ඔන්න කතාව පටන් ගන්නෙ මෙහෙමයි... ඊයෙ ඒ කියන්නෙ 2013.03.24 ඉරිදා උදේ මට කෝල් එකක් ආව මගේ ආදරනීය, සදාදර, වදකභාර(මම ඉවරයි මේක දැක්කහම) වෙන්ට වයිපරේගෙන්...
මෙන්න කතාබහ...
මම:- හෙලෝ... දෝනී(ආදරේට කියන නම)
දෝනි:- අද අපි ඔයාලහ එනවාද ඔක්කොමල ගෙදරද ඉන්නෙ..?
මම:- අම්මච්චිය... සිරාවටද කියන්නෙ... මොකෝ හදිසියෙම එන්නෙ..?
දෝනි:- ඇයි එන්න එපාද? කමක් නෑ අපි පිට මනුස්සයොනෙ... (ඉතින් ඔහොම කියද්දි ඉතින් දෙන්න පුළුවන් දත් දෙක තුනක් බඩටම යන්න)
මම:- අය්යෝ කවුද එහෙම කිවුවෙ.. මම බලන්නද එන්නෙ... (කොහොමත් අපි එයාල එනවට කැම්තියි... මොකද කන්න බොන්න ජාති සෑහෙන්න අරගෙනනෙ එන්නෙ...ඉතින් එදට අපිට රජ මගුල්)
දෝනි:- මොකටද මම ඔයාව බලන්න එන්නෙ.... අපි එන්නෙ අම්ම බලන්න... දෙන්න අම්මට මම අම්මගෙන්ම අහගන්නම් කො...(ඉතින් බල්ල වගේ දුන්නෙ නැතැයි අම්මට.. අම්මට දුන්න කියන්නෙ මගේ හැව ඔක්කොම අම්ම අරිනව....)
ඔන්න කොහොම හරි ඒ දෙන්න කතා කරගෙන එනව කිවුවෙ නැතැයි 03.00 විතර අපේ ගෙදර... ඇයි යකෝ එදට විතරයි පොඩ්ඩක් පුකට එලිය වැටෙනකන් නිදා ගන්නෙ... ඉතින් ඔන්න උදේ පාන්දර ඉදන් මම මගේ කාමර රාජය අස් පස් කරා...
මටම පිස්සු හැදුනා කාමරේ තුබුන කුණු ටික දැකල... මම හොදකාරාවම දන්නව අපෙ අම්ම දෝනිව යවනව මගේ කාමරේට... ගිය පාර එහෙම උනා...
( බොහොම අමාරුවෙන් දෝනිව බේර ගත්තෙ.. සිහි නැති වෙලා ඉදල...) ඒක නිසා උදේ ඉදන් හවස 01.00 විතර වෙනකන් අස් කරා කියහන්කො....
අම්මෝ මටම හුස්ම ගන්න බෑ... ඔන්න තුබුන රෙදි කන්ද උසයි බ්ලූමැන්ඩල් කුණු කන්දට වඩා.. හදිසියෙවත් කුනු ගෙනියන අය මගේ කාමරේ දැක්කනම් අනිව ට්‍රැක්ටර් එක රිවස් කරල ගහල කුණු ටික බානව... ඔන්න කොහොම හරි සෙට් එකම එකතු වෙලා ගෙදර අස් කර ගත්ත 04.00 වෙද්දි...
ඔන්න ආවෙ නැතැයි පරම්පරාවම..
ඒකියන්නෙ... දෝනිගෙ අම්ම,තාත්තා, මල්ලි, සහ දෝනි සහ අම්මගෙ අක්ක... ඔන්න සෙට් එක... ඇවිල්ල අපි හිතන් හිටියෙ බෙල්ලන්විල පංසල් යන්න කියල... නමුත් වර්ශාව අපට බදා කරපු නිස අපි වැඩේ ඇත් ඇරිය... අනික දෝනිල ක්‍රිස්තියානි නේ... ඉතින් පංසල් ගිහිල්ල නෑ..(වැඩිය) ඒක නිසා යමු කිවුවා...
ඔන්න ටික වෙලාවක් යද්දි කෝල් එකක් එනව අපේ නැන්දගෙන්... ඒ කියන්නෙ තාත්තගෙ නංගිගෙන්... අපොයි... එපාම කරපු පවුලක්... ඔන්න අපි හිතුවෙ නැන්දයි, මාමයි විතරයි කියල... බැලින්නම් ගෙඩ්ගර ඉස්සරහ වෑන් එකක් නතර කරා.. මම ගිහිල්ල බැලුව... යකෝ කොරේ පිටට මරේ....
( දැන් මේක මගේ ගෑනි දැක්කහම අහන එකක් තමා එතකොට අපිද කොරේ කියල... අනිව අහනව...ඉර හද වගේ විශ්වාසයි... වලියක් තමා ඉතින්... හරි උබල කියන්නෙ ඒක මෙතෙන්ට නියමෙට ගැලපෙනව නේ...)
((((අනේ ඔවු කියහල්ලා නැත්තම් මම අද වසල හමාරයි....))))
ඔන්න කවුද දන්නව ආපු සෙට් එක... නන්ද, මාමා, ලොකු අයියා,,, අයියාගේ වයිපරේ, මල්ලි... ඉතින් දෙවියනේ... කාට කියන්නද??...
ඒ අස්සෙ මගේ වයිපරේගෙ මූන නිකන් බලන් ඉදිද්දි මොකද්ද එකක් වගේ උනා... ඒ කියන්නෙ 1654 අපේ රටේ කරත්තනෙ තිබුනෙ... ඉතින් උබල නිකමට හිතල බලපන් කරත්තෙකට අහූණු කජු ලෙල්ල කොහොමද කියල.... මට මැවිල පේනව...
කරුමෙ කියන්නෙ උබලට පෙන්නන්න කජු ලෙල්ලක් ගූගල් දෙයියො ලගවත් නෑනෙ....
ලස්සනයි ෆොටෝ ටික.
ReplyDeleteබොහොම ස්තුතියි මචෝ...
Deleteඉතාමත්ම ලස්සන පිංතුර සෙට් එකක්ම.. නයමයි..මචෝ
ReplyDeleteබොහොම ස්තුතීයි නලීන් අයියේ...
Deleteසුපිරිය..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හී හී... බොහොම තුතී...
Deleteඅදයි මෙහෙට ඉස්සෙල්ලම ආවේ. ආයේ වෙලාවක ඇවිත් මුල ඉඳන් කියවගෙන එන්නම්කෝ
ReplyDeleteසුභ පැමිණීමක් සහෝදරයා.... එන්නකො අපහු මේ පැත්තෙ...
Deleteතාම යහතිං ඉන්නව නේද?
ReplyDeleteපිංතූර ටික මාර ලස්සනයි.
ඉන්නව ඉන්නව... නමුත් වලි තමා... ජීවිතේ හැටි ඔහොමනේ...
Deleteඑලස්... ලස්සන ෆොටෝ ටිකකුත් දාල තියන්නේ
ReplyDeleteබොහොම ස්තූතියි මචෝ....
Deleteපින්තූර ටිකත් ලස්සනයි කතාවත් ලස්සනයි...
ReplyDeleteකව්ද බන් දෝණි කියන්නේ ? දෝණිගේ පින්තූර
කෑල්ලක් නැහැද ඔතන ?
ඔය පින්තූර අතරෙ තියනව බොලේ හොදට බැලුවොත් පෙනේවි .. වැඩිපුර ඉන්න එයා...
Delete