නිතර දෙවේලේ යන එන තැන් ....

Thursday

28 මූණු පොතේ මෝඩ පුතේ.....


මම මේ කතාව කියන්න හදන්නෙ මූනු පොතේ ඉන්න මෝඩ දූල පුතාලට, නංගිට මල්ලිට, අක්කල අයියල, සහ එකී නොකී මෙකී සියලු මූනු පොතේ ඉන්නා වූ පුද්ගලයන් හට....
උබල බලාවි යකෝ මූට අද මොකද වෙලා තියෙන්නෙ  කියල...
නෑ මට මුකුත් වෙලා නෑ... 

මම මේ කියන්නෙ මට ඊයෙ හවස කෝච්චියෙදි මට අහුණු කතාවක් නිසා... කොල්ලො සෙට් එකක්... නුගේගොඩින් තමා නැග්ගෙ... ලංකාවෙ පිළිගත්ත ඉහලම පෙලේ පාසලක්... ඒ කියන්නෙ ලංකාවෙ මැති ඇමතිවරුන්ගේ ආදරණීය දරුවන් යන බාලක පාසලක ලමයි ටිකක්... ඔවුන් උසස් පෙළට ගණිතය විශය හදරණ ළමුන් පිරිසක්... මෙන්න මෙහෙමයි කතාව....

විශේෂයෙන් කියන්න කැමතියි මෙහි එන නම් ගම් මනංකල්පිතයි....

සුගත්:- මචං මාර කේස් එකක් නෙ උනේ මට

කමල්:- මොකේ කේස් එක?

සුගත්:-- මචන් ඊයෙ රෑ මට කෝල් එකක් ආව එයාටෙල් නම්බර් එකකින්...  මම ආන්සර් කරල කතා නොකර හිටිය කවුද බලන්න.. ඇයි බන් මේ දවස් වල පොඩි පොඩි කේස් නේ...

කමල්:- ඉතින් ඉතින්... කවුද කතා කලේ..

සුගත්:- කෙල්ලෙක් බන්...එයා ගත්තු කටට මේ සුගත්ද කතාකරන්නෙ කියල අහුවා.. ඉතින් මම ගත්තු කටට ඔවු කියල කිවුවා... මෙන්න බොලේ ඒකි කට් කරේ නැතැයි....!

කමල්:- ඉතින් උබ ආපහු ගත්තෙ නැද්ද? 

සුගත්:- ගත්ත බං.... ඒකි උස්සන්නෙ නෑ... මම රෑ එලි වෙනකන් ගත්ත... ආන්සර් කලේම නෑ බං...

කමල්:-- ඊට පස්සෙ.. උබ මැසේජ් එකක්වත් දැම්මෙ නැද්ද??

සුගත්:- දැම්ම බං.... මැසේජ් 05 ක් විතර දැම්ම... කඩ්ඩෙනුත් දැම්ම... ටික වෙලාවකින් ඒකිත් එවනව... මට ගන්න එපා අපේ තාත්ත මගේ ලග කියල.... 

කමල්:- ඉතින් ඊට පස්සෙ?.....

සුගත්:- ටිකක් වෙල යනකන් මැසේජ් කරා... මම ඇහුව මගේ නම්බර් එක කොහින්ද කියල... ඒකි කිවුව ෆේස් බුක් එකේ තියල ගත්තෙ කියල... 

කමල්:- අම්මට සිරි.. සිරාවට.. මටනම් හිතෙන්නෙ කාගෙ හරි කැ.... වැඩක් කියල බං... පොඩ්ඩක් හොයල බලපන්... කටහඩ උබට හොදට ඇහුනද??

සුගත්:- ඔවු බන්.. හොදට ඇහුන බං....අදත් ගෙදර ගිහින් ගන්න ඕන... 

කමල්:- ඒක තමයි තෝ ක්ලාස් එකේදි ඔය මගුල ඔබ ඔබ හිටියෙ... මම බැලුව කවදාවත් නැතුව තෝ මොනවද ඔය ඔබන්නෙ කියල.. මම හිතුව තෝ තව එකක් පටලවාගෙන ඇති කියල...


ඔන්න මට මතක ටික.. තව ගොඩක් ලොකු සංවාදයක් ගියා... ඔන්න අපේ රටේ වැදගත් අම්ම තාත්තගෙ මෝඩ පුතාල දූලගෙ හැටි.... මේ වගේ දේකට කවුද වගකියන්න ඕන... දෙමාපියන්ද? ලමයිද? නැත්තම් මූණු පොතේ හිමිකරුවන් දෙදෙනාද? 


මට හිතෙන විදියටනම් ලමයින්ගේ වැරැද්ද?? සහ පොඩ්ඩක් දෙමාපියන්ටත් යනවා...
අපේ රටේ මෑත භාගෙ ඔයාලට මතක ඇතිනෙ... පත්තර, රූපවාහිණියේ පුවත් බලන්න ඇතිනෙ... මොනවද වැඩි හරියක් තිබුණු හෙඩ් ලියින්...


අනියම් පෙම පිහි ඇනුමකින් කෙලවෙර වෙයි...

අනියම් පෙම දෙදෙනෙකුට මරු කැදවයි..

පාසල් නොගොස් තාවකාලික නවාතැන්පලවල නැවතින පෙම්වතුන්...

මූණු පොත් නිසා රත්මලානේ පවුලක් ඝාතනය වෙයි...

මම මේ ටිකයි කිවුවෙ.. ඔය වගේ කොච්චරනම් හෙඩ් ලයින් යනවද??
ඇයි මෙච්චර සමාජය මෝඩ?? ඇයි පොඩක් හිතන්න බැරි මේ වගේ දෙයක් උනාම ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියල... ඇයි පොඩ්ඩක් හිතන්න බැරි මාස ගානක් ඉස්සරහට.... පොඩ්ඩක් හිතපන්.... මේ සමජයේ වෙන දේවල් පේනවනේ... මිනිස්සුන්ගෙ මෝලේ වෙනුවට තියෙන්නෙ මැටිද?? නත්තම් ගූ ද?? 


අනික උබල දන්නවනෙ ලංකාවෙ දවසකට වෙන ගබ්සා ගණන....1500 ක් විතර මම මාතෘකාවෙන් පිට පැන්නද කොහෙද? 

අනේ අම්මෙ මටත් දෙන්න.. ලෝකයේ ලස්‌සන බලන්න..

උබලට හිතෙන්නෙ නැද්ද මේ විනාසෙට මුල ඔය මෝඩ කම කියල... පොඩ්ඩක් හිතන්නෙ නැති කම කියල...
පොඩ්ඩක් හිතන්න බැරිද.... පොඩි කාලෙම ඇගේ අහවල් තැන කහන එක හොද කරගන්න යනව ජෝඩු දාල, ක්ලාස් කට් කරල, දෙමාපියන්ට බොරු කරල රූම් අස්සෙ... ගිහිල්ල කැහිල්ල දෙන්නගෙම හොද කරගන්නව.. ඒ කොහොමද?


 එක්කො කෙල්ල ප්‍රෙග්නට් නැත්තම් පොලිසියෙන් පැනල උන් දෙන්න අල්ලල දෙමාපියන්ට භාර දෙනව... නැත්තම් පොලිසිය ශාර්ර්‍රික අල්ලස් ගන්නව... උබල අහල අතිනෙ.. ඔය වගේ කේස් එකක් ගියා... ඔන්න කෙල්ල ප්‍රෙග්නට් වෙලා දැන් ලෝකෙට මූන දෙන්න විදියක් නෑ... කෙල්ල එහෙන් මැරෙන්න හදනව.. කොල්ල මෙහෙන් වස බොන්න හදනව... 

ඔන්න කොහොමහරි ගෙවල් වලින් කැමති වෙලා බැන්ද කියමුකෝ... උබල හිතන්නෙ හොදින් ඉදීද?? 0.0000000000000000001% ක් හොදින් ඉදීවි.. එතකොට අනිත් අය... ගෙදර වලි...

 ලමයි ළමා නිවාස වල... (හොදම උදාහරණය ගාල්ලෙ ඉන්න කට්ටිය දන්නව ඇති කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසය... මම ඒක් ගැන පසුවට ලියන්නම්.... ) 

නැත්තම් ගෑනි වෙන මිනිහෙක් එක්ක යනව... නැත්තම් මිනිහා වෙන ගෑනියෙක් එක්ක යනව... නැත්තම් මිනිහා ගෑනි විකුනනව මසට...ඔන්න තත්වෙ... 


මම මේ දේවල් කියන්නෙ අත්දැකීමෙන් නෙමෙයි... සමජයෙන් අපි ගන්න දැනුමෙන්... මම එච්චර උගත් පුද්ගලයෙක් නෙමෙයි.. මමත් උසස් පෙල කරල ජොබ් එකක් කරන පුද්ගලයෙක්.. ඇයි එහෙනම් අනිත් එවුන්ට තේරෙන්නෙ නැත්තෙ...


උබල හිතනව ඇති මේ මූ මොකද්ද කියන්නෙ.. කියල... දෙවියනේ මම කියන්නෙ ඇයි මේ සමාජයේ ඉන්න ළමයි මෝඩ? කවුද ඒවට වගකියන්න ඕන....  මම මේ ලියන්නෙ මට හිතට එන තරහ....  


දෙමාපියන් කොච්චර අමාරුවෙන් දුක් මහන්සි වෙලා නොකා නොබී උදේ හවස වෙහෙස මහන්සි වෙලා අපිට උගන්නනව... ඇයි අපේ කාලකන්නෙ හැත්තවල් වලට ඉගෙන ගන්න බැරි.... මම දන්නව දෙමාපියන් කොච්චර අමාරුවෙන්ද අපිට ඉගැන්නුවෙ කියල... 

අපෙ අම්ම මට මතකයි මම 03 වසරෙ වගේ අපි පුදුම අමාරු කාලයක්... උබල දන්නවද අපෙ අම්ම වැටකොලු ගෙඩිය පොතු ගහල පොතු වෙනම උයනව.. ඉතුරු ටික වෙනම උයනව... උබල කාල තියෙනවද??  

අනික අපි පොලුයි බතුයි කාපු දවස් අනන්තයි.... අනික අම්ම නොකා නොබී ඉදල අපිට කන්න දීපු දවස් අනන්තයි... මම හැමතිස්සෙම හිතන්නෙ මගෙ අම්ම බුදු වෙන්න කියල... මගෙ අම්ම ගැන මම ලියල ඇති... අම්ම ගියොත් මම මේ ලෝකෙ තනි වෙනව... 

අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගත්ත...මගෙ අයිය ඉන්ජිනේරුවෙක්(පදින්චිය ඕස්ට්‍රිලියාවෙ), අක්ක හෙදියක්, මම ප්‍රමාණ සමීක්ශකයෙක්... අපි අම්ම හින්ද මේ තැන් ඉන්නෙ.. මම භය නැතුව කට ඇරල කියනව... අපි පොඩි කාලෙ ඉදන් දක්කෙ වින්දි දුක් ගැහැට... 

අපේ ගෙදර තියෙන පොල් ගස්වල පොල් කැඩුවෙ මම... මම මුලින්ම පොල් ගහකට නැග්ගෙ 03 වසරෙදි... කාටද පුලුවන් අඩි 50ක් විතර උස පොල් ගහකට නගින්න ඔය කාලෙ... නමුත් මම එදා ගුටි කෑව.. මම දන්නව අම්මෙ ඒ අම්ම ගැහුවෙ ආදරේට මිසක් තරහට නෙමෙයි... ඔන්න ඔහොමයි අපි ඉගෙන ගත්තෙ... 


අවසාන වතාවට මම උබල කියන්නෙ මෙතන පොඩි එවුන් ඉන්නව.. උන්ට කියන්නෙ ඉගන ගනිල්ල... දෙමාපියන් මහන්සි වෙලා උගන්නන දේ හරියට කරපල්ලා.... එතකොට දෙමාපියන්ට සතුටින් ඇස් දෙක වහගන්න පුලුවන්... 

මොන අම්මද කැමති අම්ම මරෙන වෙලවෙ පුතා දුව හිරේ ඉන්නව දකින්න.... උබලට කියන්න මූනු පොත් තියෙන්නෙ උබලගෙ ඇගේ තියෙන කහන තැන් හොද කරන තැනක් නෙමෙයි.. ඒක හොද කරගනින් උබල බැදල උබගෙ මහත්තයගෙන්, බිරිදගෙන්... එතකන් ඉවසපන්... 


මම මගේ ගෑනු ලමය එක්ක යාලු උනේ අවුරුදු 23 දී... එතන්ක් මට කැහිල්ලක් තිබුනට ඒක ඉස්සරහට දා ගත්තෙ නෑ... මමත් ලංකාවෙ වැඩිම ලමයි පිරිසක් යන නුගේගොඩ අවට පාසලක ඉගෙන ගත්තු කොහුවල පංති ගිය ළම්යි... දැන් අපි නිදහස්.. අපි ජොබ් කරනවා.. දැන් අපියි දෙමාපියන්ට් උදවු කරන්නෙ.... 


මගෙ අම්මව මට කාලකන්නි මිනිහීක් හින්ද විනාස උනා... 

මම මෙන්න මෙයාගෙ මේ ලිපියත් මෙතෙන්නටම දානව,...

තවත් වැඩකට නැති මගේ කතාවක්....

මම ඔහුට ගොඩාක් ගරු කරනව... මම උබලට කියන්නෙ තම දෙමාපියන්ට ආදරේ,  දෙමාපියන්ගෙ වස්තුව ඔහු.. අන්න ඒ වගේ ඉන්න බලපල්ල.. 

මූනු පොත් උබලට ඉගෙන ගන්න සල්ලි දෙන්නෙ නෑ... උබල රැක බලා ගන්නෙ නෑ.... උබලට ජොබ් දෙන්නෙත් නෑ....
පොඩ්ඩක් හිතපං.... 







28 comments:

  1. ජිවිතය සුන්දර කරගන්න මෙන්න නොමිලේම ඔවදන්..

    ReplyDelete
  2. මම මේ අදත් අපේ එකෙක්ට හොඳට බැනලා ඉන්නේ... ඔය ෆේස්බුක් එක හින්දා... තාව ඕලෙවල් කරලත් නෑ.. කමෙන්ට්, ස්ටේටස් බැලුවාම මුන් මොක්කු වෙන්න යනවද කියලා නම් හිතාගන්න බෑ... අම්මයි තාත්තයි එක වේලක් කාලා මුන්ව පන්ති වලට යවන්නේ.. මුන් මඟුල් නටනවා.... තව සතියක් බලලා තාත්තට කියලා කම්පියුටරේ අයින් කරවනවා... මුන්ව හදන්න බෑ නේ මේ කෙහෙල්මල් ෆේස්බුක් එකක් හින්දා....

    ReplyDelete
    Replies
    1. අනේ මංද හිරුවෝ... අපේ රටට මොනව වෙනවද කියල....

      Delete
  3. "හොඳට නරකට දෙකට බුකිය ය"
    පාවිච්චි කරන එකාම එපැයි පාවිච්චි කරන විදිය දැනගන්ඩ.
    බුකියේ වහලෙක් නොවී බුකිය වහලෙක් කරගත්තම හරි.

    ReplyDelete
    Replies
    1. කතාව සම්පූර්න ඇත්ත මචන්....අපේ එවුන් බුකියට වහල් වෙනවනෙ...

      Delete
  4. තනිකරම වැදුනා.. ඕක නම් මටමයිලියලා තියෙන්නේ..දැන් මේ කමෙන්ට් එක කොටන වෙලාවෙත් මං බුකියට ලොග් වෙලා ඉන්නේ..:/ එත් අයියා කියන කතාව සහතික ඇත්ත. මං ඇත්තටම ගොඩක් බුකියට ඇබ්බැහි වෙලා ඉන්නේ.. දැන් ඕලෙවල් කරලා නිසා කරන්න වැඩකුත් නෑ.. ඒකනිසා දවසම බුකියේ. එත් කියන්න ඕනේ කවදාවත් ඕවගේ දේවල් වලටනම් පෙළඹිලා නෑ කියල. හැදෙන්න බලන්න ඕනි දැන්වත්..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම හොදයි මල්ලි.... කෙනෙක් ඉගෙන ගන්නවනම් අපි මේ කරන ඒවල් වලින්, ඒකට අපි මාරම සතුටුයි... අපි මෙහෙම දෙයක් කරල අපිට සතුටුනම්, උබලගෙ අම්මලට උබල ඉගෙනගෙන ලොකු ලොකු තැන් වල ඉන්නව දකිද්දි කොච්චරනම් සතුටු හිතෙනව ඇත්ද??

      Delete
  5. බුකිය ගැන කතා කරලා වැඩක් නැත! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. බුකිෙයන් ගන්න පුලුවන් ප්‍රායා්ජන අනන්තයි. ෙකායි ෙද් උනත් හරියට පාවිච්චි කරනවා නම් තමයි ෙහාද.. කාලයක් අෙප් මිනිස්සු tv ඒකටත් බැන බැන හිටිෙය් ෙපාඩි උන් නරක් කරනවා කියලා. හැම ෙද්ම ෙතාරලා ෙබ්රලා කරනවා නම් තමයි ෙහාද...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් බන්ඩෝ.... අපි මොකද්ද කරන්නෙ, ඇයි කරන්නෙ, මේක කරාම හොදද? නරකද? කියල හොයල බලන්න ඕනනෙ...

      Delete
  7. හැම දෙකම දෙපැත්තක් තියෙනවා. පාවිච්චි කරන්න හරියට නිවැරදිව කලානම් හරිය ....

    අයිය page එකේ පාට ටිකක් අඩු කරන්න, ඇහැට අමාරුයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මලයෝ.... අපේ එවුන් ඔය දෙපැත්ත දන්නෙ නෑ නෙ.... එක පැත්තයි නෙ දන්නෙ.. ඕකනෙ කොරන්න බැරි...

      අනිවාර්යයෙන් මල්ලි.. දැන්මම අඩු කරනව....

      Delete
  8. මම නම් ෆේස්බුක් නැත.ඇත්තම කතාව ෆේස්බුක්වලින් බහුතරය කෙරෙන්නෙ වැදගැම්මකට නැති වැඩ.හොද පැත්තක් තියෙන්න පුළුවන් බව පිළිගන්නවා.නමුත් වදුරට දැලිපිහිය අහු වුණා වගේ අපේ වයසේ එවුන්ට ෆේස්බුක් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි වර්ශා.... අපේ උන්ගෙ සීමාවක් නෑනෙ.....

      Delete
  9. සම්පුර්ණ ඇත්ත කතාව

    ReplyDelete

  10. අනේ මන්ද බන්..මම නම් FB නැහැ..ඒත් දැන් දැන් මටත්
    නිකන් ආසයි ආසයි වගේ...

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ බුකියෙ හිටියට කමක් නෑ.... ඒකෙ සීමාවක් තියෙනව... සීමාව පන්නන්නෙ නැතුව හිටපන්... මමත් ඉන්නව.. නමුත් ඒකට ලොග් වෙන්නෙ සතියකට දවස් 02 ක් වගේ... මට මූණු පොතෙන් මගේ පැරණි මිතුරු මිතුරියන් සෑහෙන ප්‍රමාණයක් හමුවෙලා තියෙනව.... මූණු පොත හරියට හසුරවනවනම් ගොඩාක් වටිනව...

      Delete
  11. මොනව උනත් මචන් සිරා කතාව....
    දැන් කාලෙ උන් ෆේස් බුක් එන්නෙ කෑලි සෙට් කර ගන්න.වයස තියෙන උන්නම් තව කමක් නෑ.උන් ඔක්කොම 16 ටත් අඩු අය.මට නම් පේන්න බෑ.
    අපිත් ෆේස් බුකියෙ එනව ඒත් ඔය වගේ චාටර් වැඩ වලට නෙමේ.

    ReplyDelete
    Replies
    1. උබේ කතාව හරි මචන්.... අපිත් ඔය ඕන තරම් මූනු පොතට යනව... ඒ යන්නෙ අපේ අවශ්‍යතාවයට මිසක් වෙන වෙන කෙහෙල් මල් කරන්න නෙමෙයි... පුලුවන්නම් මෙන්න මේ ෆිල්ම් එක බලපන්.... මේකෙ වෙන්නෙ මූණු පොත් නිසා වෙන කේස් එකක්...

      http://www.imdb.com/title/tt1529572/

      Delete
  12. උබට ගොඩක් ගරු කරනවා හදවතින්ම

    ReplyDelete
    Replies
    1. අඩේ ඔහොම කියද්දි මට ලැජ්ජ හිතෙනව බොල...

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)