දෙවනුව මේකත් බලලම ඉන්නකෝ..
තෙවනුව දැන් මම කියන දේ බලන්ට..
ඔන්න උඩ දෙක බලන්නෙ නැතුව එන්නෙ නෑ... හරී.....
මෙන්න මේකයි සිද්දිය..
මේ සිද්දිය උනේ 2013.01.08 දින සවස 6.00 ට පමන නාවල විමල විහාරය අසල...
ආ ඊට ඉස්සෙල්ල කියන්න සෑහෙන්න දේවල් තියෙනවා...
ආ බෑ ඒව පස්සෙ කියන්නම්...
මේ ටික බලන්නකෝ....
මේ තියෙන්නෙ කාර් එක සහ එහි රියදුරු
පොලෝසිය මහත්වරු මාර්ගය ලකුණු කරමින්...
එම රියදුරු අතින් සිදුවූ අනෙක් අනතුර...
ආ බැලුව නේද..?
01. මොකද කස්ටිය හිතන්නෙ ...??
02. කාගෙද වරද??
03. මොකද්ද මේකට ගන්න ඕන පිළියම..??
04. හිතන්නෙ මොන වගේ පිළියමක් ගත්ත කියලද??
05. අනතුරින් බයික් එකේ ගිය කෙනා ඉතුරු වෙයිද??
06. බයික් එක හදන්න කීයක් විතර යන්න ඇද්ද??
01. මොකද කස්ටිය හිතන්නෙ ...??
02. කාගෙද වරද??
03. මොකද්ද මේකට ගන්න ඕන පිළියම..??
04. හිතන්නෙ මොන වගේ පිළියමක් ගත්ත කියලද??
05. අනතුරින් බයික් එකේ ගිය කෙනා ඉතුරු වෙයිද??
06. බයික් එක හදන්න කීයක් විතර යන්න ඇද්ද??
ප්‍රශන කෝටියක් නේද??
උත්තර ඕන ප්‍රශ්ණය කොමෙන්ට් කරන්න...
බුහා.....
උත්තර ඕන ප්‍රශ්ණය කොමෙන්ට් කරන්න...
බුහා.....
එපා වෙනව බොල ජීවිතේ... මේ වගේ දෙයක් වෙනව කියන්නෙ ඇත්තටම පූරුවෙ පවක් සහ ලොකු පිණක් කරල තියෙන්න ඕන...
මම බයික් එකේ විස්තරේ කියන්නම්..
→ බයික් එක ගත්තේ 2013.05.21 වෙනිදා...
→ හැප්පුනේ 2014.01.08 වෙනිදා..
→ මේ වෙනකොට කිලෝ මීටර් 17250 ක් දුවල තියෙනවා..
→ අනතුරු 06 ක් වෙලා තියෙනවා...
→ සුළු අනතුරු 03 ක් සහ සමාන්‍ය ගනයේ අනතුරු 02 ක් සහ බරපතල අනතුරු 01 ක් ලෙස වාර්තාගත වෙනවා..
උබල බලාවි මූ පාරක යන්න දන්නෙ නැති එකෙක් කියල....
උබල ඔක්කොම වැරදියි.. අනතුරු 06 න් 05 ක් ම මා අතින් සිදු නොවූ අනතුරු...
ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් "අහක යන කුණ්ඩවාල මගේ ඇගේ වැදිල යන්නේ.."
මගේ අතින් වූ අනතුර උනේ වැසි දිනයක ලිස්සල ගිහිල්ල වැටුන එක...
අනිත් අනතුරු මගේ අතින් උනේ නෑ කියල ඔප්පු කරන්න මගේ ලග පොලිස් පැමිණිලි 05 ක් තියෙනව..
උබල බලාවි මොකටද පොලිස් පැමිණිලි ගන්නෙ කියල... යකුණේ ඉන්සිවුරන්ස් ක්ලේම් කරන්න මිසක් වෙන ඇට මගලයකටද....
වෙච්චි දේ උනා...
දැන් මම මොකද්ද කරන්න ඕන යකුනේ... ඉන්සිවුරන් වල ඉන්න බුවාලයි ෆිනෑස් වල ඉන්න බුවාලයි ඒ ගැන දැනුම් තේරුම් තියෙන බුවාලයි මට උපදෙසක් දියල්ලකෝ....
අනතුර ඔබ අතින් සිදු නොවුවද එය වළක්වාගත හැකි පරිදි ඔබ යතුරුපැදිය ධාවනය කර නොමැති බව ඉතා පැහැදිලිව පෙනේ.. මට හිතෙන විදියට ඔබ තිරිංග හා නලාව කෙරේ විශ්වාසය තබා ධාවනය කරන්නෙක්.. කාගේ වැරුද්ද උනත් අවසානයේ දුක්විදින්නේ තමා බව සිතා රිය ධාවනය තමා සුදුසු.. මගේ ඇගට කැපුවොත් මම නං කානුවේ දාලා හරි පනිනවා බේරෙන්න.. එතැනදි වැරුද්ද කොතනද කියන එක වැදගත් නැහැ. ඒ වගේම මොන වෙලාවෙත් වාහන දෙකක් අතර තියෙන පරතරය මම අඩු කරන්නේ නැහැ. ඒ අතරින් පොඩි වාහන රිංගා ගියත් මම ඉවසීමෙන් ධාවනය කරනවා. මට ඕවා වැඩක් නැහැ මට ඕන පරිස්සමෙන් ගමන යන්න විතරයි. ඔබට ඉක්මන් සුවය පතමි.. යමක් ඉගෙනගන්නවා නම් මේ ඊට සුදුසුම වෙලාවයි..
ReplyDeleteඔයා හරි දේශක...
Delete||මට හිතෙන විදියට ඔබ තිරිංග හා නලාව කෙරේ විශ්වාසය තබා ධාවනය කරන්නෙක්.||
මම එහෙම කෙනෙක් තමා....
නෝ බයික්.... නෝ චාන්ස්... නෝ මනි... නෝ නඩු... නෝ කේස්...
ජීවිතය සුන්දරයි.... >>>>> Download Now
Delete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK 0J
//01. මොකද කස්ටිය හිතන්නෙ ...?? //හිතන්න අමාරුයි. දත්ත ප්‍රමාණවත් නැත.
ReplyDelete//02. කාගෙද වරද?? //මේක වැස්සේ ගිහින් සිදුවේ ඔබ කරන ලද අනතුර මෙය නොවන නිසා කාර් කරුගේ වරද
//03. මොකද්ද මේකට ගන්න ඕන පිළියම..??// වෙන යතුරු පඩියක් ගැනීම
//04. හිතන්නෙ මොන වගේ පිළියමක් ගත්ත කියලද?? බාරයක් වෙලා නම් ඔප්පු කරන්න යන්න. ජීවිතේ බේරුනාට
05. අනතුරින් බයික් එකේ ගිය කෙනා ඉතුරු වෙයිද?? ගිය කෙනා මැරුණා නම් මේ පොස්ට් එක තියේවිද?
06. බයික් එක හදන්න කීයක් විතර යන්න ඇද්ද?? පස්ස කොන හොඳයි නේ
ඔබට ඉක්මන් සුවය
Deleteකතා කරල වැඩක් නෑ සිංහලයෝ.....
Deleteදෙයියනේ මේකෙ ගිය එකා ඉතුරු උනාද ??
ReplyDeleteමං බයික්කෙන් 9 පාරක් වැටිල තියනව බං. මෙහෙම නං උන් නෑ !!
විදේශයකින් ගෙනාපු ෆුල්ෆේස් හෙල්මට් එක හින්දා ඔලුව බේරුනා.නමුත් දරුවෙක් වගේ තියං උන්න හොනට් එක කුඩු !
ඒකෙ දුක දන්නෙ විඳපු එකා බං !!
ඉක්මන් සුවය පතනවා. හිමිං පලයන් !!!
සල්ලි කීයක් ගියත් හොඳම වර්ගයේ ෆුල්ෆේස් එකක් ගනිං.මං බේරුනේ ඒ නිසා !!!!
Delete. ඉන්ඩියන් බයික් වල බ්රේක් ඒ තරම් ෂුවර් නෑ බං.ටයර් හීනියී. ඇදිල යනවා බ්රේක් කරපු ගමන්..ඒ හින්ද ෂුවර් පිට බ්රේක් කරන්නෙපා..!!
ඊලඟ පාර ජපන් බයික්කෙකට පලයං ඔය ඉන්දියන් මගුලවල් විසි කරලා !!!
ජීවිතේ හරි බේරෙයි පෙට්‍රල් වේස්ටේජ් පොඩ්ඩක් වැඩි උනාට මචං !!
අඩේ මට ඔයාගෙ වාර්තාව බිදින්න බැරි උනානෙ.... ශෙට්....
Deleteමගෙත් ඔලුව බේරුනේ ෆුල් ෆේස් හෙල්මට් එක නිසා... නැත්තම් මගේ ඔලුව ගන්න දෙයක් නැති වෙනවා...
අලුත් එකක් ගන්න අදහසනම් ඇතෑරියා.... අයියා මාව මරනව කිවුවා... අරගෙන අහු වෙන්න එපා කියල තර්ජනය කරා බන්ස්... ඇඩෙනවා.....
සුපුරුදු කකුල් දෙකට වැදල යනව....
උඹේ දුක් තේරුම් ගන්න පුලුවන්.ඕව හරියනව ටික කලයක් යද්දි !!
Deleteබයික් පැද්ද කියන්නෙ කුඩු ගැහුව වගේ නේ.බෙන්ස් එකක ගියත් ඒ සැප නෑ !!!
තව ටික කලෙකින් හිමීට හිමීට ට්‍රය් එකක් දීල අරගෙන හිමින් පරිස්සමෙන් පලයං දෙයියනේ කියල !!!
බෑ බන්ස් බයික් ගැනීම සම්පූර්ණයෙන් තහනම් කරා... අයියා පය 03
Deleteක දේෂනාවකට සවන් යොමු කරා... හොද වෙලාවට ඔන් ද ෆෝන්... නැත්තම් කණ පලාවි...
තව දෙයක් !!!
ReplyDeleteපුලුවන්නම් බයික් එක කන්ඩෙම් කරලා සල්ලි ගනිං !!
ඔය තරමින් වැදුනට පස්සේ චැසිය අවුල් යනවා පොඩි පොඩි ඇද හිටිනවා කොහොම හැදුවත්. ඊලංගට අලයිමන්ට් අප්සෙට් දිගටම ලෙඩ දෙනවා බැලන්ස් නෑ ටයර් වල පැත්ත ගෙවෙනවා ලෙඩ කෝටියයි !!!!
හදල එපාවෙනවා බං..එන ලෙඩ හොයන්ඩත් බෑ !!
හදල දීල දාන්න එපා බං තව අහිංසක මනුස්සයෙක් නේ ගන්නේ !!! රෝද දෙකක් උඩ යන මිනිස්සුනේ බං !!
බයික් එක කන්ඩම් කරල තියෙන්නෙ....
Deleteගාලු බයික් එක අරන් තියෙන්නේ අපේ ගෙවල් ලගින්නේ.......හපොයි ඔයාට ලොකු කරදරයක් නෑ නේද? ඉක්මනින් සුව වෙන්න මල්ලියෝ
ReplyDeleteමම බයික් එක ගත්තෙ වයික්කාලෙන්.... දෝණිලගෙ ගෙවල් ඉස්සරහම තියෙන ශොප් එකෙන්....
Deleteමන් දෝණිව හොදට දැකලා පුරුදූ බවක් තිබුනා....එත් මන් හිතුවා එක වගේ අය කොච්චර ඉන්නවද කියලා.......දෝණි ගියේ අපේ ස්කූල් වෑන් එකේ දැන් තමා මතකෙට ආවේ.......එයාගෙන් අහලා බලන්න සින්ද්රාත්ති නිල් පාට වෑන් එකක්(වෑන් එකේ නම අපි දාලා තිබුනේ යකඩ පිහාටු කියලා) තියන අංකල්ගේ වෑන් එකේ වෙන්නප්පු ස්කූල් ගියා මතකද කියලා
Deleteමම ඇහුව අක්කේ එයාට ටිකක් මතකලු.... එල එල....
Deleteඉස්සෙල්ලම කියහං උඹට මොකද
ReplyDeleteඔය බයික් එක හදලා දෙන්න අහයි . හදන්න එපා . කන්ඩෙම් කරලා අළුත් එකක් ගනින් ( හදලා වැඩක් නැ )
පත්තරයා කියන ඒක හරියට හරි
ආයේ තෝ බයික් ගන්ඩ එපා ( නැ නැ කියුවටත් උඹත් වගකීමක් නැතුව පාරේ යන එකෙක්)
ඕක අහන්ඩ ඕන අර දමිත් ගුණවර්ධන අයියාගෙන් ( හැබැයි උන්ගේ කොම්පැණියේ ඉන්ෂුරන්ස් එකක්නං ඕකා උඹේ පැත්ත ගන්න එකක් නැ )
අටමා
Deleteමං උඹලට කිව්වෙ ඉන්ඩියන් බයික් ගන්න එපා කියල ලොකුකමකට නෙවෙයි ඈ !!ඕකත් ගත්තෙ අමාරුවෙං බව මං දන්නවා..අනේ වරදවා නං හිතන්නෙපා මචංලා ෆිට් එකට කිව්වෙ, පැහැදිලිවම ලොකු
වෙනසක් තියන නිසා ඈ !!!
කබලක් හරි හොන්ඩ කටුවක් හොඳා බං !!!
දන්නවා දන්නවා බං. නැති කොමට මක් කරන්ඩද.
Deleteඇගට අවුලක් නෑ අටමෝ... හිතට තියෙන අමාරුව දන්නෙ මම විතරයි... අමාරුවෙන් එකතු කරල ඩවුන් පේමන්ට් එක කරල ගත්තෙ... දුකයි අටමෝ...
Deleteදමිත් ගුණවර්ධන නම් කොලුවාත් ගාල්ල පැත්තේ තමා ඉන්ෂුවරන්ස් කප්පිත්තෙක් චැනල් කොරල බලපන්.
ReplyDeleteටැන්කූ නලීන් අයියා...
Deleteඅනේ දෙයියනේ.සයිකලේට ඩැමේජ් හැටියට උඹ ඔයින් බේරුනු එකට ප්‍රසිද්ධ දේවාලෙකට ලොකු පගාවක් දීපන්.මාරකයක් බේරුනා කියලා හිතුවනම් තමයි තවත් හොද.කොච්චර කිවුවත් ඔච්චර අඩු කාලෙකදි ඔය වගේ අනතුරු ගානක් වෙන්න එලවනකොට උබේ කල්පනාව වෙන අතක යන බව පේනවා.
ReplyDeleteඅනිවා අනිවා
Deleteමට මතක් උනා ඉස්සර දවසක කොතනද මන්දා කවුද මන්දා දාපු ආතල් කමෙන්ට් එකක්
බයික් කාරයින්ගේ මාරයෝ තුන් දෙනා
වැල්ලයි
බල්ලයි
කෙල්ලයි
උබ හරි මල් මල්... ප්‍රශ්න හිතේ තියාගෙන වැඩ කරන්න බෑ බන්....
Deleteබුදු අම්මෝ මමනම් බයික් අනතුරු වලට පට්ට බය ය. ඔය බයික් ගමන නවත්තලා කාරෙකක් ගන්න ඇහැක් වෙනකම් බස්සෙකේ යන්න.
ReplyDeleteදැන් සදහටම බස් එකේ තමා... බයික් කියන වචනය තහනම් වචනයක්...
Deleteබයික් එකක් කෑලි 2කට යනවා දැක්කමයි .... බයික් එක තනියම ගියාමද හැප්පුවේ ,, නැත්නම් ඔකේ ගිය එකෙක් ඉතුරු වෙන්නේ නෑ ..
ReplyDeleteතනියම යසිත් ගියේ.. නැත්තම් පිටිපස්සෙ ඉන්න කෙනා ඉතුරු වෙන එකක් නෑ...
Deleteමේක හදනවට වඩා උබට අලුත් එකක් ගන්න එක හොදයි වගේ..ජපන් එකක්ම ගනින් මචෝ.
ReplyDeleteබයික් තහනම් මචන්....
Deleteමේකෙ ගිය මනුස්සයා ඉන්නවාද කියලත් පුදුමයි ගාලුවෝ
ReplyDeleteඉක්මනට සනීපවෙන්න.
අනේද කියන්නෙ....
Deleteඅඩෝ සිරාවට????????????? බලහන්කෝ මේ බයික් එකේ හැටි O.o
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
වෙලාවට වෙන්න ඕන දේ උනා....
Deleteබයික් එක ඇනගෙන තියෙන විදියට ඔයින් ගියා ඇති...
ReplyDeleteසිරාවට....
Deleteපොස්ට් එක ලිවුවා කියන්නේ උඹට ඒ තරම්ම අවුලක් නෑ කියන එක.. ඒත් ඉතින් පරිස්සම් වෙයන් මීට පස්සෙ.. අර කිවුව කතාව ඇත්ත.. අපි කොච්චර පරිස්සමින් ගියත් වෙන එකෙක්ගේ වරදක් ඇති අනතුරක් වෙන්න.. මාත් වෙන එකෙක් ගෙනත් ඇන්න හන්දා කකුළ කඩාගෙන හිටියා ටික දවසක්..
ReplyDeleteහිතට තමා මචන් අවුල.... දරුවෙකුට වගේ සැලකුවෙ....
Deleteමචංලා මේ , මෙහෙම අවකැපෙන කතා කියන්නත් නරකයි.
ReplyDeleteපොස්ට ්එක දැම්මට රිප්ලයි කරලා නැ , කොල්ලට මොකක්හරි කරදරයක්වත්ද
නෑ නෑ අටමෝ.. බය වෙන්න කාරියක් නෑ... මම හොදින්... කරදර ගොඩායි... වෙනකොට ඔක්කොම වෙනව.... නවතින්නෙම නැතුව...
Deleteමගේ යාලුවෙක් නැති උනා... මත්තේගොඩ එල්ලිල මැරුනෙ.. උගේ වැඩ වලට ගියා...
කොහෙදිද එල්ලිලා මැරුනේ
Deleteගෙදර ජනේලෙ අටමෝ.... පවුල් ප්‍රශ්න තමා....
Deleteඋඹට දැන් කොහොමද මචන්?? අවුලක් නෑ නේද??
ReplyDeleteඅපෝ බයික් අනතුරු ගැන නම් කතා කරලා වැඩක් නෑ. දුකයි උඹේ බයික් එකට උන දේට. ඒත් බයික් එකට වඩා වටින උඹේ ජීවිතේ බේරුණ එක ගැන සතුටු වෙයන්. ඉකමන් සුව!!!
මට අවුලක් නෑ මචන්.... හිතට පුදුම දුකක්.....
Deleteලොකු අනතුරක් නැතුව උඹ ජීවතුන් අතර ඉන්න එකත් මදැයි බන්...මටත් එය රථ ගාය තදටම තියෙන නිසා තමයි මම අලුත් බයික් නැතුව 9 ශ්‍රී ඇන්ටික් එකක් පැද්දෙ...වැඩිය හයියෙන් යන්න බැරි නිසා...මම ඒ ගැන පෝස්ටුවකුත් ලිව්වා වෙලාවක් ලැබුනොත් බලහං
ReplyDeleteඅනේ මන්ද සිරෝ...
Deleteබුදු අම්මෝ බයික් එක 2කට කැඩිලා මම දැක්කමයි බන් උබේ වාසනාව ඔහොම බේරුණු එක
ReplyDeleteඒකනම් ඇත්ත තමා බොරළු..... වාසනාව...
Delete01. මොකද කස්ටිය හිතන්නෙ ...??
ReplyDelete~speechless~
02. කාගෙද වරද??
පින්තූර දැකලා විතරක් හිතන්න අමාරුයි. පින්තූර වලින් පේන හැටියට කාර් එක නිවැරදි ධාවන තීරුවෙ තියෙන්නේ.
03. මොකද්ද මේකට ගන්න ඕන පිළියම..??
පරිස්සමින් යන්න. හෝන් එක, බ්රේක් විතරක්ම නෙමෙයි. කොයි වෙලාවෙත් අනිත් වාහන ගැන සැකය තියාගන්න.
04. හිතන්නෙ මොන වගේ පිළියමක් ගත්ත කියලද??
දන්න විදිහට බයික් තහනම් මේකෙ අයිතිකරුට :) අවුරුද්දක් දෙකක් යනකම් බයික් ගැන කතා කරන්නවත් එපා. හැමෝටම අමතක වෙනකම් ඉඳලා කැමති නම් ආපහු එකක් ගන්න. හැබැයි Bajaj/ TVS ඇර.
05. අනතුරින් බයික් එකේ ගිය කෙනා ඉතුරු වෙයිද??
ජීවිතේ බේරුණු එක ලොකු වාසනාවක්! :)
06. බයික් එක හදන්න කීයක් විතර යන්න ඇද්ද??
හදන්න එපා. තේරුමක් නෑ. නොපෙනුනාට චැසිය ඇද වෙනවා ඔය කැඩිල තියෙන හැටියෙන්.
මමත් බයික් එකක යන කෙනෙක්. බයික් එකක් ගන්න ආසාව සෑහෙන කලක ඉඳන් තිබුණත්, ලාබෙට තියෙන Bajaj/ TVS ගත්තෙ නෑ. සල්ලිකාර කමකට නෙමෙයි කියන්නේ, මාරක අනතුරු වැඩිපුරම වෙන්නෙ Bajaj/ TVS බයික් වලින්. ආපහු නම් ගන්න එපා. Stability/ brake අන්තිමයි.
සිරාවටම වාහනයක් යනකොට පාරෙ ඉන්න අනිත් හැම මිනිහම මෝඩයො කියලා හිතාගෙන සැකෙන්මයි යන්න ඕන.බයික් එකක යද්දිනම් විශේෂයි
Deleteඅනේ මන්ද ශකූ.... වැරැද්දනම් රියදුරාගෙ (කාර්).. ඔහුට නින්ද ගිහිල්ල වෙන කාර් එකක හප්පල ඒක බේරන්න රෝන් සයිඩ් එකට දාල... ඉතින් මම වංගුව ගනිද්දි කාර් එක මගේ ඉස්සරහ.. මම කැපුව.. වැදුනෙ රෝදෙ....
Deleteබයික් තහනම් කරා යාලුවා.... ගන්න හිතක් දැම්මම නෑ...
එකනම් ඇත්ත මල්....
Deleteයක්ෂ පැටියෙක් වගේ බයිකෙකේ යනවා ඇති. බයික් එකක් දිහා බලන්නත් තහනම් කරන්නෝනි.පරිස්සමින් කවුරු උනත්.පින්තූර ටික බලද්දි නම් ඇස් දෙක කීං ගෑවා.අවශ්‍ය උපදෙස් කවුරුත් ලියන නෙ තියෙන්නේ.අවසානයෙන් කියන්නේ මම හිතුවෙ පින්තූර දැකල අයිතිකාරය මෙලොව නැතිව ඇති කියලයි. මේක දැක්කම පුදුම හිතුනා.ඒකයි යක්ෂපැටිකේ කියල කීවේ.... කවුරු නම් හොඳ පිං කරල තියෙන ඇත්තෙක් ගිය ආත්මේ......
ReplyDeleteවෙන්න ඇති වත්සලා.... පිං කරල ඇති... අපි දෙන්නම... (රියදුරා සහ මම )
Deleteමට ජාල ගතවෙන්න බැරි උනා සති ගානකින්.මෙකත් අටම මට ලින්ක් එක දාල තිබුන.උබ හොදින් නම් මුලින්ම එ ගැන මගෙ සතුට.ඉලගට උබෙ බයික් පැදිල්ල ගැන කියන්න තියෙන්නෙ දෙශ කියපු එක තමයි.බයික් එක නම් බලන්න දෙයක් නැ ටොටල් ලොස් තමයි.ඉන්සුරන්ස් තියෙන නිසා අවුලක් නැ නෙ.මොන වාහනෙ ගියත් පරෙස්සමෙන් පලයන්.ඔක බයික් එකෙ වැරද්ද නෙමෙයි.ලොකෙ කි දාහක් බයික් පදිනවද.ඉස්සෙල්ල වාහනෙ හැසිරිම හොදට ස්ටඩි කරල ඉදපන්.එ කියන්නෙ නවත්තන්න කොච්චර දුර ඔනද.පිකප් වෙන්නෙ කොහොමද වගෙ දෙවල්.
ReplyDeleteඅනේ මන්ද දමිත්... මම වාහන අතට අර ගත්තෙ අවුරුදු 10 දි විතර, එදා මෙදා තුර මම වාහන පැදල තියෙනව... කිසිම අනතුරක් වෙලා නෑ.... මම කියන්නෙ නෑ මම නිවැරදියි කියල... මම යන්න ඕන තැන යනව.... නැති තැන හෙමින්....
Deleteඅනික මගේ ඩ්‍රයිවින් ගෙදර කට්ටියට සැටිස්... විශේෂයෙන් පියාට.... මා එක්ක ඕන කෙනෙක් එනව බය නැතුව ගමනක් යන්න.... මගේ සාමාණ්‍ය වේගය පැයට කිලෝ මීටර් 70 - 80 අතර වෙනවා... (රෝද 04 )
වෙන්න ඕන වෙලාවට හැම දේම වෙනවා... ඒක නවත්තන්න බෑ... මැරෙනවනම් පුටුවෙනුත් වැටිල මැරෙනවා... ඒක මම ස්වභාවධර්මයට භාරදීල තියෙන්නෙ...
හපොයි වෙන වාහනේක යමං මලේ - ඇඟේ ලේ නෑ මෙව්වා දැක්කම
ReplyDeleteමම සෑහෙන්න දැක තිබෙනව බයික් අනතුරු
මමනම් අල්ලන්නේ වත් නැති වාහනයක්
ඉක්මන් සුවයත්, නඩු හබ එකලාසයත් ප්‍රාර්ථනා කරමි!
ඒක ඇත්ත... රෝද දෙක කියන්නෙ හුලගටත් වැටෙන එකක්...
Deleteආයෙම ඉන්ෂුවරන්ස් එකක් ගණන් ගියොත් තඩ ගානක් ගහයි උන් ක්ලෙම් තියෙනවනේ හට හුටා මාරක්
ReplyDeleteක්ලේම් එක ගන්න ඕන ඔක්කොම ඩොකිවුමන්ට් ඉන්සිවුරන්ස් එකට දීල තියෙන්නෙ.... තව ටිකක් කල් යාවි වැඩේට...
Deleteහප්පේ.. උඹට කරදරයක් නොවී බේරුණු එක ලොකු දෙයක්.. ඇත්තටම බං අපි කොච්චර පරිස්සමින් යනවා වුනත් වෙන එකෙක් වැරදියට ආවොත් ඔක්කොම ඉවරයි නෙ.. ඉතින් කාණුවකට දාගෙන හරි බේරෙන්න බලන්න ඕනේ.. මටත් ඔහොම අකරතැබ්බ එකක් දෙකක් වුනා..
ReplyDeleteඒකනම් ඇත්ත සිරෝ.... වාසනාව....
Deleteබයික් එක තරම් වෙන මොන වාහනේකවත් සැපක් නෑ මටත්
ReplyDelete. ඒ දවස් වල ගාල්ලේ ඉඳන් කොළඹ , කතරගම විතරක් නෙවි , නුවරඑළි යන්නෙත් ඔය රෝදකින්ම තමා , හැබැයි වාසනාවට ලොකු අනතුරක් වුනේ නැහැ , කොහොම වුනත් , රෝද දෙකේ යන අපිට තමයි වෙන කෙනෙක් වැරැද්දක් කළත් කරදරේ වෙන්නේ , ඒ නිසා පරිස්සම ගැන හිතන්න , ඔබේ මේ ලිපිය බලපු අයත් යොමු වුනොත් ඒකත් ලොකු දෙයක් ,
පරිස්සමින් , ඉක්මණින් හිතත් , ගතත් සුවපත් වෙන්න පතමි .
ජීවිතය සුන්දරයි.... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK