විතරක් වෙලා..... ඒ මතකයන් මම මැරෙන තුරා මතකයන් විදියටම තියා ගන්නව අක්කේ... කවදාවත් ඒව අමතක වෙන්නෙ නෑ අක්කේ.... 


මට ගොඩාක්ම මතක් වෙන්නෙ ඔයා මාව හැම වෙලාවෙම බේරගන්න නිසා.... තාත්ත මට ගහන හැම වෙලාවෙම ඔයා මැදට පැනල මාව බේර ගන්නෙ අම්ම කෙනෙක් දරුවෙක් ආරක්ශා කරනව වගේ මගෙ අක්කේ..... හැම වෙලාවෙම ඔයයි මමයි රංඩු වෙන්නෙත් ඒ වගේමයි අක්කේ... මට දැන් මම ගැනම ලැජ්ජ වෙනව අක්කේ... මට සමාවෙන්න... මම නොදැන ඔයත් එක්ක රංඩු උනාට... අපි දෙන්න කොච්චර රංඩු කරත් ඒක පැයයි තියෙන්නෙ අක්කේ.... අපි දෙන්න යාලු වෙනව.... ඒකට තමයි අක්කේ සහෝදර බැදීම කියන්නෙ කියල මට දැනුයි තේරෙන්නෙ මගෙ අක්කේ.... 


අක්කේ, ඔයාට මතකද අක්කේ, මම හැම මගුලම ඇවිල්ල ඔයාට කියන්නෙ අක්කේ... කෙල්ලෙක් මගේ දිහා බැලුවත්, මම කෙල්ලෙක් එක්ක යාලු උනත්, ඉස්කෝලෙ රංඩු උනත්, හොරෙන් මොනව කරත් මම ඔයාට ඇවිල්ල කියන්නෙ අක්කේ... ඔයාට මතකද අක්කේ.... මොකද ඔයා මාව බේරගන්න නිසා.... අනික සහෝදරකම නිසා අක්කේ.... නමුත් අක්කේ ඔයා මට ඔයාගෙ හිතේ තිබුන දේ කිවුවෙ නෑ අක්කේ.... ඔයා කිවූවත් මට තේරුනේ නෑ අක්කේ... මගේ මේ කාලකන්නි මෝඩ මොලේට තේරුනානම් අද මට මෙහෙම වෙන්නෙ නෑ අක්කේ.....


මම අද ගොඩාක් දුක් විදිනව අක්කේ හිතින්..... මට ඔයා වගේම බිරිදක් ඉන්නව අක්කේ....උබ එයා එක්ක ගොඩාක් යාලුයි අක්කේ... උබ එයාට ගොඩාක් ආදරෙයි අක්කේ.... උබ මාට වඩා මගේ බිරිදට ආස කරා, ආදරේ කරා, උබේගෙ සහෝදරියක් කරගත්ත.... ඒත් අක්කේ......


උබ ගොඩාක් ආස කරේ මගේ වෙඩින් එක දවස එනකන්... උබ මට වඩා ආසාවෙන් ඇගිලි ගැන්න මට මතකයි අක්කේ.... උබ මට වඩා මගේ වෙඩින් එක කරන්නෙ කොහොමද කියල හොයල බැලුව අක්කේ.... මට අම්ම නැති අඩුපාඩුව දැනෙන්නෙ නැති වෙන්න වග බල ගත්ත අක්කේ..... මම ගොඩාක් සතුටින් හිටිය අක්කේ... උබ තමයි මගේ දෝණි ගෙ ඇදුම් තේරුවෙත්, උබ තමයි ඩෙකරෙශන් ලස්සනද නැද්ද කියල තේරුවෙ.... මම උබට ඔක්කොම බාර දුන්නෙ අක්කේ ඔයා ලග ලස්සන දකින්න පුලුවන් ඇහැක් තිබුණු නිසා..... ඔයා ඔක්කොම කරා අක්කේ..... අපි දෙන්නගෙ වෙඩින් එකට වෙන්න ඔන වැදගත්ම දේවල් ටික ඔයා කරා අක්කේ.... ඒත් අක්කේ.......


ඔයාට මතකද ඔයාගෙ කුසට ළමයෙක් ආව දවසෙ ඔයා මට මුලින්ම කිවුවෙ "මල්ලි උබ දැන් මාම කෙනෙක් කියල"... ඒක කිවූවෙ 2015 දෙසැම්බර් මාසෙ අග හරියෙ.... මම ඒක අහල සතුටු උන විදිය දන්නෙ මම විතරයි අක්කේ..... ඔයා කිවුව හරි අක්කේ.. මතකද මම ඔයාට කිවූවහම මට ඕන විදියට තමයි ඔය එන ඕන එකෙක් හදන්නෙ කියල.... අක්කේ ඔයාට මතකද ඔයා දීපු උත්තරේ..... ඔයා කිවූව " උබගෙ මගේ දරුව අල්ලන්නවත් දෙන්නෙ නෑ කියල" උබ හරි අක්කේ.... උබේ දරුව මට අල්ලන්නවත් බැරි උනා අක්කේ.... මට "මාමේ" කියල කෑ ගහල කතා කරන්න හිටපු කොල්ල මට අල්ලන්නවත් බැරි උනා අක්කේ..... මම දන්නව අක්කේ උබ ඒක ඒ වෙලාවෙ කිවූවෙ බොරුවට කියල.... මම දන්නව ඇයි උබ මාට එහෙම කිවුවෙ කියල.... ඒ මගේ "කළු පාට" කොල්ලගෙ ඇගේ ගෑවිල ඌත් කලු වෙයි කියල....... 


අක්කේ උබට මතකද, උබට ඩොක්ටර්ස්ල කිවුව උබේ දරුව ලැබෙන්නෙ අගෝස්තු වල කියල..... මතකද අක්කේ ඔයාට..... අපි අගෝස්තු දාගෙන හිටපු මගේ වෙඩින් එක මමයි දෝනියි සැප්තැම්බර් වලට දැම්මෙ උබගෙ දරුවව මට වඩාගෙන වෙඩින් ෆොටෝ ගහන්න ඕන නිසා කියල උබට මතකද අක්කේ..... එතකොට මට කියන්න පුලුවන් ඌට උබ ඉපදිල දවස් ගානකින් තමයි මම බැන්දෙ කියල අක්කේ.....


අනික අක්කේ අපෙ අයියගෙ අපි දෙන්න ඇහැට නොදැකපු ලස්සන බෝල දෙකක් වගේ කොල්ලො දෙන්න බලාගන්න අපි කොච්චර සිහින මැවුවද අක්කේ..... ඒත් ඔයා මට ඔයාගෙ දරුව එක්ක ෆොටෝ එකක් ගහන්න අවස්තාව දුන්නෙ නෑ අක්කේ...... ඇයි උබ මට එහෙම කරේ..... 


අක්කේ...... මම ගොඩාක් සතුටු උනා මගෙ අම්ම නැති අඩුපාඩුව මට ඔයාගෙන පොඩ්ඩක් හරි මකාගන්න පුලුවන් වෙයි කියල...... ඒත් ඒක එහෙම උනේ නෑ අක්කේ......

මම වෙඩින් එක දවසෙ ගෙදරින් එලියට බහිද්දි මගේ පවුලෙ කියල කවුරුවත් මගේ ලග හිටියෙ නෑ අක්කේ...... මට ගෙදරින් එලියට බහිද්දි වතුර උගුරක් දෙන්න, කිරිබත් කෑල්ලක් කවන්න කවුරුවත් හිටියෙ නෑ අක්කේ.... මම හිතුවෙ එදා මම ඒ දකින්නෙ හීනයක් කියල අක්කේ..... පස්සෙයි තේරුනේ ඒ හීනයක් නෙමෙයි කියල අක්කේ... ඒ මගේ ලැබීම කියල.......


කමක් නෑ අක්කේ ඒක මගේ ලැබීම වෙන්න ඇති..... මම ගොඩාක් පවු කරල ඇති අක්කේ ගිය ආත්මෙක..... ඒක තමයි මේ ආත්මෙ මගේ පවුලෙ අය මගෙන් ගොඩාක් ඈත් කරල තියන්න තරම්...... 


ඔයා දන්නවද අක්කේ.... 


ඔයා මගෙන් ගොඩාක් ඈතට ගිහිල්ල අදට අවුරුද්දක් වෙනව අක්කේ...... 



ඔයා මට අම්ම නැති පාලුව නැති කරනව වෙනුවට ඔයා නැති පාලුවත්, දුකත් මට දීල ඉවරයි අක්කේ...... ඒක ඔයාගෙ වැරැද්ද නිසා නෙමෙයි... වෙන කාලකන්නි මිනිහෙක් නිසා..... 



අද මම ඔයා වෙනුවෙනුයි මගෙ අම්ම වෙනුවෙනුයි අපේ ඉස්සර මතකයන් ගොඩාක් පිරිච්ච ගෙදර දානයක් දෙනව ඔයාල දෙන්න ආපහු කවදාවත් මේ කාලකන්නි ලෝකෙ ඉපදෙන්නෙ නැතුව දුකක කරදරක් නැති දිවියලෝකෙ ඉපදෙන්න කියල.....


  මගේ රත්තරං අම්මේ, අක්කේ.....


මම දන්නව ආපහු කවදාවත් මට ඔය දෙන්නව දකින්න ලැබෙන්නෙ නෑ..... ලබන ආත්මෙකවත් මම පතන්නෙ නෑ අම්මයි අක්කයි මගේ වෙලා ඉපදෙන්න කියල..... මට බෑ ආපහු ඔයාල දෙන්න නැති කරගන්න..... අම්මේ මම දන්නව ඔයාල දෙන්න කොහේ හරි ඉදල මගෙයි අයියගෙයි දිහා බලන් ඇති.... මම මැරෙන තුරා අපේ දිහා බලාගෙන ඉන්න අම්මේ...... කවදාවත් මමයි දෝණිවයි තනි කරන්න එපා මගෙ රත්තරං අම්මේ....

Saturday

12 මේ ඇගේ ජීවිත කතාවයි....!!!



මේ දකුණු පළාතේ, බෙලිඅත්ත දිස්ත්‍රික්කයේ පිහිටි, බෙලිඅත්ත මිද්දෙනිය මාර්ගයේ කිලෝ මීටර් 15 ක් පමණ ගිය පසු හමුවන ගම්මානයකි ඉහල බෙලිගල්ල ග්‍රාමය.

මෙම ග්‍රාමය දැනට අවුරුදු 60 කට පමන එපිට කාලයේ ඉතාමත් සාරවත්, කොල පැහැයෙන් යුතු ඉතාමත් ලස්සන ගම්මානයක් විය, තවද ගොඩ මඩ ගොවියන්ගෙන්ද බහුල මෙම ගම්මානයේ සියලු දෙනා තම තමන්ට අවශ්‍ය ආහාර බෝග තම ගෙවත්තේම වගා කිරීම එකල සිරිතක් විය, තවද තමන්ට අවශ්‍ය කලමාණා හුවමාරු කර ගැනීමද එකල තිබූ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් විය, එමගින් ගම්මානයේ ඇති එකමුතුකම වැඩි වූවා මිස අඩු වූවේ නැත. 


ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන 10ක්. ඇය 07 වෙනි දරුවා ලෙස 1954 වර්ශයේ දෙසැම්බර් 05 වෙනිදා මෙලොව එලිය දුටුවා. ඇයගේ පවුලෙ සහෝදරයින් 04ක්, සහ සහෝදරයින් 06 දෙනෙකුගෙන් ශක්තිමත්.




                    රතු පාටින් ලකුණු කර ඇත්තේ ඇගේ නිවසයි....

ඈ කුඩා අවදියේ සිට අද වනතුරු ඇගේ සහෝදර සහෝදරියන් ඈට ආමන්ත්‍රණය කර ඇත්තේ "සීතා" යන නමින්,




මේ ඈගේ හැදුරුම්පතේ තිබූ චායාරූපයයි.

ඇය සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා මිටියි.. එම මිටි බව ඇයට තවත් ලස්සනක් ගෙන එනව.. ඒ නිසාම තමයි ඈ අවුරුදු කුමාරිය තේරීමේ තරග වලදී, ඈ අවුරුදු කුමාරිය බවට කිරුළු පළදින්නේ, එතරම් ඇය සුන්දර යුවතියක්.

ඇය මෙලොව එළිය දුටුවත්, ඇයට මව අසලට යාමට අවුරුදු 10ක් පමණ ඉවසා සිටින්නට උනා.මන්ද ඇයට සහ මවට ඇති අපල හේතුවෙන්.ඇය අවුරුදු 10ක් පමණ සැදී වැඩුනේ ඇයගේ මවගේ බාල සහෝදරිය වන.."බාල අම්මා" යන ඇගේ දෙවැනි මව සමගයි,



බාල අම්මා

Wednesday

25 මම දැන් ....... කෙනෙක්.......!

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව ලොකූ සතුටක් හිතේ තියාගෙන... ඒ මොකද්ද කියල පස්සෙ කියන්නම්... 

ඉස්සෙල්ලම කියන්න ඕන රාජකාරිය දේවකාරිය වගේ කොරන්න ඕන නිසා බ්ලොග් ලියන එක සහ කියවන එක පොඩ්ඩක් අඩු කරා... 

ඔන්න ඉතින් ඉඩ ලැබුන ගමන් සතුටු ආරන්චියකුත් අරගෙනම තමා ආවෙ...

මම බාප්ප කෙනෙක් උනානෙ බොලවු..එකෙක්ගෙ නම් කමක් නෑ.. දෙන්නෙක්ගෙ.. ඉතින් සතුට කියා ගන්න බෑ... ඔක්කොම හෙන සතුටින් ඉන්නෙ උන් දෙන්නව ඇස් දෙකෙන් බලනකම්.. මොකද උන් දෙන්න ඉන්නෙ පිට රට නොවැ... 

උන් දෙන්න එනකන් තමා මමනම් ඇගිලි ගැන ගැන ඉන්නෙ.. මොකද බාප්ප කෙනෙකුගෙ යුතුකම තමා උන් දෙන්නට කතා, සින්දු, කවි, උගන්නන එක (කුණුහරුප).. 

ඉතින් ඒකට නම් ටික කාලයක් යාවි.. උන් දෙන්න මෙහේ එද්දි මට හිතෙන විදියට බාප්පට උගන්වයි වගේ... 

බලමු බලමු... 

මේ ඉන්නෙ උන් දෙන්න තමා...


මේ ඉන්නෙ අපේ බන්චොයි, බන්චයි...

කුක්කු බීල, බන්ඩි ගෙඩි දෙක පුරවගෙන උනුසුමට දොයි...

ආරන්චියෙ හැටියටනම් කිසි කරදරයක් නෑලු... අඩන්නෙ නෑලු... කිරි දීපු ගමන් නිදා ගන්නවලු.. ආපහු හරියටම පැය 03 කින් ගැගිටල වට පිට බල බල ඉන්නවලු... 

ආ කියන්න බැරි උනානෙ උන් දෙන්නම කොල්ලො... 

ඔන්න ඔහොමයි  උනා කියන්නෙ.. බලමු තව පින්තූර එන හැටියට දාන්නම්කෝ... 
+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)