නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

6 පප්ප බයිසිකලය.........



ඔන්න මම කතාව පටාන් ගන්නව එහෙනම්.... ඔන්න මම හැදුනෙ වැඩුනෙ කවුරුත් දන්න කියන පළාතක තමා.... ගාල්ලෙ.. ගාල්ලෙ කිවුවට ගාල්ලෙමත් නෙමෙයි.. ටිකක් ඇතුලට වෙන්න.... ඒ කියන්නෙ ගාල්ලෙ නගරෙ ඉදන් කිලෝ මීටර 15ක් විතර එහාට වෙන්න.  ඔන්න මම මේ කියන්නෙ 1996 වගේ ඉදල 2002 කාල පරාසය තුල.. මම ගියේ ගමේ ඉස්කෝලෙට... මට අයියයි අක්කයි ඉන්නව... මම තමා බාලය.. ඒ කියන්නෙ බඩ පිස්ස.....අයියයි අක්කයි ගීයේ නගරෙ තියෙන හොදම ඉස්කෝල 02 කට... මම තමා ගමේ ඉස්කොලෙට ගියේ....එතකොට අපේ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කලා.... තාත්ත බිස්නස් වැඩ..අම්ම රජයේ ඉස්පිරිතාලෙක සිස්ටර් කෙනෙක්... අපේ ගෙදර ඉදන් බස් යන පාරට තියෙනව කිලෝ මීටර 03 ක් විතර... වැඩි හරියක් යන්නෙ හැමෝම පුස් බයිසිකල් වල... ඒව ඔයාල දන්නව ඇතිනෙ....(පා පැදි) අපේ ගෙදරටම තිබුනෙ 01යි..

මෙන්න මේ වගේ එකක් තමා තිබුනෙ.... ඒක පප්ප බයිසිකලයක්.... 



මම තමා ඉස්සර ගෙදරින් අන්තිමට යන කෙනා.... ඒ කියන්නෙ අපේ ඉස්කෝලෙ තිබුනෙ අර බස් යන පාර අයිනෙ.... මම බයිසිකල් පදින්න ඉගෙන ගත්තෙ 01 වසරෙදි විතර... එතකොට මම ඒ බයිසිකලේ පැද්දෙ....... (කට්ටිය වැරදියට හිතන්න එපා....ඒ විදියට පැදපු උන් ඒක දන්නව...දන්නෙ නැතු උන් දන්න එකෙක්ගෙන් අහල දැන ගන්න.....) පොල්ල යටින් කකුල දාල... කොහොමද ආතල් එක.. මම ඉස්කොලෙ  යන්නෙ බයිසිකලේ.... ඒ කාලෙ මතක් වෙද්දි ඇඩෙනව.... ඔන්න කොහොමෙන් කොහොම හරි මම පොල්ල උඩින් කකුල දගෙන පදින්න ඉගෙන් ගත්ත... ඕක ඉගන ගන්න ගිහිල්ල... වැටිච්ච තරම දන්නෙ මම විතරයි.... අම්මගෙන ගුටි කාපු විදිය.. අම්ම බයිසිකලේ පොලේ ගහපු විදිය මතක් වෙනකොටත් දුකයි... ඒ ඉතින් අපේ හොදටනෙ... කොච්චර දත්, අතපය කඩා ගත්තද?? අම්ම කොච්චර ඇඩුවද......

ඔන්න ඉතින් මමනෙ ගෙදරින් අන්තිමට යන කෙනා.... මට ඉස්කෝලෙ ඉන්න ඔන 8.00 වෙද්දි... මම ගෙදරින් යන්නෙ 7.45 ට විතර.... අම්මල අක්කල යන්නෙ 6.30ට විතර.. මම තමා එයාලව හංදියට ගෙනිහින් දාන්න ඕන.. ඔයාල හිතාවි කොහොමද මු.. මුටවත් පැදගන්න බැරි බයිසිකලේ වෙන එකෙක් දගෙන යන්නෙ කියල... මෙන්න මෙහෙමයි... අපේ ගෙදර පිහිටල තියෙන්නෙ චුටි කදු ගැටයක් උඩ.. ඉතින් පල්ලමකුත් තියෙනවනෙ.... මුලින්ම අදාල කෙනා බයිසිකලයෙ පොල්ල උඩ වාඩි වෙන්න කියනව.. ඊට පස්සෙ මම පැටල් එක උඩින් වම් කකුල තියාගෙන පල්ලමට එනකන් තල්ලු කරගෙන එනව,... ඊට පස්සෙ පල්ලම්ට ආවම අනිත් කකුල එහාපත්තට දා ගන්නව... කොහොමද මගේ වැඩ.... ඔන්න ඔහොම හැමදම උදේ පාන්දර 6.00 ඉදගෙන 8.00 ව්නකන්... මගේ රාජකාරිය... හදිසියෙවත් පරක්කු උනොත් මම ඉවරයි.. එ කලෙ මම පදින්නෙ මරන්න යන මීහරකෙක් වගේ... හැබැයි ඒ කාලෙ ආපහු එනවනම් කියල හිතෙනව... කොච්චර මම අය්යගෙනුයි අක්කගෙනුයි ගුටිකාල තියෙනවද පාර මැද, දෙනෝ දාහක් ඉස්සරහ... ඒ උනාට මම නැතුව එයාලට ඉස්කොලෙ යන්න බැරි තත්වෙට පත්වෙලා.... මට මතකයි අපේ ඔය කියන පරෙ තියෙනව කදු 02ක් ටිකක් ලොකුයි ඒ කාලෙ...

ඒ කියන්නෙ දෙන්න දාල ඇදගන්න බෑ මටවත්.... බයිසිකලේටවත්.....ඒ උනාට දිව දොට්ට දාගෙන පදිනව.... ඔන්න එක දවසක්..... අපෙ අක්ක ක්ලාස් යන්න හංදියට යන්න ඔන කියල කිවුව්... ඒ කියන්නෙ අක්ක.. ඕ ලෙවල් කරන කලෙ.... එයාගෙ පස්සෙන් එන කොල්ලෙකුත් හිටිය ඒ කාලෙ... එතකොට උන් දෙන්න යාලුයි.... (පසු කාලයක... එනම් දැන්ට අවුරුදු 02 කට පෙර ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගන්න ලදි.. ඒ කියන්නෙ උන්ගෙ ලවු එකට අවුරුදු 12 කට කිට්ටුයි...) දැන් උත් පස්සෙන එනව බයිසිකලේක.... ඔන්න බොලේ මම මුලින් කිවුවනෙ කදු 02ක් තියෙනව කියල.... ඔන්න එකක් ලගදි අරු ආවෙ නැතැයි අපෙ අක්කට ලිවුමක් දෙන්න.... මු ලගට අපු පාර මම බය උනේ නැතැයි.. කන්ද ඇදගන්න බැරුව වැටුනෙ නැතැයි චක බකෝස් ගාල... වස විලි ලැජ්ජවෙ බෑ.... මොනා කරන්නද??  එතනත් අක්ක ගැහුවෙ නැතැයි මට... මම මොනා කොරාටද....?? බල්ල වගේ ආපහු පැද්දෙ නැතැයි හන්දියටම.... ඔන්න ඔහොමයි මම 05 ශිෂ්ෂ්‍යත්තෙ කරන කම් ගෙවිල ගියේ.... පට්ට ගති කාලෙ...

මම 06 වසරෙදි කොලඹ පාසලකට ඇතුලත් උනා වැඩි දුර අධ්‍යාපනය සදහා... ඒ ගැන පස්සෙ කියන්නම්..... ඔන්න ඔහොමයි කතාව ඉවර වෙන්නෙ.... 

.............ආපහු එනවනම්..........



6 comments:

  1. බයිසිකලෙන් වැටුනම ගහපු එකනම් හෙලා දකිනවා.ඇයි යකෝ මෙච්චර උදව් කරන එකාට ගහනවා කියන්නේ. :)

    පොඩි කාලේ වැටි වැටි බයිසිකල් පැදපුවා මතක් වෙද්දීත් ආතල් :)
    පුස් සයිකල් නෙවේ මචෝ ඕවා ෆුට් සයිකල්

    ReplyDelete
  2. අනේ බන් එහෙමනෙ පොඩි කාලේ..... මමනම් කියන්නෙ පුස් බයිසික්ලේ කියල... ඇත්ත නම ෆුට් බයිසිකලේ තමා......

    ReplyDelete
  3. maru post eka...........

    ReplyDelete
  4. Realy nice dr...............mata ohoma kalayak thibbe nane

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට,....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)