නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

31 අනේ අපොයි....

මේක බලන 99.99% කටම රියදුරු බලපත්‍රය ඇති... නැති උනත් අනිවාර්යයෙන් ෆුට් බයිසිකලයක් හරි පැදල ඇති... අද මම කියන්නෙ මට වෙච්චි වින්නැහියක් ගැන.. හැබැයි මේක උනේ 2013.06.05 වෙනි දින 2.30ට විතර පෑලියගොඩ මාලු මාකට් එකට හැරෙන තැන... අර අලුතින් පාරකුත් හදන්නෙ... එතකොට මම මගේ බයික් එක අරගෙන හරියටම දවස් 15යි.. නම්බර් ප්ලේට් තියා නම්බර් එකක්වත් ඇවිත් නෑ... පොත් කොහේද දන්නෙ නෑ...

මෙන්න ගත්තු දවස ...


මගේ ගෑණු ලමය ක්‍රිස්තියානි... මගෙ අම්ම ලෙඩෙක්... මට කරන්න පුළුවන් හැමදිම මම අම්ම වෙනුවෙන් කරනව.... ඒක නිසා අපි ගියා එයාලගෙ ෆාදර් කෙනෙක් මුණ ගැහෙන්න... ඔන්න ගිහිල්ල එන අතරතුර තමා ඔය රිය අනතුර උනේ... මෙන්න රූප රාමුවක් මගින්...


Thursday

10 යාපනයේ ගතකල කාලය...02

අම්මෝ... ඔන්න මම යාපනේ ගත කරපු කාලයේ වෙච්චි සුන්දර මතකයන් දෙවෙනි කොටසෙන් ගෙනාව... මෙතනින් ගිහිල්ල  01 බලල එන්නකෝ....

ආ ඊට ඉස්සෙල්ල කියන්නම්කො යාපනේ බලන්න තියෙන තැන් ටිකක්....

01. යාපනේ කොටුව (ඒක තියෙන්නෙ යාපනේ ටවුන් එකේමයි..)

02. නල්ලූර් කෝවිල (ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 03 ක් වගේ යන්න ඕන)






03. යාපනය කෞතුකාගාරය..(ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 02 ක් වගේ යන්න ඕන)

Wednesday

21 යාපනයේ ගතකල කාලය... 01




ඔන්න මම අද කියන්න යන්නෙ අපි (අපි කිවුවෙ මමයි.......... මගේ........ වෙන්ට වයිපරෙයි...) යාපනයේ ගතකල අවුරුද්දක කාලය ගැන... අම්මෝ... කියල වැඩක් නෑ....

අපි හරියටම යාපනේ ගියේ 2011.08.16 වෙනිදා රෑ.. මම ගමන පටන් ගත්තෙ වැල්ලවත්තෙ නේවි කෑම්ප් එක ලග තමා යාපනය බස් නවත්තන්නෙ... මම බස් එකට නැග්ගෙ 7.30 ට. ඒ බස් එක තමා ඩී.එස්. ගුණසේකරට අයත් ඒ.සී බස් එකක්... ඒකෙ ඒ කාලෙ ටිකට් එකක මිල 1000.00යි. දැන් කොහොමද දන්නෙ නෑ... ඔන්න කොහොම හරි මම තමා ටිකට් බුක් කලේ.. ටිකට් 03ක් ගත්ත... කවුද බොලේ 03ක්.. මමයි, මගේ ගෑනු ලමයයි, එයාගෙ තාත්තයි...

ආ කියන්න බැරි උනා... ඒ වෙනකොට එයාලගෙ ගෙවල් වලින් අපි දෙන්න යාලුයි කියල දන්නෙ නෑ...

එයා මාත් එක්ක එවන්න ප්‍රදානම හේතු 02 ක් තිබුන...

01. එයා ට්‍රේනින් වැටිල තිබුනෙ සෝමාවතිය පැත්තට වෙන්න ලොකු කෑලෑවක් ඇතුලෙ හදන ලොකු බ්‍රිජ් එකකට.. ඒ කියන්නෙ මහවැලි ගග යා කරල තමා ඒ පාලම හදන්නෙ... ඒකට යන්න බැරි නිසා...

02. තමා මගේ අයියා යටතෙ තමා ඔය මම ට්‍රේනින් වැටුනෙ... ඒක නිසා බය වෙන්න දෙයක් නැති නිසා තමා එයා මා එක්ක එවුවෙ...

ඔන්න දැන් හරිනෙ... ඔන්න මුල්ම යාපනයෙ යන දවස නිසා... තාත්ත ආව එයාව ඇරලවන්න... එතකොට මුළු බස් එකටම හිටියෙ 10ක් වගේ.. යාපනයට යනකම්... මොකද ඒ වනතුරු ජනතාව යාපනයෙ යන්න බය නිසා වෙන්න ඇති.. දන්නෙ නෑ...

ඔන්න ඒ දෙන්න ගත්තෙ මීගමුවෙන්..ඔන්න ඔක්කොම නැගල යනවා යනවා ඉවරයක් නෑ.... අනේ අපොයි... එපා උනා... ඔන්න මගදි කන්නත් නැවත්තුවා... කාල බීල ආපහු යනවා... යනවා... යනවා.... ඉවරයක් නෑ.... ඔන්න කොහොම හරි ඊලග දවසෙ උදේ 7.30 විතර වෙනකොට යාපනය ටවුන් එකෙන් බැස්සා... අම්මෝ... දැනෙන සනීපෙ....

ඔන්න කොහොමෙන් හරි පාරවල් එහෙම හොයාගෙන ආව චුන්නාකම් කියන පොඩිම පොඩි නගරයකට... එතන තමයි හෙඩ් ඔෆිස් එක තියෙන්නෙ... එතනට එන්න යාපනේ ඉදල කන්කසන්තුරෙයි පාරෙ කිලෝමීටර් 15 ක් විතර එන්න තියෙනව...

ඔන්න කොහොම හරි ඔෆිස් එකට ආව විතරයි එතන ඉන්න එවුන් දන්නව මම මග එනකොට.. අපේ එකා මුළු යාපනේම කාල... මාවත් කාල... මගේ චරිතෙත් කාල, ඔක්කොම කාල, මාව විනාශ කරල... ඔන්න අපේ එකාගෙ හැටි.... ඔන්න එතනින් බයිට් වෙවී ඉන්නව... ඔන්න එයාලගෙ තාත්තත් අපහු ගියා කොලඹ..

19 ගල පිට මඩ.... ( විනෝද චාරිකාවකි )


ඔන්න මෙහෙමයි ගමන සිද්ද උනේ....

එදා දවස තමයි 2013.07.13 වෙනි ශනි (සෙනසුරාද හොදේ) දවසෙ තමා ගියේ... අපි ගියේ කොම්පැණියෙ සෙට් එකක් එක්ක... කොච්චර හොදට වෙලාවට වැඩ කරනවද කියනවනම් කට්ටිය කොම්පැනිය ලගට එද්දි 10.30 විතර උනා... මොකද එන්න කිවුවෙ 8.00... මම ඉතින් වෙලාවට වැඩ කොරන එකා නිසා පුක කැඩිච්ච දිමිය වගේ 7.45 වෙද්දි ඔෆිස් එක ලග හිටිය... ඉතින් උන්ගෙ මැරිච්ච ආච්චිල සීයල මතක්කරමින් 10.30 වෙනකන් හිටිය... උන්ට $%නුත් හිනා මාව දැකල.. උන් කියනව අපි ඔහොම තමා හැමදාම එන්නෙ මේ වෙලාව්ට කියල... ඉතින් තව මොන කතාද? ඔන්න කොහොමෙන් කොහොම හරි අපි වෑන් එකට ගොඩ වෙලා ගමන පිටත් උනා... මග දිගට කට්ටිය එකතු කරනව... ලාහට ගෙම්බො අහුලන්න වගේ... ඔන්න කොහොම හරි නිට්ටබුව නගරයට ආව අඩුම "කුඩු" වෙන ඒව ගන්න.. ඒ තමා මේ... වස විළි ලැජ්ජයි... ඔන්න ඊට පස්සෙ ගියා අපිට දවල්ට කෑම උයල දෙන්න පොරොන්දුවෙලා හිටිය අපේ ඔෆීසියෙම නංගි කෙනෙක්... එයාලගෙ ගෙදර.. ගිහිල්ල ඒ ගෙදරත් විනාස කොරල.. කෑම ටිකත් අරගෙන ඔන්න ගමන පිටත් වෙනව...


ආ කියන්න බැරි උනානෙ... මේ ට්‍රිප් එක ඇරේජ් කොරල තියෙන්නෙ ගූගල් දෙවියො තමා පාර කියල දීල තියෙන්නෙ...

දැන් කොහෙන්ද ගූගල් දෙයියො මේ වෑන් එක ඇතුලෙ... දැන් ඉතින් පාර හොයපු එකාටයි.. ඇරේන්ජ් කරපු එකාටයි... බනිනවා ගහනවා.. මරනවා... " ඒ අතර තව දේවලුත් උනා"   ඔන්න කොහොම හරි පාර අහ අහ යනවා... යනවා.... යනවා.... ඉවරයක් නෑ.... අහනවා... යනවා.... දැන් කට්ටියට එපා වෙලා...

Friday

10 අම්මගේ ඕස්ට්‍රිලියානු සංචාරය... (පළමු සතිය)

ඔන්න ඉතින් ඕප දූපයක් කියන්න තමා ආවෙ මේ පැත්තෙ... වෙන මොනව කරන්නද ඉතින් නේද??


අපෙ අම්ම ගියානෙ රට...

උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ... යොදුනක් ඈතින් උන්නත් මා, මා ඔබ ලග අම්මේ...



දැන් ඇවිදින්න පටන් අරගෙන... හෝ ගාල මූණු පොතේ පින්තූර දානව.. මේව බලන මට ඉන්න බෑ... මේ බලන්නකො... ඒ පැත්තට අම්බානෙක හීතලයිලු... ඉන්න බැරිලු...




අයියයි අම්මයි...



Monday

10 අපේ ක්‍රිකට් මැච් එක...

ඔන්න අපේ ඉදිකිරීම් අංශයේ ඒ කියන්නෙ කොම්පැනි අතරෙ තිබුන ඊයෙ ක්‍රිකට් මැච් එකක්.... ටීම් 20ක් විතර හිටිය... 

පට්ට ගති මච් එක... අපේ කොම්පැනි එකෙන් තමා ප්‍රදාන අනුග්‍රහය... ඒ කියන්නෙ හවල් කන්ස්ට්‍රක්ශන් ආයතනය අනුබද්ද "ඩූසාන්" ආයතනය මගින්...

ඔන්න කොහොමෙන් කොහොම හරි අපේ කොම්පැනි එකෙනුත් ටීම් 02 ක් ඉදිරි පත් කලා... පිරිමි කංඩායමක් සහ කාන්තා කංඩායමක්... ඒ වගේමයි අනෙකුත් ආයතන වලිනුත් ඉදිරිපත් වී සිටියා...

""""තව විශේෂ දෙයක් කියන්න ඕන අපේ කාන්තා පිල තමා කප් එක උස්සල තියෙන්නෙ... """"

මම මුලින්ම අපේ හවල් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ කාන්තා කංඩායමට මගෙන් උණුසුම් සුභ පැතුම් එක්කරනවා... 


ආ තව කියන්න බැරි උනා...

අපේ පිරිමි කංඩායමත් අවසාන වටය දක්වාම හොදින් තරග කරල තියෙනව.. මම ඔවුන්ටත් මගේ උණුසුම් සුභ පැතුම්...

තව දෙයක් කියන්න තියෙනවා... මේ වගේ තරගයක් පැවැත්වීම මගින් ආයතන අතර ඉතාම හොද සහයෝගීතාවක් ඇතිවෙනව....

දැන් බලමු වැඩ කිඩ.....



Friday

16 පී.ටී ගේ වන්ඩිය.....සහ මගේ වන්ඩිය......

ඔයාල දන්නවනෙ අපේ සෙටාර් එක.... ඔන්න ඕකෙ ඉන්නව අපේ පට්ට ඩයල් එකක්... පට්ට ෆන් දෙන්නෙ...එසේ මෙසේ ෆන් නෙමෙයි... බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන් ෆන්.... අනික ඌ කොටයි... සමහර වෙලාවට කොටා කියලත් කතා කරනවා.... ඔන්න ඌ සහ මම සහ අනිත් උන් ගැන කතා කොරන්ට තමා යනවා...


පී.ටී වැඩ කරන්නෙ වැලුවේශන් කොම්පනි එකක... ඌට වාහනේ නම විතරයි කියන්න ඕන එන්ජින් එක, ස්පීඩ් එක, ජියර් ගාන, එන්ජින් කැපෑසිට්ය් එක ඔක්කොම ලියාවි.. එච්චරටම පුදුම දනීමක් තියෙන්නෙ...ඔන්න මූ එකදවසක් තකහන්යක්ම මට කතා කොරල කියපි මචන් පොඩි හදිසියක්... උබ කොහේද ඉන්නෙ... ඉක්මනට විරාජ්ලගෙ ගෙදරට වරෙන් කියල.... මමත් ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ උගේ ගෙදරට දිවුව... ඔන්න ගෙට ගියා... 

Monday

34 සුසන්තිකාගේ ජීවිතය....(මට කියූ අයුරින්)

මේ රටේ සහ මුලු ලෝකෙම දන්න කෙනෙක් තමා සුසන්තිකා ජයසිංහ කියන දාවන ශූරිය... තව නමකින් කියනවනම් ආසියාවේ කලු වෙලඹ.....

මම මේ කියන කතාව කියන්නෙ මම දන්න තරමින්...ඒ කියන්නෙ ඇයගේ වැඩිමහල් සොහොයුරිය කියන කතාවක් මගින් තමා මම මේක ඔයාලට කියන්නෙ... ඔන්න එහෙනම් කතාව පටන් ගන්නව...


මම මේ කියන්නෙ ඇයව අපහාසයකට ලක් කරන්නනට, ඇයව ලැජ්ජාවට හෝ අපහසුතාවට පත් කරන්නටවත් නොව,  හුදෙක් එමගින් අපේ රටේ ඉන්නා කම්මැලි, කාලකන්නි සමාජයට ආදර්ශයක් සදහා පමණි.



ඔයාල දන්නව ඇතිනෙ ඇයගෙ පවුලෙ ඉන්න සාමාජිකයන් ගනන... නෑ මමම කියන්නම්... 

* අම්ම

* තාත්ත

* අක්කල 03

සහ

* බාලයා විදියට සුසන්තිකා

ඔන්න පවුලෙ සමාජිකයන්...


ඊට පස්සෙ කියන්නම් ඔවුන්ගේ රැකියාව මොකද්ද කියල... 

පියා - බීඩි එතීමේ කර්මාන්තය

මව - රබර් කිරි කැපීමේ කර්මාන්තය

සහෝදරියන් - බීඩි එතීමේ කර්මාන්තය

සුසන්තිකා - පාසල් යන අතරතුර - බීඩි එතීමේ කර්මාන්තය

Wednesday

14 අපි ගියානෙ සයිට් විසිට්....

අපි ගෙදරින් ගියේ උදේ 4.00 ට විතර... මගදි හොදට සප්පායම් වෙලා එහෙම ගියේ... බඩගින්නෙ රාජකාරි කොරන්න බෑනෙ.... 

අපි ගියේ නුවරට ගිහිල්ල 180 වංගු වලින් හසලක ගියා..... 

මෙන්න මෙතන් ඉදන් බැලුවම 18 වංගු පේනව කියල ඩ්‍රයිවර් උන්නැහේ කියපු නිසා ගියා බලන්න... මොන කෙහෙල් මලක්වත් පේන්නෙ නෑ.... උබලට පෙනුනද??  








පොඩ්ඩක් අපේ සයිට් එක ගැන විස්තරයක් දෙන්නම්කො.... මෙන්න මෙහෙමයි...

මෙන්න අපේ පාරවල් 03  

01. හසලක - හෙට්ටිපොල පාර  

02. හෙට්ටිපොල - හදුන්ගමුව පාර 

සහ 

03. ලග්ගල - පල්ලෙගම පාර

ඔක්කොම දුර කිලෝ මීටර් 37.5 ක්.. උපරිම ලස්සන පැත්තක්... පින්තූර වලින් පේනවනේ.... මේක හදන්න පිරිවැය 7 බිලියන් යනව.... 1 බිලියන් අපේ ඇමති තුමාලට දෙන්න ඕන.... නැත්තම් අපිට කොයින්ද ප්‍රොජෙක්ට්.... මේකෙ පාර දෙපැත්තෙ ඇලක් තියෙනවා...මේ පාරෙන් තමා නකල්ස් වගේ ලස්සන කදු පංති රාශියකට යන්න තියෙන්නෙ.... ගැමි පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක්...

මෙ තමා සයිට් එක... පට්ටම ලස්සන පැත්තක්....

Tuesday

8 උකුලට නාවත් එදා වගේ... මා පොඩි පුතු අම්මේ....

ඇත්තටම ජීවිතේ කියන්නෙ හරිම පුදුම සහගත දෙයක්.... අපි කොච්චර කිවුවත් අපි ඉන්නෙ සතුටින් කියල ඒක බොරුවක්... ඇත්තම කිවුවොත් හැමෝම තමන්ගෙ හිතේ තියෙන දුක පිට අයට පේන නිසා වෙන කට්ටියට පේන්න මූනිච්චාවට හිනා වෙනව... මම හරිනේ... මමත් එහෙමයි.... මගේ ජීව්තේ ආයි මම තනි වෙනවා... ටිකක් ලොකු කාලයකට... ඒ කියන්නෙ අවුරුද්දකට... අපෙ අම්මයි අක්කයි රට යනව... අම්ම අයිය ලගට සහ අක්ක එයාගෙ හස්බන්ඩ ලගට... මොනව කරන්නද?? 





 මේ හිනාව හැමදාම තියාගන්න අම්මේ....



+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)