ඔන්න ඉතින් මෙදා පාර අවුරුදු, අපිව කාපු නිසා මේ දවස් වල මම දුවන්නෙ රිම් එකෙන්...
මෙදා පාර අවුරුදු නම් ජයයි, හැබැයි අජූතයි,
මෙදා පාර අවුරුදු කෑවෙ "ගාල්ලෙ අපේ මහ ගෙදර "ඉදල. හැබැයි පට්ට ගති...
ඒ ගෙදර රෙපෙයාර් කරේ වසර 14 කට පස්සෙ.. ඒ කියන්නෙ හරියටම 2000 වසරෙ අපි ඒ ගෙදරින් පිට වෙලා ආවට පස්සෙ.. ඉතින් හිතපන්කො කොහොම වැඩ කන්දරාවක් තියෙන්න ඇතිද කියල...
ඔන්න අවුරුද්දට ගෙදර හැඩ වෙනවා... වත්ත සුද්ද වෙනවා, ගස් වල මල්, කොළ, ගෙඩි හැදෙනවා...කුරුල්ලො කෑ කෝ ගහනවා, පට්ටම ලස්සනයි....
පින්තූර ටිකක් බලලම ඉමුකෝ....
මෙන්න පැනරෝම එකකුත් ගත්ත...
ඔන්න ඉතින් රට වටෙන්ම මගේම උන් මට දෙපාරක් සුභ පතනව නොවැ...බොලේ මගේ උපන් දිනේ නොවැ.... බුදු අම්මෝ රටම සමරනව නොවැ මගේ උපන් දිනේ... සතුටේ බැරුව....
ඔන්න ඉතින් 14 වෙනිද උදේම මගේ වෙන්ට වයිපරේ ඇතුළු පවුලේ සැම (04) අපේ ගෙදරට ගොඩ වැදුන නොවැ පාන්දර 10.00 ට විතර... ඇඩෙනවා තනි ඇහැට... ලැජ්ජාවෙ බැරුව... මම දැම්ම පපුව ඉස්සරහට ගත්ත බුලත් හෙප්පුව... ආ වැරදුනා... ගත්ත අත් දෙක ලගට "සුභ අලුත් අවුරුද්දක් වේවා" කියල දත් නොමැදපු මගේ සුවැදති මුවෙන් උම්ම එකකුත් දීල පිලි ගත්තෙ නැතැයි හැමෝම... මගේ ටික ටික බුරියත් උල් උනා ලැජ්ජාවට....
ඔන්න ඉතින් කිරි උතුරන්න තමා ලක ලැහැස්තිය....
ඔන්න ඉතින් කිරිත් ඉතිරුවා... දැන් තමා හොදම හරිය... කන්න බොලේ තියෙන්නෙ. කන්න... බඩ පැලෙන්න කන්න තියෙන්නෙ....
බලහල්ලකො කෑම මේසෙ හැඩ....
ඔන්න කේක් කපල, කේක් කාල, කෑම කාල, ඔක්කොම කොරල ඉවර වෙලා ගියා පොඩ්ඩක් වත්ත පිටියෙ ඇවිදින්න...
මේ තමා බලු දං කියන්නෙ...
උණුසුම දරා ගත නොහැකිව මවගේ සෙවනේ ඉදින දරුවෙකු රකිනා මවක්...
මේ තමා ගස් 05ක පලදාව..
අතින් කැඩිය හැකි පලදාව...
තේ දල්ලේ රසය
කිරල ගෙඩි සොයා ගමනේ...
මඩ ඉඩමින් කොටසක්.. මෙහි කරිජ්ජ (ලුණු සහිත ජලය) ඇති බැවින් වගා කල නොහැකිව පුරන් වූ කුබුරු...
ඔන්න ඉතින් එදා හවස අපි ගියා බීච් එකට නාන්න... කොහේද දන්නවද?? "ජන්ගල් බීච්.. "රූමස්වල කන්ද පාමුල... ලස්සන පොට් එක... අහන්න දෙයක් නෑ ඉතින්...
එතන රූපරාමු ගත්තෙ නෑ... නාපු නිසා....
ඔන්න ඊල්ග දවසෙ දවල් වෙලා ගියා මාතර උණවටුනෙ බීච් එකට නාන්න... ඉතින් එතන ගැන කියන්න දෙයක් නෑනෙ... හැමෝම දන්නවනෙ....
ඔන්න ඉතින් අලුත් අවුරුද්දත් ඉවරයි.. අපිත් ඉවරයි....
ප.ලි.
ඔන්න හා හා පුරා කියල මමත් ආව 20 වෙනිදා අවුරුදු උත්සවේට... පට්ට ගතියට ඔක්කොම කරල තිබුන... කියල වැඩක් නෑ... සංවිධායක මංඩලයට තව තවත් ඔය වගේ ගෙට්ටු තියන්න හැකි වේවා කියල එකෙන්ම ප්‍රාර්තනා කොරනව...
බොහෝ පිරිසක් දැක්කද මගේ ලැජ්ජ නහරය කපා ඉවත් නොකර තිබීම හේතුවෙනුත්, ඔවුන් සමග වැඩිය බජනයට නොගිය නිසාත්, සෑහෙන පිරිසක් දැන අදුර ගැනීමට නොහැකි උනා...
තවද බෝතලයට වතුර පුරවා අප ගත් ජයග්‍රහනය පසු පස "නාඩියා" සිටින බව එකෙන්ම කිව යුතුයි. මන්ද ඔහු ගේ "පුනීල ක්‍රමය" අත්හදා බැලීම හෙතුවෙනි... තවද අපගේ කංඩායම් හැගීමෙන් කටයුතු කල නිසාද මෙම ජයග්‍රහනය අප සතු වන්නට ඇතැයි මට හැගේ...
නමුදු මාධ්‍ය වේදියා ඇසූ හරස් ප්‍රශ්නයට පිළිතුරු දීමට අපොහොසත් විය, කංඩායමේ සාමාජිකයන් කවුරුදැයි කියාවත් ගෙබිලුශා නොදනී....
තවද ජයග්රහණයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් කංඩායම් නායක "ගෙබිලුශා" නොහොත් "ඉවාන්" කියා සිටියේ තණ ("න" යන්න ගැන හිතන්න එපා) තිල්ලේ වාසිය ඉතා මැනෙවින් පිති කරුවන් ග්රහනයට ගත් බවයි.
පසුව නාඩියා පැමිණ පැවසුවේ ජයග්රහණයෙන් හරි අඩක් ඔහුට හිමි විය යුතු බවයි... ඒ අවස්තාවේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් පොලීසියේ කැරලි මර්දන ඒකකයෙන්ද එම ස්ථානයට පැමිනියේය...
පොටෝ ටිකනං හොදයි. මට තද වෙන්නේ උඹ මුලින් පටන් ගත්ත දවස් වල ඉදලම තාම “ඔන්න ඉතිං“ මංගල්ලේ හැම ඡේදෙකටම දාන එකට තමා..
ReplyDeleteසොරි සොරි වේවා... අනිත් දවසෙ නොදා ඉන්නම්කෝ...
Deleteඒක අඩුවෙන් කරහං. මොකද පුරුද්දට ගිහිල්ල තියෙන්නේ ඒකයි මං කිව්වේ..
Deleteසිරාවට දේශක.. මම දැනුයි දැක්කෙ.. ඒක මගේ ෆෝල්ට් එකක්.. ඒක මම හදා ගන්නම්....
Deleteසුබ උපන්දිනක්. සුබ නව වසරක්. මෙහෙමත් ෆොටෝ ගැනීමක්. අපිත් ගාල්ලේ මායිමේ තමයි.
ReplyDeleteඔබටත් එසේම වේවා.... මායිමේ කිවුවෙ??
Deleteඑහෙනං පරක්කු වෙලා හරි සුබ උපන් දිනයක් කිව්ව ඕං,සුබ අනාගතයක්.
ReplyDeleteහැලපයියේ ඔබටත් සුභ අනාගතයක්...
Deleteඑල එල එහනම් සුභ උපන් දිනයක් කිව්වා ඕං ...
ReplyDeleteටැන්කූ ටැන්කූ...
Deleteඅඩේ.. හැමදාම අමතක වෙනවනේ බං උඹේ බර්ත් ඩේ එක... හි හි...
ReplyDeleteඅර වත්ත “ සුද්ධම” කරල වගේ... ගස් ටිකත් පාලු කරල තියෙන්නෙ....
ඒකනේ බොලේ... අවුරුදු උත්සවේට ඇවිල්ලත් මාව අමතක උනානෙ බොට....
Deleteඔන්න අවුරුද්දටයි උපන්දිනේටයි දෙකටම අපිත් සුබ පැතුවා.. අපූරු පින්තූර ටික...
ReplyDeleteටැන්කූ ටැන්කූ වේවා...
Deleteනියමයි නෙහ් !
ReplyDeleteඅපි නම් ඕවට කියන්නේ බෝවිටියා කියලා.
එහෙමත් කියනව.... අරමත් කියනව...
Deleteසුබ උපන් දිනයක්, සුබ අලුත් අවුරුද්දක් දෙකටම සුබ පැතුම් !!
ReplyDeleteඅර කිවුවත් වගේ ලස්සන පින්තූර ටික.
ටැන්කූ සහ එසේම වේවා...
Delete//මාතර උණවටුනෙ බීච් එකට නාන්න//
ReplyDeleteඅනේ පුතේ අපිනං ගාල්ලේ උනවටුනේ යනවා නැත්නං මාතර පොල්හේනේ යනවා... නාන්න ඕන උනාම.. හැක්...
හෙනට වැරදුනානෙ.... බුහා...
Deleteෆොටෝ ටික දැක්කාම අවුරුද්දට ලංකාවට එන්න බැරි එකට පට්ට දුකක් දැනුනා . . ගේ නම් හරිම ලස්සනයි . . . ටෙලි නාට්ටියකට හොඳට ගැලපෙනවා
ReplyDeleteකෑම නම් අපි ඉතින් මෙහේ ඔක්කෝම වගේ හැදුවා . . කවුම් කොකිස් අලුවා
අනේ දුකෝ.. දුක් වෙන්න එපා.... ඊලග සැරේ සෙට් වෙමු....
Deleteඅවුරුද්දටයි උපන්දිනේටයි හැම එකකටම සුබ පැතුම්.. ගෙදර පරිසරයනම් හිතට අල්ලලා ගියා සෑහෙන්න..
ReplyDeleteටැන්කූ ටැන්කූ.... ගම නම් පට්ට...
Deleteඅඩෝව් අපිත් හිටිය වතුර ටීම් එකේ හලිඩ!! ඒ සිරාවට බන් උඹේ ලැජ්ජ නහර කපල නැති එක තේරුනේ එදා!
ReplyDeleteඒකනෙ..
Deleteඅඩේ උබ එහෙම කියන්න එපා බන්ස්....
ෂැහ්
ReplyDeleteඋඹව එදා හොයාගන්න බැරි උනානේ...
ගෙදර අාපු දාක ඔය පැත්තේ එන්නං..
ජය වේවා!!!
අඩේ ශිට්...
Deleteඋබ ගාල්ලෙ කොහෙද??
අඩෝ ...ඔය වත්ත සුද්ධ කල වගේ ඉඹේ රැවුල කපලා මූන් සුද්ධ කරගනිං.... කණ්ඩායමේ සියලු සාමාජිකයන්ගේ නම් වාසගම්ද සහිතව මතක් තිබූ බව මතක් කරන්නේ හද පිරි කෝපයෙනි. ...
ReplyDeleteඉරිසියාව නේ උබට.. මගේ වගේ ලස්සන රැවුලක් උබට නෑ නොවැ...
Deleteනම් මතක තිබුනනම් කියන්න තිබුනනෙ...
කෝ බොලේ අපේ ග්රෲප් පොටෝව...
අපෙන් සුබ පැතුම්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න