ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ මම හා හා පුරා කියල මගේ ජීවිතේ 03 ගෙනාව... මෙන්න මෙතනින් මගේ ජීවිතේ 01 මගේ ජීවිතේ, 02 බලන්න පුලුවන් බැලුවෙ නැති අයට ගොහිල්ල....
ඔන්න මම කොහොමෙන් කොහොම හරි ගාල්ලට ආව.. ඒ කියන්න මගේ උපන් නගරෙට.... (ගමට නෙමෙයි), මට එතකොට වයස අවුරුදු 14 ඒ කියන්නෙ මම 09 වසරෙ... එතකොට නිල් පාට කොට කලිසම අදින පුන්චි කොල්ලෙක්.... ඔන්න ඉතින් කතාව පටන් ගන්නව, මම ගාල්ලට ගෙන්න ගන්න කොට වසරෙ මැද වගේ... එතකොට ඉස්කෝලවලට ගන්නෙත් නෑනෙ.... අනික 09 වසරෙදි... ඔන්න ඉතින් අපෙ අම්ම, තාත්ත පන දාගෙන ඉස්කෝල හොයනව... එතකොට අපෙ අම්ම වැඩ කරපු හරියෙම තමා ගාල්ල අවට ජනප්‍රියම පාසල් ටික තිබුනෙ... රිච්මන්ඩ්, මහින්ද, ඕල්සෙන්ට්,විද්‍යාලෝක,සිරිධම්ම, වගේ පාසල් තිබුනෙ අපෙ අම්ම රාජකාරි කරපු ආයතනය අවට, ඒ කියන්නෙ කිලෝ මීටර 5 ක් අතුලත... ඔන්න ඉතින් අපෙ අම්මල අරහෙ දුවනවා, මෙහේ දුවනවා... කොහොම හරි මම පාසල් නොගිහින් මාස 4ක් විතර හිටිය, කමක් නෑ කියමුකො... කොහොම හරි හොද පාසලක් හමු වෙයි කියල හිටියා.. මම දන්නෙ නෑ... මගේ කරුමෙකටද?? පිනකටද?? කොහෙද ඉස්සෙල්ල කියපු පාසල් වලින් එකක්වත් හමු උනේ නෑ..... ( උබල හිතුව නේ හමු උනා කියල... එහෙම නෑ බොලවු... එහෙම නෑ...) කියන්න බැරි උනානෙ... අපෙ අය්ය ගිය පාසලට ද ගන්නවත් බැරි උනා... ඒක තමා තියෙන ලොකුම දුක...
කමක් නෑ කියල හැමෝම වැඩේ ඇතැරිය,.... නෑ නෑ,... වෙන පොඩි ඉස්කෝලෙකට දාන්න හිතා ගත්ත.... ඔන්න අවසාන තීරනයකට ආව... මොකද්ද ??
බොලේ අමු රස්ති පාට් එක... මට චු බරත් හැදුන... මට හිතුන මිස් ගියාට පස්සෙ මට බඩුම තමා කියල... ඉතින් මිසුත් ගියා විතරයි,... අරුන් ආවෙ නැතැයි මගේ ලගට.... ආ කියන්න අමතක උනා.. මම ඉන්දපු තැන ලමයට කිවුවා මට කවුරු හරි මොනව හරි කලොත් කියන්න කියල, මිස් හොරෙන් කියල ගියා....
ඔන්න දැන් අරුන් ලගට අවා.. ඇවිත් දැන් මගෙන් ප්‍රින්සිපල් වත් අහපු නැති ප්‍රශ්න උන් අහනව... අම්මෝ මට හිතෙන විදියට ප්‍රශ්න 100ක් විතර ඇහුව.... එතකොට මගේ ලග හිටපු යාලුව කිවුව මට ඉන්න දෙන්න කියල... ( තව දෙයක්. එතනට පන්ති 02 කක ලමයි පිරුන.. අනේ මන්ද මොකද කියල...) එතකොට අර කියපු යාලුවට හොදව්යින් කුනුහර්ප 10 ක් විතර අරුන් සෙට් එක කියපි නැතැයි... මගේ කන කීන් ගෑව.... ඔන්න කොහොමෙන් කොහොම හරි හැමෝම මගේ යාලුවන් බවට පත් උනා.... පන්ති දෙකේම... මට ඒ අතර තුර මැර ප්‍රහාරද එල්ල ඌ බව මම ඉතාමත් ආසාවෙන් කිවයුතුයි...( මැර කිවුවට මැරම නෙමෙයි... දතක් ගැලවෙන්න වගේ...) නමුත් ටික කලක් යන තෙක් මා සමග අපේ පන්තියේ පිරිසක් අමානාපයෙන් සිටි බව මට පසු කාලීනව දැන ගන්නට ලැබුනා...( මොකද්ද දන්නවද කේස් එක.. මාත් එක්ක පන්තියෙ හිටිය කෙල්ලෙක් කතා කලා කියල... ඒ කෙල්ල අරුගෙ ට්‍රය් එකක් ලු.. පසු කාලීනව ඔවුන් දෙදෙනා විවාහ වීමටද යන බව මට ආරන්චි උනා... තාම නෑ... තව ඉස්සරහට)
මම එම පාසලේ සිටින අවදිය දැනට සිහිපත් වෙනව.... මාව පුදුමාකාරව වෙනස් කල පාසලක් තමා එම පාසල.... මම අන්තිමට පාසලේ නම සදහන් කරන්නම්.... මම යහලුවන් යෙහෙලියන් මගේ සහෝදරයන් තරමටම ලගින් ඇසුරු කරන්න ලැබීම මට මහත් ආඩම්බරයක්.... ඇත්තටම මට ඒ පාසල් සමය මතක් වෙනවකොට ඇඩෙනව...
මොකද අපෙ අය්ය පොඩි කාලෙ ඉදලම ගිය පාසල, අනික පොර පාසලේ නම ඉහලින්ම තියපු පුද්ගලයෙක්, මම ඔහු ගැන පසුවට කියන්නම්.... ඉතින් ඒවයි පලක් උනෙත් නෑ,.... අනික අපි හිතුවෙ අපෙ අම්මගෙ රාජකාරි මාරුවීමත් සමග මට පාසලක් හමු වෙයි කියල..... කොහොම නමුත් එහෙම උනේ නෑ....
මාව අම්ම ඉන්න තැන ඉදල මීටර් 150 ක් දුරින් තියෙන, පාසලකට ඇතුලත් කරන්න... මම නම් මුලින්ම අකමැති උනා... මොකද, ඒකෙ කොල්ලො, කෙල්ලො දෙවර්ගයම ඉන්න නිසා.... මට පුරුදු නෑ...( මම කොහොමත් ඉස්සර හරි අහිංසක කොල්ල, දැනුත් එහෙමයි.. වෙනසක් නෑ.. හ්ක් හික් හි...)
ඔන්න ඉතින් මම පලවෙනි දවසෙ ගියා ඉස්කෝලෙට.... හපොයි හපොයි... මම කරගත්තු කරුමෙක මහත.... ඒකෙ ඉන්නෙ අම්මො.... කියනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනව.... හපොයි... ගිය ගමන් අපේ පන්ති බාර මිස් මාව ඉස්සරහ පේලියෙ හිටිය ලමයෙක් ලග වඩි කෙරෙවුවා... ඒ පේලියෙ අය තමා පන්තියෙ බ්‍රයිට්ස් සෙට් එක.. මොන ඉස්කොලෙත් ඔහොමනෙ... ඔන්න ඉතින්..... මිස් මාව පන්තියට අදුන්වල දීල.... විශේෂයෙන් අන්තිම පේලියෙ හිටපු සෙට් එකට මෙහෙම කිවුව... මේ ලමයට අතක් තියල අහුවෙන්න එපා.... මේ ලමය බය කරල සල්ලි එහෙම ගත්තොත් හෙට ඉදන් ඉස්කෝලෙ එන්නත් එපා, කියල කිවුවෙ නැතැයි... ඉතින් මට දවල් තරු පෙනුන.... නිකමට වගේ මම පිටිපස්ස හැරිල බැලුව...
තව දෙයක් විශේෂයෙන් සදහන් කල යුතුයි.... මගේ ආදරණීයම පාසල බවට එම පාසල පත් වු බව.... මගේ යහලු යෙහෙලියන් තවමත් මා සමග යහලුවන් සේ සිටිනව...
ඇත්තටම මම විශේෂයෙන් ස්තුති කරන්න ඕන මගේ ආදරණීය ඇදුරු මඩුල්ලට.... මට සමාවෙන්න ගුරු මෑණිවරුනි, ගුරු පිය වරුනි... මගේ ඇතින් වරදක් උනානම්.. මොකද මම ඉස්සර හරිම දග වැඩ කරා.... වලි දැම්ම.. නමුත් හැමදාම මගේ පැත්ත මගේ ගුරුවරු ගත්ත,... මම තවමත් දන්නෙ නැත්තෙ ඇයි එහෙම කලේ කියල... ඔවුන් හැමදාම උත්සාහ කලේ මාව ඉහලින් තියන්න..මම දන්නෙ නෑ ඇයි කියලා... මම දැනට ඔවුන් සමග දුරකතනය මගින් කතා කරනව.... ඔවුන් සතුටු වෙනව මම කතා කලාම... මට මතක විදියට ගුරුවරුන්ගෙ නම් ටික දාන්නම්...
01. විදුහල්පති මතිලාල් ගුරු පියානන්
02. උප විදුහල් පති සෝමරත්නගුරු පියානන්
03. පන්ති භාර බටගොඩ ගුරු මෑණියන්
04. විද්‍යාව උගන්වන කුසුමරත්න ගුරු පියානන්
05. ගණිතය උගන්වපු කමලා ගුරු මෑණියන්
06. සංගීතය උගන්වපු ශ්‍රියානි ගුරු මෑනියන්
07. කොමස් උගන්වපු රණවක ගුරු මෑනියන්
01. විදුහල්පති මතිලාල් ගුරු පියානන්
02. උප විදුහල් පති සෝමරත්නගුරු පියානන්
03. පන්ති භාර බටගොඩ ගුරු මෑණියන්
04. විද්‍යාව උගන්වන කුසුමරත්න ගුරු පියානන්
05. ගණිතය උගන්වපු කමලා ගුරු මෑණියන්
06. සංගීතය උගන්වපු ශ්‍රියානි ගුරු මෑනියන්
07. කොමස් උගන්වපු රණවක ගුරු මෑනියන්
මට මෙච්චරයි අපේ හිටපු මිස්ල සර්ලගෙ නම් මතක.. නමුත් මට ඔවුන්ගේ හැඩරුව, කතබහ, මට තාම මතකයේ තියෙනව.. මම හැමදාම පතන්නෙ කවුරු හරි මිස් කෙනෙක් සර් කෙනෙක් මට කොහේ හරි හමු වෙනවානම්... මට එතරම් සතුටක් නෑ....
ඔන්න මිස්ල සර්ල් ගැන... ආ තව කියන්න බැරි උනානෙ.... අපි 10 එද්දි සෙට් එකක් හිටිය.... සෙට් එකක් කිවුවට සෙට් එකක් නෙමේ මුලු පන්තියම තමා සෙට් එක... 25 ක් විතර... කෙල්ලො කොල්ලො ඔක්කොම... පට්ට ගති... ඔන්න අපේ පාසල එහා පැත්ටෙ තියෙනව ඝණ කැලෑවක්... ඒකෙ මාදං තියෙනව.. එක කාලෙකට... ඔන්න ඒ කාලෙට අපිට රජ මගුල්.... යනව දන් කඩන්න... පට්ට පට ඕයි... ඒ කාලෙ කියල වැඩක් නෑ.... මට මෙන්න මේ සිංදුව මතක් වෙනව....
ආයෙ ආයෙ ආයෙ ආයෙ ආයෙ එන්නෙ නෑ....
ආයෙ ආයෙ ආයෙ ආයෙ ආයෙ එන්නෙ නෑ....
කාලෙ කාලෙ ඉස්කෝලේ ගෙවුනු කාලේ ඉස්කෝලේ.....
මට ඉතුරු ටික මතක නෑතෝ.....
මෙන්න අපේ පංති වල හිටපු සෙටාර් එක..
01. චාමර (සාමෙල්) .
02. ලහිරු නිශාන් (අඩේ මුට නමක් තිබුනෙ නෑනෙ...)
03. ලහිරු දිලිප් (කෘශිකර්මයා)
04. නිලන්ක (ඉස්ටීවන්)
05. සදුන් තාරක (ටෙකා)
06. චරිත් (කෑකෝ පප්පා)
07. ගොඩකන්ද (ගොඩය)
18. ගයනාත්
09. කසුන්
10. මලිත්
11. ඩයස් (ඩය්ය)
12. විදුශිකා
13. චමෝදි
14. සුද්‍රර්ශනී
15. චතුරිකා (කෝපි)
16. රජිතා
17. නිමේශ
18. ජීවනී
19. සදමාලි
20. රුමේශ
21. අමරසිංහ (අමරෙ)
මෙන්න මට නම් මතක එවුන්ගෙ කාඩ් ටිකයි, නම් ටිකයි...මට සමාවෙන්න යාලුවනේ උබලගෙ මූනවල් මට හොදට මතකයි.... නමුත් නම් දැනට අමතකයි....
උබලට මතකද අපි අනන්ත අප්‍රමාන රන්ඩු වෙනව... ගහ ගන්නව.. තරහ වෙනව.... කෝ දැන් ඒ තරහවල්... ඒ කාලෙ රන්ඩු උනා, යාලු උනා... දැන් එහෙමද?? රන්ඩු උනාම... මිනීමැරුමකින් තමා ඉවර වෙන්නෙ... උබලට මතකද ඉස්සර කෙල්ලො කොල්ලො කියල නෑ... කැලේ යනව දන් කඩන්න.... මතකද මිස්ලගෙන් ගුටිකන කෑම.... මතකද උබල අපේ වෙස්ටන් බෑන්ඩ් එකට මිනී බෑන්ඩ් එක කියල කියනව... මතකද?? මට දන් කියන්න විශේෂ දෙයක් තියෙනව... මම සාමාන්‍ය පෙල විභාගෙ ලියල ඉස්කෝලෙ දල නැවතත් කොලබ ඉස්සර හිටපු පාසලට පැමිනියා....
මට කියපන් මෙන්න මේක... උබල මම ඉන්නකොට තිබුන සහෝදරකම, යාලුකම... මම ගියාට පස්සෙ උබලගෙන් ගියේ කොහොමද?? උබලට මොනව බෙදගන්න බැරුවද යාලුවො තරහ උනේ....
ඉස්සර හිටපු අය නෙමේද දැන් ඉන්නෙ.... උබල හැමෝම මාත් එක්ක යාලු වෙලා හිටියට... ඇයි උබල ඉන්න ගමේම ඉන්න යාලුවො එක්ක තරහ වෙලා ඉන්නෙ... මොකද ඉස්සර තිබුන යාලු කමට උනේ... උබල හිතුවද... උබල උසස්පෙල කරන්න ආවම ලොකු මිනිස්සු කියල.... ලොකු කම ඔලුවට ගැහුවද?? මොකද උනේ... මට තාම ප්‍රශනෙ ඒකයි... මට දෙයක් කියන්න ඕන... මමත් එක්ක එකෙක් තරහ වෙන්න බෑ.... මොකද මම උබලව මරනව....
මම කවදක හරි මගේ යාලුවො ඔක්කොම එකතැනකට එකතු කරල උන් එක්ක කතාවක් දානව.. ඒක මගේ බලාපොරොත්තුවක්... ඒකට මට හැමෝගෙන්ම උදවු ඕන... මම නවතිනව.... හැමදාම උබලගෙ යාලුවෙක් වෙලා හිටපු, ඉන්න...
එකක් මතක තියාගනින් මම කියන දවසට උබල හැමෝම එන්න ඕන කියන තැනට, කියන වෙලාවට....
ලහිරු (පාල)
මගේ ආදරණීයම පාසල, මතක සටහන් ගොඩක් ඇති පාසල... මගේ පණට වඩා ආදරේ පාසල, මගේ ගමන් මග වෙනස් කරපු පාසල...මුලු ලංකාවෙන්ම හොදම පාසල,
( ගා/ කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලය)
ගුරු මෑණියනි මම ඔබට සදා ණය ගැතියි.....
මේ ඉන්නෙ චරිත්... මම ඉස්සෙල්ල කිවුවෙ කෙල්ලෙක් නිසා ගුටි කෑව කියල... මෙන්න මුගේ වෙන්ට වයිපරේ තමා ඒ.... පල්ලෙහා තව පින්තුර ඇති....
මේ ඉන්නෙ චාමර සහ මම (පාල) අපේ අම්මගේ කාර්යාලය ලග....
මේ ඉන්නෙ අපේ උප විදුහල්පති සෝමරත්න ගුරු පියානන්....
මේ ඉන්නෙ රජිතා... මෙයා මැයි (2013.05)මාසෙ මැරි කරනවා.... අනිව මටත් කියනව කියල කිවුවා.... කොහොම වෙයිද දන්නෙ නෑ...
මෙන්න මේ කෙල්ල නිසා තමා මම ගුටි කෑව කිවුවෙ... දැන් එයා මැරි කරන්න යනව කියල තමා අරන්චිය.... ඉස්සර කොල්ල එක්කම තමා...
මේ අපේ පංති කාමර.....
මෙන්න මේ ඉන්නෙ චාමර..( මේ මුන් දෙන්න පෙම් කෙලිනව....)
පාසල් කාලය හරිම සුන්දරයි. ඒ ලෙන්ගතුකම් පාසල් ජීවිතයෙන් පස්සේ අඩු වෙලා යන එක නම් දුකයි තමයි..
ReplyDeleteඅදහසට බොහොම ස්තුතියි.... ඒක තමා සහෝදරයා.... ඒ කාලෙ අයෙ එන්නෙ නෑනෙ.... මට වෙලාව පස්සට ගන්න පුලුවන් කමක් තියෙනවනම්... මම තාමත් ඉස්කෝලෙ යනව....
Deleteඇත්තටම තව කියවන්න හිතෙනවා......... ඇත්තටම ලස්සනයි..............................
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට..... තව තියෙනව මගේ ජීවිතේ ගැන ඉස්සරහට කියන්න....
Deleteසොදුරු බර අඩවියක්නේ මලේ.....නියමයි...මාවත් ඈතම අතිතයට අරන් ගියා මේ පෝස්ටුවෙන්. ඔන්න රෝලටත් දාගත්තා දැන් එන්නං හැමදාම..මෙන්න මගේ පාසල් කාලේ ගැන ලිපියක්
ReplyDeleteබොහොම ස්තුතියි නලීන් අය්ය... මම පුලුවන් පුලුවන් වෙලාවට අලුත් එව දාන්නම්කෝ....
Deletedigatama liyanna pasan..idak labena welawata enawa..
ReplyDeletedigatama liyanna...comment ana hithanna epa..digatama liyanna....
බොහොම තුති මගේ පුන්චි නවාතැන පැත්තට ඇවිල්ල මාව දිරිමත් කලාට... අනිව ලියනව සහෝ... අනිව ලියනව.....
Deleteපුදුම සතුටක් තියෙන්නෙ. උබේ බ්ලොග් එක හම්බුනේ ඉස්කෝලෙ ගැන නෙට් එකෙන් හොයද්දි. ඔය මගෙත් ඉස්කෝලෙ. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කොහොම මතකයන්ද ඔලුවට එන්නෙ කියල. මමත් ඉගෙන ගත්තෙ ඔය ගුරුවරුන්ගෙන්මයි. ගොඩක් ස්තූතියි ස්කොලෙ ගැන ලියුවට. මට ඔය මූණු යන්තම් මතකයක් තියෙනව. වැරදි මතකද දන්නෙ නෑ. සමහර විට උන්ගෙ අයියල අක්කල මාත් එක්ක ඉගෙන ගන්න ඇති. දැන් නම් ඉස්කෝලෙ දකින්නත් ආසයි. අවුරුදු 10කින් ඔය පැත්තෙ ගිහිල්ලම නෑ. ආයෙත් කියන්නෙ ඉස්කොලෙ ගැන ලියුවට ස්තූතියි. උඹ කිවුව දේම මාත් ආයෙත් කියනව.
ReplyDelete"මගේ ආදරණීයම පාසල, මතක සටහන් ගොඩක් ඇති පාසල... මගේ පණට වඩා ආදරේ පාසල, මගේ ගමන් මග වෙනස් කරපු පාසල...මුලු ලංකාවෙන්ම හොදම පාසල, "
මට ඇත්තටම ගොඩක් සතුටුයි අපේ ඉස්කෝලෙ යාලුවෙක් මේක බලපු එක ගැන නම්....
Delete